IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ඒකාබද්ධ විපක්ෂෙන් ජනපතිට සන්දේශයක්

වැලිවේරියේ  ප්‍රහාරයට එරෙහිව කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරියේ  අද (14) සවස  විරෝධය පළ කළ ඒකාබද්ධ විපක්ෂය  පෙළපාළියෙන් අරලියගහ මන්දිරය දෙසට  ගමන් කරද්දී ලෝටස් පාරේදී සිය ගණනක් වු  පොලිසිය මාර්ග බාධකයක් සේ පාර අවුරාගෙන සිට ඔවුන්ගේ ගමන වැළැක්වීය.

එම මාර්ගය හරහා බස්ද ගාල් කැර  තිබිණි.අවසානයේදී  සංදේශයක් රැගෙන නියෝජිතයින් කිහිප දෙනකුට අරලියගහ මන්දිරයට යෑමට ඉඩ ලැබුණේ පැය එකහමාරක පමණ උද්ඝෝෂණයකින් අනතුරුවය.

උද්ඝෝෂකයන් ඇමැතු විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසුයේ තම උද්ඝෝෂණය නැවැත්වීමට පොලිසිය  වේගයෙන් ක්‍රියා කරමින් උසාවියට ගිය ආකාරයටම වැලිවේරියේදී වෙඩි තබා තරුණයන් තිදෙනකු මරා දැමු පිරිසට එරෙහිව ක්‍රියා කළ හැකි බවයි. එහෙත් එවැනි දෙයක්  පෙනෙන්නට නැතැයිද වික්‍රමසිංහ මහතා කීවේය.

රජය වෙනස් කරන තුරු  තම උද්ඝෝෂණය ගෙන යන බව ඔහු කීවේය.

ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න  කතාකරමින්  කීවේ ඇති  එකාට සියලු  දේ  ඇති බවයි. නැති එකා අන්ත දුකට වැටී ඇතැයිද  ඔහු කීවේය.

මනෝ ගනේෂන්  මහතා පැවසුයේ  මේ රජය එළවා දැමිය යුතු බවයි.

 

 



අදහස් (0)

ඒකාබද්ධ විපක්ෂෙන් ජනපතිට සන්දේශයක්

මංජු ප්‍රසන්න Thursday, 15 August 2013 11:03 AM

අතීතයේ මිනි මරුවා එනිසා වර්තමනෙත් ඒ දේම කරන දේශපාලනයක් තියෙන රටක මගේ පොඩි එකට අනාගතයක් තියෙයිද? (ස)

:       0       0

මෙන්ඩිස් Thursday, 15 August 2013 11:09 AM

අපි ලබන සතියේ මිනී මරපු එකට පක්ෂව උද්ඝෝෂණය කරනවා,එතකොට බලන්ඩ ලක්ෂ කියක් මිනී මරනවට පක්ෂද කියල. බලන්ඩ චන්දෙ ප්‍රතිපල ආණ්ඩුව උඩින් දිනුම්, ඊ කියන්නෙත් ජනතාව මර්දනයට කැමති කියල. (ස)

:       0       0

ෂාන් Wednesday, 14 August 2013 07:36 PM

අනේ එතකොට ඔය කට්ටියම එකතු වෙලා 88 89 කාලේ කරපු ඒවාට (අ)

:       0       0

සඳුනි Wednesday, 14 August 2013 07:39 PM

එතකොට 88 89 කාලේ මරපු මිනිස්සු (අ)

:       0       0

නිශාන් Wednesday, 14 August 2013 07:39 PM

කට්ටියට හොද පල්ලම රජ මගුල් .මම නම් කියන්නේ මෙයාල කොහෙද හිටියේ කාලයක් තිස්සේ වතුර ප්‍රශ්නේ තිබුනා නම් ගමේ මිනිස්සු නැතුව මේ වගේ ඒකාබද්ද විපක්ෂට තිබුණානේ උද්ඝෝෂණය කරලා වතුර අරන්දෙන්න දෙශපලුවෝ කවදත් කල දුටුකල වල ඉහගන්න දක්ෂයි (අ)..

