IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


උප ඇමති හේමාල්ගේ බොරු අංකෙට නඩු පමාවේ?

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිටවීමේ දොරටුවේ දී සුමින්ද සමන් හිටපු පොලිස් කොස්තාපල් දඩ කොළයක් දුන් නියෝජ්‍ය ඇමැති හේමාල් ගුණසේකරගේ වාහනයේ තිබුණේ ව්‍යාජ අංක තහඩුවක් බව හෙළි වීම නිසා ඊට එරෙහිව නඩු පවරන බව පොලිසිය කියයි.

එම වාහනය සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නැයි සති කිහිපයකට පෙර නියෝජ්‍ය පොලිස්පතිවරයකු හෝමාගම පොලිසියට දන්වා ඇතත් මෙතෙක් නඩු දමා නැත.



අදහස් (0)

උප ඇමති හේමාල්ගේ බොරු අංකෙට නඩු පමාවේ?

නන්ද Tuesday, 08 July 2014 05:55 AM

අපේ ඇමතිතුමාගේ දේශපාලන ජීවිතයට හානි කරන්න හදනවා වගෙයි සමහරු (නි)

:       0       0

විපුල Monday, 07 July 2014 06:51 PM

ඇයි එහෙම නඩු දාන්නේ. ඒ මහත්වරුන්ට ඕන දෙයක් කරන්ඩ බලේ තියෙනවා නේද? අපි හිතන් ඉන්නේ එහෙමයි කියලයි. (නදී)

:       0       0

කැලුම් Monday, 07 July 2014 06:52 PM

අනේ මෙයා මස් මාළුවත් කන්නේ නැහැලු. ඡන්දෙත් ළඟ හින්ද තවත් නාට්ටියක් වගේ. (නදී)

:       0       0

චන්දන Tuesday, 08 July 2014 06:30 AM

කරුණාකර නීතිය හරියට ක්‍රියාත්මක කරන්න (නි)

:       0       0

පතිරණ Monday, 07 July 2014 06:54 PM

මොකුත් වෙන්නේ නැහැ. (නදී)

:       0       0

සිිසිර අමරසිංහ Monday, 07 July 2014 07:18 PM

ෂුවර් එකටම අර කොස්තාපල්ට විරුද්ධව නඩු දායි වැරදි නොම්බරයක් ලියල කියල. (නදී)

:       0       0

කරූ එම් ගමගේ Monday, 07 July 2014 07:19 PM

මහත්වරුන්ට නම් බලය තියෙනවා. නමුත් මේ වගේ මහත්හොරුන්ට බලය නොමැත (නදී)

:       0       0

යසිරු Tuesday, 08 July 2014 07:33 AM

පොලිසිය ඇයි මේකට පියවරක් නොගන්නේ? (නි)

:       0       0

සුනිල් Monday, 07 July 2014 07:23 PM

නඩු යන්නෝ වැනසෙන්නේ බව හෝමාගම පොලිසියේ මහත්තරු හොඳටම දන්නවා නේ. (නදී)

:       0       0

ධනංජය Tuesday, 08 July 2014 07:39 AM

දිට්ට ධම්ම වේදනීය කර්ම කියන්නේ ඕවට තමා (නි)

:       0       0

නිම්මි Tuesday, 08 July 2014 07:42 AM

හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිවුවලු (නි)

:       0       0

වරුණ Tuesday, 08 July 2014 07:50 AM

අපිට වුණා නම් මෙලහකට අපි හිරේ (නි)

:       0       0

නාරද Monday, 07 July 2014 07:33 PM

මම නම් කියන්නේ වසර 3 කින් හැම කෙනාම මාරු කරන්න ඕනේ කියලා නැතිනම් රාජකාරිය හරියට කරන්න අමාරුයි (නදී)

:       0       0

විජේසිංහ Tuesday, 08 July 2014 07:50 AM

අපේ රටේ අවංකව රාජකාරි හරියට කරන්න අපහසුයි වගෙයි. (නි)

