ඕමානයේදී අරාබි ජාතික හාම්පුතාගේ අතවරයට ලක්ව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය බාරේ සිටින තම බිරිඳ ඉතා ඉක්මනින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමටත්, එතෙක් ඇය ආරක්ෂා සහිතව වෙනත් තැනක රඳවා තබා ගැනීමටත් පියවර ගන්නා ලෙසටත් ඇයට සිදු වු අසාධාරණයට එරෙහිව ඊට සම්බන්ධ පුද්ගලයන්ට නීතිමය පියවර ගන්නා ලෙසත් ඉල්ලමින් ඇගේ සැමියා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
එහි වග උත්තරකරුවන් ලෙස එහි කම්කරු අංශයේ නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය බාරයේ ඇති ‘සුරක්ෂා‘ නිවසේ තිදෙනෙක් නම් කරනු ලැබ සිටිති.
එහි කම්කරු අංශයේ පරිපාලන නිලධාරීන් නීති්‍යානුකූලව කටයුතු නොකිරීමෙන් තම බිරිඳට නීතියේ හා යුක්තියේ රැකවරණය ලැබීමට තිබු අවස්ථාව අහිමිකර ඇතැයි ඔහුගේ පැමිණිලලේ දැක්වේ.
ඇයට සිදු වු අසාධාරණය ලෙස ඔහුගේ පැමිණිල්ලේ සඳහන්ව ඇත්තේ ඕමානයේ විදේශ සේවයේ නියුක්තව සිටි ඔහුගේ බිරිඳ ඇය සේවය කළ නිවසේ හාම්පුතා විසින් කෙළෙසා අනතුරුව ඕමානයේ විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් පවත්වාගෙන යන ‘සුරක්ෂා‘ නිවසේ භාරයට පත් කර ඇති බවයි.
ඇය දූෂණයට ලක් කිරීමෙන් ගැබ්ගෙන ඇති බව අනාවරණය වීමෙන් අනතුරුව ශ්‍රී ලාංකික ගෘහ සේවාකාවන්ගේ ආරක්ෂාවට ඇති ‘සුරක්ෂා‘ නිවසේ නිලධාරීන් ඇයට පහරදී තර්ජනය කර බලහත්කාරයෙන් එරට පෞද්ගලික රෝහලකදී ගබ්සාවකට ලක් කර ඇති බවද පැමිණිල්ලේ දැක්වේ.
මෙය සිදු කර ඇත්තේ ඇය සේවය කළ නිවසේ අරාබි ජාතිකයාගෙන් මුදල් ලබා ගෙන ඔහු ආරක්ෂා කර ගැනීම සඳහා බව ඔහු එහි පැමිණිලි කර ඇත.
මේ සම්බන්ධයෙන් ඕමානයේ විදේශ කටයුතු අමාත්‍යංශය හා ඕමානයේ මස්කට් නගරයේ පොලිසිය එම අරාබි ජාතික හාම්පුතාට සහ ගබ්සාව සිදු කළ බව කියන වෛද්‍යවරියට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බැවින් තවදුරටත් ඇය සුරක්ෂා නිවසේ රඳවා තිබීම ඇයගේ ජීවිතයට තර්ජනයක් බවද සඳහන් කර ඇත.
ඕමානයේ ශ්‍රී ලංකා තානාපතිවරයාද මේ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් ආරම්භ කර ඇති නමුත් ඔහුද ජුලි 31 දිනට පෙර කොළඹට වාර්තා කරන ලෙස කැඳවීමක් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරුත් දන්නවනේ කාන්තාවන් තනියම ඔය වගේ දුරු රටවලට ගියාම වෙන දේ (නි)
ඒ කියන්නේ ටානියා තමයි මේ සේරම බලාගෙන ඉන්න කෙනා. ටානියත් සම්භනදයි වගේ මේ සැලැස්මට. බලමුකෝ සත්තිය ජය ගන්නවා අන්තිමට.හැබයි ටිකක් පරක්කු වෙනවා.ජයවේවා.යන්න වෙන කොට ලැජ්ජාව වහගන්න එපයි.ජය වේවා. (අ)
අපි ලංකාවෙත් ජිවත් වන්නේ මානව හිමිකම් නොමැතිව . මැද පෙරදිග ගියත් එයමයි . බටහිර රටවල තිබෙන නිදහස මානව හිමිකම් අපට ලැබෙන්නේ කවදාද ? (අ)
මේවාට ජාත්‍යන්තර මානව හිමිකම් වලට අයිති නැතිද? මේ වාගේ දසදහස් ගණන් සිද්ධීන් සිදු වුනත් ඔය මහා ලොකුවට කෑගහන මූන්දලා පිල්ලෙල බලන්නේවත් නැහැ. බලවත් යට කවුරුත් බයයි. අනේ වාසනාවන්. (අ)
ජයසිරි සහ චන්දිමට- ජනාදිපති තුමාත් හොරුන්ට ඕනේ දේවල් කරගන්න ඉඩ දීල ඉන්නවා. එකනේ ලංකාවේ නීතියක් නැති වෙලා තියෙන්නේ.ඉතින් ඔය ගොල්ලන්ගේ පැතුම කවදාවත් ඉටු වෙන්නේ නැ. (අ) කනගාටුයි.......
