අම්බලන්තොට එක්කස්සියේදී යතුරු පැදියක් පොලිස් ජීප් රියක හැපීමෙන් යතුරුපැදියක ගිය අඹුසැමි යුවලක් මරුමුවට පත් වූ බව පොලීසිය කියයි.
නෑ ගෙදරකට මහ රෑ හොරු පැන ඇතැයි ලැබුනු ආරංචියක් අනුව අද අළුයම එහි ගොස් ආපසු ගෙදර එද්දී මෙම යතුරුපැදිය පොලිස් රථයේ පිටුපසින් හැපී ඇති බව කියති.
හමුදාවේ හිටපු සෙබළකු වන රෝහණ කුමාර සහ ඔහුගේ බිරිය වසන්ති නිලවීර මේ අනතුරෙන් මරුමුවට පත්වූහ. ඔවුන දරු තිදෙනෙක් වෙති. වැඩිමලාගේ වයස අවුරුදු 14කි. බාලයාගේ වයස අවුරුදු 03කි
දෙදෙනෙක් පහේ ශිෂ්‍යත්වය සමත්ව අධ්‍යාපනය ලබති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපේ දරු පරපුරට හරිම අපලයි. වැලිගම දරුවන්ට අම්මව නැතිවෙලා අනිත් පැත්තට හැරුනා විතරයි මෙන්න දැන් මේ දුක් මුසු පුවත. (නදී)
මේක වැඩිය ගණන් ගන්න දෙයක් නෙවෙයි (නදී)
අමිත් මොනවද ඔයා කියන්නේ වැඩිය ගනන් ගන්න එපා කියලා. අහිංසක ළමයි දෙන්නා පව් නැද්ද? (නදී)
මම කියන්නේ මෙතන ලොකු අපහැදිලි දෙයක් සැඟවිලා. (නදී)
හැප්පිලද මැරුනේ මරලාද හැප්පුවේ කියා සෙවිය යුතුයි නේද? (නදී)
ඉතාම දුක පුවතක්. දෙමාපියන්ට නිවන් සැප ලැබේවා. සහන්ගේ කතාවම තමා මටත් කියන්න තියෙන්නේ. (නදී)
අනතුර සැක සහිත නම් සිදුවී ඇති තුවාල සහ තැලීම් සම්බන්දව කරනු ලබන මරණ පරීක්ෂණයෙන් අනතුරුව නිකුත් කරනු ලබන වෛද්‍ය වාර්තාවකින් යම් නිගමනයකට පැමිණීමට හැකිවේවි. (නදී)
පොලිස් වාහන රක්ෂණය කරන්නේ නැහැ. සියලු දේ රියදුරාගේ පිටින් යන්නේ . පව් මිනිහගේ මුලු සේසතම මේ නඩුවට ගෙවන්න වෙනවා. (ස)
පව් පොඩි එවුන් ටික. (ස)
බයික් එක කුඩු වෙන්න ඕන දෙන්නම මැරෙන්න - අඩු තරමේ ජීප් එක පිටිපස්ස අර බෙන්ස් කාර් එක වගේ කුඩු වෙන්න ඕනා - දැක්කනේ බෙන්ස් එකට උන දේ (නදී)
ශාන්ත කියනදේම මටත් හිතෙනවා (නි)
දරුවන් දකිනවිට ඉතාම දුකයි. (නි)
දැන් මොනවා කතා කළත් පලක් නැහැ. ජීවිතං අනියතන් මරණං නියතං (නි)
හරිම කණගාටුයි (නි)
මටත් මේ අනතුර ගැන සැකයි. පව් අසරණ ළමයි. (නි)
දැන් මේ දරුවන්ට කාගේ හව්හරණක්ද? එක පිට එක අහන්න ලැබෙන්නෙම දෙමාපියන්ට දරුවන් නැතිවෙන, දරුවන්ට දෙමව්පියන් නැතිවෙන ශෝකජනක සිදුවීම්. (නි)
