IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


උතුරු මහ ඇමැතිගේ ප්‍රකාශයට බටහිරින් විරෝධය

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් මහතා ඉකුත් දිනෙක කළැයි කියන ජාතිවාදි ප්‍රකාශ හෙළා දැකිය යුතු බවට බස්නාහිර පළාත් සභාවට ඉදිරිපත් වූ යෝජනාව අද (4) ඒකමතිකව සම්මත විය. 

සී වී විග්නේෂ්වරන් මහතා පසුගිය දිනෙක ජාතිවාදී ප්‍රකාශ කළ බවත් එම ප්‍රකාශ පිළිකුලෙන් යුතුව හෙළා දැකිය යුතු බවටත් පවසමින් බස්නාහිර පළාත් එජනිස මන්ත්‍රී මෙරිල් පෙරේරා  මහතා එම යෝජනාව ඉදිරිපත් ළේය.

එම යෝජනාව සඳහා සාකච්ඡාවට ගන්නවාද නැද්ද යන්න තීරණය කිරීම සඳහා රීති අත්හිටුවීමේ යෝජනාවක් ඉදිරිපත් වූ අතර  රීති අත්හිටුවමින් මෙලෙස යෝජනාවක් ගෙන ආ විට එය මාස හයක් යනතෙක් සාකච්ඡා නොකළ හැකි බව පවසමින් බස්නාහිර පළාත් ජවිපෙ මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා ප්‍රථමයෙන්ම රීති අත්හිටුවීමේ යෝජනාවට විරුද්ධ විය. සී.වී විග්නේෂ්වරන් මහතා තමා ජාතිවාදි ප්‍රකාශ නොකළ බවත් ඔහු ඒ සම්බන්ධයෙන් නිවැරැදි කිරීමක් කර ඇති බැවිනුත් මෙවැනි යෝජනාවක් ගෙන ඒම හෝ එවැන්නක් සාකච්ඡා කිරීමේ අවශ්‍යතාවක් නැතැයි පවසමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක බස්නාහිර පළාත් එජාප මන්ත්‍රී යූ. ජෝර්ජ් පෙරේරා මහතා රීති අත්හිටුවීමේ යෝජනාවට විරුද්ධත්වය ප්‍රකාශ කළේය.  

ඒ අනුව මන්ත්‍රී මෙරිල් පෙරේරා මහතාගේ යෝජනාව සාකච්ඡාව ගැනීම තීරණය කිරීමට පෙර රීති අත්හිටුවීමේ යෝජනාවට ඡන්ද විමසීමක් පැවැත්වුණි.   ඡන්ද විමසීමේදී රීති අත්හිටුවීමේ යෝජනාවට පක්ෂව ඡන්ද 38ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 30ක් ලැබුණි. ඒ අනුව මන්ත්‍රී මෙරිල් පෙරේරා මහතාගේ යෝජනාව සාකච්ඡාවට ගැනීම සඳහා අවශ්‍ය රීති අත්හිටුවීමේ යෝජනාව සම්මත විය. 

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මන්ත්‍රීවරු රීති අත්හිටුවීමේ යෝජනාවට විපක්ෂව ඡන්දය භාවිත කළහ.   රීති අත්හිටුවීමේ යෝජනාව සම්මත වූ පසු එක්සත් ජාතික පක්ෂයේ හා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මන්ත්‍රීවරු සභාවෙන් පිටව ගිය අතර මන්ත්‍රී මෙරිල් පෙරේරා මහතාගේ යෝජනාව සාකච්ඡාවට ගැනුණි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු විවාදයට එක්වූහ. විවාදයෙන් පසු ඡන්ද විමසීමක් නොපැවැත්වුණු අතර මන්ත්‍රී මෙරිල් පෙරේරා මහතාගේ යෝජනාව ඒකමතිකව සම්මත විය. 

