( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාගේ බැංකු ගිණුම පරීක්ෂා කිරීමේ කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතින බවත් ,එම බැංකු ගිණුම් සියල්ල පරීක්ෂා කර බැලීම සඳහා තවත් කාලය අවශ්‍ය බව නීතිපතිවරයා අද (08) ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය. නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා විසින් එලෙස අධිකරණයෙන් කල් ඉල්ලා සිටියේය.
තමාට එරෙහිව කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය මඟින් වරෙන්තුවක් ලබා ගැනීමෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය තමාගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇතැයි සඳහන් කරමින් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ගොනු කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද කැඳවු අතර එහිදී මෙම ඉල්ලීම කරන ලදී මෙම පෙත්සම බුවනෙක අළුවිහාරේ , උපාලි අබේරත්න සහ අනිල් ගුණරත්න යන මහත්වරුන් හමුවේ කැඳවනු ලැබිණ.
එහිදී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ කියා සිටියේ දැනට අත්හිටුවා ඇති පෙත්සම්කරුගේ බැංකු ගිණුම් වලින් මුදාහැරිය හැකි බැංකු ගිණුම් තිබේද යන්න විමසා බැලීමට කල් ලබා දෙන ලෙසයි. කෝදාගොඩ මහතා කළ ඉල්ලීම පිළිගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම යළි සලකා බැලීම ලබන අගෝස්තු 28 වැනිදාට කල් තබන ලදි.
කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.
මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.
ශ්රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම
කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ
භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
උදයංග වීරතුංගගේ බැංකු ගිණුම් පරීක්ෂාකිරීමට තවත් කාලය ඉල්ලයි
Chanak Los Angeles Monday, 08 May 2017 06:45 PM
උදයංග වීරතුංග මහතාගේ ? හොරුන්ට මහතා කියා පලකිරීම මහත්මා කියන ගරු නාමයට කරන නින්දාවක් වගේම මාද්‍ය ශිෂ්ට සමාජයට කරන බලවත් වෙරද්දක් ..
rajith Monday, 08 May 2017 07:51 PM
පරික්ෂන කරනවා අවරුදු 5 යනවා මීහරක් පෝලිමේ ගිහින් ආයේ කතිරේ ගහනවා දෙපැත්ත මාරු වෙනවා ඔක්කොම ඉවරයි අල්ලපු හොරෙකුත් නෑ කෝටි ගණන් සල්ලිත් නෑ හරි අපුරු රටක් ඕයි මේක පව් නේ අපිට