කක්කුටු කතාවකින් විල්ගමුව නාමිණිඔය මැදිමහ විදුහලේ ගුරුවරුන් ලබන සඳුදා සිට වැඩ වැරීමට සැරසෙයි.
බැතිගී ප්‍රසංගයකදී කලාප අධ්‍යක්ෂ හැරිස් අලංගොඩ මහතා කළ කතාවකින් මේ ප්‍රශ්නය මතු වී ඇත.
ගුරුවරු ද, සිසුහු ද පොසොන් බැතිගී ඉදිරිපත් කළහ. ගුරුවරු පරණ ගී ගැයූහ. ළමෝ අලුත් ගී ගැයූහ.
අධ්‍යක්ෂවරයා පැවසූයේ ළමයින් අලුත් දේ සොයද්දී ගුරුවරු එසේ නොකළ බවයි. කක්කුට්ටන් හරහට යමින් පැටවුනට කෙළින් යන්නැයි කීමේ කතාවද ඔහු සිහිපත් කළේය.
පාසල පුරා කක්කුටු කතාව පැතිර ගියේ ඒ ආකාරයටය. එයින් තමන් සරදමකට ලක්වී ඇතැයි ගුරුවරු කියති. කතාව ඉල්ලා අස් කර ගත යුතු බව ද ඔවුහු කියති.
අධ්‍යක්ෂවරයා දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහය අසාර්ථක විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතාව උපමාවක් විතරයි. ඕකට තරහ යන්නේ හොර වැඩ කරන ගුරුන්ට විතරයි (නි)
අධ්‍යක්ෂකගේ පැත්ත ගන්න හැමෝටම චානක වගේ ගුරුවරුත් මින්ස්සු කොටසක් කියලා හිතන්න පුරුදු වෙන්න. ගුරුවරුන්ගේ සටනට සුභපතනවා. ඔය වගේ වැඩක් කරන්න ගුරුවරු කොච්චර මහන්සි වෙනවා ඇද්ද? ඉතින් ගුරුවරු මේ කරපු වැඩේ ප්‍රසිද්ධියේ විවේචනය කරන්න තරම් අධ්‍යක්ෂක අනුවන කෙනෙක්ද?(නදී)
මේක අපේ රටේ කරුමය. හැම කෙනෙක්ටම වැරදියට පේන්නෙ ගුරුවරු. මේක රටේ අවාසනාව. ඔය හැම කෙනෙක්ම ලෝකය හැබැවට දකින්නේ ගුරුවරු හින්දා. නමුත් ඉහලට ගියාම ඔක්කොම අමතක වෙනවා. හැම දාර්ශනිකයෙක්ම වෘත්තිකයෙක්ම ලෝකයට බිහි කරන්නේ ගුරුවරු. නමුත් ලංකාවේ වැඩිපුර ගරහන්නේත් ගුරුවරුන්ට. ගුරුවරු දන ගස්සවන්නෙත්,දනගස්සවන්න ඕන කියන්නෙත් මව් කිරි නොබීපු අය. ලංකාවේ ගුරු අබිමානය තියාගෙන ජීවත් වෙන්න සුදුසු වැටුපක් ගෙවන්නේ නෑ. අමතර පන්ති කරන්නේ ඒකයි. නියම සුදුසුකම් තියෙන අධ්‍යක්ෂකවරු ලමයි ඉදිරියේ ගුරුවරුන්ට දොස් කියන්නේ නැහැ. දැන් ගොඩක් අධ්‍යක්ෂකලා වෙලා ඉන්නේ දේශපාලන හෙංචයියලා.මෙවැනි ප්‍රකාශ කරන හේතුව ඒකයි.(නදී)
කථාව ඇත්ත. ගොඩක් අය එහෙම තමයි. ගොඩක් ගුරුවරු ටියුෂන් කඩකාරයෝ. ඕකට තරහ යන්නේ හොර වැඩ කරන ගුරුන්ට විතරයි.(නදී)
මේ වගේ ගුරුවරු නම් දණ ගැස්සුවට කමක් නැහැ වගේ. (නි)
