එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන රෝසි සේනානායක සහ චන්ද්‍රානි බණ්ඩාර පසුගියදා ලන්ඩන් නුවරදී එජාපයේ එක්සත් රාජධානි ශාඛාවේ නිලධාරීන් හමුවී පක්ෂයේ ඉදිරි වැඩකටයුතු පිළිබඳව සකච්ඡා කරනු ලැබිය.
මන්ත්‍රීන් දෙදෙනා ලන්ඩන් නුවරට පැමිණියේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව මඟින් සංවිධානය කරන ලද කාන්තා අයිතීන් සුරැකීම පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනයට සහභාගිවීම සඳහාය.
මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන වාතාවරණය පිලිබඳ දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කැරුණු අතර මන්ත්‍රීවරුන් දෙදෙනාගේම අදහස වුයේ "අප රටේ ඉදිරි දේශපාලන ගමන්මග තීරණය වන්නේ මීළඟ ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය අනුව" බවය.
"වර්තමාන ශ්‍රී ලංකාවේ ආර්ථික පරිහානිය සහ මින් පෙර නොදුටු විරූ අන්දමට සමහර දේශපාලන නායකයින් සහ රාජ්‍ය අංශයේ කොටස් තුල පවත්නා දූෂණය පිළිබඳව මහජනතාව ඉතාමත් කළ කිරීමෙන් ඉන්නා බව " ඔවුන් පැවසුහ.
"වර්තමානයේ පවත්නා ඒකාධිපතිවාදී පාලනය තුරන් කිරීමේ බලාපොරොත්තුවෙන්" එක්සත් ජාතික පක්ෂය විසින් ජනාධිපති වරණය සඳහා නියත වශයෙන්ම අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවත් තම පක්ෂයේ සියලුම අධාරකරුවන් මේ සඳහා එකමුතුව ක්‍රියාකිරීමට අධිෂ්ඨාන කරගෙන ඉන්නා බවත්, මෙම දුෂිත පාලනය වෙන කිරීමේ ක්‍රියාදාමය ළඟදි පැවැත්වෙන ඌව ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් ආරම්භ කෙරෙන" බවත් ප්‍රකාශ විය.
ශ්‍රී ලංකාවේ නිතිය සහ යහ පාලනය නැවත වතාවක් ස්ථාපිත කිරීමේ අවශ්‍ය තාවය පිළිබඳව ලන්ඩන් එජාප ශාඛාවේ නිලධාරීන් අවධාරණය කර සිටියහ. " රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදුවන බවට චෝදනා එල්ලවී ඇති ශ්‍රී ලංකාවේ විවිධ පලාත්වන සිදුවුණ වාර්ගික ගැටුම් හෙළාදකින" බවද ඔවුන් පැවසුහ.
එජපා බ්‍රිතාන්‍ය ශාඛාව මඟින් දීර්ඝ කාලයක් තිස්සේ පක්ෂයේ වැඩකටයුතු සඳහා දක්වන ලද අනුග්‍රහය අගය කරනා බව පැවසු මන්ත්‍රී වරුන් ඉදිරියේදීත් එම කටයුතු සාර්ථකව කරගෙනයාමට ශක්තිය හා ධෛර්යය ලැබේවායිද ප්‍රාර්ථනා කළහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට ජයවේවා! මගෙත් සුභ පැතුම්! (නි)
බොහොම හොඳයි (නි)
එකමුතුව වැඩ කරනවා නම් ජය නියතයි (නි)
ජය වේවා! (නි)
තමන්ගේ රටේ දේශපාලනය හරියට කරගන්න බැරිව අවුරුදු ගානක් පිට පිට පැරදුනු මේ අය එංගලන්තේ මොනා කරනවද? (අ)
කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින්නේ යූඑන්පී මන්ත්‍රීවරියන් විතරද? (අ)
ඔබ සැම දිනේවා! (නි)
එන්.ජී.ඕ දෙක තුනක් සෙට් කරගෙන තව හොඳ ගානක් හොයා ගනී. (නදී)
ලංකාවේ ඇතුළේ නම් හොඳටම අනාගෙන ඉන්න නිසා පිටරටවල අයගේ උදව් ඇතුව තමයි බලයට එන්න සුදානම. (නි)
මොන රට රාජ්‍යයේ ගියත් වැඩක් නැහැ තමන් අන්තිමට ඡන්දෙ ඉල්ලන්න වෙන්නේ ලංකාවේ කියන එක ගැන අවබෝධයක් නැතුව (නි)
ජාත්‍යන්තරවත් එජාප ශාකාවන් සමග පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල ගැන සාකච්ඡා කිරීම සතුටට කරුණක්. නමුත් මේ වෙලාවේ එජාප පාක්ෂිකයා දිරිමත් කරන්න නායක නායිකාවන් සියලු දෙනාම පෙරට ආවොත් එජාපයට ලොකු ශක්තියක්. ජයග්‍රාහී ඉදිරි ගමනකට හොඳ අඩිතාලමක් වේවි. අපි ඔක්කොම ජයග්‍රාහී ගමනකට මුල පුරමු. ජයවේවා! (නි)
කාන්තා අයිතිය කියන්නේ බොරු දෙයක්, ආත්මාර්තකාමි දෙයක්. අහු වෙන්න එපා (නදී)