(යොහාන් භාසුර)
‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ගිනිගැනීමෙන් ශ්‍රී ලංකා වූ හානියට වන්දි ගැනීමට නඩු පැවරීම වැලැක්වීමට දුන්නේ යැයි කියන මහා පරිමාණ අල්ලස රුපියල් කෝටි 8000 ශ්‍රී ලංකාවේ වාර්ෂික සෞඛ්‍ය වියදමට සමාන බවත් එවැනි විශාල මුදලක් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වගකීමක් මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට ඇති බවත් නිදහස් ජනතා සන්ධානයේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (2) පැවසීය.
මෙම චෝදනාව විශ්වාසනීය චෝදනාවක් ද, මෙය වියහැකි දෙයක් ද, වියනොහැකි නම් තවත් ප්‍රශ්න මාලාවක් ජනිත වන බව කියන ජී. එල්. පීරිස් මහතා සඳහන් කළේ මෙය ගොතපු බොරුවක් නම් එවැනි දෙයක් හෙළි කිරීමට හේතුව කුමක්ද යන ගැටලුව මතු වන බවත්ය.
මෙය සුරංගනා කථාවක් නම් මෙය එළියට දැම්මේ ජනතා අවධානය වෙනතකට යෙමෙු කිරීම සඳහා වියහැකි බවත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිද්ධිය යට ගසා ජනතා මනස වෙනස් පැත්තකට යොමු කිරීම මෙහි අරමුණ වියහැකි බවත් ඒ මහතා කීය.
ශ්‍රී ලංකාවේ නමක් ඇති විදේශකයෙක් වන චාමර ගුණසේකර නැමැත්තෙක්ගේ බි්‍රතාන්‍යයේ බැංකු ගිණුමකට එම විශාල මුදල බැර කර ඇති බවට චා්දනාව එල්ල වී ඇති බව කී මහාචාර්යවරයා එංගලන්තයේ බැංකුවකට මුදල් තැම්පත් කිරීමේදී මුදල් විශුද්ධිකරණය සඳහා නීති දැඩිව ක්‍රියාත්මක වන බව ද සඳහන් කළේය.
සිංගප්පූරුවේ නඩු පැවරීමට ඩොලර් මිලියන ගණනින් මුදල් වියදම් වැය වන බව කී ඒ මහතා ශ්‍රී ලංකාවේ නඩු නොපවරා සිංගප්පූරුවේ නඩු පැවරීමට නීතිපතිතුමා තීරණය කළේ කුමන හේතුවක් මත ද යන්න හෙළිකළ යුතු බව ද සඳහන් කළේය.
කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි
කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා
සෞදි අරාබියේදී දැන් පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 බාලිකා ධාවන ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂ
විගණකාධිපති ධූරය සඳහා සුදුස්සකු පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන 22 රැස්වීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
කඩවත සිට බණ්ඩාරවෙල බලා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් මතට අද උදේ 7.30 ට පමණ හල්දුම්මුල්ල නගර ආසන්නයේ දී කඳු මුදුනින් පෙරළි ආ ගල් කීපයක් මෝටර් රථය මතට වැටීම
කිලිනොච්චිය අම්බාල්කුලම් ප්‍රදේශයේදී ටිපර් රථයක ගැටී වයස අවුරුදු එක හාමරක පමණ කුඩා පිරිමි දරුවකු ජිවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය පොලිසිය සදහන් ක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
‘එක්ස්ප්‍රස් පර්ල්’ වන්දි වංචාව සුරංගනා කථාවක්ද?
නිමේෂ් Tuesday, 02 May 2023 04:14 PM
ගිනි ගන්න ලඟයි කියල දැන දැනම ඔය නැව අපේ වරායට ගෙන්න ගත්තේ ඕක ගිනිගත්තට පස්සේ ලැබෙන වන්දිය සාක්කුවට දාගන්න , එහෙම කරපු හොරුටිකම තවමත් ආණ්ඩුව කරමින් ඉන්න නිසා ඔකේ කවදාවත් සුල මුලක් දැනගන්න ලැබෙන එකක් නැහැ
දියවන්නාවේ කිබුලා Wednesday, 03 May 2023 07:44 AM
ජී. එල් ඔයා දශක ගානක් දේශපාලනයේ. හරියට රට දියුණු කලා නම් ගිනි ගත්තු නැව් වලින් වන්දි ඉල්ල ඉල්ල යන්න ඕන නෑනේ.
අනේ වස්තූවෙ ගිලුණු නැවකට ඇයි කෙලගන්නේ Wednesday, 03 May 2023 08:45 AM
අනේ වස්තූවෙ ගිලුණු නැවකට ඇයි නෑ ගහන්නේ බෙදා ගෙන බෙදා ගෙන කමූකො රත්තරං.