IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


එක්දින නායකයා මැතිව්ස් : උප නායක චන්දිමාල් ?

ශ්‍රී ලංකා එක්දින ක‍්‍රිකට් පිලේ නායකයා ලෙස විස්සයි20 පිලේ නායකයා ලෙස කටයුතු කරන ඇන්ජලෝ මැතිව්ස් පත්කර තිබේ. එම කණ්ඩායම් දෙකේම උප නායකත්වය යොවුන් පිතිකරු දිනේෂ් චන්දිමාල්ට හිමිව තිබේ.
ටෙස්ට් පිලේ නායකයා සහ උප නායකයා පත්කිරීම කල්දමා තිබේ. ටෙස්ට් සහ එක්දින කණ්ඩායම් දෙකට නායකයා බැගින් දෙදෙනකු පත්කළ යුතු බවට මේ වන විට මතයක් නිර්මාණය වී තිබීම මෙම කල්දැමීමට හේතුව බව වාර්තා වේ.
 ඕස්ටේ‍්‍රලියාවේදී ඊයේ (28) අවසන් වූ දීර්ඝ සංචාරයෙන් පසු හිටපු නායක මහේල ජයවර්ධන නායකත්වයෙන් ඉල්ලා අස්වීමෙන් ටෙස්ට් සහ එක්දින යන කණ්ඩායම් දෙකේම නායකත්වය පුරප්පාඩු විය.
ශ්‍රී ලංකාවේදී පසුගිය වසරේ සැප්තැම්බර් මස අවසන් වූ විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේ පරාජයෙන් පසු මහේල විස්සයි20 නායකත්වයෙන් ඉවත් වීමෙන් අනතුරුව ඇන්ජලෝ මැතිව්ස් විස්සයි20 නායකත්වයට පත්කළේය.
වසරකට අධික කාලයක් උප නායකත්වය දැරූ 25 හැවිරිදි ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් තරග 31 කට සහ එක්දින තරග 90 කට ක‍්‍රීඩා කර තිබේ. ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිලේ නායකයා ලෙස ද කටයුතු කළ 23 හැවිරිදි දිනේෂ් චන්දිමාල් ටෙස්ට් තරග 5 කට සහ එක්දින තරග 50 කට ක‍්‍රීඩා කර තිබේ.



අදහස් (0)

එක්දින නායකයා මැතිව්ස් : උප නායක චන්දිමාල් ?

ධනුෂ්ක Tuesday, 29 January 2013 02:22 PM

ඔව් ඇත්තෙන්ම අනුර, සංගක්කාර සහ සනත්ජයසූරිය එතරම් හොද නැහැ..(නු)

:       0       0

අශිනි Tuesday, 29 January 2013 02:27 PM

තිරිමාන්නට මොකද වුණේ ?? (ස)

:       0       0

රුවිත් රාජපක්ෂ Tuesday, 29 January 2013 09:56 PM

ඊළග නායකයා හැටියට ළහිරු තිරිමාන්න සුදුසුයි..!(නු)

:       0       0

රොෂාන් Tuesday, 29 January 2013 02:36 PM

නායකත්වය කියන්නේ ක්‍රීඩාව හොදට කරන එක නෙමෙයි.. එම නායකයා නියෝජනය කරන්නේ අපේ රට.. එමනිසා ක්‍රීඩාව වගේම තව බොහෝ දේවල් ඔහු සතුව තිබිය යුතුයි.. ඉවසීම, තැනට සුදුසු ණුවන, ක්‍රීඩාව ගැන, නීති රීති ගැන, කුලසේකර මාලිග හොදයි තමයි.. නමුත් මෙයට තව බොහෝ අඩුපාඩු තියෙනවා.. කෙසේ හෝ කණ්ඩායමට සුභ පැතුම්..!(නු)

:       0       0

තරංග Tuesday, 29 January 2013 10:02 PM

අනේ උපුල්(නු)

:       0       0

චමිල Tuesday, 29 January 2013 02:37 PM

සුගන්දි, මෙයාලවත් අර නායකත්ව පුහුණුවට යනන්න සරසවි සිසුන්ට වගේ..!(නු)

:       0       0

කාලිංග Wednesday, 30 January 2013 12:22 PM

මට හිතෙනවා මේක අනාගතය‍ වෙනුවෙන් ගත් යහපත් තීරණයක් කියලා. (නි)