:       0       0

ටිරල් Tuesday, 08 July 2014 07:55 AM

ඇමතිලාත් මෙහෙම කරද්දී සාමාන්‍ය අපි වගේ අය ගැන මොන කතාද? (නි)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Monday, 07 July 2014 07:43 PM

අනේ අහිංසක ඇමති කෙනෙක්. බයවෙන්න එපා කිසි ප්‍රශ්ණයක් ඔයාට වෙන්නේ නැහැ. පොලිස් කොස්තාපල් තමයි වැරදි වෙන්නේ. ලංකාවේ ඉන්නෙත් කොණ්ඩේ බැදපු අය නිසා කිසි ප්‍රස්නයක් වෙන්නේ නැහැ. (නදී)

:       0       0

නිලුපුල් Tuesday, 08 July 2014 08:11 AM

තව ටික දවසකින් අර කොස්තාපල්ම කියයිද දන්නෙ නැහැ ඇමතිතුමා නිර්දෝෂයි,ගමන් කළ වාහනයේ දෝෂයක් කියලා (නි)

:       0       0

සේරම් Tuesday, 08 July 2014 08:16 AM

අර සමාජ සාධාරණය අගයන අය කොහෙද ඉන්නේ?එයාලා මේ දවස් වල නිවාඩුද? (නි)

:       0       0

වසන්ත Tuesday, 08 July 2014 08:17 AM

අනේ ඔය ඇමතිවරු වගේ අහිංසකයින්ට නඩු දාන්නේ නැතුව මේ අපි වගේ අයට නඩු දාන්නකෝ (නි)

:       0       0

ගාමිණී Monday, 07 July 2014 07:52 PM

මේ රටේ මේකත් ප්‍රශ්ණයක්ද ? (නදී)

:       0       0

වසන්ත Tuesday, 08 July 2014 08:18 AM

ඇමතිතුමාට මුකුත්ම මතක නැද්ද දන්නෙ නැහැ (නි)

:       0       0

පියුමි Monday, 07 July 2014 07:56 PM

ළඟ ළඟ ඡන්ද එන නිසා මේවා ඡන්ද ගුණ්ඩු. රැවටෙන්න එපා (නදී)

:       0       0

රමිල Tuesday, 08 July 2014 08:28 AM

මේකද ආශ්චර්යය? අපි ඡන්දෙ දුන්නේ ඕකට නෙමෙයි (නි)

:       0       0

තිලක් Monday, 07 July 2014 07:58 PM

නාරද ගේ ප්‍රකාශය හරි ,"මම නම් කියන්නේ වසර 5 කින් හැම කෙනාම මාරු කරන්න ඕනේ කියලා" (නදී)

:       0       0

විශ්වවිජූර්ලක Monday, 07 July 2014 08:10 PM

පව් අර පොලිස් නිල දරුවා! (නදී)

:       0       0

ෆාතිමා Monday, 07 July 2014 08:14 PM

විපුල අපි විතරක් නෙවෙයි එයාලත් හිතන් ඉන්නේ එහෙමයි (නදී)

:       0       0

රාධවන් Tuesday, 08 July 2014 08:55 AM

අපේ ඇමතිතුමා වාහනේ ඉඳගෙන ගියා විතරයිලුනේ. පිට කෙනෙක් ඇවිල්ලා බොරු නොම්මරයක් සවිකරලා ඇත්ත එක ගලොගෙන් ගිහින් ඇති (නි)

:       0       0

මාලිකා Tuesday, 08 July 2014 09:02 AM

පමාකරන එක නම් වැරදියි හො‍ඳේ (නි)

:       0       0

රංග Tuesday, 08 July 2014 09:09 AM

අනේ රාළහාමි, නඩු නම් දාන්න එපා (නි)

:       0       0

කෝලිත Monday, 07 July 2014 08:56 PM

පොලිසියට පුලුවන්නම් මෙයාව උසාවියට ගෙනත් පෙන්නන්න කියමු (නදී)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Tuesday, 08 July 2014 09:21 AM

‍නීතියටත් ඉහළින් ගිහිල්ලා ඒගොල්ලන්ට හරි කියලා හිතෙන වැඩ කරන්න අවසර දීලද? (නි)

