IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


’’එජා කවුන්සිලය අපිරිසිදු නම් අපි උත්තර දෙන්නෙ නෑ’’

(අංජුල මහික වීරරත්න)

මානව හිමිකම් කවුන්සිලයේ මීළඟ සැසිවාරය සඳහා පිරිසිදු දෑතින් එන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (3)පැවසීය.

මානව හිමිකම් ප්‍රශ්න සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ක්‍රියා කරන ආකාරයේ සාධාරණත්වයක් නැතිනම් ඔවුන් නගන ප්‍රශ්නවලට ශ්‍රී ලංකාව පිළිතුරු සැපයිය යුතු දැයි ජනාධිපතිවරයා ප්‍රශ්න කළේය.

ගාසා තීරයේ මතුවී තිබෙන ගැටළුව සම්බන්ධව එක් ආකාරයකට සලකමින්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ශ්‍රී ලංකාව වෙනත් ආකාරයකට විනිශ්චය කිරීමේ සාධාරණත්වයක් නොමැති බව කී ජනාධිපතිවරයා ලබන සැප්තැම්බර් මස පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ මීළඟ සැසිවාරයේදී පිරිසිදු දෑතින් පැමිණෙන ලෙස එක්සත් ජාතීන්ගෙන් සංවිධානයෙන් ඉල්ලා සිටින්නේ ඒ නිසා යැයි කීය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පිරිසිදු දෑතින් ආවොත් ශ්‍රී ලංකාව ඔවුන් නගන ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

වැලිමඩ අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ උත්සවය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.



අදහස් (33)

’’එජා කවුන්සිලය අපිරිසිදු නම් අපි උත්තර දෙන්නෙ නෑ’’

මැක්ස් Friday, 03 November 2023 08:32 PM

ඔබතුමාටත් දැන් තමයි ඕවා තේරෙන්නේ...!

:       0       0

Rata Perata Friday, 03 November 2023 08:33 PM

මානව හිමිකම් ගැන මාර සුදනෙක් මේ කියන්නේ... අනේ මන්දා මේවට කොහෙන් හිනාවෙන්නද කියලා... තාම හිතාගෙන ඉන්නේ මිනිස්සු මෝඩයින් කියලා...!

:       0       0

සුපුන් Friday, 03 November 2023 08:58 PM

යන්නේ කොහේද මල්ලේ පොල්. ඔය කතාව වැලිමඩ කියලා හරියන්නෙ නෑ. එතැනට ගිහින් කියන්න. අපිට මතකනේ යුද්දේ කාලේ දීපු ගේම්. දැන් මෙතන ලොරි ටෝක්...!

:       0       0

නිශාන්ත Friday, 03 November 2023 09:00 PM

කවුන්සිලේ බයවෙන්ටෝනේ ඈ...!

:       9       49

සෙනෙවිරත්න Friday, 03 November 2023 09:13 PM

අපේ ලොක්කා පිනට පත්වුණාට යූ එන් එකෙන් ගේම ඉල්ලන තත්වයට දියුණුවෙලා. අපිට බොක්කෙන්ම සතුටුයි. ඔහොම යං ඊළඟට එන එකාටවත් කරගන්න බැරිවෙන්න...!

:       12       40

de silva Friday, 03 November 2023 11:18 PM

ඊශ්‍රායලය ගාසා තීරයේ කෙරෙන මානව සංහාරයට මමත් විරුද්ධ වෙනවා. නමුත් ප්‍රශ්නයකට තිබෙන්නේ ලබන වසරේ සැප්තැම්බර් වෙනකන් බලයේ ඉන්න චණ්ඩි රනිල්ට පුළුවන්ද කියන එක...

:       0       0

ප්‍රනීත් Saturday, 04 November 2023 06:00 AM

ගංජා පාවිච්චි කරනවා නම්... මේ වගේ දේවල් කියවනවා

:       0       0

රිෆාන් Saturday, 04 November 2023 06:39 AM

ජනාධිපතිවරයෙකු ලෙස කරන එම ප්‍රකාශය අගය කළ යුත්තක්...!