:       0       0

කුරුවිට Tuesday, 29 January 2013 10:12 PM

උපුල් ආගමේ කියා ගමේ කියාලා විශේෂයක් නැහැ.. අපි ඔක්කොම ලංකාවෙ එහෙහම හිතන්න පුරුදු වෙන්න..!(නු)

:       0       0

කාලංග Wednesday, 30 January 2013 12:23 PM

මම හිතනවා මේක හොඳ තීරණයක් වේවි අනාගතයට (ස)

:       0       0

ජයනාත Tuesday, 29 January 2013 10:22 PM

නිහතමානිව තනතුරේ ගෞරවය රුකෙන පරිදි වගකිමෙන් තම යුතුකම ඉටු කරන්න පුතේ.මාත් ඩමසො මාතාවගේ සෙවනේ වෑඩුනු කෙනෙක් නිසා ඔබට මෙසේ කියන්නේ.(නු)

:       0       0

පූජිත Tuesday, 29 January 2013 02:52 PM

තිරිමාන්නට ටෙස් මැස් එකේ උපනායකකම දෙන්න (ස)

:       0       0

සමන් Tuesday, 29 January 2013 03:03 PM

චන්දිමාල් තවම පරිනත මදි උපනායකත්වයට.. හරිම කලබල කාරයි..කුලසේකරට වඩා සුදුසුයි.,!(නු)

:       0       0

විජේ Tuesday, 29 January 2013 03:09 PM

තිරිමාන්නට උප නායක කම දේනන (ස)

:       0       0

සමන් Tuesday, 29 January 2013 03:08 PM

තිසර එක්දින හා 20/20 උපනායකයා උනා නම් හොඳයි. චන්දිමාල් හිතපු තරන් අවශ්‍ය අවස්ථා වලදී සෙල්ලන් කරලා නෑ (ස)

:       0       0

පහන් Tuesday, 29 January 2013 11:23 PM

උපුල් එකයුගයකදී නායක උපනායක යුගලයම කතෝලික ක්‍රීඩකයන් නියෝජනයකලා ඒ දුලිප් මෙන්ඩිස් හා රෝයි ඩයස් දෙදෙනායි .නොදන්නා දේ කතා නොකර ඉන්න නැතිනම් ක්‍රීඩාවේ ඉතිහාසය දැනගෙන එන්න (නු)

:       0       0

ලක්ෂිත පෙරේරා Wednesday, 30 January 2013 01:04 AM

උපුල් ගැන මට දුකයි.. (නු)

:       0       0

සදරුවන් Wednesday, 30 January 2013 03:19 AM

උපුල් ගම කොහෙද?(නු)

:       0       0

නිසාන් Tuesday, 29 January 2013 11:17 AM

දෙදෙනාටම සුභ පැතුම්.. හොද නායකත්වයක් දීලා ලංකාව ආයෙත් අංක 1කණ්ඩායමට කරන්න සුභ අනාගතයක්..!(නු)

:       0       0

මහින්ද වීරසිංහ Tuesday, 29 January 2013 04:34 PM

දෙදෙනාටම සුභ පැතුම්. කණ්ඩායමට තවත් තරුණ ක්‍රීඩකයන් ටිකක් ලැබේවා(නු)

:       0       0

දීපාල් Tuesday, 29 January 2013 11:20 AM

ගොඩක් හොඳය තරුණ ජවය,ශක්තිය (ස)

:       0       0

සුභාෂිණී Tuesday, 29 January 2013 04:40 PM

එක් දින හා 20 20 නම් මේ දෙන්නා හොදයි.. 2015 වෙනකොට ලොකු නායකත්ව අත්දැකීම් ලබාගෙන සටනක් දෙන්න නම් දැන්මම මේවගේ දෙන්නෙක් පුහුණු කරන එක හොදයි.. ඒත් දැං දිල්ශාන් එයාගේ නායකවත්වය අඩුපාඩු හදාගන්න තවත් පරිනත උනා නම් ටෙස්ට් නායකත්වයට එයත් උප නායකත්වයට කුලසේකරත් සුදුසුබව මගේ හැගීමයි..!(නු)

:       0       0

සුදේශ් Tuesday, 29 January 2013 11:30 AM

දැං ඕන අපට තරුණ නායකයෙක් තමයි. දෙන්නටම සුභ පැතුම්..!(නු)