:       0       0

මලී Monday, 07 July 2014 09:10 PM

මෙයාට නඩු දැම්මොත් ශ්‍රී ලංකා පොලිසිය.......... බස්නාහිරින් ඉර පායයි (අ)

:       0       0

කුසුම් Monday, 07 July 2014 09:28 PM

නිර්භීත පොලිස් නිලධාරියෙකුට කරන ගෞරවයක් වශයෙන් වත් පොලිස් දෙපාර්තමේන්තුව කොන්ද කෙලින් තියාගෙන නිතිය ක්‍රියාත්මක කරන හැටි අපි අවදියෙන් යුතුව බලා සිටිමු. (අ)

:       0       0

ප්‍රේමතිලක Monday, 07 July 2014 09:40 PM

අයියෝ... ඕන පුදුම වෙනන් තරම් කාරණයක් නොවෙයිනේ. කියපු ගමන්ම නඩු දැන්මනම් අන්න පත්තරේක හෙඩ් ලයින් එකට හොද නිවුස් එකක් (අ)

:       0       0

පියල් Monday, 07 July 2014 10:11 PM

"දවල්ද?" මතක නැද්ද පරණ ජෝකේ එක (අ)

:       0       0

තිළිණ Monday, 07 July 2014 10:19 PM

දැන් ඉතින් මේ ගොල්ලෝ දිනුවත් දිනුම් පැරදුනත් දිනුම්. පරම්පරා ගණනාවකටම මදියි නොකියන්න සිරි දෙව් දුව ඒ ඒ විමාන කරා වඩම්මවා ගෙන ඇතිනේ. (අ)

:       0       0

චමින්ද Monday, 07 July 2014 04:30 PM

හැබෑට........? ඇයි ඒ.......? (නි)

:       0       0

නෙළුම් Monday, 07 July 2014 04:33 PM

අනේ! මට නම් බොහොම සතුටුයි (නි)

:       0       0

සරත් Monday, 07 July 2014 04:33 PM

කොහොමද මෙතුමා ඊළග පාර ජනතාව ඉදිරියට යන්නේ? (නි)

:       0       0

අහිංසා Monday, 07 July 2014 10:37 PM

මේ ප්‍රශ්නය නිසා අපේ රටෙත් කොන්ද පන තියන අවංක පොලිස් නිලධාරී මහත්වරුන් ඉන්නබව ඔප්පුවුණා.පොලිසියේ නිලධාරියෙක් කියන්නේ සිවිල් සමාජයේ සිටින වැදගත් උගත් පුද්ගලයෙක්.අපේ රටේ දේසපාලුවෙක් වෙන්න ඔය මොන සුදුසුකමක්වත් ඕන නැහැ. (අ)

:       0       0

සමන් Tuesday, 08 July 2014 10:02 AM

ඊලඟ පාර පාර්ලිමේන්තු නොයවා ඉන්න ජනතාව කටයුතු කල යුතු වෙනවා. (ස)

:       0       0

හේවා Monday, 07 July 2014 10:49 PM

දියුණු රටවල් වල පොලිස් සේවය හා සසදන විට ලංකාවේ පොලිසිය තවමත් මන්දගාමී බවක් පෙන්නුම් කරන බව අපට පැහැදිලිය (අ)

:       0       0

මංජුල Monday, 07 July 2014 04:35 PM

ඔය එළිවෙන්නේ ටික ටික (නි)