උපජීව ගේ ප්‍රතිචරය එක දැකකම ඔහුගේ මැදපෙරදිග ගැන ඇති දැනුම මට්ටම ගැන හිතාගන්න පුළුවන්.නොදන්නා දේ ගැන ප්‍රතිචාර දාලා තමන්ගේ මෝඩකම පෙන්නන්න එපා (අ)
අජිත් කියන්නේ ඇත්ත කරපු බිස්නස් මෙහෙ කවුරුත් දන්නවා (අ)
ලංකාවේ රාජ්‍ය සේවයේ හැටි ඔහොමම තමයි තමන්ගේ කියක් හරි අතට එනවා නම් ඕන ජරා වැඩක් කරනවා. කොහොමවුණත් මගේ පෞද්ගලික මතය මේවට බිරිදව රට යවන මිනිස්සුත් වගකියන්න ඕනේ මම කියන්නේ න මේ මහත්තය එහෙම මනුස්සයෙක් කියල ඒ වුණාට මම ගොඩක් මිනිස්සු දැකල තියෙනවා බිරිද රට රස්සා වලට යවල ගෙදරට වෙලා ඒ එවන සල්ලි වලින් කාල රස්සාවක් නොකර ඉන්න. එහෙම අයට නම් හොදක් වෙන්න එපා. කොහොම වුණත් තමන්ගේ බිරිද රට යවන්න කලින් දෙපාරක් හිතන්න කියල විතරක් මන් ඉල්ලනවා (අ)
ෆාතිමා ඔයාගේ කියමන හරියටම ගැලපෙනවා,මොනවද වෙනසේවැව? විදේශසේවා අමත්‍යන්සයෙන්,අපෙන් සල්ලිගත්තාට ප්‍රධාන කාර්යාලයයට ගියහාම මොනම නිලදරියෙක්වත් දන්නේ නැහැ තමුන් ගේ වගකීම,රාජකාරිය ,ඇහුවොත් මොකකාහරි ගැටළුවක් නිශ්චිත උත්තරයක් දෙන්න කවුරුත්ම දන්නය් නැහැ (අ)
උපජීවලා වගේ අය ජීවත් වෙන්නේ වෙනම ලෝකවල. රටේ ලෝකයේ වෙන්නේ මොනවාද කියලා කිසිම අදහසක් නැහැ. මේ රටවල වැඩකළ අපි දන්නවා මොනතරම් අමාරුවෙන්ද මේ කාන්තාවන් වැඩපල කරගෙන ඉන්නේ කියලා. (නි)
මේකේ ප්‍රධාන වැරැද්ද ලංකික අපේ. අපි අපේ කාන්තාවන් පිටරට වහල්කමට යවා පිටරටවල මිනිස්සුට දොස් කිව්වාට වැඩක් නැහැ. දැන්වත් දුෂණය හොරකම නවත්වා මෙරට දියුණු කිරීමට පියවර ගන්නවානම් අපිට ලංකාව අවුරුදු පහකින් මීට වඩා දියුණු කර ලංකික කාන්තාවන් පිටරට වහල් වැඩට යැවීම නතර කළ හැක. (නි)
සමන්, අර නාසා එක කියනවා වගේ අනාගතය ගැන කියන්න ගොඩක් දක්ෂ කට්ටිය ලෝකයේ වැහිවැහැලා. (නි)
උපජීව, කවුරුහරි ඔයාගේ නෝන බලෙන් දුෂණය කලොත්, එයාට දෙකක් දීල පරිස්සම් වෙන්න කියල කියනවද? කාත්කව්රුවත් නැති රටක ලොකු තාප්ප වලින් වට වෙච්ච ගෙයක් ඇතුලේ ඉන්න ගැහැණියෙක් පරිස්සම් වෙන්න කියල කරන්න වෙන්නේ උඩ තට්ටුවකින් පැනල මැරෙන්න. තානාපති කාර්යාලත් මේ වගේ නම් තව මොන කතාද? (අ)
