ශ්‍රී ලංකාවේ සියලු දෙනාටම පිළිගත හැකි සාධාරණ විසැඳුමක්, උතුරු නැගෙනහිර ප්‍රශ්නයට අවශ්‍ය නමුත් කොටි සංවිධානය ඉල්ලන දේ දිය නොහැකි බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිරස රූපවාහිනිය සමග සාකච්ඡාවක් පවත්වමින් අද (9) කීවේය.
කොටි සංවිධානයේ උත්සහය රට බෙදීම බවත් ඔහු ප්‍රකාශ කළේය.
යුද්ධය අවසන් වී වසර 6ක් ගිය පසු උතුරේ සංහිඳියාවක් හා සංවර්ධනයක් ක්‍රමයෙන් ඇති කිරීමට රජයට හැකි වී ඇති බවත් එය සාර්ථක කර ගැනීමට උතුරේ දේශපාලන බලය හිමි අයද සහාය දිය යුතු බවත් අවධාරණය කළේය.
උතුරේ ජනයාගේ ඉඩම්වලින් සියයට 92ක් පමණ දැනට හිමිකරුවනට දී ඇතැයි ද හමුදා කඳවුරු අඩුකර ඇතැයි ද ලේකම්වරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුරේ ප්‍රශ්න වලට විසඳුම් හොයන්නට පෙර දකුණට නැති උතුරට පමණක් සීමාවූ ප්‍රශ්න මොනවද කියලා සොයන එක වඩා හොඳයි කියලයි මට නම් හිතෙන්නේ (නි)
ශ්‍රී ලංකාවේ ඉන්න සමස්ත ජනතාවම අයත් වන්නේ එකම ජාතියකටයි. අඩුවශයෙන් මිලියන 80ක් පමණ වූ තමිල්නාඩුවේ ඉන්න ද්‍රවිඩ ජනතාවටවත් තමන් ජාතියක් වශයෙන් හඳුන්වා ගැනීමට අයිතියක් නැත්තේ සමස්ත භාරත ජනතාවම ඉන්දියානු ජාතිකයන් වීම නිසාය. අනෙක නම් ලංකාවේ තිබෙන ප්‍රශ්න දෙමළ වාර්ගික කණ්ඩායමට පමණක් විශේෂිත වූ දෙයක් නොව ශ්‍රී ලංකාවේ සියලුම ජන කොටස් වලට පොදුවේ බලපාන ප්‍රශ්න බව පිළිගන්නා පදනමක සිට මේ ප්‍රශ්නවලට විසඳුම් සෙවිය යුතුයි. (නි)
සාධාරණ විසඳුමක් ලැබෙනවා නම් අපිත් සහයෝගය දෙනවා (නි)
අපි ඔබට සුභ පතනවා, ඔබගේ කැපවීම විශිෂ්ටයි (නදී)
නිමල් ලලිතා, ඔබ දෙමුහුන් වීම නිසා ප්‍රශ්නයේ ඇතුල් පැත්ත ගැන දැනීමක් ඔබට නැති බව පෙනෙනවා. සතියක් උතුරේ නතර වී බලන්න. (නදී)
දෙමල බස කතාකරන දෙමල වේවා, මුස්‌ලිම වේවා එවැනි ඕනෑම අයෙකුට මේ රටේ ඕනෑම තැනක් ජීවත්වීමට, රැකියාවක් කිරිමට, ඉඩමක් මිලදී ගැනීමට හැකියාව ඇත්නම් මොකක්ද මේ කියන සාදාරන විසදුම. (නදී)
කාගේත් සහයෙන් තමයි බොහෝ ගැටළු විසඳිය හැක්කේ (නි)
මේ රටේ ඉන්නවා පිරිසක් කොටි ඩයස්පෝරාවෙන් සහ ඉරිසියාකාර බටහිර රටවල් වලින් යැපෙන. ඒ වගේම පිරිසක් ඉන්නවා රටට මොන හෙනයක් ගැහුවත් අපිට කමක් නැහැ අපිට අවශ්‍ය බලය කියලා හිතන පිරිසක්. ඒ දෙගොල්ලොම කැමති නැහැ මේ ප්‍රශ්නය විසදෙනවට. එයාලා යැපෙන්නේ ඒකෙන් නිසා. රටට වැදගත් ඔබ තුමාගේ අදහස. හතුරො ඒ අය තමයි. (නදී)
