(සනත් ගමගේ)
හම්බන්තොට දිස්ත්‍රික්කයේ දිර්ඝ කාලයක සිට පවතින ජල ගැටළුවට විසඳුමක් ලෙස ඇරැඹි උමා ඔය බහු කාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය නතර නොකරන ලෙසට හම්බන්තොට දිස්ත්‍රික් ඒකාබද්ධ ගොවි සංවිධානය ජනපතිවරයාගෙන් ඉල්ලා සිටී.
එම ඉල්ලිම් ලිපියේ මෙසේ ද සඳහන් වේ,
“ 2005 දි යෝජනා වූ උමාඔය සංවර්ධන යෝජනා ක්‍රමය මගින් හම්බන්තොට පමණක් නොව වැල්ලවාය, හඳපානාගල, බලහරුව, මොණරාගල, තණමල්විල ජනතාවගේ පානිය ජල ගැටළුව මෙන්ම කෘෂීකාර්මික කටයුතු සඳහාත් ප්‍රයෝජනයක් වන හෙයින් මෙම ව්‍යාපෘතිය කලාපයටම ප්‍රයෝජනවත් ව්‍යාපෘතියක් හෙයින් ගොවිහු ඉමහත් සතුටට පත්වි සිටියහ . ඒ අනාගත පරපුරට කරන මහා දායාදයක් හෙයිනි.“
“එහෙත් අවාසනාවක මහිමය උමාඔය සංවර්ධන ව්‍යපෘතියෙන් බණ්ඩාරවෙල ඇතුළු ප්‍රදේශ කිහිපයකට සිදුවන හානිදායක තත්ත්වය මත කෘෂිකාර්මික දිස්ත්‍රික්ක දෙකක ජල අවශ්‍යතාවට පිළියම් ලෙස සිදු කරන ව්‍යාපෘතියක් නතර කිරිම කාලෝචිත පියවරක්දැයි අපි විමසා සිටිමු.සිදුවන හානි අවම කරගෙන ඒ සඳහා විශේෂඥ දැනුම ලබාගෙන සාර්ථක ව්‍යාපෘතියක් ලෙසින් මෙය ඉදිරියට ගෙනගිය හොත් හම්බන්තොට මාගම ගොවියාට පමණක් නොව සමස්ත රටේම ජනතාවට කරන මහඟු දායාදයක් බව අපි විශ්වාස කරන්නෙමු.
කරුණු එසේ හෙයින් ජල ගැටළුවෙන් පරම්පරා කිහිපයක් දැනට පිඩා විඳිමින් සිටින මාගම්පුරයේ අනාගත ගොවි දරුවන් වෙනුවෙන් උමා ඔය සංවර්ධන ව්‍යාපාතිය ජනතා පිඩා අවම කරමින් ක්‍රියාත්මක කරන ලෙසට රජයෙන් ඉල්ලා සිටිමු.“
නුවරඑළිය මහා නගර සභාව මගින් සංවිධානය කරනු ලබන “වසන්ත මල් දැක්ම” වික්ටෝරියා උද්‍යානයේදී දෙදිනක් පුරා පැවැත්විණි.
මහරගම නගර මධ්‍යයේ ඇති පෞද්ගලික බැංකුවක් ඇතුළු ආයතන කිහිපයක් පවත්වාගෙන යන ගොඩනැගිල්ලක ආරක්ෂක කුටිය ගිනි තැබූ බව කියන එම ගොඩනැගිල්ලේ ආරක්ෂක නියාමකවරය
පළාත් පාලන මැතිවරණයට ජනතාවගේ උනන්දුව ඉතාම අඩු බව මැතිවරණ නිරීක්ෂකයන් වාර්තා කර ඇතැයි ෆැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාද
ශ්රී දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගැනීම සඳහා අද 19 වන දිනයේදීත් ලක්ෂ ගණනක ජනතාවක් සැදී පැහැදී සිටියහ.
අතීතයේ ගමේ සංවර්ධනයට වෙන් වූ මුදල් ගමට ලැබී ඇත්තේ සුළු ප්‍රමාණයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.
හාලිඇල ප්‍රදේශයට අද (19) පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාෂාවත් සමඟ හාලිඇල නගරයේ දුම්රිය පල හරහා උණගොල්ල මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීම නිසාවෙන් රථව
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
උමා ඔය නතර නොකරන්නැයි ජනපතිට ඉල්ලීමක්
පිටිගල මිලානෝ Thursday, 20 July 2017 09:43 AM
ලංකාවේ සශ්‍රීකම, සුන්දරම ප්‍රදේශයක් විනාශ කර ලංකාවේ කටුකතම, ශුෂ්ක ප්‍රදේශයක් සංවර්ධනය කිරීමට යාම පාලකයකුගේ නිවැරදි තීරණයක් නොවේ.
kumar (galf) Thursday, 20 July 2017 09:58 AM
සුද්දෝ නැගෙනහිර කඳුකරය විනාස කරන්නට පෙර, රජවරු වෙල්ලස්ස අස්වැද්දුවේ කොහොමද, අන්න ඒ ආකාරයර නැවත කැලේ වවලා ජලරක්ෂණය කරලා කුඩා වැව් බන්දලා මහා වැව් වලට වතුර ගෙනියලා ආයේ වෙල්ලස්ස හම්බන්තොට අස්වද්දමු.
vipula Thursday, 20 July 2017 10:45 AM
මට පොර්ට් සිටිය මතක් වෙනවා. මේවගේම විගඩමක්නේ කලේ
ගයාන් Thursday, 20 July 2017 11:18 AM
අනේ ඇත්තද... මේ ඔයාලාට ඔයාලගෙ පළාත වගේම අපේ පළාත අපිට වටිනවා. අනික ලංකාවේම තියෙන ලස්සනම වගේම සශ්‍රිකම පළාතක්. මේ පළාත විනාශ කරලා ඔයාලා ගොවිතැන කරගත්තොත් හරිද. මේ බණ්ඩාරවෙල මිනිස්සුන්ත් ගොවිතැන කරනවා. මේ ව්‍යාපෘතියෙන් ගොඩාක් අයට බොන්නට තිබුණ වතුර ටිකත් නැති වුණා .වහාම නවත්වන්න මේක.
mahesh Thursday, 20 July 2017 01:13 PM
අපට දැන් සිටින පාලකයන් ගන්න තීරණ රටට සුබ දායක ඒවා නොවන බව අප දනිමු. නමුත් බණ්ඩාරවෙල තත්වය දැනගෙනත් හම්බන්තොට අනුවන ගොවියන් ඉල්ලන දේ සාධාරණද. ඔවුන්ගේ බුද්ධි මට්ටම ද එහෙම නැත්නම් එකෙක් නැති කරලා හරි තමන් හැදෙන්න තියෙන කෑදර කමද?
Padmini Friday, 21 July 2017 04:18 AM
හම්බන්තොට මිනිස්සු කවදද සාධාරණ තීරණයක් ගත්තේ. තමන්ගේම මල්ල පුරවාගැනීම මිසක්.