එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම දුම්රිය සේවා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කාර්යාලයයට ගිය අවස්ථාවේ එහි සිටි පිරිසක් ඔවුන්ට හූ කියන්නට වූහ.
නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී කාර්යාලයේ මන්ත්‍රීවරු සිටින අතර එහි දොර වසා දමා ඇත. කාමරයෙන් පිටත සිට මන්ත්‍රීන්ට විරෝධය පාමින් සිටින සේවක පිරිසක් පැවසුවේ මිනිත්තු දහයක් තුළ කාමරයෙන් එළියට නොආවොත් දොර කඩාගෙන ඇතුළට යන බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය හු කියපු වෙලාවේ දුම්රිය මැදිරිවල තිබෙන අඩු පාඩු බලා හැදුවා නම් හොඳනේ. මේ අයට හු කියන්න වෙලාව තියනවා. නමුත් තමන්ගේ රාජකාරි කරන්න වෙලාවක් නම් නැහැ. (නි)
දුම්රිය දෙපාර්තමේන්තුවේ අයට වැඩ නැතිව වැටුප් ගත හැකිද? මෙච්චර සෙනගක් ඉන්නේ කොහොමද ? (නදී)
බන්දුල පෙරේරායි ලංකා තිලකුයි දෙන්නටම ඩුප්ලිකේට් ගහලා. ඒ තරමට මේ හඩ නිහඩ කරන්න අවශ්‍ය වෙලා තියෙනවා කියල දැක්කම සතුටකුත් දැනෙනවා. පල ඇති රුකකට මිසක් වද ගහකට කවුද ගල් ගහන්නේ. කොහොම උනත් බන්දුල පෙරේරලා තව ඉන්න පුළුවන්. එ්ත් ලංකා තිලක්ල තව නැති බව ලංකාදීපේ නොදැන ඉන්න නම් විදියක් නැහැ. (නදී)
දුම්රිය මගීන්ට උදව් කරනවට හූ කියන අය අම්ම තාත්තටත් හූ කියයි! (නදී)
අනිත් රටවල දුම්රිය සේවාව විදුලි වේගයෙන් ඉදිරියට ඇදෙද්දී, අපේ රටේ තාම පුරාණ හු කීමේ ක්‍රමයෙන් සන්නිවේදන කටයුතු කෙරෙන්නේ. දරු පවුලත් ඇදගෙන පුළුවන් වෙලාවේ රටින් පැනගත්ත එකේ වටිනාකම මේ පින්තුර බලනකොට තමයි තේරුනේ. (නදී)
අලුතෙන් කව්රු හරි අවොත් කන ක්‍රම හදා ගන්ඩ ටිකක් කල් යනවා. කව්රු උනත් මුල් කාලේදී හොදයිනේ . අපි කරන්ඩ ඕනේ නිතරම දෙපැත්ත මාරු කරන එක. එතකොට ඊලගට එන අය කලින් අයගේ වැරදි උණු උණුවේ හොයනවා. හොරකම් යම් තාක් දුරට හරි අඩුවෙලා ජනතාවට වැඩි සේවයක් ලැබෙනවා. (නදී)
දැන් සමහරු රැකියාව වශයෙන් කරන්නේ හු කීම. විපක්ෂයේ අයටත් පුළුවන් බත් පැකට් එකක් දීලා එම සේවාව ලබා ගන්න. මේවා දැන් ඉතා සාමාන්‍ය දේවල්. (නදී)
හු කියන උදවිය ගේ ළමයින්ටත් හරි ආඩම්බර බව පේනවා. අන්න අපේ අල්ලපු ගෙදර ළමයා කිව්වා එයාගේ පන්තියේ ළමයෙකුගේ තාත්ත කෙනෙකුත් හු කියන්න ගිහින් තාත්තගේ පින්තුර පත්තරේ වැටිලාලු. (නදී)
