IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ඌරු කොටුව සතියකින් වහයි

දිවුලපිටිය වල්පිට ,උල්ලලපොළ ,මා බෝදල හා විතානමුල්ලේ  කුඹුරු අක්කර එකසිය අටක් වසර දහයක් තිස්සේ වගා කිරිමට නොහැකි වු හේතුවට සතියකින් පිළියම් යෙදිමට ගම්පහ දිසාපති ජේ ජේ රත්නසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් හංචාපොළදී පැවති රැස්වීමකදී තිරණය විය.

තනි පුද්ගලයකු සතු ඌරු කොටුවකින් ගලා යන අපද්‍රව්‍ය වලින් ගම් කිහිපයක් පිඩාවට පත්ව ඇතැයිද ඌරු කොටුව සෞඛ්‍ය ආරක්ෂක නීති රැක නැතැයිද සාකච්ඡාවට සහභාගීවු වැඩි දෙනාගේ මතය විය.

 තම ඌරු කොටුව සතියකින් ඉවත් කැර ගන්නා බවට හිමිකරු  සුජිත් නිරෝෂණ පෙරේරා මහතා  පවසද්දී  රැස්ව සිටි පිරිස අත්පොළසන්දී සතුට පළ කළහ. ඌරන් විකුණා කඩින් කඩ ඌරු කොටුව ඉවත් කිරීමට ඔහුට අවසර ලැබිණි.

මේ විසඳුම සමඟ උද්ඝෝෂණයද අවසන් විය.



අදහස් (0)

ඌරු කොටුව සතියකින් වහයි

ලියනගේ Wednesday, 14 August 2013 08:23 PM

ඩෙවල්ඩ් පෝක් කාපු අය ඉන්නව නම් නම් ඌරු කොටුව වහන්න කියන්නෙ නෑ.(නදී)

:       0       0

සමන් Wednesday, 14 August 2013 08:41 PM

අනේ ෙම් වෙනුවෙන් ගිනි තියාගන්න කවුරුත් නැද්දෝ? (අ)

:       0       0

කමල් Wednesday, 14 August 2013 09:16 PM

සෑම නිවසකම ඌරො හදන්න ඕනේ. මරන්නම නෙමේ. මිනිස්සු බල්ලෝ හදන්නේ. බල්ලට වැඩිය ඌරාමිනිසාට හරිම ආදරෙයි. ඌරෙක් හදල බලන්නකෝ. පොඩි ළමයින්ට හරිම ආදරෙයි. (අ)

:       0       0

රෂීඩ් මූර් Thursday, 15 August 2013 12:33 PM

එතකොට ඌරෝ මරණ එක පාපයක් නෙවෙයිද? හරක් මැරුවොත් විතරද අපායට යන්නේ? (ස)

:       0       0

නිශාන් Wednesday, 14 August 2013 10:36 PM

ප්‍රාදේශීය පරිපාලනය නිධිද ග්‍රාමනිලධාරී ප්‍රාදේශීය සභා මොනවද කොරන්නේ දියුණුව වගේම රටක තත්ත්වය එකක් තියෙන්න ඕන එතකොට ප්‍රශ්න අඩුය . (අ)

:       0       0

රම්‍යා Wednesday, 14 August 2013 12:19 PM

ඇත්තටම මේ උරු කොටුව හොද තැනකට ගෙනගොස් මීට වැඩ ඉඩකඩ ඇති ස්ථානයක පවත්වාගෙන යාමට ඉඩ දීම සුදුසයි. සම්පුර්ණයෙන්ම වහන්න එපා අපට උරු මස් නැතිවෙයි.

:       0       1

ලලිත් Wednesday, 14 August 2013 11:17 PM

ඔය ප්‍රඥාවන්ත විශ්වකර්මය දිසාපති වෙලා දැන් කොච්චර කලක්ද? සතියෙන් විසදන්න තිබුණු දේකට මෙච්චර කල් මොකට පුටු තැවරී තැවරී හිටියද? (අ)

:       0       0

වරුණ Wednesday, 14 August 2013 12:29 PM

ඒ කියන්නේ ඌරනගේ ආයුකාලය අවසන් කියන එකනේ ? (දී)

:       0       0

රූපවති Wednesday, 14 August 2013 11:21 PM

අපේ සරත් මල්ලිටත් පුදුමම අගේ ඇති අදහස්නි තියෙන්නේ ...? මටත් හිතෙනවා හිර කාරයෝ ටික ඌරු කොටුවට දමල ඌ රෝ ටික හිරගෙදරට යවන එක හොදයි ..? (අ)

:       0       0

ටිකිරි බණ්ඩාර Wednesday, 14 August 2013 11:29 PM

ඌරු කොටුව සතියකින් ඉවත් කැර ගන්නා බවට හිමිකරු සුජිත් නිරෝෂණ පෙරේරා මහතා පැවසීය.බන්දුල පෙරේරා ,දම්මික පෙරේරා කියන්නේ උෟරු කොටුවේ පාලකයෝද? (අ)

:       0       0

රන්ජිත් Wednesday, 14 August 2013 12:37 PM

සත්ව මැරීම නවතමු (දී)

