එල්.ටී.ටී.ඊ සංවිධානයට උපකාර කරන්නැයි හිටපු ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධි මහත්මිය රෝ සංවිධානයෙන් ඉල්ලා සිටි බව එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු නායකයකු වන කුමාරන් පද්මනාදන් ප්‍රකාශ කරයි.
එල්.ටී.ටී.ඊ සංවිධානයේ ප්‍රධාන පෙළේ නායකයකු සහ එම සංවිධානයේ ජාත්‍යන්තර මූල්‍ය නිලධාරියා වශයෙන් කටයුතු කළ කේ.පි නොහොත් කුමාරන් පද්මනාදන් ඒ බව සඳහන් කර ඇත්තේ ඉන්දියාවේ ‘වියෝන්’ පුවත් සේවය හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.
එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ මරණයත් සමඟ එම සංවිධානයේ නායකයා ලෙසින් ද හැඳින්වූ කේ.පි. ඉන්දියාවේ හිටපු අගමැති රජිව් ගාන්ධිගේ ඝාතනය සම්බන්ධයෙන්ද ඉන්දියාවට අවශ්‍යව සිටි තැතැන්තෙකි.
එල්.ටී.ටී.ඊ සංවිධානයට උපකාර කරන්නැයි ඉන්දිරා ගාන්ධි මහත්මිය රෝ සංවිධානයෙන් ඉල්ලූ බව එම සම්මුඛ සාකච්ඡාවේදී අනාවරණය කරන කේ.පී තමිල්නාඩු ප්‍රාන්තයේ හිටපු මහ ඇමති එම්.ජී.ආර් ලෙසින් ජනප්‍රිය වූ මරුදූර් ගෝපලන් රාමචන්ද්‍රන් මහතා එල්.ටී.ටී.ඊ සංවිධානයට මුදල් සැපයූ බව ද සඳහන් කර ඇත.
කුමරන් පද්මනාදන් ශ්‍රී ලංකාවේ පැවැති යුද්ධය අවසන් වීමෙන් අනතුරුව අනන්‍යතාව හා ලිපින වෙනස් කරමින් සැඟව සිටියේය. මැලේසියාවේදී අත්අඩංගුවට පත්ව 2009 වසරේදී ශ්‍රී ලංකාවට රැගෙන ආ කේ.පී පසුකාලීනව තමා කළ කී දෑ ගැන පසුතැවුණු බව වාර්තා වූ අතර වර්තමානයේ ඔහු උතුරේ අනත් දරු නිවසක් පාලනය කරමින් සිටියි.
සී.අයි.ඒ සහ එම්.අයි 5 වැනි ලොව බුද්ධි අංශ රැසක් ඔහුගෙන් තොරතුරු ලබාගැනීමේ අපේක්ෂාවෙන් පසුවෙයි.
එල්.ටී.ටී.ඊ සංවිධානයට අයත් ජාත්‍යන්තර වත්කම් රැසක හිමිකාරීත්වය ඇත්තේ කේ.පී සතුව බවත් ඔහු එම වත්කම් සඟවාගෙන සිටින බවත් විශ්වාස කෙරේ. එමෙන්ම රජිව් ගාන්ධි ඝාතනය සඳහා සිංගප්පූරුවේ සිට චෙන්නායි වෙත පුපුරණ ද්‍රව්‍ය එවා ඇත්තේ කේ.පී බව 1997 වසරේදී ස්වේචාඡවෙන් විශ්‍රාම ගිය ඉන්දියාවේ මධ්‍යම විමර්ශන ඒකකයේ පරීක්ෂකවරයකු පවසා තිබිණි.
කුමාරන් පද්මනාදන්ට රටින් පිටවීම තහනම් කරමින් ශ්‍රී ලංකාවේ අභියාචනාධිකරණය 2015 වසරේදී නියෝගයක් ලබා දී තිබේ.
-055
කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.
මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.
ශ්රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම
කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ
භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
එල්.ටී.ටී.ඊයට උපකාර කරන්නැයි ඉන්දිරා රෝ සංවිධානයට කිවුවා - කේ.පී.