මරදානේ දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යධීකාරී කාර්යාලයයේ සිර වී සිටින එජාප මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා තවත් පොලිස් පිරිස් කැදැවිණි.
හු කියු පිරිස එළියේ සිටින නිසා ඔවුනට කාර්යාලයයෙන් එළියට යාමට නොහැකි වී ඇත.
දැන් හූ ශබ්ධය බොහෝ දුරට අඩු වී ඇත. වරින් වර හූවක් දෙකක් ඇසුණත් කළබලයක් නැත.
විනාඩි පහළොවකින් පමණ එජාප මන්ත්‍රීවරු පිටුපස දොරෙන් පිටවී ගියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය හූ කිවිල්ල මොන පක්ෂය, බලේ හිටියත් සිදු වෙනවා.කවුරු බලයේ හිටියත් අපි ඔවැනි හූ බලාපොරොත්තුව සිටිය යුතුයි.මම නම් ඔය හූවේ විශේෂත්වයක් දකින්නේ නැහැ. (දී)
මේවාට වග කිව යුතු බලධාරීන් නැද්ද?
මේක හරිම විහිළුවක් (දී)
ආශ්චර්ය (දී)
කාට කියන්නද මේවා? . (දී)
ලංකාවේ පරණම දෙපාර්තමේන්තුවක් උනත් බාල වැඩමයි තියෙන්නේ (දී)
ලංකාවේ උදේ හවස රැකියාවට යන මිනිසුන්ගේ මුහුණවල් දැක්කම දුක හිතෙනවා.කිසිම සතුටක්නම් පේන්නවත් නැහැ.මම නම් පුර්වේ පිනකට මෙට අවරුදු 3-4 කට කලින් ලංකාවෙන් "චුත" වුනේ.නැතිනම් මටත් වෙන්නේ උදේ හවස "අමා දුක්" විදගෙන ලංකාවේම මැරිලා යන්නයි. (දී)
දුම්රිය මගීන්ගේ ගමනට බාධා කල එජාප මන්ත්‍රී පිරිසට දුම්රිය මගීන්ගෙන් හු හඬ- අද රාත්‍රී පුවත් සිරස්තල. (දී)
යු එන් පී එක ඇතුලේ ප්‍රශ්න හොයල බලන්න ඕනේ ඔක්කොටම ඉස්සෙල්ල. නැතිව කිහිප දෙනෙක් මේ වගේ දේවල් කරන එකේ කිසිම තේරුමක් නැහැ. (දී)
හූ කියලා විතරද?(දිල්)
නිත්‍යනුකුලද නැද්ද (දී)
ලෝකයක් බලා ඉන්නවා මේ වැඩ දිහා (දී)
මගේ හැඟීම නම් කරන්න තියෙන උපරිමයෙන් සංග්‍රහ කරලා තියෙනවා.(දිල්)
මහජන සේවාවන් ගසාකන ප්‍රකට යුගයක් මේක. ඒක ගැන හොයන්න විපක්ෂය කටයුතු කිරීම තමයි නිවැරදි ක්‍රමය. එත් මේ වගේ හු කියන විරෝධතාවයන් කරන බත් පැකට් කොන්තරාත්කාරයෝ ඉන්න කල් දුශිතයින්ට තමයි හොඳ. (නදී)
හූ කියපු කට්ටියට වඩා ගොබ්බ සෙට් එකක් මේ කමෙන්ට්ස් දාන කට්ටිය අතරේ ඉන්න බව පේනවා. ඇත්තටම මේ හූ කියපු උන් හූ කියාගෙන තියෙන්නේ තමන්ටමයි. (නදී)
නැවත එජාප ආණ්ඩුවක් එන්නේ නැතිද ? (නදී)
