ජනතාවාදී අයවැයක් ලබන නොවැම්බර් මුලදී ඉදිරිපත් කරන බවත් මෙතෙක් ලබාගත් ජයග්‍රහණ තහවුරු කෙරෙන තාලයෙන් අධ්‍යාපනයට හා සෞඛ්‍යයට වැඩි අවධානයක් යොමු කරමින් මේ අයවැයෙන් සංවර්ධනයට රුකුලක් වන බවත් මංගල සමරවීර විදේශ ඇමැති අද (2) මාතරදී පැවසීය.
උතුරු මහ ඇමැති විග්නේෂ්වරන් උතුරේ ද මහින්ද රාජපක්ෂ හිටපු ජනපති දකුණේ ද ජාතිවාදයට උඩගෙඩි දෙන බවත් ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහතික ඇත්ත ! උතුරේ එක්කෙනා ත්‍රස්තවාදීන්ගේ කරපිටින් බලය ලබාගන්න උත්සාහ කරනවා. (බ)
මහින්ද මහතා දෙමළ ජාතියවත් මුස්ලිම් අයවත් හෙළාදැක නැත. කළේ ත්‍රස්තවාදය නැති කිරීම පමණි. අපේ රටේ මෑත හිටපු කිසිම නායකයෙක් නොකළ දෙයක් එතුමා කළේ. වැරදි තිබුනත් ගරහන්න එපා (නි)
මට කියන්න තියෙන්නේ එකම දෙයක් විතරි,යම් යම් වැරදි අඩුපාඩු සිදී උනත් ඔහු වැනි උතුම් නායකයෙක් නැවත අපේ රටේ බිහි නොවේ.(ම)
සිංහලයා ලෝකයේ ඉන්න ගුණමකුම ජාතිය කියලා කියන්නේ නිකන්ද? (නි)
අනේමන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
මේවා ඇහෙද්දී අපිට ලොකු කළකිරීමක් ඇතිවෙන්නේ (නි)
අනේ මෙහෙමත් කතා! (නි)
මහින්ද මේ රටට කරපු හරිය නම් ඔලුවක් කියලා එකක් තියන කවුරුත් දන්නවා. උන්නැහේ තව ටිකක් කල් හිටියා නම් මිනිසුනුත් එක්කම රට උගසට බැඳෙන්න වුණත් ඉඩ තිබුනා. මහින්ද තනියම තුවක්කුවක් උස්සගෙන ගිහින් දිගට හරහට වෙඩි තියලා කොටින්ට්ව සමූල ඝාතනය කරපු විදිහටනේ මේ සමහරු කතාකරන්නේ! (නි)
අනේ මොකටද මගේ කට! (නි)
වික්‍රම එතකොට ලක්ෂ 64ක්ම කුමන්ත්‍රණ කාරයෝද හිටියේ ? (ර)
සම්පුර්ණ ඇත්ත දෙන්න එකම බෝට්ටුවෙම තමයි. (ර)
ඔය කියන විදියට ජාතිවාදියා හිටියේ නැත්තම් ඔය සේරම වලපල්ලේ තමයි. (ර)
මට පෙනෙන හැටියට අපේ හැම දේශපාලකයෙක්ම පාහේ, ඔහේ කටට එන මොකක් හරි කියනවා. ඒ අතින් හැම දේශපාලකයෙක් ම එකයි. (ර)
මහින්ද හිටපු ජනාධිපතිතුමා ජාතිවාදියෙක් නම් ඔහු දෙමල ජනතාව දෙමල බසින් ආමන්ත්‍රණය නොකරයි , එමෙන්ම උතුරු හා නැගෙනහිරට පුළුල් මාර්ග සාදන්නේද නැත. මහින්ද පරාජය කරලා අපිට ලැබුන ජයග්‍රහණ මොනවද ? මොකුත්ම නැහැ. (ර)