අධ්‍යක්ෂතුමා සුපර්ස්ටාර් කෙනෙක්ම තමා. අලුතෙන් කියන සින්දු බොහොමයක් හරසුන් ඒවා බව බුද්ධිමත් ගුරුවරු දන්නවා. ඕනෑම කෙනෙක් අහන්නේ පැරණි බැති ගී බව අධ්‍යක්ෂතුමා දන්නේ නැතුව ඇති. ඒවායේ තියෙන හරවත් බව දැන් තියෙන ඒවයෙත් තියෙනවද? (නි)
මම අහන්නේ දැන් ඔය කියන අලුත් සින්දු අලුත් නාට්‍යය පැරණි ඒවට කිට්ටු කරන්න පුලුවන්ද? අනික අපේ අයට අළුත් විහිළුවක්වත් කරන්න පුලුවන්ද? ඒවාට හිනාවෙන්නත් කිති කවාගන්න ඕනෑ. (නි)
ගුරුවරුත් මේ සමාජ තලයේම යම් ස්ථරයක්. ගුරුබවතුන් හදන්න කක්කුටු කතා අවශ්‍ය නැහැ. ඒ අයට ගරු බුහුමන් වැදගත් විදියට කළහම නියම පීල්ලට එයි. පුරාතන පිළිවෙත එයයි. යම් හෙයකින් ඒ පිළිවෙත නොදන්නා ගුරුවරයෙක් වේ නම් එයාත් ඉක්මනින් අකර්මන්‍ය වෙනවා. ගුරු උතුමන්ලාට දෙවියන්ට සේ සලකන්න. යහපතක්ම වෙයි. (නි)
මට නම් නීල් රණාගේ වරදක් නැහැ. ඔබෙන් යමක් දැනගතිමි. ස්තූතියි! (නි)
අපේ රටේ හැමදාම ගුත්තිල මුසිල කතාව වැනි යල්පැනගිය හණමිටි කතාවක් ඉස්සරහට දාලා නැගී එන නව අදහස් හා යොවුන් ජවය පාගාදමනවා. අධ්‍යක්ෂකවරයා කක්කුටු කතාව වෙනුවට ගුත්තිල මුසිල කිවුවා නම් ගුරු සංහතියම හරි හැපී. ළමයින්ට සිදුවන අසාධාරනකම් හා පීඩා වලදී නිහඩව ඉන්න ගුරුවරු තමන්ගේ අඩුපාඩුවක් ගැන කාගෙන්හරි කෙළපොදක් වැටුනොත් උගැන්වීම නවතනවා, උද්ඝෝෂණ කරනවා මදිවට ළමයින්ගෙනුත් පළිගන්නවා. (නි)
චාමික හරි.ගොඩක් ගුරුවරු ටියුෂන් කඩකාරයෝ වෙලා (නි)
ගුරුවරයා සැමදා නවීකරණය විය යුතුය. අධ්‍යක්ෂවරයා කලේ ඒ දේ දැන් කව්ද කරන්නේ ? (නි)
මමත් ගුරුවරයෙක්, අධ්‍යක්ෂවරයා ගේ කතාවේ වරදක් නැහැ. ගොඩක් අය එහෙමයි.(නදී)
නීල් රනා පොලවේ පය ගහල ඉන්න මිනිහෙක් නොවන බව කතාවෙන් තේරෙනවා. (අ)
කොහොම නුමුත් කථාව ඇත්ත. (අ)
කොච්චර ඉගෙන ගත්තත් අපේ සමහර මිනිස්සුන්ට තැනකට ගියාම එතැනට ගැලපෙන්න කතා කර ගන්න දන්නේ නැහැනේ. ගීතයක් රසවිදින්න බැරි කලාප අධ්‍යක්ෂ කෙනෙක්ද ඉන්නේ ඔහේ? පැරණි ගීත වල රසය නොදන්නා සුපර් ස්ටාර් ලෝලීයෙක්ද කොහෙද? කොහොම වුනත් ගුරුවරු දරුවෝ ගැන හිතලා වැඩ වරන්නේ නැතුව කරුණාකරලා දරුවන්ට උගන්වන්න. (නි)
වැඩ වරන්න ඉන්න අයගෙන් මේ අහන්නේ, එතකොට ඔයාල හවස කරන ටියුෂන් පන්තිත් වර්ජනය කරලා නොකර ඉන්නවද? (අ)
නීල් රණ තමුසේගම ලොක්කෙක් වෙන්නැති එය. අධ්‍යක්ෂතුමා සමාව කෙසේවෙතත් එය වෙනස් කොට නැවත කතාවක් එම පාසලට පැමිණ කිව යුතුයි. කතාව හරි නැත්නම් දන්ගස්වමු,නැත්නම් ගස් බඳිමු.(අ)