IMG-LOGO

2024 සැප්තැම්බර් මස 17 වන අඟහරුවාදා


ඒකාබද්ධ විපක්ෂය ජනපතිගේ පැත්ත ගැනීමට සැරසෙයි

(විනීතා එම් ගමගේ)

ආණ්ඩුවේ පුපුරා යාමක් සිදුවන්නේ නම් ඒකාබද්ධ විපක්ෂය මෛත‍්‍රීපාල සිරිසේන මහතා සිටින පැත්තේ සිට ගත යුතු බවටත් සිරිසේන මහතාට සහය පළ කළ යුතු බවටත් තමන් යෝජනා කරන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

ආණ්ඩුව පුපුරායාමකට සුදානම් බව ආණ්ඩුවේ උපදේශකවරුම පවසන්නේ යැයි ද නානායක්කාර මහතා කියයි. බොරැල්ල ඇන්. ඇම් පෙරේරා මධ්‍යස්ථානයේදී පැවැති පුවත් පත් සාකච්ඡාවකදී වාසුදේව නානායක්කාර මහතා මේ බව පැවසීය. 

රනිල්  වික‍්‍රමසිංහ මහතා හා මෛත‍්‍රීපාල සිරිසේන මහතා එක්ව හැදු ආණ්ඩුව පුපුරා යමින් පවතින්නේ නම් එය පුපුරා යාමට ද සහය දිය යුතු බව නානායකක්කාර මහතා පවසයි.

‘‘මේ වන විට විමල් වීරවංශ මන්ත‍්‍රීවරයාගේ තත්ත්වය බරපතලයි. ආණ්ඩු විරෝධී ක්‍රියා  මෙහෙයවන්න බැරි නිසයි ඔහු උපවාස කරන්නේ. ඔහුට ඇප ලබා දීම ආණ්ඩුවේ වගකීමක්‘‘
‘‘චම්පික රණවක ඇමතිවරයාත් හම්බන්තොට කමිටුවෙන් අස්වෙලා. හම්බන්තොට වරායේ ඇති වියවුල් එයින් පෙනෙනවා. අනාගත පරපුරේ හිමිකම් අහිමි කරමින් පාවාදීමි වැඩිවෙලා තිබෙනවා. ඒවා  බලා ඉන්න බැරි තැනයි විජේදාස රාජපක්ෂ මහතා කථා කළේ. මුතුහෙට්ටිගම මහතා ඇතුළු පිරිස් කථාකළේ ඒ නිසයි. “යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.



අදහස් (14)

ඒකාබද්ධ විපක්ෂය ජනපතිගේ පැත්ත ගැනීමට සැරසෙයි

d.upul Monday, 27 March 2017 12:29 PM

ආණ්ඩුව කොහොමද මෝඩයෝ ඇප ලබාදෙන්නේ?

:       245       408

uddika Monday, 27 March 2017 01:09 PM

අනික් දෙන්නට ඇප ලබාදී විමල්ට ඇප ලබා නොදෙන්නේ කොහොමද මෝඩයෝ

:       307       61

WijebahuTuesday, 28 March 2017 12:45 AM

මෙයාගේ හිතේ තාම රාජපක්ෂ තමයි ජනපති කියල. දැන් කල්පනාව ටිකක් අඩුයි මන් හිතේ.

:       0       0

Nandalal de Silva - France Monday, 27 March 2017 01:12 PM

වාසුදේව කියන පරිදි තුන්මුල්ලේ විමලේ පටන් අරන් තියෙන්නේ "උපවාසයක් " නොවෙයි, "උපහාසයක් " පමණයි. සිය පවුලේ අයගේ කිඹුල් කඳුළු මාධ්‍ය කැමරා ඉදිරියේ සලමින්, එයාගේ හෙන්චයියලා රොත්තක් එකතු කරගෙන මුළු රටටම ඇහෙන්න සද්දේ දම්මවල, විමලේ පටන් ගත්තේ "සිය දිවි නසා ගැනීමේ " ප්‍රයත්නයක් පමණයි. මිනිහෙක් විදියට තිබෙන චෝදනාවලට එඩිතරව මුහුණ දීමට බැරිව, නිවට නියාලව මෙයා නටන්නේ කෝළමක් විතරක් බව නොදන්නේ ඔහුගේ ගජයන් වන වාසුදේව, ගම්මන්පිල්ලේ වගේ අය පමණයි. පරණ කතාවක් අනුව, එළුවාගේ මොකද්ද වැටෙනකම් දිව ඇදගෙන පස්සෙන් යන නරියා වගේ ඒකාබද්ද රංචුවත් යහපාලන රජය පුපුරා යනකම්, මේ වයෝවුර්ද වාසුදේව කල්ලිය කල්මරණ බව ඔහුගේ මේ කථාවෙන් පැහැදිලිවම පේනවා.....

:       362       543

Rajith Monday, 27 March 2017 01:20 PM

මම පත්තරෙන් දැක්ක සමකයට කිට්ටු රටවල මිනිස්සුන්ගෙ මොළය වැඩන්නේ හිමින්ලු

:       7       68

pubudu Monday, 27 March 2017 01:42 PM

වාසුගේ මතය හරි.

:       122       54

namal Monday, 27 March 2017 03:14 PM

නීතීඥයෙක් වෙන වාසුදේව දන්නැත්ද අධිකරනයට මිස ආන්ඩුවලට ඇප දෙන්න බැරි විත්තිය...

