IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


එච්. අයි. වී. ආසාදිතයන් බවට සැක 5ක් ගම්පහින්

( ගම්පහ තිලකරත්න දිසානායක.)

ජාතික ලිංගාශ්‍රිත හා ඒඩ්ස් රෝග මර්ධන ඒකකය මගින් ගම්පහ දුම්රිය ස්ථානයේ දී දින තුනක් තිස්සේ සිදුකරන ලද රුධිර  පරීක්ෂාවේදී එච් අයි වී ආසාධිතයින් බවට සැක කරන  පස් දෙනකු හමුවු බව සෞඛ්‍ය අංශය සදහන් කරයි.
වර්ෂ 2025 වන විට මෙරටින් ඒඩ්ස් තුරන් කරමු සහ කිසි වෙකුත් රුධිර පරීක්ෂාවෙන් බැහැර කළ නොහැක "  තේමා කරගනිමින් මෙම පරීක්ෂාව සිදු කළේය..
ලෝක ඒඩ්ස් මර්ධන දිනයට සමගාමීව  සිදු කළ මෙම පරීක්ෂාවට කාන්තා සහ පිරිමි යන දෙපක්ෂයේ 160 දෙනෙක් ඉදිරිපත් වූහ.
එච්.අයි.වී ආසාධිත බවට  සැක සහිත පස් දෙනා අතුරින් තිදෙනෙකු පිරිමි බව ද සෞඛ්‍ය අංශය කියයි.
ඔවුන් පස් දෙනා වැඩිදුර පරීක්ෂාවන් සිදු කිරීම පිණිස ගම්පහ රෝහලේ ලිංගාශ්‍රිත රෝග සායනයට පැමිණෙන ලෙස පෞද්ගලිකව දැනුම් දී ඇති ඇති අතර එහිදී එච් අයි වී ආසාදිතයින් බවට තහවුරු වුවහොත් අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙමින් ඔවුනට සාමාන්‍ය පරිදි දිවි ගෙවිය හැකි වාතාවරණයක් සලසා දෙන බවත් එම ලිංගික රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය මාලනී පතිරාජ මහත්මිය ප්‍රකාශ කළාය.



අදහස් (5)

එච්. අයි. වී. ආසාදිතයන් බවට සැක 5ක් ගම්පහින්

daham Sunday, 10 December 2017 07:20 AM

මේ රටේ රහස්‍ය බව පිළිබඳව තවමත් සහතිකයක් නැතිකම ප්‍රශ්නයක් නේද? බලහත්කාරයෙන් ලේ පරීක්ෂා කරන්නත් බැහැ නේද මානව හිමිකම් නිසා?

:       752       7

prse Sunday, 10 December 2017 07:35 AM

හොද ආරම්භයක්, මෙම රෝගය නිවැරදී ප්‍රතිකාර කරොත් පාලනය කරගන්න පුළුවන්. බිය නොවන්න

:       5       676

sunil Sunday, 10 December 2017 09:52 AM

දහම් මහත්තය කියන්නේ රහස් බාවය හොඳින් රැකදීලා රහසේම මැරෙන්න ඉඩදුන්නනම් හරි කියලද? කාගේවත් කනෙන් ඇදගෙන ඇවිල්ල බලෙන් ලේ ගත්තේ නැහැනේ පරික්ෂාවට, ඒ අය ස්වේච්චාවෙන්ම නේද ලේ දීල තියෙන්නේ පරික්ෂා කරන්න. එවැනි මහගු සේවයක් ජනතාවට කරන නිලධාරීන්ගේ සේවය අගේ කලානම් මොකද?

:       5       8

පිටිගල මිලානෝ Sunday, 10 December 2017 09:58 AM

කලට ප්‍රතිකාර ගත්තොත් මෙය තව දුරටත් භයානක ලෙඩක් නොවේ. ලිංගික අධ්‍යාපනය පාසල් වල අනිවාර්ය කරන්න.

:       0       2

mahesh Sunday, 10 December 2017 11:12 AM

ඉතා හොඳ වැඩක් ! පුළුවන් උපරිමයෙන් ජනතාව දැනුවත් කරන්න. ඒ අතරතුර මෙවැනි වැඩ සටහන් හැකි තරම් කරන්න ! 160 න් 05 ක් යනු ඉතා ඉහල ප්‍රතිශතයකි .(3%)

:       0       55

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 774 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 460 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site