ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගියැයි කියමින් අත්අඩංගුවට ගෙන රැඳවුම් බාරයේ තබා සිටින හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(13) අවසර ලබා දුන්නේය.
ඒ අනුව එම පෙත්සම් නොවැම්බර් 29 වැනිදා විභාගයට ගැනීමට නියමිතය.
වසරකට ආසන්න කාලයක් රැඳවුම් භාරයේ සිටින යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අගවිනිසුරු කේ.ශ්‍රී පවන්, උපාලි අබේරත්න සහ සිසිර ද ආබෲ යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි.
යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් වන ලාන්ස් කෝප‍්‍රල් රූපසේන සහ බලලත් නිලධාරී ඩබ්ලිව්.එම.එම්.ඞී. උපසේන යන මහත්වරුන් විසින් ගොනු කළ මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් වශයෙන් නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
9 වැනි වගඋත්තරකරු වශයෙන් එක්නැලිගොඩ බිරිය වන සන්ධ්‍යා එක්නැලිගොඩ නම් කරන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥ ජේ.සී.වැලිඅමුණ මහතා කළ ඉල්ලීමක් පිළි ගැනීමෙන් පසු අධිකරණය එම නියෝගය ලබාදුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම ඝාතනයට අණදුන් මුලිකයා අල්ලලා අච්චු කරන තෙක් මහජනයා නොඉවසිල්ලෙන් බලා ඉන්නවා. (බ)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
පිටිගල මිලානෝට තව සෑහෙන කාලයක් බලාඉන්න වෙයි (නි)
ඝාතනයට අණ දුන් මූලිකයා අල්ලා අච්චු කළ යුතුමයි. (හේ)