:       41       134

Chanak Los angeles Monday, 27 March 2017 04:11 PM

නාමල් ... ඔවුන්ගේ දුෂණ දශකයේ ඔවුන්ගේ හිතවතුන්ට ආණ්ඩුව මගින් ඇප ලබා දීල තිබෙනවා කියන දෙය නේද මේ උගත් නීති විශාරදයා එලියට දැමුවේ ?

:       18       75

ranavi Monday, 27 March 2017 05:41 PM

උගතෙක් පිළිගත් පවුල් පසුබිමක් ඉස්සර දේශපාලනය කලේ රට ගැන හිතල වාමවාදී අදහස්වලින්..දැන් තනිකර පිස්සු රට අරාජික කරන්න පුළුවන් මොන ක්‍රමයෙන්ද එතන වාසු දිනේෂ් විමල්..

:       0       69

k Perera Monday, 27 March 2017 06:08 PM

ආණ්ඩුව පිපිරයාමක්නම් තවම පෙනෙන්නට නැහැ, මේ ආණ්ඩුවට තවම අවුරුදු දෙකනේ, ඉදිරියට තවත් රටට යහපත් වේවි නමුත් . හොරුන්ට සහ දුෂිතයන්ට නම් කිසිම සමාවක් ලැබෙන එකක් නම් නැහැ .

:       130       455

rajasinghe Tuesday, 28 March 2017 12:24 AM

මෝඩයන්ට ගිය රට. අනේ කාලේ වනේ වාසේ . විමලයාගේ කපටිකම් වලට අහුවෙන උදවිය හිටියේ ඉස්සර. තමුන්නන්සේත් දෙවියනේ කියල පෙන්සන් යනවද තවත් පව් නොදී.

:       0       0

Susil Tuesday, 28 March 2017 12:42 AM

මට මහළු වයසේ, බැරිය වෙන ගායනා පෙරසේ..

:       0       0

jayasiri Tuesday, 28 March 2017 03:59 AM

හැම දෙනෙක්ම කියන්නේ ආණ්ඩුව කොහොමද ඇප ලබාදෙන්නේ කියල නේද ? එතකොට ආණ්ඩුව කොහොමද ආණ්ඩු විරෝදී පුද්ගලයන් පමණක් සිරගත කරන්නේ ? ආණ්ඩුවට ඕන විදියට නේද නීතිය මෙහෙයවන්නේ කියන එක අද මොන්ටිසෝරි ළමයෙක් වුනත් දන්නවා. කොලේ වහල ගහනවා කියන්නේ ඔකට.

:       0       0

thilina Tuesday, 28 March 2017 05:15 AM

ඔබතුමා ලංකාවේ නෙමෙයි වගේ ඉන්නේ.. තරුණයෙක් පැහැරගත්තු මන්ත්‍රිතුමියට පැය බාගෙන් ඇප ලැබෙද්දී තරුණයෙක් හැප්පුවහම CCTV මැකෙන රටක නීතිය නවනවා කියන පොලිස්පති කෙනෙක්ගෙන්ද සාධාරනයක් බලාපොරොත්තු වෙන්නේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වසන්ත නිසා කවිරත්න වේදිකාව වර්ජනය
2024 සැප්තැම්බර් මස 16 621 0

සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාවට නැග සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා වේදිකාවෙන් බැස යන තුරු මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී


පන්නල පොලිසියට පාප්ප ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 16 197 0

පන්නල ඇලබඩගම සුහද ජනපදය මාර්ගයේ එක්තරා දේශපාලන පක්ෂයකට අයත් දැන්වීම් අලවමින් සිටි දෙදෙනකු අත්අඩංගුවට ගිය පොලිස් කණ්ඩායමක පාප්ප බාල්දි පාරක් කෑමට වූ


ශිෂ්‍යත්ව පේපරය බෙදන්න කලින් පිට කරලා
2024 සැප්තැම්බර් මස 16 465 0

අනුරාධපුර, රත්මලේ තිස්ස විදුහලේ පසුගිය 15 වැනි දින පැවති පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ජයාරූප ගතකර බේදා හරින ලද බව කිය


ජනපති අපේක්ෂක සීලරතන හිමිට අ:පුරේදී මැර තර්ජන
2024 සැප්තැම්බර් මස 16 704 0

ජනසෙත පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක බත්තරමුල්ලේ සීලරතන හිමියන්ට සහ ඔහුගේ ආරක්ෂකයාට ඊයේ (15) රාත්‍රී අනුරාධපුර නව බස් නැවතුම්පොළේදී පිරිසක් පරුෂ වචනයෙන


ජල ගැලුම් නිම්නයේ වන සංහාරයක්
2024 සැප්තැම්බර් මස 16 181 0

පොළොන්නරුව ජලගැලිම් නිම්න ජාතික වනෝද්‍යානයේ වැලිකන්ද කටුවන්විල ප්‍රදේශයේ, සංවිධානාත්මක දැව ජාවාරම්කරුවන් පිරිසක් විසින්ම දිගු කලක සිට අක්කර පනහකට


ලංකාවට යන්නේ පරිස්සමෙන්: ඇමෙරිකාවෙන් උපදෙස්
2024 සැප්තැම්බර් මස 16 575 0

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක උපදේශනය යාවත්කාලීන කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 67 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2131 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 985 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site