:       0       0

මිනිපෙ Wednesday, 14 August 2013 07:43 PM

ඉතින් ඕක ඩි එච් එල් කරානම් වැඩේ ඉවරනේ.(නදී)

:       0       0

අරා Wednesday, 14 August 2013 08:04 PM

මේවා දැකල කොහෙන් හිනා වෙන්නද මන්දා. මිනිස්සු මෙච්චර මෝඩ ද සමහරක් ඒවා මේ තරමට විශ්වාශ කරන්න.(නදී)

:       0       0

සඳරුවන් Wednesday, 14 August 2013 08:08 PM

සදුනි / ෂාන්. 88 89 කලිනුත් මිනි මැරුණා. 71න් පස්සේ හිටපු ආණ්ඩුවේ ඉතිහාසේ පොඩ්ඩක් ආපහු කියවලා බලන්ඩ. (නදී)

:       0       0

රසිකා ඕමාන් සිට Wednesday, 14 August 2013 08:10 PM

ප්‍රභාකරන් හිටියනම් අද ගොඩක් සතුටුවෙවී (අ)

:       0       0

පිටිගල Thursday, 15 August 2013 06:46 PM

""මේවා දැකලා පන පලයන් පෙරේදා"" කිව්වලු.(නදී)

:       0       0

අරවින්ද බණ්ඩාර රණසිංහ Thursday, 15 August 2013 11:57 AM

නියමයි (අ)

:       0       0

ලෙස්ලි ලෝව් Wednesday, 14 August 2013 08:18 PM

88, 89 ගැන කතාකරන අය 2006 සිට 2009 දක්වා මනුෂීය මෙහෙයුම ගැනත් 71 කැරැල්ල ගැනත් කතා කරන්නේ නැත්තේ ඇයි.මේ සියල්ලම ත්‍රස්තවාදය නිසා තමයි (අ)

:       0       0

ටෙනිසන් Thursday, 15 August 2013 06:52 PM

ඒ රජ වුනාම බී සීඩීඑෆ් පරණ ආයුද වලින් ඒ ට ගහනවා . බි රජවුනාම ඒ සීඩීඑෆ් ල සමග පරණ ආයුද වලින් බී ට ගහනවා. සීඩීඑෆ් ලා කිසිම දිනක රජ වෙන්නේ නැහැ. බල්ලාගේ පිටේ නැග්ග මැක්කෝ වගේ බලුවූ බල්ලාගේ කරේ නැගලා බඩ වඩා ගන්නවා. මේ එකෙක්වත් අපිට ආදරේට කෑගහනවද ?.අපේ අයියලා ඕක තේරුම් ගන්නකන් මේ රට හැදෙන්නේ නැහැ .උන් රජ කරනවා අපි මරා ගන්නවා.(නදී)

:       0       0

දිසානායක Wednesday, 14 August 2013 08:28 PM

යු එන්.පී .එක හෝ ජේ .වී .පී. එක කවුරු හෝ වේවා ඉදිරිපත් වී මේ මැරුණ අයට සාධාරණයක් ලබාදීම වෙනුවෙන් හඬ නැගීම වැදගත්ය. මිනීමරුවන්ට සුදු හුණු ගාන්න හදන අය මේවා දකින්නේ වෙනත් මුහුනුවරකිනි. තමන්ගේ වාසිය ගැන පමණක් හිතන ආත්මාර්තකාමින්ට අනෙකාගේ දුක වේදනාව විහිළුවකි.(නදී)

:       0       0

ක්‍රිෂාන් විතාන Wednesday, 14 August 2013 09:28 PM

සැබෑවටම මිනිසුන් වෙනුවෙන් කරන වැඩක්ද (අ)

:       0       0

පැහැසරා Wednesday, 14 August 2013 09:32 PM

සල්ලි වලට මෙතන අදහස් දක්වන අයගෙන් අහන්නේ ... මිනි මරණ එක හොදයි උද්ඝෝෂණය කරන එක වැරදිද? (අ)

:       0       0

මිගෙල් Thursday, 15 August 2013 12:31 PM

නමට කෑලි එකතු කරාට වැඩක් නෑ.වැඩ නැත්නම් (ස)

