IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


කක්කුටු කතාවෙන් විල්ගමු ගුරු පිරිසක් කලබල වෙති

කක්කුටු කතාවකින් විල්ගමුව නාමිණිඔය මැදිමහ විදුහලේ ගුරුවරුන් ලබන සඳුදා සිට වැඩ වැරීමට සැරසෙයි.

බැතිගී ප්‍රසංගයකදී කලාප අධ්‍යක්ෂ හැරිස් අලංගොඩ මහතා කළ කතාවකින් මේ ප්‍රශ්නය මතු වී ඇත.

ගුරුවරු ද, සිසුහු ද පොසොන් බැතිගී ඉදිරිපත් කළහ. ගුරුවරු පරණ ගී ගැයූහ. ළමෝ අලුත් ගී ගැයූහ.

අධ්‍යක්ෂවරයා පැවසූයේ ළමයින් අලුත් දේ සොයද්දී ගුරුවරු එසේ නොකළ බවයි. කක්කුට්ටන් හරහට යමින් පැටවුනට කෙළින් යන්නැයි කීමේ කතාවද ඔහු සිහිපත් කළේය.

පාසල පුරා කක්කුටු කතාව පැතිර ගියේ ඒ ආකාරයටය. එයින් තමන් සරදමකට ලක්වී ඇතැයි ගුරුවරු කියති. කතාව ඉල්ලා අස් කර ගත යුතු බව ද ඔවුහු කියති.

අධ්‍යක්ෂවරයා දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහය අසාර්ථක විය.

 



අදහස් (0)

කක්කුටු කතාවෙන් විල්ගමු ගුරු පිරිසක් කලබල වෙති

නීල් රණා Friday, 28 June 2013 01:26 PM

අපේ රටේ හැමදාම ගුත්තිල මුසිල කතාව වැනි යල්පැනගිය හණමිටි කතාවක් ඉස්සරහට දාලා නැගී එන නව අදහස් හා යොවුන් ජවය පාගාදමනවා. අධ්‍යක්ෂකවරයා කක්කුටු කතාව වෙනුවට ගුත්තිල මුසිල කිවුවා නම් ගුරු සංහතියම හරි හැපී. ළමයින්ට සිදුවන අසාධාරනකම් හා පීඩා වලදී නිහඩව ඉන්න ගුරුවරු තමන්ගේ අඩුපාඩුවක් ගැන කාගෙන්හරි කෙළපොදක් වැටුනොත් උගැන්වීම නවතනවා, උද්ඝෝෂණ කරනවා මදිවට ළමයින්ගෙනුත් පළිගන්නවා. (නි)

:       0       0

රාහුල Friday, 28 June 2013 02:00 PM

නීල් රණ තමුසේගම ලොක්කෙක් වෙන්නැති එය. අධ්‍යක්ෂතුමා සමාව කෙසේවෙතත් එය වෙනස් කොට නැවත කතාවක් එම පාසලට පැමිණ කිව යුතුයි. කතාව හරි නැත්නම් දන්ගස්වමු,නැත්නම් ගස් බඳිමු.(අ)

:       0       0

චාමික Friday, 28 June 2013 02:03 PM

වැඩ වරන්න ඉන්න අයගෙන් මේ අහන්නේ, එතකොට ඔයාල හවස කරන ටියුෂන් පන්තිත් වර්ජනය කරලා නොකර ඉන්නවද? (අ)

:       0       0

චමිල - පානදුර Friday, 28 June 2013 02:40 PM

කොච්චර ඉගෙන ගත්තත් අපේ සමහර මිනිස්සුන්ට තැනකට ගියාම එතැනට ගැලපෙන්න කතා කර ගන්න දන්නේ නැහැනේ. ගීතයක් රසවිදින්න බැරි කලාප අධ්‍යක්ෂ කෙනෙක්ද ඉන්නේ ඔහේ? පැරණි ගීත වල රසය නොදන්නා සුපර් ස්ටාර් ලෝලීයෙක්ද කොහෙද? කොහොම වුනත් ගුරුවරු දරුවෝ ගැන හිතලා වැඩ වරන්නේ නැතුව කරුණාකරලා දරුවන්ට උගන්වන්න. (නි)

:       0       0

රත්න Friday, 28 June 2013 02:47 PM

කොහොම නුමුත් කථාව ඇත්ත. (අ)

:       0       0

චන්දා Friday, 28 June 2013 03:05 PM

නීල් රනා පොලවේ පය ගහල ඉන්න මිනිහෙක් නොවන බව කතාවෙන් තේරෙනවා. (අ)

:       0       0

නිසාම් Friday, 28 June 2013 09:59 PM

කතාව උපමාවක් විතරයි. ඕකට තරහ යන්නේ හොර වැඩ කරන ගුරුන්ට විතරයි (නි)

:       0       0

අමිල කටුනායක Friday, 28 June 2013 10:12 PM

මට නම් නීල් රණාගේ වරදක් නැහැ. ඔබෙන් යමක් දැනගතිමි. ස්තූතියි! (නි)