:       0       0

Perera Saturday, 04 November 2023 06:55 AM

ඔච්චර කියවන්නේ නැතිව එජා සංවිධානයෙන් අයින් වෙලා ඔවුන්ට ලංකාවේ කාර්යාලයේ වහලා ලංකාවෙනුත් එළවලා දාන්නකෝ...!

:       0       0

Nimal Saturday, 04 November 2023 07:05 AM

අනේ අපේ සුපිරිසිදු දේශපාලනය... ඉහළ පටන් පහළටම වංචාවෙන් හා දූෂණයෙන් පිරිලා...!

:       0       0

AB Saturday, 04 November 2023 07:19 AM

මානව හිමිකම් ප්‍රශ්න සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ක්‍රියා කරන ආකාරයේ සාධාරණත්වයක් නොමැත. එක්සත් ජාතීන්ගේ සංවිධානය ගන්නා වූ තීන්දු මහලේකම්වරයාගේ තීන්දු නොව රටවල් 193ක බහුතරයක් සාමාජිකත්වය දරන්නා වූ ඒකමතික අනුමැතිය වේ. රටවල් 193ක් සාමාජිකත්වය දැරුවද සාමසාධක මෙහෙයුමක් පිහිටුවීම, පවත්වාගෙන යාම හෝ ව්‍යාප්ත කිරීම පිළිබඳ තීරණ ආරක්ෂක මණ්ඩලය විසින් ගනු ලබන අතර, එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා මුදල් සැපයීම එක්සත් ජාතීන්ගේ සියලුම සාමාජික රටවල සාමූහික වගකීම වේ. එසේ වුවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය වැඩි මුදලක් ලබාදෙනු ලබන්නේ United States (27.89%) රජය මගිනි. එමනිසා බොහෝ අවස්ථාවන්හිදී ලෝකයේ කොතැනක හෝ ඇමෙරිකාව මැදිහත්වන්නා වූ ගැටුම් හෝ මැදිහත්වීම් සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ක්‍රියාකරන ආකාරය පමණක් නොව ලෝකයේ බලවත් රටවල් පවා යුද්ධයට මැදිහත් නොවූවද නිහඬ පිළිවෙතක සිටියි. කුඩා රටවලට පීඩන එල්ල වුවද බලවත් රටවල පරිත්‍යාග මත එක්සත් ජාතීන්ගේ සංවිධානය පවත්වාගෙන යාමට සිදුව තිබෙන්නාවූ නිසාම එක්සත් ජාතීන්ගේ සංවිධානය මන්දගාමී ආකාරයෙන් කටයුතු කිරීම කරයි...!

:       0       0

AB Saturday, 04 November 2023 07:20 AM

අර්බුදයකට මැදිහත් විය යුතු අවස්ථාවන්හිදී මනුස්සත්වය වෙනුවෙන් ඍජු මැදිහත්වීම් නොමැතිව මන්දගාමී ආකාරයෙන් කටයුතු සිදුවීම නිසාම මේවනවිට එම ආයතනයේ තිබූ පිළිගැනීම යම් ආකාරයකට අවතක්සේරුවකට හෝ කොන් කිරීමකට ලක්වී තිබෙන්නාවූ බවක් පෙනෙන්නට තිබේ. එසේ වුවත් සාමාජිකත්වය දරන්නාවූ රටවල් සියල්ල එක්ව වර්තමාන එක්සත් ජාතීන්ගේ සංවිධානය ශක්තිමත් ආයතනයක් පමණක් නොව ඕනෑම බලවත් රටක අමානුෂික ක්‍රියාකාරිත්වයන් අභිබවා ක්‍රියාකිරීමේ හැකියාවක් තිබිය යුතුවේ. වසර 78ක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉතිහාසයේ මීළඟ මහලේකම් වරයා වශයෙන් පළමු වතාවට කාන්තාවක් පත්වනු ඇතිබව පෙනෙන්නට තිබේ...