උතුරේ එයා ජාතිවාදය අවුස්වනවා මෙයා දකුණේ ජාතිවාදය අවුස්වනවා දෙකම එකක්. (බ)
නිලූ, පරාජය වුණා නෙමෙයි පරාජය කළා ඔහෙලා වගේ ගුණමකුවෝ එකතු වෙලා! (බ)
කොහෙන් ගියත් මහින්ද මැතිදුන් ගාවනවා පුදුම වෛරයක් නේ තියෙන්නේ (බ)
එතුමා. ජාතිවාදය අවුස්සන්න කරපු කියපු දේවල් දෙක තුනක් කියන්න පුළුවන්ද කාටහරි. ජාතීන් රැකගන්න කරපු දේවල් කියන්න නම් ඕන නෑ. ඒ ගැන ගොඩක් අයට මතක අැති කියල හිතනවා. (බ)
වංචා දුෂණ මැරකම් වලට රාජපක්ෂ පවුල ගෑවුණේ නැතුව හිටියනම් අද මහින්ද මහත්තය නෙල්සන් මැන්ඩලා ගේ තැනට එන්න තිබුණා. අපරාදේ කිරි කලයට ගොම මුසුවන වගේ (බ)
මහින්ද කවුද කියලා මුළු රටම දන්නවා.එතුමා නිසයි අපි පාරක නිදහසේ යන්නේ,(හේ)
දන්නෝ දනිති.(හේ)
ඒකත් ඇත්ත.(හේ)
ශාන්ගේ කතාව සහතික ඇත්ත.(හේ)
මහින්ද මහතා රටට සේවයක් කල නිසා තමයි දෙවතාවක්ම අපේ රටේ ජනතාව එයාව පත්කළේ. නමුත් ඊට පස්සේ එයාගේ කෙරුවාව නිසා අපේ රටේ මිනිස්සුන්ගේ දැඩි කලකිරීම නිසා තමා එයාව ඡන්දෙන් පරාජය කළේ. එක එයාල තේරුම් ගත යුතුයි. ජන්දෙන් පත්වුණු ඊලග ජනාධිපතිට රට කරගෙන යන්න දීලා පැත්තකට වෙලා ඉන්න ඕනි සදාචාරාත්මකව. කරන්නේ මොකක්ද? රටේ ජාතිවාදය අවුස්සලා රට අවුල් කරන්න හදන එකයි.(හේ)
ශාන්! ලංකාවේ තර්ජනයක් තිබුනෙම නැද්ද එතකොට. මහින්ද මහත්තය එ්ක අවසන් කළේ නැද්ද .. වෙන රටක වෙන්න ඇති ... අපි වගේ ගුණමකු මෝඩ ජාතියක් ! (බ)
ගිය පාර වගේ මේ පාර අය-වැය කතාවේෙ "ගරු කතානායක තුමනි"කියන කොටස විතරක් ඉතුරු නොවේවා (බ)
සම්පුර්ණ ඇත්ත. මහින්ද හැමදාම බලයට අාවේ ජාතිවාදී තර්ජන තියෙනවා කියල තමයි. (බ)
මංගල සමරවීර ගැන අපට පැහැදීමක් නැතත් ඔහු මේ කියන කතාව සහතික ඇත්ත ...(බ)
ත්‍රස්තවාදය 100% විනාශ කළ මහජන ඡන්දයෙන් පත් වුනු ලොව එකම ජනාධිපති වරයාට ගැරහීම හෙලා දකිමි.(බ)
මහත්තයෝ, ඔහේ කියල දෙන්න ඕන නෑ මහින්ද කවුද කියල,උඩුබිරුවට ඔහේ අද නිදහසේ හුස්මක් ගන්නෙත් මහින්ද හින්ද! බය නැතුව යුද්දෙකට මූණ දෙද්දී මහින්ද හිතුවේ රට ගැන විතරයි! (බ)
මහින්ද කියන්නේ අපේ රටේ වීරයෙක් (බ)