:       0       0

රානා-නුවර Saturday, 29 June 2013 12:37 PM

අධ්‍යක්ෂකගේ පැත්ත ගන්න හැමෝටම චානක වගේ ගුරුවරුත් මින්ස්සු කොටසක් කියලා හිතන්න පුරුදු වෙන්න. ගුරුවරුන්ගේ සටනට සුභපතනවා. ඔය වගේ වැඩක් කරන්න ගුරුවරු කොච්චර මහන්සි වෙනවා ඇද්ද? ඉතින් ගුරුවරු මේ කරපු වැඩේ ප්‍රසිද්ධියේ විවේචනය කරන්න තරම් අධ්‍යක්ෂක අනුවන කෙනෙක්ද?(නදී)

:       0       0

නන්දා Friday, 28 June 2013 04:18 PM

මමත් ගුරුවරයෙක්, අධ්‍යක්ෂවරයා ගේ කතාවේ වරදක් නැහැ. ගොඩක් අය එහෙමයි.(නදී)

:       0       0

චන්දා Saturday, 29 June 2013 02:45 AM

ගුරුවරුත් මේ සමාජ තලයේම යම් ස්ථරයක්. ගුරුබවතුන් හදන්න කක්කුටු කතා අවශ්‍ය නැහැ. ඒ අයට ගරු බුහුමන් වැදගත් විදියට කළහම නියම පීල්ලට එයි. පුරාතන පිළිවෙත එයයි. යම් හෙයකින් ඒ පිළිවෙත නොදන්නා ගුරුවරයෙක් වේ නම් එයාත් ඉක්මනින් අකර්මන්‍ය වෙනවා. ගුරු උතුමන්ලාට දෙවියන්ට සේ සලකන්න. යහපතක්ම වෙයි. (නි)

:       0       0

බමුණු Saturday, 29 June 2013 03:51 AM

මම අහන්නේ දැන් ඔය කියන අලුත් සින්දු අලුත් නාට්‍යය පැරණි ඒවට කිට්ටු කරන්න පුලුවන්ද? අනික අපේ අයට අළුත් විහිළුවක්වත් කරන්න පුලුවන්ද? ඒවාට හිනාවෙන්නත් කිති කවාගන්න ඕනෑ. (නි)

:       0       0

මුණසිංහ Saturday, 29 June 2013 06:18 AM

අධ්‍යක්ෂතුමා සුපර්ස්ටාර් කෙනෙක්ම තමා. අලුතෙන් කියන සින්දු බොහොමයක් හරසුන් ඒවා බව බුද්ධිමත් ගුරුවරු දන්නවා. ඕනෑම කෙනෙක් අහන්නේ පැරණි බැති ගී බව අධ්‍යක්ෂතුමා දන්නේ නැතුව ඇති. ඒවායේ තියෙන හරවත් බව දැන් තියෙන ඒවයෙත් තියෙනවද? (නි)

:       0       0

අකිල Saturday, 29 June 2013 06:32 AM

මේ වගේ ගුරුවරු නම් දණ ගැස්සුවට කමක් නැහැ වගේ. (නි)

:       0       0

උපාලි Saturday, 29 June 2013 07:52 AM

කථාව ඇත්ත. ගොඩක් අය එහෙම තමයි. ගොඩක් ගුරුවරු ටියුෂන් කඩකාරයෝ. ඕකට තරහ යන්නේ හොර වැඩ කරන ගුරුන්ට විතරයි.(නදී)

:       0       0

සමන් පාලිත Friday, 28 June 2013 06:45 PM

ගුරුවරයා සැමදා නවීකරණය විය යුතුය. අධ්‍යක්ෂවරයා කලේ ඒ දේ දැන් කව්ද කරන්නේ ? (නි)

:       0       0

චානක Saturday, 29 June 2013 08:47 AM

මේක අපේ රටේ කරුමය. හැම කෙනෙක්ටම වැරදියට පේන්නෙ ගුරුවරු. මේක රටේ අවාසනාව. ඔය හැම කෙනෙක්ම ලෝකය හැබැවට දකින්නේ ගුරුවරු හින්දා. නමුත් ඉහලට ගියාම ඔක්කොම අමතක වෙනවා. හැම දාර්ශනිකයෙක්ම වෘත්තිකයෙක්ම ලෝකයට බිහි කරන්නේ ගුරුවරු. නමුත් ලංකාවේ වැඩිපුර ගරහන්නේත් ගුරුවරුන්ට. ගුරුවරු දන ගස්සවන්නෙත්,දනගස්සවන්න ඕන කියන්නෙත් මව් කිරි නොබීපු අය. ලංකාවේ ගුරු අබිමානය තියාගෙන ජීවත් වෙන්න සුදුසු වැටුපක් ගෙවන්නේ නෑ. අමතර පන්ති කරන්නේ ඒකයි. නියම සුදුසුකම් තියෙන අධ්‍යක්ෂකවරු ලමයි ඉදිරියේ ගුරුවරුන්ට දොස් කියන්නේ නැහැ. දැන් ගොඩක් අධ්‍යක්ෂකලා වෙලා ඉන්නේ දේශපාලන හෙංචයියලා.මෙවැනි ප්‍රකාශ කරන හේතුව ඒකයි.(නදී)

:       0       0

සාදි Friday, 28 June 2013 07:01 PM

චාමික හරි.ගොඩක් ගුරුවරු ටියුෂන් කඩකාරයෝ වෙලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දිවයින පුරාම සවස් කාලයේ තද වැසි
2024 සැප්තැම්බර් මස 28 30 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ දි හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 1309 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 420 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 5020 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1683 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 796 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37816 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24922 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 740 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 266 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site