 



අදහස් (0)

උතුරු මහ ඇමැතිගේ ප්‍රකාශයට බටහිරින් විරෝධය

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Tuesday, 04 October 2016 08:22 PM

ඔච්චර උගත් යැයි කියාගන්නා මොහුට ලැජ්ජාවක් තිබේ නම්, ඉක්මනින්ම කළයුතු දෙයක් තිබෙනවා. එනම්, මුළු ලෝකය පුරාම විදුලි වේගයෙන් පැතිරී ගිය ඔහුගේ ජාතිවාදී ප්‍රකාශ පළකළ සියළුම විද්‍යුත් හා මුද්‍රිත ජාල ප්‍රකාශකයින්ද ගෙන්වා, ප්‍රසිද්ධියේ ශ්‍රී ලංකා රජයෙන් සමාව අයැද සිටීමයි (නි)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 05 October 2016 05:04 AM

නන්දලාල් ද සිල්වා, සමාව ගත්තට වැඩක් නැහැ එයාගේ සිත ඇතුළත ඔය අදහස පැලපදියම් වෙලා තිබෙන නිසා. ඕක එයා ළඟ විතරක් නොවෙයි එයාලගේ මුළු ජාතියේම තිබෙනවා. වෙනම රාජ්‍යයක් ලැබෙනවානම් මොන ජාතියද අකමැති? (නි)

:       0       0

පුෂ්පකුමාර Wednesday, 05 October 2016 06:04 AM

අනේ යන්න නන්දලාල් මහත්තයෝ, අපේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හා ගම්මන්පිල වැනි මහත්තුරු එතුමාගේ ප්‍රකාශය කිසිවිටෙකත් හෙළාදැක නැහැ. එ්ක ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන ප්‍රකාශයක් යැයි සඳහනක්වත් කරලා නැහැ. සමහරවිට විග්නේශ්වරන් දේශප්‍රේමි නායකයෙක් වෙන්න ඇති. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සැත්කමින් පසු දැරිය මිය යාමේ සිද්ධියේ වෛද්‍යවරයා අත්අඩංගුවට ගන්න නියෝග
2024 ඔක්තෝබර් මස 09 6 0

රිජ්වේ ආර්යා ළමා රෝහලේ වකුගඩු සැත්කමෙන් පසුව තුන් හැවිරිදි දැරියක මියයාමේ සිද්ධිය අපරාධයක් බවට පොලිස් විමර්ශන වලදී කරුණු අනාවරණය වන්නේ නම් සැත්කම ක


හිටපු අමතිවරුන්ගේ නිවාස 36ක් තාම බාරදී නෑ
2024 ඔක්තෝබර් මස 09 301 0

හිටපු ඇමතිවරුන්ට ලබාදී ඇති නිවාස පනහෙන් තවමත් බාරදී ඇත්තේ නිවාස 14 ක් පමණක් බවත් නිවාස බාරදීම සිදුවන්නේ ඉබි ගමනේ බවත් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධි


ලොකු ලූනු ගොවියාත් අඳෝනාවක
2024 ඔක්තෝබර් මස 09 310 1

දේශීය ලොකු ලූණු ගොවියාගේ අස්වනු සඳහා මිලක් ලබාදීමට රජය ආනයනික ලොකු ලූනු සඳහා රුපියල් විස්සක බද්ධක් පැන වුව ද එහි වාසිය ගොවියාට ලැබී නැතැයි මාතලේ දිස්ත


ලොව ධනවත්ම ගායිකාව ’’ටේලර් ස්විෆ්ට්’’
2024 ඔක්තෝබර් මස 09 390 0

ලොව ධනවත්ම ගායිකාව වීමට ඇමෙරිකාවේ ජනප්‍රිය ගායිකාවක් වන 34 හැවිරිදි ටේලර් ස්විෆ්ට් හැකියාව ලැබී ඇතැයි ෆෝබ්ස් සඟරාව පැවැසුවේය.


විද්‍යාගාර පරික්ෂණයේදී සිසුවියෝ හතක් පිළිස්සිලා
2024 ඔක්තෝබර් මස 09 305 0

පානදුර ප්‍රසිද්ධ බාලිකා පාසලක විද්‍යාගාරක් තුළ සිදුකල පරීක්ෂණයකදී පිළිස්සීම් තුවාල ලැබූ ශිෂ්‍යාවන් හත් දෙනකු රෝහල් ගත කළ බව පානදුර මූලික රෝහල් ආරංච


ලාංකිකයන්ට වැඩියෙන් රැකියා දෙන්න කොරියාවෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 09 426 1

ලංකාවට විදේශ ප්‍රේෂණ ලබා දීමේදී දකුණු කොරියාව හයවැනි ස්ථානයේ සිටින අතර දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා වැඩි රැකියා අවස්ථා නිර්මාණය කරමින්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39600 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25771 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 364 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1204 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 405 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site