IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


’’කේක් නෝනා’’ රෝහිතගේ වරප්‍රසාද කඩලා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

කලුතර "කේක් නෝනා" නැමැති කාන්තාවක් සමාජ මාධ්‍යයේ පළ කරන සටහන් නිසා තම වරප්‍රසාද කඩවී ඇතැයි පොදු ජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවට වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කරමින් පැවසීය.

තමාට මෙන්ම වැඩ බලන පොලිස්පති දේශබන්දු  තෙන්නකෝන් මහතාටද අපහාස වන අයුරින් මෙම කාන්තාව සමාජ මාධ්‍යයේ විවිධ සටහන් තබා ඇතැයි කී මන්ත්‍රීවරයා එම සටහන් නිසා තමාට ජීවිත තර්ජනයක් ඇතිවී තිබෙන බවද සඳහන් කළේය.

තමා වරදක් කර තිබේ නම් ඕනෑම විවේචනයක් කළාට කමක් නැතැයි ද වරදක් නොකර මෙලෙස විවේචනය කිරීම හරි නැතැයිද අබේගුණවර්ධන මහතා කීය.

තමා හොරෙක් බවත් වහාම අත්අඩංගුවට ගත යුතු බවත් එම ෆේස්බුක් සටහන් වල සඳහන්ව ඇතැයි මන්ත්‍රීවරයා කීය.

2015 වසරේ පාර්ලිමේන්තු මැතිවරණයටද ඉල්ලූ මෙම කාන්තාව "කේක් නෝනා" යැයි කියූ විට කවුරුත් දන්නා බවද රෝහිත අබෙිගුණවර්ධන  මහතා වැඩිදුරටත් කීය.



අදහස් (7)

’’කේක් නෝනා’’ රෝහිතගේ වරප්‍රසාද කඩලා

නිහාල් Wednesday, 21 February 2024 10:30 AM

ඉතින් මිනිස්සු කුණු කතා කියන එක නවත්තන්න තමයි මාර්ගගත ආරක්ෂාව පිළිබඳ පණත ගෙනාවේ. මිනිස්සුන්ගේ කටවල් වලට ඉබ්බෝ දාමු.

:       0       25

වීර Wednesday, 21 February 2024 11:07 AM

ඩොලර් නැව්වලට අපහාස කරන්න එපා.. ඒ්වා ඇත්තම ඇත්ත... නූගත් මිනිස්සු කිව්වට ඩොලර් ගනුදෙනු බැංකු අතර කියලා අපි ඒවා විශ්වාස කරන්නේ නැහැ.

:       1       27

කේක් නෝනා Wednesday, 21 February 2024 11:14 AM

මගේ මාලේ කැඩුවා, ඉතිං මම එයාගේ වරප්‍රසාද කැඩුවා. ඇයි අවුල්ද?

:       2       37

NAMAL Wednesday, 21 February 2024 11:37 AM

මාල හොරා , මාල හොරා...!

:       2       30

එරංග Wednesday, 21 February 2024 12:03 PM

88/89 සන්දියේ බත් මුට්ටි සහ හැඳුනුම්පත් හොරකම් කළ අයට උඩ ගෙඩි දෙන අය අනිත් අයට හොරා යැයි කීම තරම් විහිළුවක් තවත් ඇද්ද?

:       26       9

පිටිගල මිලානෝ Wednesday, 21 February 2024 12:09 PM

ලංකාවේ මාල හොරුන් ගිය උඩ...

:       1       27

Deshapriyadwn Wednesday, 21 February 2024 01:30 PM

මුන්දැලා පාර්ලිමේන්තු වරප‍්‍රසාද වලට මුවාවෙලා මුළු රටේ ජනතාවගේ වරප්‍රසාද කඩකරලා තියෙන්නේ... එක්කෙනෙක් හොර බෙහෙත් ගෙනත් එයාට හොඳ බෙහෙත් රටින් ගෙන්න ගන්න දඟලනවා.

:       0       12

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට වැසි
2024 ඔක්තෝබර් මස 04 31 0

උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.


බේරූට් ගුවන්තොටුපොළට බෝම්බ ප්‍රහාර
2024 ඔක්තෝබර් මස 04 2108 0

ලෙබනනයේ බේරූට් අගනුවර, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල හිස්බුල්ලා ඉලක්කවලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් 37 දෙනකු මියගිය බවත්


පාකිස්තානයේ අමාත්‍යංශ 6ක් වසයි
2024 ඔක්තෝබර් මස 04 1082 0

පරිපාලන වියදම් අවම කිරීමේ අරමුණින්, පකිස්තාන රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 7ක ණය ගනුදෙනුව යටතේ එකඟ වූ ප්‍රතිසංස්කරණවලට අනුව, රජයේ තනතුරු


අලින්ට බයේ මුළු පවුලම ගහක් උඩ
2024 ඔක්තෝබර් මස 04 950 0

නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන


ලංකාවට කොරියා එක්සීම් බැංකුවත් සහය දෙයි
2024 ඔක්තෝබර් මස 04 734 0

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.


ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 2484 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38819 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25484 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 299 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1006 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 353 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site