:       0       0

ධම්ම Wednesday, 14 August 2013 12:50 PM

සත්ව ගොවිපොළ, කම්හල් ආදිය වසා දැමුවාම අපද්‍රව්‍ය ඉවත් කිරීමේ ක්‍රමවේද ගැන හිතන්නවත් ඕනෑ නැහැ. හරි පහසුයි. (දී)

:       0       0

දිල්.. Wednesday, 14 August 2013 12:51 PM

කොහොමටත් ආදරේට ඌරො ඇතිකරනවයැ.. මරන්ඩ මිසක්.. පව් ඉතින් අහින්සක සත්තු දවසකින් හරි මරණය ඉක්මන් වෙනවා.. (දී)

:       0       0

රොෂාන් Wednesday, 14 August 2013 11:35 PM

අපරාදේ හොද ව්‍යාපාරයක් වහන්නේ,උරු මස් පිටරටින් ගෙනෙයි දැන් (අ)

:       0       0

අමිල Wednesday, 14 August 2013 01:15 PM

මේක නම් ඌරු වැඩක් නොවේ...... (ස)

:       0       0

අසෝක Wednesday, 14 August 2013 01:34 PM

අපරාධනේ , ඔය වැඩේට කවුරුත්ම ලොක්කෙක් හවුල් නැතිව ඇති. නැත්නම් රතුපස්වල වගේ ඔය වැඩේ දිගටම කරගෙන යන්න තිබුණා. මොනවා වෙතත් මේ මිනිසුන් ඊට වඩා වාසනාවන්තයි. නිතියට ගරු කරන පාලනයක් සහ මිනිස්කම තේරුම්ගත් සත්ව ගොවිපොළ හිමිකරුවෙක් සිටීම . (අ)

:       0       0

සමන් Wednesday, 14 August 2013 01:59 PM

මේකවත් ඉක්මනට විසඳුනොත් හොඳයි . එත් උරු කොටුව වහනකම් ශුවර් නැහැ. (ස)

:       0       0

සරත් Wednesday, 14 August 2013 02:01 PM

ඌරන් ටික එල්ලුම් ගහට නියම කරා නම් තව කලක් උන්ට ජීවත්වෙන්න වරම් ලැබෙනවනෙ....(ස)

:       0       0

උපාලි Thursday, 15 August 2013 04:19 AM

නාලක, රොෂාන්, ඔබ පමණයි මේ ප්‍රශ්නය තුලනාත්මකව දකින්නේ. රජය කලයුත්තේ මෙවැනි ව්‍යාපාර සුදුසු ප්‍රදේශවල, නිසි විධික්‍රම සහිතව නැවත ස්ථාන ගත කිරීමයි. වැලිවේරිය ප්‍රශ්නයට ජනාධිපතිතුමා දුන් විසඳුමත් ඒක නේද? දැන් මෙතන ගොවීන්ගේ ප්‍රශ්නය විසඳුනා. නමුත් මේ විශාල ගොවිපලේ සේවකයින්ගේ රැකියා? ඔවුන්ගේ දරු පවුල්? කෝ ඒ ප්‍රශ්නවලට පිළිතුරු? අටුව කඩල පුටුව හදල තිබෙන බව නම් පැහැදිලියි. (නදී)

:       0       0

රන්ජනී Wednesday, 14 August 2013 03:19 PM

හරක් මඩුවට පස්සේ දැන් උරු පට්ටි හොයන්න ගත්තද ? මේක කොහෙන් ගිහින් ඉවරවෙන්නද යන්නේ ? (ස)

:       0       0

සේනානායක Wednesday, 14 August 2013 03:38 PM

අපි දඩමස් කමු රම්‍යා .ඌරු මස් ඕන නැහැ. (ස)

:       0       0

දර්ශන Wednesday, 14 August 2013 04:56 PM

සුදුසු තැනක පවත්වාගෙන යාහැකි,අනිත් යට හිරිහැර වෙන විදිහට වැඩ කිරීම හොඳ නැහැ. (ස)

:       0       0

නාලක Wednesday, 14 August 2013 06:51 PM

අපි රට රකිමු කීවත් මෙවැනි ගිවිපොලවල් රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් සපයනවා.මෙමෙ සතුන්ගෙන් බැහැර කරන්නේ රසායනික අපද්‍රව්‍ය නොව ස්වාභාවික පොහොරය.මෙමෙ ගොවිපොළවල් විප්ලවකාරී ලෙස එකතු උන පිරිසකගේ කීමට වාසනාවට වැඩ අවශ්‍ය පාරිසරික පිළියම් යෙදීමි රජයෙන් කලයුත්තේ.මෙහෙම කලොත් පිටරටවල් වලට විදේශ විනිමය දී අපි උරුමසුත් කමු.(අ)

:       0       0

ප්‍රදීපා Wednesday, 14 August 2013 07:06 PM

නැගෙනහිර පැත්තේ ඌරු කොටු ඇති කලානම් හොදට ඉඩ පාඩු තියෙනවානේ.(නදී)

:       0       0

සරත් Thursday, 15 August 2013 10:47 AM

ඕකත් කාගෙහරි ලොක්කෙක්ගෙ වෙන්න ඇති.... (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 3227 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2344 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 3189 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3069 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 679 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1355 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36079 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24128 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 518 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site