මේ හු කියපු එකෙනෙකුට 15000 ගානේ ගෙවල කියන්නේ ඇත්තක්ද? දන්නවා නම් මමත් යනවා හු කියන්න. අපිට තියන නැති බැරිකම් විදිහට මෙහෙම හරි කීයක් හරි හොයාගන්න පුලුවන්නම් කොච්චර දෙයක්ද? ඔය හු කියන්න එපා කියන අය අපිට කන්ඩ බොන්ඩ දෙන්නේ නැහැනේ.(නදී)
මොරිස්, එ් කියන්නේ යු.එන්.පී කළ නිසා දැන් ආණ්ඩුව කලාට කමක් නැහැ කියලද ? ඔයත් හූ කියන්න හිටියද ? (නදී)
හු කියන්නේ නැතුව පුලුවන්ද දැන් අවුරුදු 2 ක් තිස්සේ අර නෝනා ගෙදර ඉදන්නේ පඩි ගන්නේ. ඒ සල්ලි ප්‍රවාහන අමාත්‍යංශයේ සල්ලි නෙමෙයි අහිංසක මිනිසුන්ගේ බදු මුදල් නේද? ඉතින් ඒවා හොයන කොට ටිකක් රිදෙනවා තමයි මොනවා කරන්නද (නදී)
විපක්ෂයේ මන්ත්‍රීලා දුම්රියෙන් ගමන්කිරීම ආසියාවේ ආශ්චර්යය වන අපේ රටට අරුමයක් වුණාට පිටරට වලට මේවා සාමාන්‍ය දේවල් (නි)
එජාපයේ අතීතය අති අමිහිරියි (නි)
දැන් මෙයාලා ආවොත් නිකම් ආශ්චර්යක් වෙලා මේ ඔක්කොම හරියයිද? ලංගමය ඇතළු මුළු ප්‍රවාහන සේවාවම කඩා වැටුණේ මොන කාලයේද කියලා අපිට හොඳට මතකයි (නි)
මේ දෙගොල්ලොම කරන්නේ විහිළුවක්නේ. මෝඩයෝ නොවන කවුරුත් දන්නවා හූ කියන්නේ කොහොම ආ අයද කියලා. ඒ වගේම මේ මන්ත්‍රීලාට මේවා හොයන්න මේවා ඇතුළටම යන්න ඕනෑද? ගියා කියලා වැඩක් වෙනවද? අනික දැන දැන මොකටද නිකන් මෙහෙම ලැජ්ජා වෙන්න යන්නේ? (නි)
ඉතින් ඇවිත් බලලා ගියා කියලා මොකද වෙන්නේ? දේශපාලනය මොනවා වුණත් ඇත්ත නැත්ත එළියට එන එක පොදු ජනතාවට හොඳ දෙයක් වේවි කියලයි මම නම් හිතන්නේ. එහෙම හොයලා බලනවා කියලා දැනෙනකොට වැරදි කරන කට්ටිය ඉන්නවා නම් එයාලා වැරදි වැඩ කරන එකත් නැතිවෙනවා නේද..??? (නි)
මෙවැනි දේවල් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් කියලා තමයි එවකට හිටි සමහර අය අපට ඉගැන්නුවේ. (නි)
මම නම් කියන්නේ ඔබ වගේ වැඩවලට හුවක් දෙකක් කියන්නත් ඕනෑ (නි)
අපි අපිටම නේද මේ හු කියාගත්තේ? (නි)
හූ කියාගත්තේ තමන්ටම තමයි (නි)
ඔය ඔක්කොම කාගේ ගෝලයන්ද කියලා කවුරුත් දන්නවා (නි)
කෙනෙක්ගේ මතය ඍජුව විවේචනය කිරීම එකක්.ඒ මතය ඉවසන්න බැරුව එනමින් අදහස් දලා ඒ මතය නිහඩ කරවන්න උත්සාහ ගැනීම තවත් එකක් (නි)
මොනවා වුණත් මේවා වැරදි වැඩ (නි)
විරෝධය නාමයෙන් තම රාජකාරියෙන් බැහැරවීමට හෝ වෙනත් විනය හා පොදු නීතියක් උල්ලංගණය කිරිමට කිසිම රජයේ සේවකයකුට හැකියාවක් හෝ අයිතියක් නොමැත. එසේ යමෙක් කරන්නේ නම් ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට එම ආයතනයට හැකිය. (නි)