:       0       0

උපුල් Tuesday, 29 January 2013 04:49 PM

පුදුමයි. ඉතිහාසයේ ප්‍රථම වරට ආගමේ කෙනෙකුට මේ වගේ ප්‍රධාන ස්ථානයක නායකත්වයක් දී තිබෙනවා ( මා දන්නා තරමින් ) කෙසේ වෙතත් මේ වෙනකොට වැඩිම සුදුසුකම් තියෙන්නේ ඔහුට බැව් මගේ විශ්වාසයයි. මැතිව්ස්, ඔබට දිගු ගමනකට දෙවියන් වහන්සේගේ ආශීර්වාදය සැමදාම ලැබේවා! ඔබට ජේසු පිහිටයි. ඔබේ ආගම ගැන විශ්වාසයට ස්තූතියි. (නි)

:       0       0

පාලි ඩුබායි Tuesday, 29 January 2013 11:41 AM

තිසර පෙරේරා ටෙස්ට් තරගවල නායකයා නේද? අනිවාර්යයෙන්ම දෙන්න ඕන.. (නු)

:       0       0

තත්සරණි Wednesday, 30 January 2013 09:06 PM

සංගාව කැපුවොත් අපි නම් ක්‍රිකට් බලන්නෙත් නැහැ. (නි)

:       0       0

තත්සරණි Wednesday, 30 January 2013 09:08 PM

උප නායකයා විදියට මට නම් හොද කුලේව. (නි)

:       0       0

නිරොශාන් Tuesday, 29 January 2013 11:50 AM

චන්දිමාල් වෙනුවට කුලසේකර හෝ ලහිරු තිරිමාන්න හොඳයි නේද ? .(ස)

:       0       0

අශාන් Tuesday, 29 January 2013 05:06 PM

මැතිවුස් නායක සහ තිරිමාන්න උපනායක එක්දින තරග සහ විස්සයි විස්ස. ටෙස්ට් තරගවල දිමුත් නායකයා කරන්න..!(නු)

:       0       0

සමීර Wednesday, 30 January 2013 07:51 AM

චන්දිමට වඩා කුලසේකර උප නායක කමට සුදුසුයි. චන්දිමට පීඩනය දරාගන්න ටිකක් අමාරුයි. හරිම කලබලකාරියි. කුලසේකර තමයි සුදුසුම (ස)

:       0       0

යොහාන් Tuesday, 29 January 2013 11:57 AM

ගොඩක් හොඳයි, ජය වේවා ! කණ්ඩායමට තවත් තරුණ ක්‍රීඩකයන් ටිකක් ලැබේවා (ස)

:       0       0

ලකී Wednesday, 30 January 2013 07:54 AM

උපුල් මෙතනදි ආගම් ජාති විදියට බලන්න එපා. මේ ශ්‍රී ලංකාව නියෝජනය කරන ශ්‍රී ලාංකිකයෝ (ස)

:       0       0

යොහාන් Tuesday, 29 January 2013 11:58 AM

මාලිංගට මොකද උනේ .(ස)

:       0       0

යොහාන් Tuesday, 29 January 2013 12:01 PM

අපිට වුවමනා සැබෑ වෙනසක්. ශ්‍රී ලංකාව ලෝක ක්‍රිකට්වල ආශ්චර්යය කරන්න. (ස)

:       0       0

කමල් Tuesday, 29 January 2013 12:04 PM

මගෙන් සුබ පැතුම් .(ස)

:       0       0

තාබුක් සිල්වා Tuesday, 29 January 2013 12:03 PM

තරුණ අයට හොඳ අවස්ථාව. ඔබේ දක්ෂ හැකියාව ලෝකයටම පෙන්නුම් කරන්න. සුබ අනාගතයක්. (ස)

:       0       0

අජිත් Wednesday, 30 January 2013 08:44 AM

මමනම් හිතන්නේ නායකයා වෙන්න ‍ඕන දිල්හාර ප්‍රනාන්දු (ස)

:       0       0

රෝහණ Tuesday, 29 January 2013 12:16 PM

හොඳ තේරීමක් . 2015 ලෝක කුසලානය ලංකාවට ගෙන එන්න , ඔබ දෙදෙනාට උණුසුම් සුබ පැතුම් .(ස)

