IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


උසස් පෙළ ආර්ථික විද්‍යාව කමකට නැතිලු

මෙවර අපොස උසස් පෙළ විභාගයේ සිසුන්ට   දුන්  ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රය නිසි ප්‍රමිතියකින් තොරව සකස් කර  ඇතැයි රුහුණ විශ්ව විද්‍යාලයයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නන්දසිරි කීඹියහෙට්ටි සහ චන්දික ගුණසිංහ මහත්වරු අද (07) පැවසූහ.

ජාතික අධ්‍යාපන ආයතනයෙන් ආර්ථික විද්‍යා ගුරුවරුනට ලබා දී ඇති විෂය නිර්දේශය අනුව නිසි අගයුමක් මෙවර ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ නැතැයි ද, ආර්ථික විද්‍යා සංකල්ප රැසක් වැරදියට යොදා ගෙන ඇතැයි ද, ඇතැම් ප්‍රශ්න ගැටළු සහගත යැයි ද එම මහාචාර්යවරු ප්‍රකාශ කළහ.

බහුවරණ ප්‍රශ්න පත්‍රයයේ ප්‍රශ්න පනහෙන් පහක දෝෂ ඇතැයි කී මහචාර්යවරු එහි ඇතැම් ප්‍රශ්නවලට නිවැරදි වරණ එකට වැඩි ගණනක් ඇතුළත් කර ඇතැයි ද සඳහන් කළහ. තමන් පෙන්වන ගැටළු ගැන ඕනෑම  විද්වත් සභාවක විවාද කිරීමට සූදානම් යැයි ද ඔවුහු කීහ.

‘දළ ජාතික වියදම‘, ‘ශුද්ධ ජාතික වියදම‘ වචන ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ භාවිත කර තිබුණත් එවැනි සංකල්පයක් ආර්ථික විද්‍යාවේ නැති බවත්, ආර්ථික විද්‍යා ඇතැම් සමීකරණ වැරදියට ආර්ථ ගන්වා ඇති බවත්, නිපුණතා මට්ටම අනුව ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න සකස් කර නැති බවත් කථිකාචාර්ය නන්දසිරි කීඹියහෙට්ටි මහතා පැවසීය.

ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍ර සකස් කළ ප්‍රධාන පාලක පරීක්ෂක ඇතුළු තිදෙනාම හදිසියේ ඉවත් කර අලුතින් තිදෙනකු පත්කිරීමට එරෙහිව ආචාර්ය මහාචාර්යවරු 39 දෙනකුගේ අත්සන් සහිත ලිපියක් මීට මාස දෙකකට පමණ පෙර විභාග කොමසාරිස් වෙත යවා තිබිණි. ප්‍රශ්න පත්‍ර සකස්කිරීමට ආචාර්යවරුන් පත් කළේ නිසි ක්‍රමවේදයකට නොවන නිසා මෙවර ප්‍රශ්න පත්‍රයේ ගැටළු රැසක් ඇති විය හැකි බව ඔවුන් පෙන්වා දී තිබිණි.

මෙවර ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රය පසුගිය අඟහරුවාදා (05) සහ බදාදා (06) පැවැත්විණි.

ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ගැටළු ඇත්නම් සිසුන්ට සාධාරණයක් කරන ලෙස විභාග කොමසාරිස්ගෙන් ඉල්ලන්නේ යැයි ලංකා  ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.

මෙවර ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍ර සකස් කරණ මණ්ඩලය ගැන ආචාර්ය මහාචාර්යවරුන් 39 දෙනකු මීට පෙර කළ විවේචන ගැන සැලකිල්ලක් දැක්වීනම් මෙවැනි ගැටළු පැන නොනගින බවත්, ජාතික විභාගයක මෙවැනි ගැටළු ඇතිවීම සුළුවෙන් තැකිය නොහැකි බවස් ස්ටාලින් මහතා කීවේය.

මේ ගැන විමසීමට විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් එය අසාර්ථක විය.

