ඕස්ට්‍රේලියානු ආගමන විගමන අමාත්‍ය ස්කොට් මොරිසන් මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද අළුයම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෛන් දිවයිනට පැමිණියේය.
ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තයේදී විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා මහතා විසින් ඔහු පිළිගත්තේය.
ඔහු මෙරට රැදී සිටින කාලය තුළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රජයේ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු සමග සාකච්ඡා කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා නාවික හමුදා ආරක්ෂාව මැද ඔහු ගුවන්තොටුපොළෙන් පිටව ගියේය.
.........








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේ කියන්නේ,මේ සරණාගතයන් යැයි කියාගන්නා අය ඕස්ට්‍රේලියාවේ රජයට පුළුවන් තරම් ලංකාව ගැන බොරු කියලා තමයි ස්ථිර පදිංචි වීසා එක ලබා ගන්නවා කියන්නේ.වීසා එක ලැබිලා අවුරුදු දෙකක් යනතුරු ලංකාවට එන්නේ නැත්තේ, ආවොත් ස්ථිර පදිංචි වීසා එක අනිවාර්යෙන්ම අහෝසි වෙන නිසා. (නි)
ඕනෑම රටකට තව රටක ප්‍රශ්නයක බර අදින්න පුළුවන් සීමාවක් තිබෙනවා. පද්මිණි දන්නේ නැහැ. මෙහෙ ඉපදුන උදවියටත් දැන් හිටිගමන් රස්සාව නැතිවෙනවා. දීමනා ඔක්කොම කපලා. අතපය හතරම වාරු තිබෙන සරණාගත කියාගන්න උදවිය දීමනා අරගෙන වැඩක් පලක් නොකර ඉන්නවා.ඒ වුණාට අතපය අවලංගු වයසක ඕස්ට්‍රේලියානුවාට පවා මෙහෙ වයස නොබලා වැඩ කරන්න වෙලා . ආබාධිතයන්ටත් වැඩ කරන්න වෙලා. ඉතින් ඒක සාධාරණද ? (නි)
නිල්මිණි, ඔයා දන්න බම්බුව. මෙහෙ මිනිස්සුන්ගේ සුබසාදන පහසුකම් ඔක්කොම දැන් කපල තියෙන්නේ. වෛද්‍ය පහසුකම් කපල,ආබාධිත අයටත් වැඩ කරන්න වෙලා. අවුරුදු 70 ක් වෙනකන් මිනිස්සුන්ට විශ්‍රාම යන්න බැරි වෙන්න නීති හදල ආණ්ඩුවට සල්ලි නැති නිසා. ජාත්‍යන්තර සම්මුතීන් තියෙන්නේ ඇත්තම සරණාගතයන්ට මිසක් බොරු කියාගෙන ගොඩ වෙන්න හදන ආර්ථික සරණාගතයන්ට නෙමෙයි. මෙහෙ ඉන්න කොටි දත කනවා කොහොම හරි ඩයස්පෝරාව වැඩි කරගන්න. මෙහෙ ආණ්ඩුවට සත්‍යය අවබෝධ වෙලා තියෙන නිසා තමයි ලංකාවෙන් එන බෝට්ටු කාරයන්ව හැරුණු තැපෑලෙන්ම එවන්නේ (නදී)
මේ බෝට්ටු වලින් එන කට්ටියට ස්ථිර පදිංචි වීසා එක ගහන කම් ලංකාව නරකයි. ලංකාවේ ඉන්න බැහැ. වීසා එක ගැහැව්වට පස්සේ ලංකාව හොඳයි. කදමලුත් බැද ගෙන ඊට පස්සේ ලංකාවට ඇවිල්ලා යන්න එන්නේ. ඕස්ට්‍රේලියානු ගමන් බලපත්‍ර හිමි කරුවෙක් එහෙම වුනොත්, උඩින් තමයි ඊට පස්සේ ඇවිදින්නේ. මම නම් හිතන්නේ නැහැ මේගොල්ලන්ට මීට පස්සේ, ඕස්ට්‍රේලියානු ස්ථිර පදිංචිය කෙසේ වෙතත්, ඕස්ට්‍රේලියානු භූමියට පයවත් තියන්න හම්බ වෙයි කියලා. (නදී)