අති ගරු ජනාදිපති තුමනි, මේ ලංකාවේ ඉන්න මෝඩ හෙංචයියෝ අපනයන කිරීමේ වැඩ පිළිවෙල යටතේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල වලට යවපු අය තමා ඔය වැඩ කරන්නේ. මෙල්බර්න් කොන්සියුලේට් කාර්යාලයේ ඔය වගේම සෙට් එකක් ඉන්නවා. ඒ අය මෙහෙ ඉඳන් ලංකාව කනවා (නදී)
මෙවැනි වැඩ හින්දා තමයි නවනීදන් පිල්ලේ අපිට එරහි වන්නේ. මෙවැනි දුෂිත නිලදාරීන් ගැන බලන්න කෙනෙක් නැද්ද (නදී)
විදේශ සේවා කාර්යංශය භාර ඇමතිවරයා ඇතිලු සියලුම නිලධාරීන් පිළිබඳව ශ්‍රිලංකාවේ සහ විදේශ රටවල තිබෙන්නේ ඉතාම පහත ප්‍රතිචාරයක්. මේ පිළිබඳව ජනාධිපති තුමා මෙතුවක් කල් නිවෙරදි ප්‍රතිපත්තියක් නොගෙනීම ඉතාම කණගාටුවට කාරණයක්. සියලුම අරාබි රටවල පිහිටුවා තිබෙන තානාපති කාර්යාලවල කම්කරු සහ සුබසාදන අංශවල තත්වය ඔය විදියයි. විදේශ සේවා කර්යන්සයෙන් පත් කර එවන ඇමති තුමාගේ ගෝල බාලයෝ ඉතාම පහත් ලෙස කටයුතු කරන්නේ. විදේශ කටයුතු අමාත්‍යංශයේ සිටින ඉහලම නිලදාරීන්ගේ ආරක්ෂාව ඔවුන්ට ලැබෙනවා. විදේශ සේවා නියුක්ති කර්යන්සය සහමුලින්ම සුද්ද කිරීම ගරු ජනාදිපති වහාම මැදිහත් වන්න.(නදී)
විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් විදේශගත ලාංකික කාන්තාවන්ට කිසිම සාධාරනයක් පිහිටක් නැහැ කියලා මමත් කියනවා (නි)
ලංකාවේ කාන්තාවන් පිටරට යවන එකට මම නම් විරුද්ධයි (නි)
මෙහෙම ගියොත් මේ වගේ දේවල් තමයි ඉදිරියටත් අපට අහන්න දකින්න වෙන්නේ. (නි)
මට හිතෙන්නේ උපජීව,ලංකා තිලක්,බන්දුල පෙරේරා,කුමාරිහාමි, පෙරේරා යනු එකම පුද්ගලයෙකි. (නි)
කාන්තාවන් රට යන එක වෙනම කතාවක්. හැබැයි ඔය තනතුරු දරන නුසුදුසු අය දාලා තියෙන එක නම් මේ රජයට කවදාහරි බූමරංගයක් වෙනවා. (නි)
උපජීව වාගේ හැමෝටම කියන්නේ , ගැහැණු පරිස්සම් වෙන හන්ද තමා එයාගේ මහත්තයට කෝල් කරලා කියල තියෙන්නේ .ජවුසම් නටන ගැහනියෙක් නම් සද්ද නොකර ඉඳල ලංකාවට ඒවි.අනිත් එක තානාපති කාර්යාල ගැන නම් කියන්ඩ එපා. විශේෂයෙන්ම කියනව නම් මැද පෙරදිග රටවල්වල තිබෙන තානාපති කාර්යාල සේවකයෝ නම් අජූතයි .උන් පඩි ගන්නේ කොහෙන්ද ,කාගේ මුදල්ද, වුන්ගේ අම්මගේ,අප්පාගේ බුදලෙන්ද, අහිංසක අපි රට රැකියාකරලා හම්බකරලා එවන මුදල්වලින් නේද. හවුස්මෙඩ් කෙනෙක් මෙහෙට ආවහම අන්තිම අසරනයි,තනිවෙලා ඉන්නේ.(අ)
ගබ්සාව තහනම් කරන්න ලෝකෙම (දී)