:       0       0

ඔසන් සලාම් - දෝහා Tuesday, 29 January 2013 05:42 PM

කවුරු නායකයා වුණත් ප්‍රශ්නයක් නැහැ. "යූ නෝ" ටිකක් අඩුකරගන්න (නි)

:       0       0

චමත් Tuesday, 29 January 2013 05:46 PM

චන්දිමාල් පොඩි වුණාට මේ වෙද්දී ඉතා සාර්ථක ‍අයෙක් වෙලා හමාරයි. (නි)

:       0       0

ෂ්‍යාමා Wednesday, 30 January 2013 09:05 AM

උපුල්, ඔබ ඔතරම් මෝඩයෙක් වූයේ කෙසේද? (නි)

:       0       0

සොයිසා Tuesday, 29 January 2013 05:57 PM

ඔහොම යමු චණ්ඩි මල්ලී. සුභ පැතුම්! (නි)

:       0       0

ශානිකා Tuesday, 29 January 2013 05:57 PM

අනේ අපේ ආණ්ඩුවටත් මේ වගේ තරුණ නායකයෝ හිටියා නම්? (නි)

:       0       0

සේනක Wednesday, 30 January 2013 09:28 AM

නවකයන්ට තැන (දී)

:       0       0

අයිවර් Tuesday, 29 January 2013 07:06 PM

දිනේෂ් මල්ලිට සුභ පැතුම්! (නි)

:       0       0

අසින්ත Tuesday, 29 January 2013 07:08 PM

උපුල්, නිකම් බොරුවට ආගම් භේද අවුස්සන්න හදන්න එපා. (නි)

:       0       0

සුදේශ් Wednesday, 30 January 2013 10:12 AM

උපුල්, ඔයා බෞද්ධයෙක් නම් එහෙම හිතන්න එපා. (නි)

:       0       0

තුෂාර Wednesday, 30 January 2013 10:17 AM

දෙදෙනාටම සුභ පැතුම්! (නි)

:       0       0

ඩිලාන් Wednesday, 30 January 2013 10:20 AM

නායක ඇන්ජලෝ මැතිව්ස්ටත් උප නායක දිනේශ් චන්දිමාල්ටත් හදවතින්ම සුභ පතනවා! අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ.... (නි)

:       0       0

අනුර Tuesday, 29 January 2013 01:35 PM

සංගව කපන්න ගත්ත පියවරක්වත්ද ? (ස)

:       0       0

රවිනාත් Wednesday, 30 January 2013 10:24 AM

ලෝක කුසලාන තරඟාවලි 4කදීම අවසන් තරඟ පරාජය වීම ගැන සොයා බැලීම සුදුසුයැයි සිතමු. එක් පන්දු යවන්නෙක්ගේ එම අවසන් තරඟ 4 දීම ඉතාමත් දුර්වල පන්දු යැවීම ගැන නැවත විමර්ශනය කරන්න. ඔහු පන්දු යැව්වේ අනෙක් කණ්ඩායමට ලකුනු ලබාදීමටය. එම තරඟවල වීඩියෝ නැවත විමර්ශනයෙන් ඔබටද ඒ බව පෙනී යනු ඇත. ඔහුගේ පන්දු පතිතකළ ස්ථන පවා සැළකිල්ලෙන් විමර්ශනය කරන මෙන් ඉල්ලා සිටිමු. එසේම ඔහුගේ එම තරඟ 4 පන්දු යැවීමේ දත්ත සමඟ අනෙක් තරඟවල දත්ත සසඳා බලන මෙන් ඉල්ලා සිටිමු. ලෝක කුසලාන තරඟ 4 කදී දෙවැනියන් වීම නොව මුදලට තරඟ පාවා දී අප රට දෙවැනි තැනට දැම්මා යන හැඟීම ප්‍රේක්ෂක අප තුළ ඇත. කරුණාකර රට වෙනුවෙන් පරීක්ෂණයක් කරන්න. එවැනි සැක සහිත මුදලටම ගිජුවූ ක්‍රීඩකයින් තීරනාත්මක තරඟ වලට තෝරා ගැනීමෙන් වළකින්න. (නි)

:       0       0

චතුරංග Wednesday, 30 January 2013 10:30 AM

ඒක හොද වැඩක්, නවකයන්ට තැන දීම (dee)