පද්මිණි ,මෙතන ප්‍රශ්නය තියෙන්නේ ජාත්‍යන්තර සම්මුතිය දඩමීමා කරගෙන , ඇත්තටම සරණාගත බවට පත්නොවූ උදවියත් නොයෙක් බොරු කියලා වීසා ලබා ගැනීමට තැත් කිරීමයි. (නි)
අනේ විජයබා, ඔබට තිබෙන වැටහීම පද්මිණිලට නැහැ. මෙහෙ ඉන්න ලාංකිකයන්ගෙන් වැඩි දෙනෙක් ගැන ඇසුවොත් කියන්නේ මේ උදවියට උදව කරන්න ගිහින් වුණ අත්දැකීම්. මේ උදවිය මෙහෙ එන්නෙත් බොරුවෙන් , ජීවත් වෙන්න යන්නෙත් බොරුවෙන්. අපේ ඇති ක්‍රෝධයක් නැහැ පද්මිණි. සමහරු මෙහෙ ආවට පසුව හැසිරෙන විදිය ගැන කියන්න කණගාටුයි (නි)
විජයබා, ඔයා කියපු එක ඇත්ත. වෙන්න ඕනෑ එකම දේ තමා ඒක (නි)
කරකියාගන්න බැරි, ඉතාම සරණාගත තත්ත්වයේ සිටින මිනිසුන්ට බෝට්ටු තැරැව්කාරයින්ට ගෙවන්න සල්ලි නැහැ. ඒ නිසා ඒ අයට කවදාවත් රටකින් රටකට යන්න අවස්ථාවක් නැහැ. ඔය එන අය ඔක්කොම ආර්ථික වාසි තකා එන, විවිධ චරිත වියයුතුයි. එනිසා මොවුන්ට සුදුසු දඬුවම් දිය යුතුයි. ආපසු හරවා යැවීම සුදුසුයි. (නි)
සුනිල් වසන්ත ලලිතා කියන්නේ ඇත්ත (නදී)
මේ බෝට්ටු වලින් එන උදවියට කිසිම රස්සාවක් කරන්න හෝ වැඩක් කරන්න උවමනාවක් නැහැ . නිකම් ඉඳල ආණ්ඩුවේ සල්ලි වලින් බාර් ගානේ රස්තියාදු ගහන්න තමයි අන්තිමට පුරුදු වෙන්නේ. මෙහම ආපු ලංකාවේ කෙනෙකුට අනුකම්පාවට උදව කරන්න ගිහින් අන්තිමේ ඒ තරුණයා මගේ අසල්වැසි ඉන්දියානුවෙකුගේ තරුණ දුවෙකුට බලපෑම් කරලා නතර වුනේ. පොලිසි නොගිහින් බේරුනේ අසල්වැසියාගේ හොඳ කමට. ආයේ නම් මම මේ කට්ටියට උදව් කරන්නේ නැහැ. (ස)
මමත් මෙහෙ ආපු ගොඩක් අයට උදව් කලා අනේ ලංකාවේ මිනිසුන්නේ කියලා. එත් ඩොලර් අත ගානකොට උන්ගේ බලුකම පෙන්නන්න ගන්නවා. වැඩ කරන්න වීසා දීලා නැති අය ආණ්ඩුවේ සල්ලිවලින් බිබී ඉන්නවා. (ස)
ලලිතා ඔබගේ මසුරන් වදනට මම එකඟයි (නදී)
අශෝක, කාටවත් අපි කන හැටි ළිපා දනී කිව්වට ඕස්ට්‍රේලියාවේ සරණාගතභාවය ලැබෙන්නේ නැහැ. දැන් මෙහෙ හැමෝටම රැකියා ප්‍රශ්න තිබෙන කාලයක්. එනවා නම් ඔබව අවුරුද්දක්වත් නවත්තාගෙන කන්න අඳින්න දෙන්න කැමති කෙනෙක්ව සොයාගෙන එන්න. (නි)
මේ අය අපිට ආදරේට නෙමෙයි ඕස්ට්‍රේලියාවට සරණාගතයන් එවන්න එපා කියන්නේ (නදී)
එහෙ ඉන්න අයගේ අදහස් දැක්කම කණගාටුයි. සරණාගත වශයෙන් ඉල්ලන්නේ ජාත්‍යන්තර සම්මුතියකට යටත්ව. ක්‍රෝධ නොකර හැකි නම් උදව් කරන්න. අපේම සහෝදර ජනතාවට ගරහන්න එපා. (නි)
බෝට්ටු වලින් එන උදවිය ලංකාවේදී තමන්ට සිද්ධ වුණ දේවල් කියලා කියන දේවල් මේ පාඨකයින් දන්නවා නම් ....? (නි)
අපි නම් බෝට්ටු වලින් ආපු ලංකාවේ උදවියට මනුස්ස කමට උදව් කරන්න ගිහින් හොඳ පාඩම් ඉගෙන ගෙන තියනවා.