:       0       0

ලංකා තිලක් Tuesday, 08 July 2014 10:03 AM

නිතිය සැමට සාධාරණ බව ඔප්පු කරවන්න රජයටත් පොලිසියටත් මේ හොඳ අවස්තාවක්. පි සි ගේ නාට්‍යය වෙනම එකක්. ඒ නාට්‍යයේ ඇමති තුමා රඟපෑවේ නැහැ කියල තේරුනත් මේ නාට්‍ය ගැන ඊට වඩා සැලකිලිමත් වෙන්න ඕන.. වග කිව යුතු ඇමති කෙනෙක් හොර නොම්මර තහඩු ගහගෙන යන්න හේතුවක් අවශ්‍යතාවක් නැහැනේ. ජනාධිපති තුමා මේ ඇමතිවරුන්ගේ ක්‍රියා කලාප නොසලකා හැරියොත් ඔබ තුමා ඊලඟ පාර ජනාධිපති වුනත් ඒ කාල සිමාවනම් සම්පුර්ණ කරගන්න බැරි වේවි. මොවුන් මේ දැලි ගාන්නේ ඔබ තුමාගේ මුනේ..ඔබ තුමා ඔවුන්ට දඩුවම් නොදී ඔඩොක්කුවට අරන් සුරතල් කලොත් ඔවුන්ගේ ඔය ඇඟවල් වල ඉන්න කිනිතුල්ලෝ බලු මැක්කෝ ඔක්කොම ඔබ තුමාගේ ඇඟ දිගේත් නගීවි..ඔබ තුමාගේ පානෙන් එලිය බල බල ඔබ තුමාගේ පාන නිවන්න හදන එව්වෝ ගැන සැලකිලිමත් වෙන්න බැරිනම් ලබන පාර වෙන කෙනෙකුට චන්දෙ ඉල්ලන්න දෙන්න..ඔබ තුමාට චන්ද්‍රිකා මැතිනියට වුනු දේ වෙනවා දකින්න අපි කැමති නැහැ. (ස)

:       0       0

රෑපවතී Tuesday, 08 July 2014 10:04 AM

දඩ කොලේ ලියපු පොලිසියේ රාළහාමි ඉල්ලා අස් උනා වගේ? නඩුව ෆයිල් කරන කෙනාටත් ඉල්ලා අස්වෙන්න වෙන වග දන්නා නිසයි , දරු පවුල ජීවත් කරවන්න ඕන නිසා ..රැකියාව රැක ගන්න ..පොලිසිය නඩු නොදම ඉන්නේ? උසාවියේ නඩුකාර තුමාටත් මේ ටිකමයි වෙන්නේ ..නඩුව ඇහුවොත්. අනේ ..ලෝකේ ජීවත් වෙන්න හොඳම රට කියාගත්තු අයට මොනව කියන්න වෙයිද ? (ස)

:       0       0

මංජුල Monday, 07 July 2014 04:38 PM

එතකොට දැන් නඩුවෙන් වැරදිකාරයා වෙන්නේ කවුද? (නි)

:       0       0

නිමල් Tuesday, 08 July 2014 10:15 AM

මෙයා දකුනෙනේ සමාවක් ලැබෙයි (නදී)

:       0       0

ශාපි Monday, 07 July 2014 11:19 PM

එංගලන්තේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ (නදී)

:       0       0

මිලින්ද Tuesday, 08 July 2014 10:20 AM

රටකට ගිය කල (දී)

:       0       0

කුමාර Tuesday, 08 July 2014 10:23 AM

අහිංසකයෙක් උනා නම් ආයුද පෙන්නන්න අරන් යනවා. නීතිගරුක පොලිස් නිලදාරියෙක් බේරගන්න පොලිසියට බෑ. පොලිසියට වෙච්ච දේ. (දී)

:       0       0

ප්‍රසංක Tuesday, 08 July 2014 10:33 AM

පොඩි කෙනෙක් ඕක කරානම් වාහනෙත් රාජසන්තක කරලා. (ස)

:       0       0

ජූඩ් Tuesday, 08 July 2014 10:36 AM

අර අවංකව සේවය කරපු පොලිස් කොස්තාපල් නිවැරදි කියල මේකෙන් ඔප්පු වෙනවා. අනෙක එයාගේ කාර් එකට ගිනි තියල එයාව වැලිගම යවන්න උත්සාහ කරන්න ඇත්තේ ඔය හොර නොම්මර තහඩු අහුවෙයි කියල බයට වෙන්න ඇති. මේ වගේ කතා. මන්ත්‍රීල ඉන්න රටක නේ අපි ඉපදිලා ඉන්නේ. මොහුට දඬුවම් කරන්න. (ස)