හැම දෙනාම ගොඩක් වෙලාවෙදි පොලිසිය දිහා වැරදි ඇහෙන් බලනවා. පොලිසිය හැම වෙලාවෙම පාරේ යන්නේ වටපිට සෝදිසියෙන්. සැක යමක් දුටුවොත් හදිසියේම නතර කරන්න වෙනවා. එහෙම වෙලාවට පසුපසින් එන වාහනයක් වැදුනොත් එ්ක පොලිසියේ වැරද්දක්ද? (නදී)
අනේ පව් දෙවියනේ, ඇයි මේ අසරණයින්ට අම්ම හෝ තාත්තාගෙන් එක්කෙනෙක් වත් ඉතුරු නොවුනේ. අසරණ දරු පැටව් ටික දැක්කම නිව්ස් එක බැලීමත් එපා උනා. ගිය සතියේ අසරණ කිරි සප්පයින් දෙදෙනෙකුගේ බෙල්ල කපලා. දහමක් නැති මිනිසුන්ද දැන් මේ ලෝකේ ජීවත් වෙන්නේ. අසරණ දරු පැටවුන්ට කාගේ හෝ රැකවරණය ලැබී ලොකු මහත්වෙන්න දේවාශිර්වාදය ලැබේවා ! (නදී)
මේ රටට හොඳ පුරවැසියන් වෙන්න ඉන්න අසරණ දරුවන්ට දැන් කාගේ පිහිටක්ද? (නි)
අහිංසක දරු තිදෙනෙකුට ආදරණීය අම්මාත් තාත්තාත් නැති වුණා. ඒ අහිංසකයන්ට දැන් කාගේ සරණක්ද? (නි)
මේ දුව දකිනකොට මට මගේ දුව මතක් වෙනවා. කවුරුහරි ඇයට අම්මා කෙනෙක් වෙන්න. දරුවන්ට රත්නත්‍රයේ පිහිටයි. (නි)
පිටුපසින් හැපීමත් ආයුද හොයන්න ගියා වගේ කතාවක්ද දන්නේ නෑ. (අ)
සුවර් එකට ජීප් එකේ පිසි පස්සේ ලයිට් නැතුව ඇති පොලිසියේ වහනයක්ක්නේ (අ)
අයියෝ මෙහෙමත් අපරාධයක් (නදී)
අද ලංකාවේ මිනිස් ජීවිතයක වටිනාකම බල්ලටම ගිහිල්ලා. (නදී)
ටයිල් පොළොවේ සිමෙන්ති පොළොවේ ලිස්සල වැටිලා ඔලුව වැදිලා මැරෙනවනම් මේ සිදුවීම මේ තරම් වෙන්න බැරි සිදුවීමක්ද? පින්තුරේ හැටියට පාරත් කෙලින් පාරක්..පොලිස් වාහනේ හැපිලා අලාභ හානි වුනු තැන පැහැදිලිව ඇතිනේ. එ්ක තියෙන්නේ පිටි පස්සේ නම් ඉතින් කට්ටිය ඉස්සරහින් හප්පන්න හැදුවට වැඩක් වෙන්නේ නැහැ. රාත්‍රියේ අපිත් බයිසිකල් වල යද්දී ටිකක් වේගෙන් යන්නේ. පාරේ වාහනත් අඩු නිසා. බයිසිකල් වල යන අයනම් මෙහෙම දෙයක් වෙන්න පුළුවන් කියල දන්නවා. ඒත් ඉතින් පිට රට යාන වාහන වල යන කට්ටියට විශේෂයෙන් පොලිසිය ඇලජික් අයට මේක අවබෝධ කරවන්න ඉතින් වටරැක කෙනෙක්ම වෙන්න වෙනවා. මේක කුමක්දෝ අවාසනාවකට සිදු වූ සිදුවීමක්. (නදී)
ලංකාවේ ජනතාව රුපියල ගානේ දීලා මේ දරුවන් වෙනුවෙන් අරමුදලක් පිහිටුවන්න ඕනේ (නදී)
සමහරවිට ඉදිරිපස වාහනය හදිසියේම තිරිංග තදකළාද දන්නෙ නැහැ. නැත්නම් යතුරුපැදිකරුට නින්ද ගියාද දන්නෙත් නැහැ (නි)
පව් මේ අසරණ දරුවෝ. දැන් ඉතින් මේ දරුවන්ට කාගේ පිහිටක්ද? මේ පැටවුන්ට මව් සෙනෙහස දෙන්න පුළුවන් කාටද? ජිවිතේ පටන් ගත්තා විතරනේ. (නි)