ගැහැණු රට එන්නේ ගෙවල්වල වැඩට විතරයි කියලද හිතන්නේ. 95% කට පිරිමින්ට යටත් වෙන්න වෙනවා. එ්කනේ හැමදාම කියන්නේ ලංකාවේ හිගාකාපල්ලා ගෑනිව රට්ටුන්ට බිලි නොදී (නදී)
මමනම් කියන්නේ සුරක්ෂා නිවාසවල ඉන්න කාන්තාවන්ට ලංකාවේ ඥාතීන් සම්බන්ධ කරගන්න අවස්ථාව දියයුතුයි (නි)
ඔන්න ලොකුමහත්තයෝ, තමුනුත් ඕවට හවුල් නැති නම් තානාපතිතුමාව අයෙත් ඕමානයටම යවල, දෑත පිරිසිදු කරන්න පුළුවන් හොදම වෙලාව. අපේ ලොක්කන්ට පුළුවන් නම්, තානාපතිතුමාව කොළඹට කැදෙව්වා වගේ ඕමානයේ විදේශ කටයුතු අමාත්‍යංශය හා ඕමානයේ මස්කට් නගරයේ පොලිසියත් පුළුවන් නම් මෙහෙට වාර්තා කරන කියාවි පරීක්ෂණය යටගහන්න. (අ)
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති ආයතනය යනු ඉතා දුෂිත මිනී මෝරුන් සිටින එසේම විදේශයන්ගේ රැකියා කරන්නන්හට කිසිදු ප්‍රයෝජනයක් නොමැති ආයතනයකි. මෙය වහාම විසිරුවා දැමිය යුතු හොර ගුහාවකි.(අ)
ලංකාව දේශපාලන වශයෙන් කොයි තරම් පිරිහිලාද කියල හිතෙනවා, තමුන්ගේ රටේ ස්වයිරීත්වය පාවා දෙනව විදේශ සේවයේ ඉන්න මෙවැනි සුනකයෝ නිසා,. (අ)
සරත් මමද ඔබ අනුමත කරන අතර ජනාදිපති තුමා මොවුන්ට නිසි දඩුවම් ලබා දීමට කටයුතු කරනු ඇත.(අ)
තිලක්/බන්දුල මොනවා කියයිද දන් නැහැ මේකට.(අ)
යන යකා කොරහත් බිඳගෙන යනවා කියන්නේ ඕවට තමා.. දන්නෝ දනිති.(අ).
ඕමානයේ මොන ආගමද තියෙන්නේ? මම දන්නැති නිසා අහන්නේ.(අ)
ඔන්න දැන් වැඩේ නියම තැනට අැවිත් තියන්නෙ දැන් මේක යටගැසිමේ අරමුණින් තානාපති තුමා අාපසු කැදවිම දක්වා'පුවත් නිවෙිදන නිකුත්කල ලිපි මගින් බලපෑම් කළ හා තම රාජකාරිය පැහැරහරිමින් කටයුතු කල "බලධාරින්ගේ හා නිලධාරින්ගේ පස්ස රත්විමට පටන් ගෙන අැත. මෙම දුෂිතයින් අාරක්ෂා කිරිමට අදහස් දැක්වු සියලු දෙනාටද මෙම දුෂියින්ගේ නම් ගම්ද තව දින කිපයකින් දැනගැනිමට හැකිවු අැත.(අ)
සරත්, ජයසිරි මනිමේන්ද්‍ර ඕමාන් වල එහම උනාට ලංකාවේ එහෙම වෙන්නේ නෑ, අපේ නිලධාරීන් කටයුතු කරන්නේ ඕමාන් හාම්පුතාගේ දෑත පිරිසිදු කිරීමට. (අ)
මේ වගේ දේවලට තානාපතිතුමට හෝ රජයට දොස් කියන එක වැරදියි. මොකද ගෑනියෙක් වුනහම පරිස්සම් වෙන්න දැනගන්න ඕන. (අ)
