2002 වසරේ දී එක්සත් ජාතික පක්ෂ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රීවරයකු සමඟ දංකොටුව පොලිසියට බලහත්කාරයෙන් ඇතුළු වී උපසේවා පොලිස් කොස්තාපල් වරයකු බිම දමා පහර දීමේ සිද්ධියට වරදකරු වූ අයකුට හලාවත මහාධිකරණ විනිසුරු එච් එම් අමල් තිලකරත්න මහතා බරපතල වැඩ සහිත වසර 10ක සිර දඬුවමක් සහ රුපියල් විසි දහසක දඩයක් නියම කළ අතර කොස්තාපල්ට රුපියල් ලක්ෂ 15ක වන්දි ගෙවන ලෙස ද නියම කළේය.
විත්තිකරු මේ වන විට අධිකරණය මඟහැර සිටින අතර ඔහු නොමැතිව නඩුව විභාග විය. විත්තිකරු අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු නිකුත් කරනු ලැබීය.
වෙන්නප්පුවේ පදිංචිව සිටි කොස්වත්ත මුහන්දිරම්ලාගේ රුවන් චන්දන තමෙල්ට දඬුවම් නියම විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තීන්දුව නම් නියමයි. (නි)
හොඳ තීන්දුවක් (නි)
මේ තියෙන්නේ ඒගොල්ලන්ගේ වැඩ ඒ කාළේ (අ)
මන්ත්‍රීගේ නමත් කියන්නකෝ ඉතින් (නි)
හොඳ නඩු තීන්දුවක් (නි)
සම්පත්, මෙතන නිකම් මෝඩ කතා කියන්න එපා. කිසිම දේශපාලන බේදයකින් තොරව රටේ බහුතර ජනතාව ඉල්ලන්නේ මෙවැනි අයට උපරිම දඬුවම් දෙන්න කියලයි. (නි)
මන්ත්‍රීගේ නම කියන්නේ නැද්ද? (නි)
බන්දුල පෙරේරාට ඒ නම නම් දැනගන්න ඕනෑ.එත් එයාගේ පක්ෂයේ අයගේ නම් පළ නොවුණාට, ඒ ගැන නම් වගක්වත් නැහැ. (නි)
අපි දැන් මේ ලංකාවේදී නොයෙකුත් අපරාධ කර පිටරට වලට පනින කට්ටියට මොනවත් කියන්න කැමති නැහැ. ඕස්ට්‍රේලියාවට සරණාගත ලේබල් ගහගෙන එන සමහරුත් මෙහෙම උදවිය තමයි. ලංකාව ගැන බොරු කියලා අනුන්ට වුණ දේවල් තමන්ගේ වගේ පෙන්නලා සරණාගත වීසා ගන්නවා. මේ දේවල් නරකයි කිව්වම සමහරු කියන්නේ අපි ලංකාවේ කට්ටිය එහෙ ඇවිල්ලා දියුණු වෙනවට කැමති නැහැ කියලා. (නි)
පොලිසියට කොහෙන්වත් ගැලවුමක් නැහැ වගෙයි (නි)
දඬුවමින් බාගයක් මන්ත්‍රීටත් ලැබියයුතු නොවෙයිද ? (නදී) .
සම්පත්, ඒ ඒගොල්ලන්ගේ වැඩ, එතකොට මේගොල්ලන්ගේ වැඩ අර කොළොන්නාවේ පැත්තේ වැඩ කොහොමද ? කවුරු කලත් වැරැද්ද වැරැද්ද තමා. කාටත් නිතිය අනුව දේශපාලන බේදයකින් තොරව නිසි දඩුවම දිය යුතුය. කොහොමත් ඉතින් සම්පත් කඩේ යන එකනේ කරන්නේ. (නදී)
මෙම නඩු තීන්දුව ගැන මා සතුටු වෙන අතර මෙය මෙතරම් ප්‍රමාද වීම ගැන කණගාටු වෙමි. මෙම මන්ත්‍රීවරයා කල ක්‍රියාව වැරදි වුවද මොහු දැනට ජිවතුන් අතර නොමැති නිසා නම සදහන් කිරීම සදාචාරාත්මක නැත. එමගින් ඔහුගේ පවුලේ උදවියට කැළලක් සිදුවීමට ඉඩ ඇත. ඒ පවුලේ අය ඉතාම යහපත් අය වේ. අසාධාරණය සිදුවූ පොලිස් නිලදාරියද මගේ පුද්ගලික මිතුරෙක් වන අතර ඉතාම නිහතමානී ගුණගරුක නිලදාරියෙකි (නදී)
ලෙස්ලි ලෝව් මහතානෙනී, ඔබවත් මා හොඳින් දන්නා කෙනෙක් හැටියට වෙන්නප්පුවේ නෙනෙක් හැටියට මටත් යමක් ලියන්න සිතුනා. එම මන්ත්‍රී තුමා අද ජීවතුන් අතර නොමැති නිසා අපි ඔහුට ගරුත්වයක් දැක්වුවත් ඔහු මැරයන් අනුමත කල කෙනෙක් හැටියට මටද සාක්ෂි ඇත. (නදී)
පහන්, මම ඔබ සමඟ එකඟයි.මැර දේශපාලනය මමද අනුමත නොකරමි (නි)