නිල්මිණි දන්නේ නැහැ බෝට්ටුවෙන් එන ලංකාවේ උදවිය සමාජගත කළා ම සමහරු හැසිරෙන විදිය . මේ ළඟදී එක්කෙනෙක් අහු වුනා උපාධියක් තිබෙනවා කියලා බොරු කියලා. රැකියාව ඉල්ලු ආයතනයේ කෙනාට මේ පුද්ගලයා සම්මුඛ පරීක්ෂණයේදී හැසුරුන විදිහ ගැන සැක හිතලා ලංකාවේ අදාළ විශ්ව විද්‍යාලයෙන් කරුණු සොයනකොට අහුවෙලා තිබෙන්නේ. හොඳට ජීවත් වෙන්න කියලා මෙහෙ ඇවිත් මෙහෙම කැත වැඩ කලාම හරිද ? (නදී)
ඇයි අශෝක, ඔයා කන්නේ කටින් නෙවෙයිද ? අනිත් අය නම් කටින් තමයි කන්නේ බොන්නේ. ඒ නිසා ඔයා විතරක් හැංගුනාම ඇති (නදී)
සශි සහ අසෝක ඔබලාගේ අදහස් හරි. අශෝකගේ අදහස් බලල හිනාත් ගියා. නමුත් මේක තමා ඇත්ත. විජිත ඔයා නම් හරිම ඉරිසියකාරයෙක්. ඔය මිනිසුන් ගිහින් එහෙ හොදට ජීවත් වෙයි. අනික රටේ නම කන්න දෙයක් නැහැ මුළු ලෝකෙම අය දන්නවා සරණාගත ඉල්ලනකොට ලංකාව ගැන බොරු තමා කියන්නේ කියා. (නදී)
එ්ක නම් එත්ත ශෂී. මේ බෝට්ටුවල එන ගොඩක් අය ආත්මාර්ථකාමී කපටි අයයි. ලංකාවේ නම විනාශ කරනවා. අර 153 දෙනාවත් කොහොම හරි ලංකාවට යවල දැම්මා නම් මේ අය හොඳ පාඩමක් ඉගෙන ගන්නවා. (නදී)
හැමතැනම පෙන්නුවොත් මේ මනුස්සයත් ලැජ්ජාවෙන් මැරෙයි අපි කන බොන හැටි දැකලා. එහෙම උනොත් බෝට්ටු වලින් විතරක් නෙමෙයි කෝච්චි වල යන මිනිස්සුන්ටත් ඔස්ට්‍රලියාවේ සරණාගත බාවය දෙයි. (නදී)
මෙතුමාව රට හැමතැනම රැගෙන ගිහින් පෙන්වන්න පුළුවන් නම් හොඳයි. සමහරු එහේ ගිහිල්ලා රට ගැන කියන පොළව පැළෙන බොරු නිසා අපි හරිම ලැජ්ජාවෙන් ඉන්නේ. (නි)
සාදරයෙන් පිළිගන්නවා අපේ රටට! (නි)
ලංකාවෙන් නැවතත් සරණාගතයින් එන්න පටන් අරගෙන. මේකෙන් ලංකාව පිළිබඳව විදෙස් රටවල වැරදි ආකල්පයක් ඇතිවී තිබෙනවා. (නි)
ඉතාම හොඳ මනුස්සයෙක්. සාදරයෙන් පිළිගනිමු (නදී)