:       0       0

චන්දිම ෆොන්සේකා Saturday, 04 November 2023 07:35 AM

මේවා ඇහුණාම දැන් සමහරු පණ දෙන්න හදයි.... වීරයෙක් පහළ වෙලා කියලා...!

:       0       0

හෙන්බන්ද Saturday, 04 November 2023 08:21 AM

තමන්ගේ ඇහේ පොල්පරාල තියාගෙන අනුන්ගේ ඇහේ පොල් කෙන්ද දකිනවාද මොකද්ද කීවා... කව්ද ගොඩක් කල්...?

:       0       0

Bunny Preena Saturday, 04 November 2023 09:05 AM

ඔබ බොහොම කෙළින් කතාකරන නායකයෙක්.. මෙයාට ඉස්සර සමුළු අමතපු නායකයෝ කතා කළේ වෙව්ල වෙව්ලා හරිම බයෙන්... ඔබට මගේ ප්‍රණාමය...!

:       0       0

Kazi Shajahan Saturday, 04 November 2023 09:22 AM

දැන් රනිල්, මහින්ද රාජපක්ෂගේ සහෝදරයෙක් වගේමයි. ඒ ගතිගුණමයි තියෙන්නේ...

:       1       0

Sk Saturday, 04 November 2023 09:25 AM

අන්න නියම කතාව. ඇමරිකාව ඇතුලු අනික් බටහිර රටවල් වලටත් ඕකම කියන්න. අපි කලොත් තමා යුද අපරාධ. ඊශ්‍රායලය බබා...!

:       17       72

nimal Saturday, 04 November 2023 10:58 AM

ලෝකේ හැමතැනම මානව හිමිකම් ප්‍රශ්න... මෙහෙ ඒක හොර බල්ලාට පොල් බෑයෙන් ගැහුවා වගේ...

:       49       21

සිල්වා Saturday, 04 November 2023 11:09 AM

ගරු ජනාධිපතිතුමනි, ඔබතුමාට සිය දහස් වාරයක් ස්තුතියි. ඔබතුමා නිවැරදියි. එඩිතරයි.

:       39       63

චන්දන Saturday, 04 November 2023 12:51 PM

දේශපාලනය කොහොම වුණත් මේ කතාව ඇත්ත. මෙන්න මේ ස්ථාවරයේ එදා ඉඳලා හිටියා නම් අදටත් බොහෝ ප්‍රශ්න විසඳිලා...!

:       0       0

Rata Perata Saturday, 04 November 2023 02:33 PM

අදහස් තෝරා ගැනීම පක්ෂය අනුවද? රටේ තරුණ පරම්පරාව දෙයක් දැනගන්න හරි පාඨක අදහස් මේ දේශපාලුවන් ගැන හිතන්නේ නැතිව දාන්න...

:       0       0

Rohana Saturday, 04 November 2023 02:54 PM

ඔන්න දැන්නම් පොටක් පෑදීගෙන එනවා යුද අපරාධ හා මානව හිමිකම් ගැන කතාකරන්න. මේ සැරේ නම් ඊශ්‍රායලයට බේරුමක් ලැබෙන එකක් නැහැ. මේකට බයේ ඊශ්‍රායලය අදම යුද්දෙ නවත්තයිද දන්නේනෑ.

:       0       0

බද්රානි Saturday, 04 November 2023 03:04 PM

ලංකාවේ මුස්ලිම් ඡන්ද ටිකට ඉව අල්ලමින් ලොකු කතා කියන නරි, ඉන්දියාවට හරි චීනෙට හරි මිසයිලයක් ගැහුවා නම්, ඔවුන් දක්වන ප්‍රති ප්‍රහාරය, අද පලස්තීනයට අත්වෙලා තියන ඉරණමට වඩා වෙනස් වෙයි කියලද හිතාගෙන ඉන්නේ...? ඇඟිල්ලේ තරමටයි ඉදිමෙන්න ඕනෑ... අනුන්ගේ වැරදි පෙන්වලා, තමන්ගේ වැරදි වහ ගන්න දඟලන්නේ , අශිෂ්ඨයින්...!!