 



අදහස් (0)

උසස් පෙළ ආර්ථික විද්‍යාව කමකට නැතිලු

සඳුනි Thursday, 07 August 2014 03:20 PM

බන්දුල පෙරේරා, ඔබ කියන පරිදිම සරසවි ආචාර්ය වරුන්ගේ වැඩ වර්ජනය පහත් ක්‍රියාවක් ලෙස මමත් දකිනවා. නමුත් මෙවර උ.පෙ.ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්තරේ සැබවින්ම ගැටළු ගොඩක් තියෙනවා. ඒවා පෙන්වා දීමට සරසවි අැදුරුවරුන්ට සැබවින්ම අයිතිවාසිකමක් තිබෙනවා. ඒ වගේම සමාජයේ අනෙක් හැමෝමත් එම අඩුපාඩු හෙවිය යුතුයි. පාසල් දරුවන් කියන්නේ අපේ අනාගතය. (නදී)

:       0       0

මොහොමඩ් Thursday, 07 August 2014 03:22 PM

ළමයි අවුරුදු 02ක් මහන්සි වෙලා උසස් පෙළ ලියන කොට ප්‍රස්න පත්‍රය වැරදි නම් කනේ පාරක් දෙන්ඩ හිතෙනවා මේ අපරාදය කරන උදවියට. (නදී)

:       0       0

සසිරි Thursday, 07 August 2014 03:33 PM

වැඩ වර්ජන කීරීමට සඳුනි බන්දුල ඕනෑව කණ්ඩායමකට මානව හිමිකමක් හරි (අ)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Thursday, 07 August 2014 03:44 PM

බන්දුල පෙරේරාට උගතුන් සමගයි, ජේ වී පි, එක ඇතුළු විපක්ෂය සමගයි තරහ තිබුණට ඇත්ත තත්ත්වය තමයි ඉහත සිදුවෙලා තියෙන්නේ.එකට බහු බුත කියන්නේ නැතුව බලන්න.(අ)

:       0       0

මනුර Thursday, 07 August 2014 03:49 PM

වැරදි නම් ටිකක් තියෙනවා. මේ දෙන්න නම් විශ්වාෂ නැහැ. රයිගමයයි ගම්පොලයයි වගේ. (නදී)

:       0       0

දිසානායක. Thursday, 07 August 2014 04:16 PM

ශුද්ධ ජාතික වියදම යන සංකල්පයක් මෙතෙක් නොතිබුනත් එය අලුතෙන් එකතු කළයුත්තක් යැයි සිතේ (නි)

:       0       0

සදුනි Thursday, 07 August 2014 04:34 PM

මම එකඟයි සසිරි.හැබැයි ඒ මානව අයිතිවාසිකම සාධාරණව පරිහරණය කළ යුතුයි. (නි)

:       0       0

දිසානායක Thursday, 07 August 2014 04:51 PM

පුදුම වෙන්න දෙයක් නැහැ. මේ සියල්ලම රට පරිහානියට ඇද දැමීමකි. (නි)

:       0       0

පියල් Thursday, 07 August 2014 05:17 PM

තව මොනවද ඉතුරුවෙලා තියෙන්නේ? ඔහොම යමු (නි)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Thursday, 07 August 2014 02:00 PM

මේවා පුදුම වෙන්න දේවල් නොවේ. ළමයින් ගැනයි කණගාටු. (නි)

:       0       0

ගයාන් Thursday, 07 August 2014 02:40 PM

මෙම විෂයට අදාළ ප්‍රධාන මහාචාර්යතුමා ටත් මේ ප්‍රශ්න පත්‍රය හදන්න කලින් ඉවත් වෙන්න කරුණා යෙදුනා නේද ?(නදී)

:       0       0

සඳු Thursday, 07 August 2014 02:40 PM

කලින් පේපර් හදපු ඩැනී සර්ටම පේපර් එක හදන්න දුන්නා නම් මේක වෙන්නේ නැහැ (නදී)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 07 August 2014 02:55 PM

උසස් පෙළ සිසුන්ගේ අනාගතයම තමන්ගේ වෘතිය අයිතිවාසිකම් වෙනුවෙන් ප්‍රාණ ඇපයට ගත්තා. ඉදිරියේදීත් එහෙම කරන බවට ප්‍රසිද්ධියේ තර්ජනය කරන අය සිසුන් ගැන තියෙන අනුකම්පාව දැක්කම හිනා ගියේ කොයි පැත්තෙන්ද කියල හිතා ගන්නත් අමාරුයි. තාම හොයනවා කොයි පැත්තෙන්ද ගියේ කියලා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 6 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 532 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 54 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 539 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 264 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 781 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39479 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25723 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 356 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1173 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site