ලංකා තිලක් මහත්තයෝ, අර හු කියපු අයට විශේෂ පුහුණුවකට දේශනයක් දෙන්න සුවිශේෂ වූ සුදුසුකමක් ඔබතුමාට තියනවා. (නි)
දුම්රිය එකට හැපෙනවා, පීලි පනිනවා , දෙපාර්තමේන්තුව හැමදාම පාඩු. මේ වැනි දේවල් සිදුවෙන්නේ කිසිම සුදුසුකමක් නැති මිනිසුන් දේශපාලන ගැතිකම් මත සේවයට ගැනීමෙන්ය. මේ අය දුම්රිය මඟීන්ගෙන් ගුටිකන දවස වැඩි ඈතක නැත. (නි)
අනේ ඇත්තටම මේ අයට කරන්න දේවල් නැතුවටද මේ වගේ වැඩ කරන්නේ.(දිල්)
ආත්ම ගෞරවයක් ඇති මිනිසුන් මෙහෙම හැසිරේවිද? (නි)
"ඔන්න ඕවට තමයි කියන්නේ දිට්ට ධම්මවේදනීය කර්මය පල දෙනවාය කියලා" මේ කතාව සහ හූ කීම අතර ඇති සම්බන්ධය මට තේරෙන්නෙ නැහැ (නි)
අනේ! අල ,ලුණු වැඩිකළාට හූ කියලා හරි අඩුකරලා දෙන්න කෙනෙක් නැද්දෝ (නි)
මේකේ අදහස් දක්වා තිබෙන සමහරක් ගැන කියලා වැඩක් නැහැ. (නි)
ලංකා තිලක් මහත්තයෝ, සල්ලි වලට ආත්මය පාවා දෙන්නේ නැතුව ගිහිල්ලා රස්සාවක් හොයාගන්නකෝ. (නි)
එහේ හු කියනවා.අපි උදේ හවස දුම්රිය නැතුව දුක් විඳිනවා. (නි)
විපක්ෂයට ඕනෑම තැනක ගොස් ඕනෑම දෙයක් ගැන සෙවීමේ නිදහසක් තිබිය යුතුයි (නි)
ඔන්න ඕවට තමයි කියන්නේ දිට්ට ධම්ම වේදනීය කර්මය පල දෙනවාය කියලා (නදී)
ප්‍රධාන වශයෙන් වරාය, පෙට්‍රෝලියම් සහ සීජීආර් දේශපාලුවන්ගේ චක් ගෝලයින්ට රස්සාවල් දෙන ආයතන. මේ ආයතන වල ඉහල සිට පහලටම ඇත්තේ මෙවැනි දේශපාලන පත්වීම්. නිසි සුදුසුකම් තියෙන ක්‍රමවත් පටිපාටියකට දුන් පත්වීමක් නැති තරම්. ඔවුන්ට දේශපාලුවන්ට ගැතිකම් කරනවා විනා මේ ආයතන නගා සිටුවන්නට අවශ්‍යතාවයකුත්, හැකියාවකුත්, උගත්කමකුත් නෑ. එම නිසා ඒ ආයතන දවසින් දවස ආගාධයටම යනවා. එක එක දේශපාලුවන්ගේ බල පුළුවන්කාරකම් නිසා මේ දේශපාලු ගැත්තන් බේරී යහතින් ඉන්නවා. ඉතින් මේවයේ වැරදි අඩු පාඩු බලන්න එන අයට හූ කියනවා ඇර ඒ අඩුපාඩු පිලිගන්නවත්, නිවැරදි කරගන්නවත් මේ කටු කන්නන්ට උවමනාවක් නෑ. මෙතනට වෙනත් පක්ෂයකින් නෙමෙයි තමන්ගේ පක්ෂයෙන්ම ආවත් තමන්ගේ ගැලවිල්ලට හූ කියනවා ඇර වෙන අතක් නෑ. (නදී)
මේ හු කියාගත්තේ තමන්ගේ ආත්ම ගෞරවයටයි. හෙන්චයියන්ගේ වැඩ (නදී)
ලංකාවේ ඉන්න රාජ්‍ය සේවකයින්ගේ හැදියාව හොදට පේනවා. දේශපාලන පක්ෂ වලට වහල් වෙන්න එපා. (නදී)
නියමයි ඔය කොයි බන්දුලගේත් හුණු එලියට එන්නේ කිල්ලොටර උතුරලා (නදී)