:       0       0

Samantha perera Saturday, 04 November 2023 03:06 PM

කොන්ද පන නෑ කියූ ඔබතුමාට පමණයි එජා මහා මන්ඩලයට ඔවැනි අභියෝගයක් කරන්න පුළුවන් වුනේ. කොන්ද තියෙනවා කියලා ලෝකෙට පෙන්වන උන්දැලාගේ කකුල් වෙව්ලන්නට පටන් අරන් ඔබතුමන්ගේ කතාව අහලා. අනේ පව් වහල්ලු. ජයවේවා. ශ්‍රීලංකාව බොරු යුද අපරාධ නාමයෙන් ගලවාගත හැකි ඔබතුමාටම පමණි ජයවේවා...!

:       0       0

Ariyathilaka Saturday, 04 November 2023 03:44 PM

ගාසා තීරයේ මිනිසුන් 10,000 ක් මිය යාම එක්සත් ජාතීන්ගේ මානව හිමකම් කවුන්සලය විසින් සොයන්නේ නැත්නම් අප ගැන සොයන්න දෑත් පිරිසිදු කර ගෙන එන්න කියා කියන විට ප්‍රමාණාත්මක අගයන් වලින් වෙනස් වුවත් මානව හිමිකම් කවුන්සලය විසින් අප රටට, යුද්ධය සම්බන්ධව කරන චෝදනාව සහ ගාසා තීරයේ මනුෂ්‍යයන් මරණයට පත් වීම සම්බන්ධ කාරණය යන දෙකරුණ සමපාත වන බව ද මේ අනියමින් කියා සිටින්නේ... එනම්:- 1. මේ කියන කරුණු සම්බන්ධ ඝාතන හරියැයි (සාධාරණයි) සමපාත වේ. 2. නැතිනම් මේ ඝාතන වැරැදි යැයි (අසාධාරණයි සමපාත වේ.) අප ගත යුත්තේ කුමන ආකරයටද? යන්න මේ කතිකාවෙන් පැහැදිලි නොවේ. චෝදනාවක් කළ පමණින් වැරැදිකරු නොවන බව නීතී සිද්ධාන්තයකි. පහළ උසාවියෙන් නඩු කටයුත්තක් විනිශ්චය කොට දෙන ලද තීන්දුව අභියෝගයට ලක්කොට ඉහළ අභියාචනා බලය ලත් ඉහළ උසාවියේදී අභියාචනා කළ විට, පහළ උසාවියේ තීන්දුව නිශ්ප්‍රභා කරවිට පැහැදිළිවම පහළ උසාවියේ තීන්දුව වැරදි බව තහවුරුයි. එවිට යමෙක් ඒ නඩු කටයුත්ත තිබූ පහළ උසාවියේ තිබෙන අනෙක් නඩු ඇසීම වැරැදියැයි කීම, ඒ නඩු සම්බන්ධ ප්‍රශ්න කිරීම වැරැදියැයි කීම සධාරණ වන්නේ කෙසේද?

:       0       0

Ariyathilka Saturday, 04 November 2023 03:45 PM

දෙන තෙක් නිවැරැදි කරුවන් ලෙස සලකයි. අවසන් තීන්දුවෙන්, එම නඩුවල පාර්ශ්ව කරුවන් (පැමිණිල්ල හෝ විත්තිය) වැරදි කරුවන් වීමටද ඉඩ ඇත. නිවැරැදි කරුවන් වීමට ද ඉඩ ඇත. පවතින නඩුවක් ඇසීම වැරැදි යැයි කීම නීතියේ සාධාරණයට කෙසේ එකඟ වන්නේද?

:       0       0

de silva Saturday, 04 November 2023 03:54 PM

ඊශ්‍රායලයේ මානව හිමිකම් කඩකිරීම සහ මහබැංකු හොරකම්, කබ්රාල් වැනි නිලධාරීන්ගේ හොරකම්, රාජපක්ෂලාගේ දූෂණ, පාස්කු ප්‍රහාරය නිසා අපේ රටේ මිනිස්සුන්ට සිදුවුණු මානව හිමිකම් කැඳවීම් ගැන සොයාබලන එක නැවැත්විය යුතුද?

