ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය දෙවැනි වරටත් සංවිධානය කිරීමට සූදානමින් සිටි විස්සයි/20 ක‍්‍රිකට් තරගාවලිය (එස්. එල්. පී. එල්.) ගැටළු කිහිපයක් හේතුවෙන් මෙවර පැවැත්වීම අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතාගෙන් ඊයේ (03) කළ විමසුමකදී පැවසුවේ තරගාවලිය පිළිබඳ ප‍්‍රශ්න කීපයක් මතු වී ඇති බවයි.
”එස්. එල්. පී. එල්. තරගාවලියේ සංවිධාන කටයුතු කරගෙන යෑමේදී පොඩි පොඩි ප‍්‍රශ්න කීපයක් මතු වී තිබෙනවා. ඒව මේ වන විට සාකච්ඡ මට්ටමේ තිබෙනවා” යැයි රණතුංග මහතා වැඩි දුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද්ද කියන්නකෝ තියෙන ප්‍රශ්න (දී)
වෙන මොකවත් නිසා නෙමෙයි මේ, ගිය සැරේ කරපුවා තමයි (නි)
අනේ අපේ අයට මේකවත් හරියට කරගන්න බැරි හැටි (නි)
මොනවද ප්‍රශ්නය, සල්ලි නැද්ද ? (නදී)
බංග්ලාදේශ් එකත් වැඩේ කොහොම හරි කරා.අපේ කට්ටියට හැමදාම ප්‍රශ්න (දී)
ඉන්දියාවේ අයි.පී.එල් වලට ප්‍රශ්න එනකොට , අපේ එස්.එල් පී.එල් එකටත් මහා ප්‍රශ්න. අනික ලංකාවේ එස්.එල් පී.එල් වල අයිතිය වැඩිහරියක් ඉන්දියානු ව්‍යාපාරිකයන් ට ගිහිල්ලා නිසා අවුල තවත් දිග් ගැස්සිලා. (නි)
එස්.එල් පී.එල් එහෙනම් ඉවරයි. හරියට දඹුල්ල ක්‍රීඩාංගනය වගේ. (නි)
අපිට අපිටම කියපු අන්තර්ජාතික ක්‍රීඩා නාලිකාවක් හා අපේ රටේ ව්‍යපාරිකන්ගේ වැඩි දායකත්වයක් තියෙන්න ඕනෑ. (නි)
අනේ සාදු! ඕක නවතින එකමයි හොඳ. (නි)
සහෝදරයා කියපු දේවල් දැන් තේරෙනවා වගේ (දී)
අපිට කරන්න සල්ලි තමා මදි. ක්‍රිකට් වලට හොද නමක්නේ තියන්නේ අපිට.තරග පාවා දෙන කට්ටිය අපි ගාව නැහැ (නි)
ඕක ඉතින් අවිනිශ්චිත වෙන්න දෙයක් නැහැ. ගිය පාර ගහපු විදෙස් ක්‍රීඩකයන්ට පොල්ල තියපු නිසා කොහොමත් ඒ ක්‍රීඩකයෝ එන්නේ නැහැ?ඕක බී පී එල් වලට වැඩිය අසාර්ථකයි. අපේ ක්ලබ් මැච් බලන්න ඔයිට වැඩිය සෙනග ඉන්නවා. (නි)
මහත්තුරුන්ට කීයක් හරි හොයා ගන්න තියෙන අවස්ථාවක් නැති වෙනවට දුක ඇති. මුරලිත් කැරිබියන් යනවලු නේද? එස් එල් පී එල් ගහල සවුත්තු වෙනවට වඩා කැරිබියන් යන එක හොදයි කියලා හිතෙනවා ඇති නේද? .(නදී)
ලංකාවේ ක්‍රිකට් විනාශවෙන්න කලින් ඕක නවතන එකමයි හොඳ!!!! (නි)