ඉල්ලගන කන්න හරිම ආසයි (නදී)
ඉස්සරහදි මෙහෙම වත් යන්න ලැබෙයිද කියල හිතා ගන්න බැහැ. මොකද අවුරුදු ගානක් කෑමක් නැතුව ඉන්න කට්ටිය කන්න පටන් ගනියි ලොවක් දෙවක් නතුව. මහජනයාට දෙපයේ පිහිට තමයි. (නදී)
අද ලංකාවේ පොදු ප්‍රවාහනය අන්තිමයි. කව්රු හරි මේගැන හොයා බලා පාර්ලිමේන්තුවේ කතා කරනවා නම් අපි කාටත් හොඳයි. ඔය හු කියන මිනිස්සු දවස ගානේ කෝච්චියේ යන මගින් නම් වෙන්න බැහැ. අඩුම තරමේ කොළඹ සිට ගාල්ල දක්වාවත් ද්විත්ව මාර්ග දීර්ග කරා නම් අධිවේගී මාර්ගය හැදුවටත් වැඩිය වටිනවා. අධි වේග මාර්ග වැනි සංවර්ධන වියාපෘති රටට අවශ්‍යයි. නමුත් දුම්රිය මාර්ග සංවර්ධනයට අධිවේගී මාර්ග සංවර්ධනයට වැඩිය ප්‍රමුකත්වයක් දිය යුතුය (නදී)
කනගාටුයි, මිනිස් නරි ලංකාවේ ඉන්න විත්තිය අපි දැන ගෙන හිටියා. හු කියන සමහර අය එදා වේල කන්ඩ නැති අය. ඕක තමා කට්ටි දෙකේ වෙනස.(නදී)
මමනම් අනුමත කරන්නේ නැහැ (දී)
2001/2004 පාලන සමයේ ඔයවිදිහට ගිහින් සොයා බෙලුවනම් අද විපක්ෂයේ ඉන්න වෙන්නේ නැහැනේද. (දී)
බලයට පත්වෙන කම් ජනතාවගේ දහඩිය ගඳ උහුලන්න ඔබ තුමන්ලට පුලුවන් කියල අපි දන්නවා මහත්තයෝ (නදී)
අපිට ඕනේ අරක්කු බාගයයි බත් පර්සලයයි. ඕනෑම කෙනෙකුට හු කියන්නම්. (නදී)
මම දැන්නේ දන්නේ ලංකා දුම්රිය සේවයේ නරියොත් වැඩ කරනවා කියලා (නදී)
මොනවා උනත් ඔවුන් මහජන නියෝජිතයෝ ඒ නිසා ඔවුන්ට මේවා ගැන සොයා බලන්න අයිතියක් තියනවා. මේවට විරෝදය පාන්නේ කුලී මැරයෝ විතරයි. (නදී)
ලංකා කියනවා වගේ ලංකාදීප පුවත්පතේ මධ්‍යස්ත පිළිවෙත අපි ඉහලින්ම අගය කල යුතුයි. ඇතැම් ජනමාද්‍ය පුවත් විකෘර්ති කරන ආකාරය බලන්න හිරිකිතයි. මේ හු කියන කට්ටිය පොඩ්ඩක් ගිහිල්ල බලන්න මිනිස්සු කෝච්චියේ වහලේ උඩ නැගල දුක් විදින ආකාරය. කාගේ උවමනාවට හු කිව්වත් මිනිස්සුන්ගේ ප්‍රශ්න වහන්න බැහැ. (නදී)
කාට කියන්නද මේ දුක? (දී)
එජාප ආණ්ඩුවක් අවොත් එහෙම ඔය හු කියපු කට්ටියව කැලේටම දක්කයි නේද (නදී)
ජනතා කැමැත්ත තමයි ඔය (දී)
දේශපාලනය කියන දෙයත් එක්ක එකටම යන එකක් තමයි හුව (දී)
ලංකා, හූ කියපු උදවිය තමන්ටම හූ කියාගෙන වගෙයි.(නදී)
ඒකනේ රටට වෙලා තියෙන්නේ රාජ්‍ය සේවයට නරි ඇවිල්ලා. මන්ත්‍රීලා මෙව්වා අධීක්ෂණය කරන එක එයාලගේ රාජකාරියේ කොටසක්. වැඩේ තියෙන්නේ මෙයාලට ඔව්ව මතක් වෙන්නේ ඡන්දෙ ලන්වෙනකොටයි. ඔබතුමාලා ඔය ආයතන බලන්න යනකොට විෂයභාර අමතිතුමවත් එක්කගන යන්න. එතකොට ඇමතිතුමාගේ හෙන්චය්යල (නරි ) හූ කියන්නේ එයාලගේ ලොක්කටත් එක්කනේ (නදී)