:       0       0

ලාරා Tuesday, 29 January 2013 07:40 PM

ක්‍රීඩාවට ආගම් වාදයක් කොයින්ද? මොකද දෙවියන් බෝල ස්ලෝ කරලා එවනවද පහර දෙනකොට? (නි)

:       0       0

මධුර Wednesday, 30 January 2013 10:46 AM

අපේ කුලයා හොදයි උපනායකකමට. චන්දිමාල්ට අපි පස්සෙ නායකත්වය දෙමු. (නි)

:       0       0

කුමාර Tuesday, 29 January 2013 07:45 PM

චන්දි, සුභ පැතුම්! වගකීමෙන් සෙල්ලම් කරන්න හොදේ. (නි)

:       0       0

පහන් Wednesday, 30 January 2013 10:56 AM

උපුල්, මේ තීරය කියවන අයගෙන් සමාව ගතයුතුයි . මට නම් ඔහු ගැන හරිම කණගාටුයි. (නි)

:       0       0

තත්සරණි Sunday, 03 February 2013 06:00 PM

සංගයි, මයියයි අපේ වීරයෝ. එයාලා නැති ක්‍රිකට් අපිට මොකටද? (නි)

:       0       0

අරවින්ද Tuesday, 29 January 2013 01:51 PM

මම නම් කියන්නෙ 20 20 සහ එක්දින තරග සදහා වේගවත් පිතිකරුවකු වන තිලාන් සමරවීර පත්කළානම් හොදයි කියල.. එහෙනම් අපේ ක්‍රිකට් මීට වඩා දියුණුවෙලා..!(නු)

:       0       0

ද සිල්වා Tuesday, 29 January 2013 02:02 PM

අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේදි චන්දිමාල්ට එහෙම තැනක් ලැබුණෙ නැහැ දැං පේනවා නේද ගිය දුර.. චන්දිමාල් ආනන්දයට යන්නත් මේවා හේතු උනා..!(නු)

:       0       0

උපුල් Wednesday, 30 January 2013 05:14 PM

මම කිව්වේ ඔහුගේ ආගම ගැන තියපු විශ්වාසයට ස්තූතියි කියලා. අනික මම දැනන් හිටියේ නැහැ දුලිප් මෙන්ඩිස් ගැන. ඒකනේ මා දන්නා තරමින් කිව්වේ. එහෙම දේවල් සාමාන්‍යයෙන් වෙන්නේ නැති නිසා මම එහෙම කිව්වේ. එහෙම කිවුවහම ආගම බේද ඇවිස්සෙන්නේ කොහොමද කියලා මට කියලා දෙනවද? ඕගොල්ලන්ට රිදෙනවා නම් මම මොනවා කරන්නද ? (නි)

:       0       0

ජනිත් Tuesday, 29 January 2013 08:48 PM

ආනගතය වෙනුවෙන් ගත් හොද තීරණයක්. (නි)

:       0       0

උපුල් Wednesday, 30 January 2013 05:17 PM

පහන් , ඒක තමයි මා දන්නා තරමින් කියලා කිව්වේ. පැහැදිලි කිරීමට ස්තූතියි. (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 29 January 2013 02:13 PM

අදහස හොඳයි . නමුත් නායකත්ව පුහුණව මදි මේ දෙන්නට ..කමක් නෑ ඔහොම යන් (ස)

:       0       0

ඉසුරන්දි Tuesday, 29 January 2013 02:13 PM

තනතුරක් දෙන්න කියලා වෙන කවුද ඉන්නේ ටීම් එකේ (ස)

:       0       0

ඉසුරන්දි Tuesday, 29 January 2013 02:16 PM

මේ දෙන්නගේ යහපත උදෙසා මහේල, සංගා, දිල්ශාන් තව දුරටත් ටීම් එක තුල රැදිය යුතුයි (ස)

:       0       0

නන්දන Tuesday, 29 January 2013 09:16 PM

කවුද මේ උපුල් කියන්නේ.. මෙයා ආගම් භේද අවුස්සන්න හදනවා.. මේ වගේ කෙනෙක් කොතැන ගියත් ඉන්නවා.. උපුල් ඔයාගේ මේ හැසිරීමට අපි සමාව දෙනවා..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 49 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 848 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 2714 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 2151 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 2675 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 1357 1

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38951 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25525 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1034 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 367 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site