IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


එකම විසඳුම උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම බව ඉන්දීය අගමැතිටත් කිව්වා - සිවඥානම් ශ්‍රීධරන්

(සිරාජ් හසීම්)

දෙමළ ජනතාවගේ අර්බුදයට ස්ථීර විසදුම උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීම බවත් වෙනත් ආකාරයේ විසදුමක් කිසිදු අයුරින් පිළිනොගන්නා බවත් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන් මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් පසුගියදා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග කළ සාකච්ඡාවේදී ද පැවසූ බවත් ඒ මහතා කියයි.

 “දෙමළ ජනතාවගේ බලාපොරොත්තු ඉටුවන ආකාරයේ දේශපාලන විසදුමක් බලාපොරොත්තු වෙනවා.ශ්‍රී ලංකා රජය ලබන ජූනි මාසය අවසන් වන්නට පෙර යෝජිත නව ව්‍යවස්ථා  කෙටුම්පත ඉදිරිපත් කරනු ඇතියි අපේක්ෂා කරනවා. නව ව්‍යවස්ථාව තුළින් බුදු දහමට ප්‍රමුඛස්ථානය ලබා දීම දේශපාලන වශයෙන් කතා බහට ලක් වී තියෙනවා.මෑතකදී ශ්‍රී ලංකාවේ පැවති ජාත්‍යන්තර වෙසක් උත්සවයේදී බෞද්ධ ජනතාව පදිංචි වී නොසිටින සියයට සියයක්ම දෙමළ ජනතාව පමණක් ජීවත්වන උතුරු නැගෙනහිර පළාත්වල බෞද්ධ කොඩි දහස් ගණනක් ඔසවා තිබුණා.එක් පැත්තකින් දෙමළ ජනතාවගේ කටයුතු සම්බන්ධයෙන් කතා කරන රජය තවත් පසෙකින් දෙමළ ජාතිය වැනසීමේ ක්‍රියාවලියක නිරත වී සිටින බව පෙනෙනවා.“යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.

ශ්‍රීධරන් මහතා මේ අදහස් ප්‍රකාශ කළේ යාපනය මාධ්‍ය සමාජයේ අද (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි



අදහස් (6)

එකම විසඳුම උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම බව ඉන්දීය අගමැතිටත් කිව්වා - සිවඥානම් ශ්‍රීධරන්

nuwan Tuesday, 16 May 2017 02:28 PM

ලංකාව බෞද්ධ රටක් කියල තවම පිළිගන්න බැරි ආක්‍රමණ විදිහට ආපු කට්ටියක් ඉන්නවා.

:       3       53

rocky Wednesday, 17 May 2017 04:39 AM

අනේ නිකන් ඉන්න මහත්තයෝ. ඔය පළාත් දෙක එක කරපුවම ඔක්කොම ඉබේට විසඳෙනවද? අපුරු විසඳුමක්නේ! ඔය එන්නේ මොනාටද කියල අපිටත් තේරෙනවා!

:       0       0

කුමාර Wednesday, 17 May 2017 07:23 AM

බොරු වෙන්න ඇති .අපට නං එහෙම දෙයක් ඇහුනෙ නෑ .

:       0       0

Hafeel Wednesday, 17 May 2017 10:29 AM

විවිධ ජන කොටස් ජීවත්වන මේ උතුරු නැගෙනහිර පළාතේ මෙහෙම කරන්න පුලුවන්ද?

:       0       0

de silva berlin Thursday, 18 May 2017 08:13 AM

ඔය බහුභූත ඉන්දියාවේ මහා ආණ්ඩුවෙන් ඉල්ලුවට වැඩක් වෙන්නේ නැහැ , ඉන්දියාවේ මහා ආණ්ඩුව දන්නවා යම්කිසි විදිහකින් උතුරේ නැවත ද්‍රවිඩ ත්‍රස්තවාදයක් ඇති වුනොත් එක තමිල්නාඩුවට පැතිරිලා, තමිල්නාඩුව සිවිල් යුධමය තත්වයක් ඇතිවෙන බව, මේ ඔක්කටෝම වැරදි ලංකාවේ ආණ්ඩුවේ , රට බෙදන්න වාර්ගික ප්‍රශ්න ඇතිකරන්න ක්‍රියා කරන සහ ප්‍රකාශ කරන මිනිස්සුන්න්ට දඩුවම් කරන්න නීති හදල ක්‍රියාත්මක කලානම් මේ ප්‍රශ්න ගොඩක් අඩු වෙනවා

:       0       0

Nandalal DE SILVA - France Saturday, 20 May 2017 03:39 PM

එහෙනම් ඉතින් මෝදි මහත්තයා ජනපතිතුමාටත්, අගමැතිතුමාටත් බල කරලා අණ කරනකම් මේ අය බලා ඉන්නවද ? ශ්‍රී ලංකාව නිදහස්, ස්වෛරීය රාජ්‍යයක් බවත්, මෙරටේ මහජන ඡන්දෙන් තෝරාගත් ජනපතිවරයෙක් සහ රජයක් තිබෙන බව මේ අය නොදැන සිටියත් ඉන්දියාවේ මෝදි දන්නවා. එයාගේ රටේ විසඳන්න ඕන තරම් දේවල් තියෙනවා. ඉතින් එයාගේ ඒ වැඩ අතපසු කරලා උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරන්න එනකම් මේ අය බලා ඉන්නවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මහවැලි ගඟට පැන්න තරුණිය කොස්තාපල් බේර ගනී
2025 අප්‍රේල් මස 10 524 0

කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.


අවුරුදු නැකත් දැන ගන්න සූර්යයා වෙතින් කේතයක්
2025 අප්‍රේල් මස 10 111 0

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.


නාවික හමුදා දිය යට අවුරුදු උළෙල....
2025 අප්‍රේල් මස 10 267 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම


වීසා නැතිව සිටි ඉන්දියානුවෝ 22ක් මාට්ටු
2025 අප්‍රේල් මස 10 309 0

කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.


වෛද්‍යවරිය අපයෝජන සිද්ධියේ සැකකරු යළි රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 10 383 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ


මියන්මාරයට ඩොලර් මිලියනයක්
2025 අප්‍රේල් මස 10 680 0

භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 78 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 416 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 916 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site