ඔය හු කියන බහුතරයකට එදා වේල ගැට ගහගන්නෙත් අමාරුවෙන්. බත් පැකට් එකටයි අරක්කු ටිකටයි ඕන දෙයක් කරයි (නදී)
ඔය හු කියනේ දේශපාලන ගෝලයෝ . දුම්රිය මගීන් කාටවත් හු කියන්න ඕනේ කමක් නැ.දුම්රිය මගීන් එනේ කාර්යාලවලට යන්න මිසක් ආණ්ඩු රකින්න නොවේ . ආණ්ඩුව වෙනුවෙන් ඒවගේ දේවල් කරන්න සාමාන්‍ය මිනිස්සු ඉදිරිපත් වෙනේ නැ. ඔය වගේ කට්ටියක් පෙට්‍රෝලියම් එකෙත් හිටිය. (දී)
තමන්ගේ පුද්ගලික වාසි ගැන හිතන්නේ නැතුව රට ගැන හිතල ලියන ජනමාද්‍ය කලාවක් අපිට ඕන කාලයක් මේක. (නදී)
මේ තමා අපේ රටේ හැදියාව. (දී)
ඔයාලා නිසා තමයි දුම්රිය සේවය ඔය තරම් දුර්වල (නි)
රටේ තත්ත්වය තේරුම් ගන්න බැරි නුගත් මිනිසුන් හැසිරෙන විදිය අප්‍රසන්නයි (නි)
තමන්ගේ වැරදි අහුවෙන බව දත් නිසාද නරි රැලක් වගේ හූ කියන්නේ? (නි)
මේ හැසිරීම නම් බොහොම කණගාටුදායකයි (නි)
ඔය හූ හඬට වඩා වැඩියමක් ඔබට කළහැකිද? (නි)
හු කියලා යනකොට ගෙදර මායියලාගෙන් ප්‍රවේශම් වෙන්න. අන්න අල, ලුණු දැන් හොඳට කන්න පුලුවන්ලු (නි)
ලංකාවේ පුදුමාකාර මිනිස්සු තමයි ඉන්නේ (නි)
අනේ මෙහෙමත් වැඩ! (නි)
මොනවද මේ නොදියුණු වැඩ? විපක්ෂයේ වගකීම ඒ අය කරන්න ඕනෑ. (නි)
මේවා පොඩි ළමයින්ගේ වැඩ (නි)
ඒ ඒ කට්ටියට ඒ ඒ සමාචාර ගීත තියෙන රටක් (නදී)
මිනිසුන්ට වඩා නරි වැඩි වෙලා වගෙයි. මෙහෙම හු කියපු කට්ටියකට හිටපු අගමැති කෙනෙක් කිවුවලු උඹලා උඹලාටම හු කියාගන්න දවස ළඟ ළඟම එනවා කියලා. (නි)
හූ කියපු අය පොඩ්ඩක් බලන්න ඔය හූ කිව්වෙ අැඳුම් අැඳලද කියලා (නි)
දියුණු රට රාජ්‍ය වල නම් රජය සතු දේවල් පරික්ෂා කරන්න අදාල බලධාරීන් ඉන්නවා. පිටස්තර කිසිම කෙනෙකුට ඇතුල් වෙන්න බැහැ ලංකාවේ එවැනි නීතියක් තියෙනවද දන්නේ නැහැ (නදී)
මේ වගේ අය හින්ද තමයි අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ. මේ ඔක්කොම බත් ගොට්ටෝ. බත් පැකට් එකට් එකයි අරක්කු කාලකුයි දුන්නම ඕන දෙයක් කරනවා. (නදී)
මේ රට දැන් යකාට ගිහින් තියෙන්නේ (නදී)
ගොට්ට අල්ලන කට්ටිය කොහොමත් ඔහොම තමයි. (නදී)
බන්දුල පෙරේරාගේ අදහස මමත් අනුමත කරනවා. (නදී)
අර කුමාරි දුම්රියෙන් ආව අයද හු කිවේ. මම හිතන්නේ අරක්කු බාගේයි බත් පාර්සලයයි ඒ දුම්රියෙන්ම ගේන්න ඇති. (නදී)