:       0       0

බණ්ඩාර Monday, 07 July 2014 04:56 PM

බලමුකෝ මොකද වෙන්නෙ කියලා (නි)

:       0       0

සරත් Tuesday, 08 July 2014 10:41 AM

මෙහෙම නමක් තියෙන උප ඇමති කෙනෙක් ලංකාවේ ඉන්නවද..? අනේ මන්ද තව මොන මොන නම් තියෙන ඇමතිලා, උප ඇමතිලා ඉන්නවද කියල. (ස)

:       0       0

කමල් Monday, 07 July 2014 04:57 PM

ඇමතිතුමා බොරු අංක තහඩුවක් ගහගෙන කොහේ ගියාද? (නි)

:       0       0

පෙරේරා Tuesday, 08 July 2014 12:01 AM

දේශපාලන බලය රටේ නීතියේ බලයට වැඩිය බලවත්වෙලාද? (නි)

:       0       0

රංග Monday, 07 July 2014 05:01 PM

ඒගොල්ලන්ගේ වාහන වලට නඩු දාන්න මාස ගණන් යනවා. අපේ වාහන වලට එවලේම නඩු (නි)

:       0       0

ලුම්බිණි Monday, 07 July 2014 05:01 PM

දැන් බොහොම දෙනෙක් කිව්වා නේද එතුමා කිසිම වරදක් කළේ නැහැ කියලා? (නි)

:       0       0

රොමේෂ් Tuesday, 08 July 2014 12:13 AM

පිටරට කෙනෙක් නම් මෙලහකටත් ඉල්ලා අස්වෙලා (නි)

:       0       0

පිටිගල Tuesday, 08 July 2014 11:04 AM

සුදු වෑන් එකක් පොලිස් නිලධාරියාගේ ගෙවල් පැත්තේ කැරකෙනකොට පොලිස් නිලධාරියා ප්‍රකාශයක් කරයි. සේරම කරගත්තේ තමන් විසින්මයි කියලා. (නදී)

:       0       0

කින් බෙනට් Monday, 07 July 2014 05:07 PM

වගකීමක් බාරදීලා තිබෙන කෙනෙක් විදියට මේ කර තිබෙනවා නම් එය බරපතල වංචාවක්. මේක රජයටත් ලොකු අපකිර්තියක් නේද? (නි)

:       0       0

රූපවතී Monday, 07 July 2014 05:07 PM

මෙවැනි අය ගැන වගකිවයුත්තන් කටයුතු කළයුතුයි (නි)

:       0       0

අහිංසා Monday, 07 July 2014 05:15 PM

මේ වගේ පොලිසි තියෙන්නේ ශ්‍රී ලංකාවේ වෙන්නම ඕනෑ (නි)

:       0       0

සුමනා Monday, 07 July 2014 05:18 PM

එතකොට පොලිසියේ රාජකාරියට බාධාකිරීම වරදක් නොවේද? (නි)

:       0       0

සේනාධීර Tuesday, 08 July 2014 11:44 AM

මෙතුමා මෙහෙම කරයිද? අනේ මන්දා! (නි)

:       0       0

බිහාර Monday, 07 July 2014 05:29 PM

බොරු අංකයක් අපි ගහගෙන ගියා නම් මොනවා වෙයිද? (නි)

:       0       0

රාජා Tuesday, 08 July 2014 11:48 AM

තවත් පොලීසියේ කෙනෙක්ව නම් ගාවාගන්න එපා (නි)

:       0       0

බිමල් Monday, 07 July 2014 05:31 PM

ඒ මොකද නඩු පමාවෙන්නේ? (නි)

:       0       0

සඳුන් පෙරේරා Wednesday, 09 July 2014 04:45 AM

මේ ඇමතිතුමා ඇත්තටම සත් ගුණවත් කෙනෙක්. ඒකනේ නොම්මර තහඩුව වෙන කෙනෙක් ගළවාගෙන ගියත් මොනවත් කියලා නැත්තේ. එතුමා අහිංසකකමට වෙන එකක් සවිකරගෙන ගිහිල්ලා. (නි)

