IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


‘ඒ ගුරු මාරුව පලිගැනීමක්‘

කොළඹ ජාතික පාසලක විදුහල්පති සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිසම විසින් පවත්වනු ලබන විමර්ශනයක හෙට(18) අමාත්‍යංශයට පැමිණ ප්‍රකාශ ලබා දීමට නියමිතව සිටි ගුරුවරුන් කිහිප දෙනෙක් අද (17) මාරු කර ඇතැයි ලංකා ගුරු සංගමය කියයි.

එලෙස මාරු කර ඇති ගුරුවරුන් පාසලේ වසර 10ක් හෝ සේවා කර නැති බවත්, ඊට වැඩි කාලයක් පාසලේ සේවය කරමින් සිටින ගුරුවරුන් සිටියදී මේ ගුරුවරුන් ස්ථාන මාරු කර ඇත්තේ පලිගැනීමට  බවත් එම ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කරයි.

රාජ්‍ය සේවා කොමිසම මේ පාසල සම්බන්ධයෙන් මීට පෙර විමර්ශනයක් ඇරැඹි අතර, පාසලේදී සාක්කි ගනිද්දී සාක්කිකරුවන්ට බලපෑම් වෙන බව කියමින් පරීක්ෂණ අතර මඟ නැවතුණු බවත්,  නැවත වරක් සාක්කි කරුවන් අමාත්‍යංශයට ගෙන්වා හෙට(18) සාක්කි ගැනීම අරම්භ කරීමට ලිපි යවා ඇති බවත්, එසේ තිබියදී සාක්කිකරුවන් ස්ථාන මාරු කිරීම අසාධාරණ බවත්  ස්ටාලින් මහතා පවසයි.

විදුහල්පති ඉවත් නොකර සාක්කිකරුවන් කිහිප දෙනකු ස්ථාන මාරු කිරීම සෙසු සැකකරුවන්ට ද කරන බලපෑමක් බව ද හෙතෙම කියයි.

කොළඹ ප්‍රධාන බාලිකා විද්‍යාලයක් සම්බන්ධයෙන් ද මෙවැනිම විමර්ශනයක් සිදු කළ බවත්, එම විමර්ශනය අවසන්වන තුරු විදුහල්පති තාවකාලිකව ඉවත් කළ බවත්, විදුහල්පති සිටියදී විමර්ශන පවත්වද්දී සාක්කිකරුවන්ට වන බලපෑම කොළඹ කොල්ලුපිටියේ පාසලක් සම්බන්ධයෙන් කළ විමර්ශන වාර්තාවක පැහැදිලිව දක්වා ඇති බවත් ස්ටාලින් මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් විමසීමට අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය ජයරත්න මහතා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් එය අසාර්ථක විය.

ජාතික පාසල් අධ්‍යක්ෂ රංජිත් චන්ද්‍රසේකර මහතා පැවසුවේ විමර්ශනයකින් වැරදිකරුවන් වූ ගුරුවරු පිරිසක් මාරු කළ නමුත් එතැන විමර්ශනයක සාකිකාරයන් සිටිනවාදැයි තමා නොදන්නා බවයි.



අදහස් (0)

‘ඒ ගුරු මාරුව පලිගැනීමක්‘

කමල් Wednesday, 17 July 2013 03:30 PM

හැමතැනම ඇදගෙන නාන අය.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 87 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 2416 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 26 1308 0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.


චීන 75 වැනි ජාතික දින උළෙලින්
2024 සැප්තැම්බර් මස 26 533 0

ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් චීන රජයේ සහයෝගය ලබාදෙන බව මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය.


යුද්දෙට කුලී හේවායන් යැවූ හිටපු හමුදා ප්‍රධානියකු ගැන සෙයයි
2024 සැප්තැම්බර් මස 26 871 1

රුසියානු යුක්‍රේන යුද්ධයට කුලී හේවායන් ෙලස විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යැවීමේ මිනිස් ජාවාරම පිටුපස සිටි බව කියන රජයේ ඉහළ පෙළේ තනතුරක් හෙබව


මැදියම් රැයේ සිට වීසා දීම පැරණි ක්‍රමවේදයට
2024 සැප්තැම්බර් මස 26 1509 0

පැරණි ක්‍රමවේදය අනුව වීසා ලබා ගැනීමේ හැකියාව අද මැදියම් රැයේ සිට සියලුම විදේශිකයන්ට හිමිවන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37516 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24715 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 213 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 689 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 253 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site