ලංකාදීපයවත් මුල් වෙලා අරමුදලක් පිහිටෙව්වොත්, මේ අසරණ දරු පැටවුන්ගේ හෙට දවස හොඳ වෙයි.අපි පුළුවන් අය උපකාර කරමු (නි) (නි)
කවුරු මොනවකීවත් දඩමස් ගොරක කිරීමත් ගොරක දඩමස් කීරීමත් පොලිසියට ඉතා හොදින් කලහකිබව අමතක නොකරන්න. (දී)
පිටිගල මහතාට තිබෙන ගැටලුව මටත් තියෙනවා. ජීප් එක 60 වේගෙන් ගියත්, මෝටර් බයිසිකලය 100 වේගෙන ගියත්, හැප්පෙන්න පුළුවන් වේගය 40 යි. 40 ක වේගයෙන් ගියොත් දෙන්නම මැරෙන්න පුලුවන්ද ? එහෙම නැත්නම් ජීප් එක නවත්වල තියෙන්න ඕනේ ඒ වගේම මෝටර් බයිසිකල් එක 100 ට එහා වේගයෙන් එන්න ඕනේ. මෙතන ලොකු ගැටළුවක් තියෙනවා. ඒ මොනවා උනත් මේ අහිංසක දරුවන්ගේ මුණු දකින කොට පපුව හෝස් ගාලා යනවා. මේ දරුවන්ගේ අනාගතය බලන්නේ කවුද දෙවියනේ (නදී)
පොලිස් වාහන රක්ෂණ නැතුව ගමන් කර තිබී ඇත. (නදී)
පස්සෙන් ගිහින් හැප්පිලා දෙන්නම මලා? වෙන්න බෑ. (නදී)
පොලිස් ජීප් එකේ රතු ලයිට් පතුවෙන්නේ නැති නිසා පෙනුනේ නැහැ (නදී)
කාගේ කාගේත් නොසැලකිලිමත් කමක මහත තමයි ඔය. (නදී)
අපිට දැක්ක ගමන් හිතෙන්නේ මේකත් අර පිටුපසින් වෙඩි තිබ්බාම උණ්ඩය කැරකිලා ගිහිල්ල ඉස්සරහින් වැදුන වගේ. (නදී)
පිටිපස්ස හැප්පිලා ඔහොම නම් ඉස්සරහින් හැප්පුනොත් කොහොම තියෙයිද ? (නදී)
හොඳටම විශ්වාසද? පොලිස් ජීප් එකක්ද? නවත්වලා තිබුන ජීප් එකකද? ජීප් රිය ගමනේ යෙදී තිබුනා නම් පස්සෙන් හැප්පෙනකොට සාපේක්ෂ වේගයට අනුව නම් මාරක අනතුරක් වෙන්න මේ දෙන්න 140 ක විතර වේගයකින් එන්න ඇති. "සිරි" කිව්වා වගේ මටත් හිතා ගන්න බැහැ (නදී)
කැකිල්ලේ රජ්ජුරුවෝ වගේ ප්‍රශ්ණය විසඳයි. (නදී)
වෙන්න බෑ. යතුරු පැදිය පොලිස් ජීප් රථයේ පිටුපසින් පැමිණ එයට ඉස්සර කර හදිසියේම රිවස් ගියරයට දමා පොලිස් ජීප් රථයේ ඉදිරියේ ගැටීමෙන් අනතුර සිදු විනිද? (නදී)
අනිවාර්යෙන්ම මෙතන වෙන ප්‍රශ්නයක් තියෙනවා. පොලිසියේ ක්‍රියා කලාපය දැන් සත පහකට විස්වාස නැහැ. බයිසිකලේ හැටියට මැරෙන්න තරම් පාරක් හැපිල නැහැ. පිටිගල කිව්ව වගේ සාපේක්ෂ චලිතය අනුව බයිසිකලේ 140 ට ගිහින් පොලිස් වාහනේ 40 ට වත් යන්න ඕනේ. එ්ත් බයිසිකලේට ඒ හැටි හානියක් නම් නැහැ. (නදී)
ජීප් එක නතර කරල් තිබුනද දෙන්නම මැරෙන්න. එහෙම නැත්නම් ඉසරහින් ගිහින් වෙදුනට පස්සට විසි උනාද (නදී)