මෙහෙ ඉදන් ඔබාමාට බනිනවා, බෑන්කින් මුන්ව පතුරුගහනවා. අන්තිමට ඡන්දෙ දෙනවා. (නදී)
හූ කීමේ නිලධාරීන් වශයෙන් ස්ථිර සේවක පිරිසක් බඳවාගෙන තිබෙනවාද? එහෙම නැත්නම් මේ පිරිස බඳවාගෙන තිබෙන්නේ කොන්ත්‍රාත් පදනම යටතේද ? කොහොම වුනත් මේක හොඳ වැටුප් , දීමනා, ප්‍රතිලාභ සහිත රාජකාරියක් වගෙයි පෙනෙන්නේ (නදී)
මතකනේ ජේ.ආර් මහත්තයගේ කාලේ නඩු කාරයන්ට හූ කීවා (නදී)
හු කිව්වට බයවෙන්න එපා කලබල වෙන්නවත් එපා ඒක ඒ අයගේ ජාතික ගීයනේ (නදී)
ප්‍රශ්නෙට විසඳුමක් ලබාදෙන්න ඔතනට යන්නම ඕනෑද? (නි)
මොනවද මේ දුරදිග නොබලා කරන වැඩ? (නි)
ලංගම බෙලහීන කරලා පෞද්ගලික බස් මාෆියවකින් මුළු රටේම ජනතාවට වෛරී සේවයක් සැළසුවේ කවුද කියලා අපි දන්නවා. මම නම් කියන්නේ හු සංග්‍රහය මදි.පසුගිය රජයන් කාලේ කිලෝමීටර් 30 ක් 35 ක් යන්න පැය 3 ක් පමණ කාලයක් යනවා .එක පාරක් හැදුවේ නැහැ. ජීවිතෙන් වැඩි කාලයක් මිනිස්සු මහමඟට නාකි වුණා. (නි)
මට තියන ප්‍රශ්නය මේකයි. මේ අය දිනලා හිටිය කාලෙත් මේ වගේ කෝච්චිවල ගියාද? දිනුවට පස්සෙත් කෝච්චිවල යයිද ? කියන එකයි මලේ. (නදී)
කෝච්චි ගානේ රිංගල බොරු ෂෝ නොපෙන්නුවට මේ රටේ හෙලිකලයුතු දුෂණ අක්‍රමිකතා කොච්චර තියෙනවද(දී)
මේ සියල්ල සංවිධානය කරන්නේ අපේ දේශපාලන හෙන්චයියල මිසක් වෙන කවුද? මොන පක්ෂයක හෝ මහජන නියෝජිතයන්ට අයිතියක් තිබෙනවා මෙවැනි තැන් වලට යන්න. අහෝ රටකට ගිය කල. (නදී)
මේ තමයි ප්‍රජාතන්ත්‍රවාදය. බුදු සරණයි මගේ රටට (නදී)
ගැටළු වලට මේ ගොල්ලන්ට විසදුම් දෙන්න පුලුවන්ද? කවදද බලයට එන්නේ? (නදී)
තමන්ගෙ පාලන කාලයේ නොගිය ගමන් යන්න ගිහින් නා ගත්තවත්ද? (නදී)
හරිම ප්‍රාතමිකයි, ලංකාවේ පරණම දෙපාර්තමේන්තුවක් උනත් බාල වැඩමයි තියෙන්නේ. මේ මන්ත්‍රීවරුන්ට තමන්ගේ ගැටළු ගැන කියල ඒවා පාර්ලිමේන්තුවේ කතා කරලා විසදුමක් සොයන එකයි කල යුත්තේ. මේ වගේ වැඩ වලින් වෙන්නේ ඔය හූ කියන අයගෙම සැබෑ අධ්‍යාපන මට්ටම ලෝකෙට පෙන්නන එක විතරයි. (නදී)
ගණන් ගන්න එපා සමහර කට්ටියට හූ කියනවා ඒක කියන්න දෙයක් නෙවේ.(දිල්)
තමන් වැඩ කරන ආයතනයේ හරි දේ හරියට කරනවනම්, කවුරු පරීක්ෂා කලත් ප්‍රශ්නයක් නෑනේ. මෙතන බොරුවට විරෝධතා පෙන්නන්න ගිහින් නැති ප්‍රවෘත්ති මවනවා. රාජ්‍ය ආයතන ගැන සොයා බැලීම විපක්ෂයේ වගකීමක් සහ අයිතියක්. (නදී)
