ඌව පළාත් සභා ඡන්දයේ නාම යෝජනා සහ මන්ත්‍රී සංඛ්‍යාව සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා විසින් නිකුත් කැරුණු ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස ඉල්ලා එක්සත්ජාතික පක්ෂය ගොනු කළ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) විභාගයට නොගෙනම ඉවත දැමීය.
එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ද මූලීක අයිතිවාසිකම් පෙත්සම් දෙකක්ද අග විනිසුරු මොහාන් පීරීස් ,ශ්‍රී පවාන් හා ප්‍රියන්ත ජයවර්ධන මහත්වරුන් ඉදිරියේ පෙත්සම් විභාගයට ගැනිණි.
බදුල්ල දිස්ත්‍රික්කයේ ආසන තුනක් මොනරාගලට එක් කිරීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂ මේ පෙත්සම් ගොනු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළමුව විසිවුණේ පෙත්සම දෙවෙනුව චන්දෙන්. (නදී)
මෙය ඔබගේ වැරදුනු තැනක්. නැවත මෙවනිදේ කරන්න එපා. ඔබට සුබ පැතුම්(අ)
උපන් තැනම ලොප්. මේකම තමයි ඌවට වෙන්නෙත්. මහඇමති තනතුරක් පසමිතුරෙකු ලබාගත්තා පළියට තමන්ටත් ඒවා පුළුවන් කියලා කරන්න යන එක මම දකින්නේ වලන් කටු මුව රඳවාගත් ගැරඬි පෝතකයෙකු නයෙකු සේ හැසිරෙන්නට යාමෙන් කරගත් විපතකි.(අ)
අපොන්සෝ, ඔයාගේ නම ගැනවත් හිතලා මෝඩ කතා නොකියා ඉන්න (නි)
ඔන්න පළවැනි ඡන්ද ප්‍රතිඵලය. ඉතුරු ටික හිතාගන්නකො (නි)
චින්තක අයියා. ෂෝ කාරයින්ට ඌව තහනම්. වාදපිටියෙන් බින්දුවටම බැස්ස එක තවත් අලාභයක්. (නදී)
චින්තක...ඔයාගේ අදහස ඉහලින්ම අනුමත කරමි.බොහෝදෙනා අදහස් දක්වන්නේ බුද්ධියෙන් නොව හැගීම් තුළිනුයි.(අ)
මේ ප්‍රශ්නය හරිහැටි තේරුම් ගන්න බැරි මොකද? (නි)
අපොන්සු වගේ "බුද්ධිමත් ඡන්ද දායකයෝ" ඉන්න රටකට හැමදාම "හෙන"ම තමා. (නදී)
රත්න, ඔයා අඩුම තරමේ දන්නවද බදුල්ල මොණරාගල ආසන මාරුවට හේතුව මොකද්ද කියලා? ඔය පාර්ලිමේන්තු මන්ත්‍රී කෑ ගැහුවට එයත් දන්නවා ඕක සාධරණයි කියලා. ඡන්දේ හින්දා පොඩි ෂෝ එකක් පෙන්වන්නේ. ඔයාලට තංගල්ල සභාපති හිරේ දැම්මම අධිකරනය අපක්ෂපාතියි. එ් වුනාට යූ.ඇන්.පී පෙත්සම විසික් කලාම අධිකරණය පක්ෂපාතියි. ඇත්තටම ඔයාලට වෙන්න ඕනේ අධිකරණය යූ.ඇන්.පී එකට පක්ෂපාති වෙන එකද ? (නදී)
ඕවා ඔහොම තමයි (නදී)
රජයට විරුද්ධව ඉහල උසාවි තීන්දු දීපු කාලේ ඉවරද? (නදී)
මම දැනගෙන හිටියා මේ උත්තරේ දෙයි කියලා. මේක සාමාන්‍ය දෙයක් අද රටේ හැටියට (නදී)
අයියෝ සල්ලි (නදී)
ඡන්දෙට වෙන්නෙත් ඕක තමා. (නදී)
අනේ මෙහෙමත් ම්නිස්සු, තමන්ට ඕන තීන්දුව නොලබුනහම "බඩුයි, නඩුයි දෙකම ...." කියනවා. තමන් සතුටු තීන්දුවක් ලැබුනහම අපේ අධිකරණය තරම් ස්වාදීන වෙන අධිකරණයක් නැහැ කියනවා. ඕවට් තමයි කියන්නේ මුකයෙන් සහ අදොමුකයෙන් දෙකෙන්ම කතා කරනවා කියලා. (නදී)
මේක අපේ ආණ්ඩුව අපේ ආණ්ඩුවේ කට්ටිය තමා හැම තැනම ඉන්නේ. ආයි ඉතින් වෙන ආණ්ඩුවක් නෑ. චන්දෙත් ඔහොම තමා. (නදී)
අපේ විශ්වාසය බින්දුවට බැහැල තියෙන්නේ සමහර ආයතන ගැන. (නදී)
විය යුතු දේ වෙනවාමයි. හරින් මහත්මයා තරුණ මන්ත්‍රී වරයෙකු වශයෙන් තවම අනුන්ගෙන් අහලා යමක් කරන බව " වාද පිටියේ " දී කිවා වගේ මේ පෙත්සමත් දැනමුත්තන්ගෙන් අහලා ඉදිරිපත් කරපු එකක් වෙන්න ඇතිනේ. ප්‍රතිපලය අනුව දැනමුත්තන් එක්කම පරාද වෙලා තිබුණාට හිත අධෛර්ය කර ගන්නට එපා. ඉදිරියේදී ඔබේ සටන හරියට කරන්නට දැනමුත්තන්ගේ උපදෙස් ගන්න එපා. එහෙම නුනොත් විය යුතු දේ වෙනවාමයි. (නදී)
බඩුයි, නඩුයි දෙකම....මෙහෙම නොවුනා නම් තමා පුදුමෙ. (නදී)
එජාප පෙත්සම් අහන්න ඕනනම් එජාප ආණ්ඩුවක් පත් කරගන්න. මේක අපේ ආණ්ඩුව අපි ඉන්නේ එජාපයට වැඩ කරන්න නමෙයි. (නදී)
විසි කරයි ? (නදී)
හම්බන්තොට දිසාවට ආසන ගාන දෙගුණයක් වේවි. අාවට විරුද්දව කතා කරන්නේ නැහැ, හරිද. (නදී)