කුලියාපිටිය රෝහලේ භෝජනාගාරයේ රෝහල් සේවක වැඩ පාලකවරිය මිලට ගත් එළවළු රොටියක දතක් සොයා ගැනීමෙන් පසුව එම රොටිය හැදු බේකරියෙන් කෑම සැපයුම් අත්හිටුවා ඇත. එහෙත් නීතීමය කටයුතු අරඹා නැතැයි රෝහල් සේවකයෝ කනස්සල්ල පළ කරති.
කුලියාපිටිය නාගරික මහජන සෞඛ්‍ය පරීක්ෂක එම් ජී කේ රත්නසිරි මහතා පැවසුයේ බේකරි හිමියාගෙන්ද ප්‍රශ්න කර ඇති හෙයින් ඉදිරි කටයුතු ඒ අනුව සිදු වන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිරිසිදුකමක මහත. චණ්ඩියෙක්ගේ හෝටලයක් වෙන්න ඇති (නි)
කැල්සියම් එකතු කරන්න වෙන්න ඇති. එත් අපරාදේ දත. (ස)
දත ඉන්දියාවෙන් ගෙනාපු එකක් වුනානම්, දතට අපහාසයක් සිදුවුනා කියල අනිවාර්යයෙන්ම නඩුවක් දානවාමයි. (ස)
දත් නැති අය වැඩට ගන්න.එතකොට හරිනේ.(ස)
අපරාදේ දත පිටි වෙලා නැහැ. (ස)
සරා කියපුදේට මමත් එකඟ වෙනවා ,දැන් කෑම සපයන එක නැවත්තුවනේ.තවත් ඉතින් මොන නඩුද ...? (ස)
කාපු එක්කෙනාගේ දත් ඔක්කොම තියනවා නේද??? (දී)
මේක ෂුවර් සැළසුමක්. (නි)
අපේ රටේ හොටෙල් වල ප්‍රමිතිය නම් දැන් අන්තිමයි (නි)
හෝටල් වල ඉන්න අය පරීක්ෂා කරන්න එන අයට මොනවාහරි දීලා මිනිසුන්ට ජරාව කවන්න තමයි හදන්නේ. (නි)
අයියෝ! රොටියට විතරනේ සල්ලි ගත්තේ,ඕක කාලා දාන්න. දත දීලා තියෙන්නේ නොමිලෙනේ (නි)
සරා, ඒක නම් ඇත්ත. ඒත් ඉතින් එච්චර වටිනා දතක් තියෙන කෙනෙක් මේ රොටී බේකරියට එයි කියල හිතන්න අමාරුයි. 'චීන' බේකරියක් වුනා නම් සමහරවිට වෙන්න පුළුවන්. (නදී)
ඔය රෝහල්වල ශල්‍යාගාර වලින් එන රෝගීන්ගේ බඩවල්වල කතුරු, පුළුන් ගුලි එහෙමත් තියෙන්නේ. ඔව්ව ගනන්ගන්න එපා නෝනේ, දතක් උනත් කැල්සියම් නේ. අස්ථි වර්දනයට අත්‍යවශ්‍ය දෙයක්. (අ)
එයාගෙම දතද දන්නේ නෑ! (අ)
දත රත්තරන් උනානම් සද්දේ වහල කනවා. (අ)
මේ අයියේ අදහස් "ඇතුලත් කරන්න බැහැ ප්ලැටිනම් ඇඩ් එකට එකට යට වෙලා නෙ. කොහොමද ගොඩ ගන්නේ .(නදී)
කොහොමද අදහස් පලකරන්නේ ප්ලැටිනම් එකට යටවෙලා.(නදී)
බේකරියේ අයිතිකරු පලා බබෙක් වෙන්න ඇති,(නදී)
දතෙහි අයිතිකරු සොයා ගන්නා තෙක් ප්‍රමාද විය හැකිය. (අ)