:       0       0

පැහැසරා Wednesday, 14 August 2013 09:42 PM

යුද්දේ දින්න නිසා මොනවා කලත් අපි ඉවසල ඉන්න එකද දෙෂ‍ෙප්‍රමි කම? 88/89 කලේ එජාප එක කරපු දේවල් අදටත් අපිට මතකයි. එත් එක මේ ආණ්ඩුව කරන වැරදි වැඩ වලට එක හිලව් කරන්න තරම් අමනයන් වෙන්න එපා. කව්රු කවද කොහේ කලත් වැරැද්ද වරද්දමයි. හිතට එකගව අපි අපේ අදහස් පල කරමු (අ)

:       0       0

සිරි Thursday, 15 August 2013 12:35 PM

වැඩේ හොදයි .හැබැයි දුකයි...... (ස)

:       0       0

ගුණේ Thursday, 15 August 2013 12:48 PM

නළුවෝ රඟති, ආචාර්යවරු පච කෙළිති, එළුවෝ බෑ කියති. (ස)

:       0       0

අසංග Thursday, 15 August 2013 01:46 PM

අද ගොඩක් දෙනෙක් මේ දේවල් කරන්නේ දේශපාලන වාසි තකා නැත්නම් කව්රුත් මැරුණට දුකටවත් රටටවත් ආදරයටනම් නොවෙයි.අද රටේ සියලු දෙනාම පාටවල් පක්ෂ අමතක කර දමා මේ වටිනා රට ගැන සිතල වැඩ කරමු. (ස)

:       0       0

චන්දා Thursday, 15 August 2013 01:53 PM

මට නම් ‍මේ ‍ෆොටෝ වලින් ‍පේන්නේ විනෝදෙට එකතු වෙලා ඉන්න පිරිසක් වගෙයි.(ස)

:       0       0

සුනෙත් Thursday, 15 August 2013 02:12 PM

පැහැසර ..මේ ප්‍රශ්නේ විසඳන්න ඉදිරිපත් වුණ කෙනෙක් මෙතන ඉන්නවනම් කියන්න බලන්න. (ස)

:       0       0

ගීතාංජලී Thursday, 15 August 2013 10:21 PM

අපි හැමෝම දැන් ඇත්ත දන්නවා. (නි)

:       0       0

Russel Thursday, 15 August 2013 01:08 AM

පැහැසරා ඔයා අතින් ගෙවලද අදහස් දාන්නේ ?කැමති අදහසක් දාන්න අයිතියක් නැද්ද? මෙතන ඉන්න කට්ටියගෙන් කී දෙනෙක් අකුල් හෙළුවද කොටින්ට ගහනකොට? ආණ්ඩුවේත් වැරදි තියෙනවා නමුත් තාමත් ඔතන ඉන්න ඇත්තන්ට වැඩිය හොඳයි, (නදී)

:       0       0

රත්න Thursday, 15 August 2013 01:25 AM

විපක්‍ෂ නායකතුමා අද මේ ඇවිත් තියෙන්නේ රජය පෙරලක්කද?  ඹබ තුමත් එක්ක ඉන්න ඔය අනිත් අයටත් කියන්න තියෙන්නේ මේ ටිකම තමයි. මේ රටේ දියුණුවට බාදා නොකර වැඩක් බලා ගන්න කියලා.(නදී)

:       0       0

උපාලි Thursday, 15 August 2013 03:33 AM

මට හිත ගියේම 'ඇති එකාට සියලු දේ, නැති එකා අන්ත දුකට වැටිලා' කියපු ඒ කැල්ලටයි. ඒක නම් තමන් ගැනම හිතිලා ආත්මානුකම්පාවෙන් අඬ අඬා කිව්වා දෙයක් වගේ. හරි පවු අනේ! (නදී)

:       0       0

මාධව Thursday, 15 August 2013 04:06 AM

සදරුවන් නිකන් ගොන් කතා කියන්න එපා ,71න් පස්සේ හිටපු ආණ්ඩුවේ ඉතිහාසේ පොඩ්ඩක් ආපහු කියවලා මේ ආණ්ඩුවත් මිනි මැරුවම හරියනවද ? පිස්සු ඔයාට.(නදී)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 15 August 2013 05:50 AM