මට හිතෙන විදියට පොලිස් රථය කරුවලේ නවතා තිබෙන්න ඇති. මේ අය ඒ බව නොදැක පසු පසින් ගොහින් හැපෙන්න ඇති. වේගය නිසා තමා අනතුර වී ඇත්තේ. (නදී)
මෙම යතුරුපැදිය පොලිස් රථයේ පිටුපසින් හැපී ඇති බව සත්‍යක්ද? එය සෙවිය යුතුයි. පොලිස් වාහනය රක්ෂණය නැතුව ගමන් කර ඇති බව වාර්ථා වෙයි (නදී)
සහගහන අපරාධ මේවා (නදී)
ඉවසීම නැතිකමත් නොසැළකිල්ලත් නිසා මිනිස් ජීවිත විනාශ වෙනවා (නි)
අර ප්‍රකාශක තුමාගෙන් ඇහුවා නම් ඇත්තම කියයි (නදී)
සෙට් කරපු වැඩක් ද ? (නදී)
"නෑ ගෙදරකට මහ රෑ හොරු පැන ඇතැයි ලැබුනු ආරංචියක් අනුව..." මේ තියෙන්නේ පොලීසියයි හිටපු සෙබලයි හැප්පුන තැන (නදී)
යතුරු පැදිය ජීප් රියේ පිටුපස ගැටුනනම් ජිප් රියේ පිටිපස කොටසට අලාභ හානි වෙලා අැති. ඉස්සරහ පැත්තට අලාභහානි වෙලා නැත්නම් අනතුර සිදුවෙලා තිබෙන්නේ පොලිසිය පවසන අාකාරයට වෙන්න අැති. (ස)
මට නං හරි වැරැද්දට වඩා මේ දරුවෝ ටික දැක්කම පපුව පිච්චිලා යනවා (නදී)
අනේ මේ අහිංසක දරුවෝ පව්. අම්මගේ තාත්තාගේ ආදරය රැකවරණය වෙන කෙනෙකුට දෙන්න පුළුවන්ද? (නදී)
මේ පින්තුරය ගන්නකොට හැප්පුණු අනෙක් වාහනය එනම් පොලිස් රිය අයින් කරලද? එහෙම කලේ පරීක්ෂණ කිරීමෙන් පසුද? ඇයි එහෙනම් යතුරු පැදිය අයින් කලේ නැත්තේ? යතුරු පැදියටත් හෙල්මට් වලටත් වැඩි හානියක් නොවී, ගමන් කල අය මරුනේ ඇයි? අපේ රටේ වෙන අනෙක් වැඩ නිසා තමයි මේ ඔක්කොම සැක. (නදී)
කාගේ කාගේත් නොසැලකිලිමත් කමක මහත තමයි ඔය. (නදී)
ඇයි පොලිස් ජීප් එකේ පින්තුරයක් නැත්තේ. මටත් හිතෙන්නේ මෙතන වෙන මොකක් හරි තියනවා. කියල තියන විදියට පිටිපස්සෙන් ගිහින් හැප්පිලා මැරෙන්න නම් බයික් එක ගොඩක් වේගෙන් යන්න ඕනා. (නදී)
අනේ දෙයියනේ මේ අසරණ දරුවන්ට දැන් කාගේ පිහිටක්ද. අම්මා තාත්තා නැති අඩුව කාට නම් මැකිය හැකිද? (නදී)
මෙච්චර පාරක් හැපිලත් රෝද වලට මුකුත් වෙලා නැහැ. මේක ගැන නම් සැකයි. (ස)
ප්‍රතිචාර 25 බැලුවම පෙන්නේ සහන ඔබ පමණක් මිනිසෙකු බවත් අනෙක් අය හිතාගන්න බැහැ කවුද කියල. (ස)
ඕකත් අර ආයුධ පෙන්නපු කථාව වගේද දන්නේ නැහැ. අපි නම් දැක්කෙත් නැහැ. ඇහුනෙත් නැහැ. (ස)
පොලිස්කාරයො අනුන්ගෙ වාහනවල රක්ෂන හෙව්වට තමන්ගෙ වාහන රක්ෂනය කරන්නෙ නෑ. අනතුරක් වලක්වා ගැනීමට නොහැකිවීම වරදක් නේද? (නදී)