:       0       0

Bamunuarachchi Saturday, 04 November 2023 04:22 PM

රනිල් මහත්තයෝ ඔය ටික ලංකාවේ ඉඳන් කියලා වැඩක් නැහැ... ඝට තිබෙනවා නම් එජා කවුන්සිලයටම ගිහිල්ලා කියන්න.

:       0       0

Nuwan Saturday, 04 November 2023 05:10 PM

අහවල් එක කරන්න අහවල් එකේ අහවල් එක නැතුව ඉඳන් අහවල් එකාගේ ටොයිලට් එකේ දොර කැඩිච්චි එක පෙන්නනවා කියන්නේ මේකට තමයි... ! 

:       0       0

sena Saturday, 04 November 2023 06:26 PM

මෙයා මේ හන්දියේ ගණන් කාරයෙක් වගේ හැසිරෙනවා.. ඒකෙන් වෙන්නේ රටේ නම තවත් කැත වෙන එක - අන්ත්හිමට ජී එස් පී එකට කෙලවුණාම ඒකෙනුත් පාඩුව රටේ මිනිස්සුන්ට...!

:       0       0

බී අමරසිංහ Saturday, 04 November 2023 07:03 PM

දෙන්න උත්තර නැත්නම් නොදී හිටියාට කමක් නෑ. ඒක අපි නොදන්නවයෑ... මොකද මානව හිමිකම් කවුන්සිලේත් අපේ කෝප් කමිටුව වගේමනේ... සද්දේ දදා විමර්ෂන තියනවා. කිසි දෙයක් කරන්න බලයක් නෑ...

:       0       0

Dharmatileke Saturday, 04 November 2023 07:30 PM

අපේ පිරිසිදුකම ගැන දන්නෝ දනී...!

:       0       0

ලුම්බිණි Sunday, 05 November 2023 06:27 AM

එතකොට අප පිරිසුදුද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සූදු ක්‍රීඩාවට නියාමන අධිකාරියක්
2025 අප්‍රේල් මස 22 34 0

සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බදු මුදල්වලට වෙනදේ සෙවීමට ජනතාවට අයිතියක් තියෙනවා
2025 අප්‍රේල් මස 22 60 0

ජනතාව ගෙවන බදු මුදල්වලට වටිනාකමක් තිබිය යුතු මෙන්ම එම මුදල්වලට වෙන්නේ කුමක්දැයි සොයා බැලීමට ජනතාවට අයිතියක් ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරස


ලක්ෂ 80ක ‘කුෂ්‘ සමඟ අයෙක් අල්ලයි
2025 අප්‍රේල් මස 22 134 0

රුපියල් ලක්ෂ 80 ක් පමණ වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි.


මෝටර් රිය අඩි 300ක් පහළට
2025 අප්‍රේල් මස 22 410 0

නල්ලතන්නියේ සිට ගිනිගත්හේන පොල්පිටිය දක්වා ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 300ක් පමණ ප්‍රපාතයෙන් වු කෙසෙල්ගමු ඔයට පෙරැලීමෙන් එම මෝටර් රථයේ


ආයුධ පෙන්වා වාහන කොල්ල කෑ දෙන්නෙක් මාට්ටු
2025 අප්‍රේල් මස 22 411 1

තියුණු ආයුධ පෙන්වා බියගන්වා වාහන කොල්ල කෑ කල්ලියක සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි.


කූඩුවේ සිටි සැකකරු මුදවා ගන්න ගිය පීසී අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 22 1261 2

සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් කූඩුවේ සිටි සැකකරුවකු තමාගේ සහෝදරයකු බව පවසා උප සේවක භාරයේ තිබූ යතුරු කැරැල්ල බලෙන් ලබාගෙන පොලිස් සිර මැදි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 534 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 297 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 446 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site