:       0       0

සිතුම් Monday, 07 July 2014 05:40 PM

මොනවටද මේ බොරු අංකයක් ගහගෙන ගියේ? (නි)

:       0       0

සුරන්ජිත් ලාල් Monday, 07 July 2014 05:44 PM

දැන් පේනවානේ කාගෙ කාගෙත් තරම? මේ අය කොහොම නැටුවත් ඊළඟ පාරත් අපි ළඟට එන්න ඕනෑ අපේ ඡන්දෙ ගන්න (නි)

:       0       0

සේනක Monday, 07 July 2014 05:44 PM

දැන් ඉතින් නඩු දාලත් ඇති වැඩක් නැහැ. ඒ කොස්තාපල්ට රස්සාවත් කරගන්න බැරුව ගියානේ (නි)

:       0       0

පිටිගල Monday, 07 July 2014 05:56 PM

මේ ඇමති තුමා හාල් මස්සෙක්වත් නොකන උපාසක මහත්තයෙක් කිව්වා නේද කවුද? හොර අංක තහඩුවක් දාගෙන කොහෙද ගියේ හැබැටම? (අ)

:       0       0

ලංකා තිලක් Monday, 07 July 2014 05:56 PM

පිස්සුද අනේ එහෙම වෙන්න පුලුවන්ද..පොලිසියෙන් ඇමති කෙනෙකුට විරුද්ධව නඩු දානවා කියන්නේ එතකොට මේ ලංකාවේ නෙමෙයිද? (අ)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Tuesday, 08 July 2014 03:45 AM

හේවා, ඔයා මොනවා කතා කරනවද? (නි)

:       0       0

ලංකා තිලක් Tuesday, 08 July 2014 12:19 PM

නිතිය සැමට සාධාරණ බව ඔප්පු කරවන්න රජයටත් පොලිසියටත් මේ හොද අවස්තාවක්. පි සි ගේ නාට්‍යය වෙනම එකක්. ඒ නාට්‍යයේ ඇමති තුමා රගපෑවේ නැහැ කියල තේරුනත් මේ නාට්‍යය ගැන ඊට වඩා සැලකිලිමත් වෙන්න ඕනා. වග කිව යුතු ඇමති කෙනෙක් හොර නොම්මර තහඩු ගහගෙන යන්න හේතුවක් අවශ්‍යතාවක් නැහැනේ. ජනාධිපති තුමා මේ ඇමතිවරුන්ගේ ක්‍රියා කලාප නොසලකා හැරියොත් ඔබ තුමා ඊලග පාර ජනාධිපති වුනත් ඒ කාල සිමාව නම් සම්පුර්ණ කරගන්න බැරි වේවි. මොවුන් මේ දැලි ගාන්නේ ඔබ තුමාගේ මුනේ. ඔබ තුමා ඔවුන්ට දඩුවම් නොදී ඔඩොක්කුවට අරන් සුරතල් කලොත් ඔවුන්ගේ ඔය ඇගවල් වල ඉන්න කිනිතුල්ලෝ බලු මැක්කෝ ඔක්කොම ඔබ තුමාගේ ඇග දිගේත් නගීවි. ඔබ තුමාගේ පානෙන් එලිය බල බල ඔබ තුමාගේ පාන නිවන්න හදන එව්වෝ ගැන සැලකිලිමත් වෙන්න බැරිනම් ලබන පාර වෙන කෙනෙකුට ඡන්දෙ ඉල්ලන්න දෙන්න. ඔබ තුමාට චන්ද්‍රිකා මැතිනියට වුනු දේ වෙනවා දකින්න අපි කැමති නැහැ. (නදී)

:       0       0

වසන්ත Monday, 07 July 2014 06:08 PM

එම වාහනය අපේ ඇමති තුමාට අයිති එකක් නොවන බව කරුණාවෙන් සලකන්න. (අ)

:       0       0

නිමන්ත Tuesday, 08 July 2014 12:37 PM

මට නම් දැන් සිදුවීම් සියල්ල මැවිලා පෙනෙනවා වගෙයි අනේ (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Tuesday, 08 July 2014 04:16 AM

