තලංගම තම නිවස අසලද නාඳුනන මොටර් සයිකල්කරුවන් සැරි සරතියි ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතා තලංගම පොලීසියට පැමිණිලි කළේය.
පසුගිය ජුලි 15 වැනිදා කුරුදුවත්ත පොලීසියට ඔහු මෙවැනිම පැමිණිල්ලක් කළේය.
ජයසුරිය මහතා පොලීසියට කියා ඇත්තේ මොටර් රථ සයිකල්කරුවන් දෙදෙනකු සැක කටයුතු ලෙස පසුගිය 15 වැනිදාත් 17 වැනිදාත් තම නිවස අසල සිටි බවට අසල් වැසියන් තමාට දැන් වු බවයි.
කුරුදුවත්තේ දී නාඳුනන මොටර්සයිකල්කරුවන් තමා පසුපස ආ බව සිසීටීවී කැමරාවල ද සටහන් වු නමුත් මෙතෙක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන නොමැති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද කාලේ හැමදෙයක්ම සිදුවෙන්නේ යම් යම් අයට ඕනෑ විදියටනේ. ඉතින් පොලිසිය මොකුත් නොකරන එක පුදුමයක්ද? (නි)
අපේ ගෙදර ළඟත් කලක් ඔහොම එකෙක් කැරකුනා. පස්සේ ලොකු කෙල්ල ඌත් එක්ක පැනලා ගියා. දැන් එන්නේ නැහැ. (නි)
මිනිසුන් රට අතහැරලා යන්නේ මෙවැනි සිද්ධීන් නිසා වෙන්න ඇති. (නි)
මේවා විදේශ කුමන්ත්‍රණ (නි)
නඩුවක්වත් භාර දෙන්න ආවද දන්නේ නැහැ (නි)
පොලිසිය නිකන් ඉන්නේ මොකද කියලා කෙනෙක් අහනවා??? (නි)
එක එක අය තමන් ගැන හොයනවා කියලා සමහරුන්ට දැනෙනවා.... (නි)
එතකොට උපුල් මහත්තයාගේ ගෙවල් අසලින් යන්නට පුළුවන් ඔහු හඳුනන පුද්ගලයින්ට පමණක්ද? (නි)
ආශ්චර්යයට ඉඩදීලා විද්වතුන් වෙන රටකට යන්න. (නි)
අපේ ගෙවල් ළඟිනුත් කොච්චර නාඳුනන යතුරුපැදිකාරයෝ යනවද? (නි)
නිකමට ඇවිල්ලා බලලා ගියාද දන්නෙ නැහැනේ (නි)
සැකයේ වාසිය කාටද? (නි)
මෙයා කවුද? ඇයි එයාට මෙහෙම කරන්නේ? (නි)
පොලිසිය මොකද නිකන් ඉන්නේ? (නි)
උපුල් ජයසුරිය මහත්තයා ඔය වගේ දේවල් නොවෙන්න වැඩපිළිවෙළක් හදාගන්න (නි)
එහෙනම් ඒකත් එහෙම වුණා? (නි)
කෝකටත් ප්‍රවේශමෙන්! (නි)
පාරවල්වල කොපමණක් කියලා යතුරුපැදි යනවද? එක් අයෙකු නිසා අන් සැමටම අවහිර විය යුතු නැත. තම ආරක්ෂාව තමන්ම සළසා ගන්න කියා හිටපු ජනපතිවරයකු කිවුවේ මේ නිසාය (නි)
හුළං බැහැලද, පෙට්‍රල් නැතුවද දන්නේ නැහැ. එහෙම බලනකොට අපේ ගෙදර ළඟ කීදෙනෙක් සැරිසරනවාද? අපේ ගෙදර ළඟ යතුරුපැදි අලුත්වැඩියා කරන තැනක් තියෙනවා (නි)
වෙන කොහේ හරි රටකට ගියා නම් හොඳයි නේද? (නි)