මේකට තමයි දිට්ට දැම්ම වේදනීය කර්මේ කියන්නේ , ප්‍රේමදාස මහත්තයා ජනාදිපති වෙලා ඉන්න කාලේ මහින්ද මහත්තයා පාරෙමයි. ඒ තරමට උද්ගොසන , අද එතුමා රජ වෙලා හැබැයි කර්මෙන් ගැලවෙන්න බැහැ නේද ? අද එතුමාට විරුද්දව උද්ඝෝෂණ.(නදී)

:       0       0

චාමි Thursday, 15 August 2013 06:34 AM

හරි හරි. අතීතය අපට මතකයි. අපිත් ඒක දන්නවා. ඒවා වැරදියි. ඒත් වැඩේ කියන්නේ මේක මේ වතුර ඉල්ලලා කරපු උද්ගෝෂණයක්. ඒකට වෙඩි තියලා කරපු වැඩේ වැරදියි නේද. හිතලා බලන්න ඔලුවෙන් (නි)

:       0       0

රෝකින් Thursday, 15 August 2013 04:20 PM

ගෙට් ටුගෙදර් එකක් වගේ

:       0       0

මනෝජ් Thursday, 15 August 2013 04:36 PM

ජයවේවා

:       0       0

මදුසංක Thursday, 15 August 2013 08:46 AM

ජිවිත ගැන ආදරය නැති කරලා පාරට බැස්ස නුබලට් ජාතියේ උපහාරය (දී)

:       0       0

පැහැසර Friday, 16 August 2013 06:28 AM

සුනෙත්... අපේ ප්‍රශ්න විසදන්න ඕන නිසා තමයි අපි ආණ්ඩුවක් පත්කර ගත්තේ. ආණ්ඩුව මේ ප්‍රස්නේ විසදපු ආකාරයි වැරදියි. අපි ඒක හෙලා දකින්න ඕනා. වතුර ප්‍රශ්නෙට කොහෙන්වත් අදාලත්වයක් නැති අමත්‍යංශයක මැදිහත් වීමක් නොවෙන්න ජනාදිපති තුමා මේ ගැන කටයුතු කරනවා අනිවාර්යන්ම. කිසිම පරිපාලන අත්දැකීමක් නැති, උගත්කමක් නැති, හිනමනයන් පෙලෙන නිලදාරින් කටයුතු කල ආකාරය නිසයි මේ මිනිස්සු අද මෙහෙම එකතු වෙලා ඉන්නේ. එකට මේ මිනිස්සුන්ට බැනල වැඩක් තියනවද? (නදී)

:       0       0

වසන්ත කුමාර Thursday, 15 August 2013 09:14 AM

පක්ෂ බේධයකින් තොරව මමත් සහාය දෙනවා (දී)

:       0       0

අමිල - බලන්ගොඩ Thursday, 15 August 2013 04:55 PM

හැම වෙලාවේම 88/89 මතක් කරන අය කල්පනා කරන්න මොනවද කියලා අපි දන්නවා (නි)

:       0       0

චමීර Thursday, 15 August 2013 09:19 AM

යූ.එන්.පී. අය මිනී මැරුවත් වැරදියි මේ ගොල්ලො මිනී මැරුවත් වැරදියි. ඒ නිසා හරි වැරැද්ද දිහා නිල්, කොළ කණ්නාඩි වලින් බලන්න එපා. එහෙම උනොත් අපේ රටට, ජාතියට කවදාවත් ගොඩයාමක් නැහැ. බුදුන්ගේ ධර්මය අනුව ඇත්ත ඇති සැටියෙන් දකින්න, නිවැරදි දැක්මක් නොමැති තැන කිසිවක් පවතින්නේ නැත.(නදී)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 15 August 2013 05:19 PM

පිටබැද්දර ජයෝ, දිට්ඨ ධම්ම වේදය කියන්නේ ඕකට නෙමෙයි. (නි)

:       0       0

සරත් Thursday, 15 August 2013 10:33 AM

එහෙම එකක් ලංකාවේ තියනවද එහෙම අයත් ඉන්නවද? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 3131 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2273 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 3127 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3030 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 674 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1346 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36071 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24126 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 172 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 518 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site