කරුණාකර මේ දුෂණ සහ ගබ්සා සිද්ධිය පිළිබඳ පරීක්ෂණයක් පවත්වන්න .. කරුණාකර දිනපතා සුරක්ෂා නිවසේ සිටින කාන්තාවන් පිළිබඳව වාර්තාවක් ලංකාවේ විදේශ සේවා නියුක්ති කාර්යංශයට ලැබෙන්න සලස්වන්න , කාන්තාවන්ට බාධාවකින් තොරව ලංකාවේ මානව හිමිකම් කොමිසමට ස්කෛප් තාක්ෂනය ඔස්සේ සම්බන්ධ වෙන්න අවශ්‍ය පහසුකම් සලස්වන්න .(අ)
සුරක්ෂා‘ නිවසේ සිටින දුෂිත පාලක පැලැන්තියේ හොරුන් බේරාගැනීමට දත කන විදේශ ඇමති ඇතුළු අපරාධ කාරයින්ට සොභාදහමින් හරි නිසි දඬුවම් ලැබේවා!! (අ)
මම නම් දකින්නේ මේක කාන්තාවගේ සැමියාගේ වැරැද්දක් ලෙසයි (නි)
දැන් කරන්න ඕනැ මේ පරික්ෂණය කරගෙනයාමට ඉඩ ප්‍රස්ථාව ලබාදීමයි. (නි)
සියලු දෙනාම කලබල නොවී බලන් ඉමුකො ඕමාන් පොලිසිය කරන පරීක්ෂණ වාර්තාව කොහොම වෙයිද කියලා.කව්රු මොන කිව්වත් සිද්දියට අදාළ කාන්තාව තමයි දන්නේ ඇත්ත කතාව. (අ)
තානාපති කාර්යාල ගොඩනැගිල්ලට වැඩියෙන් ගෙවපු සල්ලි කාගේ සාක්කුවටද ගියේ? ඇයි නිලදාරීන්ගේ බිරින් දෑවරුන් රාජකාරී වලට අතගසන්නේ.කව්ද එයාලට බලය දුන්නේ? ඉහත කරුණු හෙළිවෙයි කියලද වෙන කතන්දර මවන්නේ? අයියෝ සල්ලි (අ)
ලංකාවේ කාන්තාවන් මැදපෙරදිග කීදෙනෙක් නම් උඩ තට්ටුවලින් තල්ලු කරලා මරනවද ? ඉතින් කවදද නීතිය ක්‍රියාත්මක වුණේ ?එක් කෙනෙක්වත් නැත. (අ)
විදෙස සේවා මොකක්ද ඔකේ තියෙන සේවාව අපෙන් ගෙදර ගිහින් එන වාරයක් ගානේ කීයක් හරි ගන්න එක විතරනේ මම නම් තම දන්නේ නැ ඕකෙන් යහපතක් වුන කෙනෙක් රටවිරු ස්ටාර් එකටත් අනවශ්‍ය මුදල් වැයකිරිමක් කාටහරි ලාබයක් ඇති (අ)
"සරත් මමද ඔබ අනුමත කරන අතර ජනාදිපති තුමා මොවුන්ට නිසි දඩුවම් ලබා දීමට කටයුතු කරනු ඇත." (අ)
සරත්, මමද ඔබ අනුමත කරමි (නි)
උපජීව, ඔයාගේ පවුලේ කෙනෙකුට උනා නම්. (නදී)
අජිත්, තානාපති තුමාට ඔතන ඉන්න ඕනා උනා නම් මේවා අදින්නේ නැහැ. යට ගහපු එක අැද්ද එකද වැරැද්ද? ගොඩනැගිලි හදපු සල්ලි විදේශ සේවා නියුක්ති කාර්යංශයටනේ ගියේ. නිලධාරී්න්ගේ නෝනලා ගැන දැනගන්න ඕනා නම් යන්න පාසැල ලගට. එතන හොඳ හොඳ සෙල්ලම් බලාගන්න පුලුවන්. නිකන් යන්න අජිත් යන්න කඩේ යන්නේ නැතිව (නදී)
අජිත් හේ වීඩියෝ ඵක හොදට බලලා නැහැ වගේ. අකුරු ලොකු කරලා හොඳට කියවන්න. ඵතකොට දැනගන්න පුලුවන් කවුද මෙපමන කාලයක් ගෘහ සේවිකාවන්ගේ ජිවිත සමග සෙල්ලම් කර තියෙන්නෙ කියලා. (නි)