රට තුළ සාමය සහ සංහිඳියාවක් ඇති කිරීම සඳහා ආරක්ෂක ලේකම්වරයා ලෙසින් ඔබතුමා කරට ගෙන ඇති බරට උර දෙන්නට රටවැසියනට කරන පොදු ඇරයුමට රටට ආදරය කරන ජනතාව සහය දෙනවා නො අනුමානය. එහෙත් මැතිතුමනි, රට තුළ ක්‍රියාත්මක වන, විදේශ මුදල් බලාගෙනම පනගන්වා ඇති රාජ්‍ය නොවන සංවිධාන සහ ඒවාට ඍජුව සහ වක්‍රව ආධාර දෙන දේශීය හා විදේශීය පාදඩ නඩය සම්බන්ධයෙන් තද තීරණයක් ගන්න තුරු ඔබතුමාගේ අදහස ක්‍රියාත්මක කල හැකිද ? (නදී)
මට නම් ත්රෙන්නේ නැහැ උතුරේ ජනතාවට තියන ප්‍රශ්න මොනවද කියලා. යුද්දෙන් පස්සේ සිංහල මහා ජාතියට වැඩියේ රජය පහසුකම් දුන්නේ උතුරට. ප්‍රශ්න තියෙන්නේ ටී.එන් එකේ දේශපලුවනට විතරයි. මොන පහසු කම දුන්නත් කමක් නැහැ රටේ ඉන්න ජන අනුපාතය අනුව.(නදී)
මෙතන කොතනකවත් උතුරේ ජනයා කොටි කියලා කියල නැහැ. ඒ අතර ඉන්න කොටි සෙවනැලි වලට තමයි මේ කතාව ප්‍රකාශ කර තියෙන්නේ. (නදී)
ඇත්ත වශයෙන්ම ඔබ තුමාගේ යෝජනාව හරියටම හරි. අද ටී.එන්.ඒ එකට අවශ්‍යවෙලා තියෙන්නේ මේකෙන් මග අරින්න. (නදී)
මෙය කාලෝචිත යෝජනාවක් (නි)
උතුරේ ජනයා සියල්ල කොටි කියලා හිතන්න හොඳ නැහැ. එතකොට තමයි ප්‍රශ්න ඇතිවෙන්නේ. (නි)
දශක තුනකට වැඩි කාලයක් සංවිධානයට දුවා දරුවන් බලෙන් පැහැරගත් ප්‍රභාකරන්ට කප්පන් ගෙවූ උතුරේ ජනතාව ,සරණාගතයින් ලෙස ද :ඉන්දියාවට පලායද්දී ,මේ ඉල්ලීම් ඔහුගෙන් නොකළේ ඇයි.(අ)
ඔබට දළදා සමිඳුගේ සරණයි! (නි)
මෙතන වැරැද්ද තමන් විතරක් හරි කියල හිතන එක. (අ)
මහත්තයා කියන දේ හරි (නි)
වැරැද්ද තියෙන්නේ මේක ලංකාව කියල නොහිතන එකයි.රටක් වශයෙන් එකට නොසිතා ජාති,ආගම් වශයෙන් හිතනකන් කාටවත් සාදාරණයක් වෙන් නැහැ.මේ අපේ මාතෘ භූමියයි.නිදහසේ ස්වර්ග රාජ්ජ්යි සැවොම එක් වී ලංකා මාතාව සුරකිමු. (දී)
සෘජු, රටට හිතැති අදහස් දරන ඔබ අපට වාසනාවක්.(දී)
අත් වැල් බැඳ දන්නා ඔහොම තමයි (දී)
දන්නා කෙනෙක් පැහැදිලි කරලා දෙනවද උතුරට විතරක් තියෙන අපිට නැති ප්‍රශ්නේ මොකක්ද කියල විසඳුම් හොයන. පින් සිද්ද වෙනවා.(අ)
නරකද සිරිමා සස්ත්රී ගිවිසුම නැවත පණගන්වන එක .(අ)
උතුරේ ජනතාව විතරක් නොවයි අපේ රජයත් ප්‍රභාට කප්පම් ගෙවලා තියෙනවා.(අ)
හොදට පහදලා තියනවා.. ශ්‍රී ලංකා වේම අනිත් අයත් මේ විදියටම දැනුවත් කරන්න. ජයවේව!(අ)
දැන් එක රටක් එක ජාතියක් ලෙස සමඟි වෙමු. (අ)
ඔබතුමා හැමදාමත් කෙලින් කතා කරන කෙලින් වැඩ කරන කෙනෙක්.ඔබතුමාගේ අදහස් මෙන්ම ක්‍රියාවන්ද ඇති විශිෂ්ටයි.(අ)