කොහොම කොහොමහරි දැන් ඉතින් අවංක හා නිර්භීත පොලිස් නිලධාරියෙක් පොලිස් සේවයෙන් සමුගන්න තැනට කටයුතු වුණා. කරුණාකරලා දැන්වත් ඒ මනුස්සයාට තම පවුල සමඟ ජීවත්වෙන්න දෙන්න. (නි)

:       0       0

ඩිලාන් Tuesday, 08 July 2014 04:27 AM

ඒ කියන අංක තහඩුව ඉබේම වාහනයේ ඇලවිලා ඇති. නැත්නම් කවුරු හරි අලවලා ඇති. මේ වගේ ගුණවත් කෙනෙක් එහෙම හොර බොරු කරාවිද ? (නි)

:       0       0

අනුර Tuesday, 08 July 2014 04:44 AM

කොන්ද පණ තිබෙන අවංක පොලිස් නිලධාරී මහත්වරුන් බලාගෙන ඉන්නේ මොකද වෙන්නේ කියලා. ඒ අනුව තමා ඒ ගොල්ලෝ තීරණය කරන්නේ කොහොමද රාජකාරිය කරන ගමන් රස්සාව කරන්නේ කියලා (නි)

:       0       0

ඇසළ Monday, 07 July 2014 06:21 PM

හොර වැඩ කරන්න හොර නොම්මර නැතව පුලුවන්ද. පොලිසියට එක වත් හිතා ගන්න බැරුව අහිංසක උප ඇමති තුමාට විරුද්ධව නඩු දාන්න යනවා. (අ)

:       0       0

සුනිල් Tuesday, 08 July 2014 12:45 PM

බොරුවක් කිව්වොත් විතරනේ හිරේ දාන්නේ. නේද? බොරු අංකයට නඩු දාන්නේ මොකටද? එතුමා බොරු කිව්වේ නැහැනේ. අංකය විතරනේ බොරු වෙන්නේ (නි)

:       0       0

දේශික Tuesday, 08 July 2014 12:46 PM

නැහැ... නැහැ....මේ හොර අංක තහඩුව අලවන්න ඇත්තේ වෙන කවුරුහරි වෙන්න ඕනෑ.ලංකාවේ මැති ඇමතිවරු ඔය වගේ වැඩ කරනවා කියලා කොහොමද කියන්නේ? (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Tuesday, 08 July 2014 12:55 PM

ලංකා තිලක්,ඔයා නම් මහා විකාරයක්. අපිටත් පිස්සු හැදෙනවා (නි)

:       0       0

හසිත් Tuesday, 08 July 2014 05:26 AM

අනේ ඇත්තට මෙහෙමත් වැඩ කිවුවලු (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධිකරණයට අපහාස කළැයි නිලන්තට චෝදනා
2024 සැප්තැම්බර් මස 27 375 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වන්දිය ලෙස නියම කළ රුපියල් මිලියන 75ක මුදල ගෙවීමට අපොහොසත් වීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්


වසා දැමූ කොළඹ පාරක් ජනපති නියමයෙන් යළි අරී
2024 සැප්තැම්බර් මස 27 843 1

ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මන්දිරය අසල පිහිටි ජනාධිපති මාවත අද සිට මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිසියට නියෝග ක


වැඩබලන පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසුරිය පත් කරයි
2024 සැප්තැම්බර් මස 27 539 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (27) පත් කර තිබේ.


සජබේ මහ පුටු වෙනසක්
2024 සැප්තැම්බර් මස 27 874 0

සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පත් කර තිබේ.


රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 27 1366 0

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා එම ධුරයෙන් අද ඉල්ලා අස්වී තිබේ.


රණාලේ වගුරු බිමක මිනිස් ඇටකටු
2024 සැප්තැම්බර් මස 27 570 0

නවගමුව රණාල ප්‍රදේශයේ වගුරු බිමක තිබී මිනිස් ඇටසැකිලි කිහිපයක් හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37640 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24811 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 216 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 718 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site