හරිම ප්‍රායෝගිකයි (නදී)
ලංකාවේ අපේ මේ ජාතිය කවදාවත්ම නරි ගති අරින ජාතියක් නන් නෙමේ. එන්න එන්නම නරි වැඩ කරනවා මිසක් අඩු වෙන්නේ නෑ. (නදී)
වැඩක් නැහැ කතා කරලා (දී)
ඔයමිනිස්සු 2001/2004 කලේ බලය තියෙද්දී සේවකයන්ට සලකපු ආකාරය තවම මතක තියෙනවනේ. (දී)
අලි නරි ඉන්න ඕනේ කැලේ (නදී)
අහස උසට ජීවන වියදම ගියාම මොකද. මේ වගේ හූ කියල ජොබ් ගන්න , දේශපලයකයින්ට කඩේ යන ප්‍රාථමික මිනිස්සු ඉන්නකල් ,ලංකාව ගොඩ යනව බොරු.නිදහස් අධ්‍යාපනයක් ලැබුනට එකෙන් ඉගෙන ගත්ත බවක් නම් පෙනෙන්න නැහැ. (දී)
මිනිස්සු දන්නවා ඔය දාන්නේ ඇඩ් එකක් මිසක් සැබෑවටම ජනතා හිතවාදී විසිට් එකක් නොවන බව. එ්කයි හු සංග්‍රහ කරන්නේ. (නදී)
බයවෙන්න එපා (දී)
හූ කියල මදි මේ වගේ වැඩ වලට (දී)
හරිම ප්‍රායෝගිකයි. මේ තමයි ප්‍රජාතන්ත්‍රවාදය. වැඩක් නැහැ කතා කරලා. ඔහොම යං (දී)
මේවා වෙන්නේ අපේ කරුමෙටද (දී)
මෙම විරෝධී ක්‍රියා පමණක් රජය අනුමත කිරීම කණගාටුවට කරුණක්. මේවට කදුළු ගෑස්,රබර් උණ්ඩ නැත. එහෙත් එදා වැලිවේරිය , කටුනායක අහිංසක ජිවිත් බිලිගන්න නම් ජීව උණ්ඩ තිබුනා. තමන්ගේ විලි වසා ගන්න පමණක් වැඩ කරන ජනතාව උසි ගැන්වීම අමන දේශපාලකයන්ගේ ක්‍රියාවක්. ඔය පෝස්ටර් වලට ගිය වියදමෙන් අසරණ දරුවෙකුට අනාගතය දකින්න පුළුවන් බව පසක් කරමි. (නදී)
මේ වගේ වෙලාවට කවදාවත් පොලීසිය අවම බලය පාවිච්චි කරන්නේ නැහැ. (නදී)
ඔය කට්ටිය මග නැගුම වගේ තැන් වලට යන්නේ නැත්ද? (නදී)
රටේ මෙවැනි තත්වයක් ඇති වීමට එජාපයත් වග කිව යුතුයි. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය මේකද ? (නදී)
එව බලව කියනවා. ආවම බාධා කරනවා. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ නවතම රැල්ල ඕක තමා. දේශපාලකයන් වයින් කරාම නටන මුග්ධ මිනිසුන් කවදා හැදෙයිද මන්දා. ඒ නිසයි දුප්පත් මිනිසුන්ට ආධාර කිරීමට පෙර මම ඔවුන් සමග කතා කර ඔවුන් සිතන පතන ආකාරය දැන ගැනීමට උත්සහ කරන්නේ. බොහෝ ලාංකිකයන් දුක් විදින්නේ තමන්ගේ කුහකකම හා මෝඩකම නිසයි. පටු හේතු හොයමින් යහපත් පාලකයින් ඉවත දමා දූෂිතයන් වෙත ඡන්දය දීම නිසාය. (නදී)