කෑගල්ල නගරයේ වාහන තද බදය අවම කිරීම සදහා වන විකල්ප මාර්ගයේ වැඩ මේ වසර අවසන් වීම පෛර අවසන් කිරීමට නියමිතය.දැනට කිලෝමීටර් දෙකක් කාපට් අතුරා සංවර්ධනය කැර ඇත.ඒ සදහා වැය කැර ඇති මුදල රුපියල් හාර කෝටියකි. අවසන් අදියරේ කිලෝමීටර් හතර හමාරක පමණ මාර්ගය ඉදි කිරීමට නියමිතය. මේ සදහා කෝටි එකහමාරක් පමණ වැය වෙතියි ගණන් බලා තිබේ. විකල්ප මාර්ගය වෙනුවෙන් වැය වන මුළු මුදල රුපියල් විසි කෝටීයකි. පදික හා පා පැදි මං තීරු දෙකින්ද වාහන මං තීරු දෙකින් සමන්විත මේ මාර්ගයේ පළල මීටර් දෙළහකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පාර හදන එක පමාවුනේ ඇයි කියලා අපි දන්නවා (නි)
ප්‍රියා, දැන් මිනිසුන්ට ස්වාධීනව හිතන්න මොලයක් නැහැ. විදුලි බිල වැඩි කළහම මනු කියවන්නට ගහන ජාතියේ මෝඩයෝ තමයි අද ලංකාවේ ඉන්න තරමක් ඉන්නේ.අනුකම්පා කරනවා හැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ සදරුවන්. (නි)
සදරුවන් මහතා කියන දේ වත් තේරුම් ගන්ඩ අපහසු අය කොච්චර ඉන්නවද මේ රටේ.(නදී)
පින්නවල දක්වා රඹුකන සිට දුම්රියක් දුව වන්න. මෙය කෑගල්ල තෙක් දික් කල හැකි.(ස)
පාර හදන එක හොඳියි. ඒත් පෞද්ගලික බස් වෙනදා වගේම කොටයි. ඒ නිසා රඹුක්කනින් දුම්රිය මාර්ගය කුරුදුපොන දක්වා වත් දීර්ඝ කරනවානම් කෑගල්ල මහනුවර ගම්පොල මාතලේ මගී ජනතාවට ලොකු සේවයක් වෙයි. සංචාරක ව්‍යාපාරයටත් හොඳියි. එම මාර්ගයම මතු දවසක යෝජිත රත්නපුර මාර්ගයට දීර්ඝ කිරීමෙන් උතුර දකුණ යාකල හැකි සහ ඉක්මනිම ගමන් පහසුව ලාබ දායිකව ඇති කරගත හැකිය.(නදී)
සඳරුවන් , හිත කලබල කර නොගන්න. පරිසර පද්ධතිය ගැන හුගක් අයට අවබෝධයක් නැහැ. ඔහේ කියවනවා (නි)
මම නිවාඩුවට ලංකාවට ආව දවස් වල මගේ ගේ ලග පාරත් කොන්ක්‍රීට් කළා.දවසක් කළුගල් තුනීයට අලාගෙන ගියා.අනික් දවසේ එක පාරක් පාර තලාගෙන යන්න ගියා.තුන් වෙනි දවසේ කොන්ක්‍රීට් තුනීයට දාගෙන ගියා. මිලියන ගානක් ඉවරයි.ලබන අවුරුද්දෙ මම ලංකාවට ගියහම ලොකු වලවල් නම් ෂුවර් එකටම දකින්න ලැබේවි. (නි)
උපදින දරුවත් ලක්ෂ 3.5 ක ණයක් මිට මොලවාගෙනලුනේ උපදින්නේ.සුබ අනාගතයක්. (නි)
පාරවල් මොකටද රටේ මිනිසුන් බඩගින්නේ නම්? ගගට මුහුදට පැනලා දරුවොත් සමගම මැරෙන්න සිද්ද වෙනවා නම්. (නි)
කෑගල්ලේ ඔය පාර හදන එක ප්‍රමාද වුනේ කෑගල්ලේම කෙනෙක් නිසා නේද? ඒක කෑගල්ලේ හැමෝම දන්නවා. කෑගල්ල නගරය කවදා දියුණු කරයිද? මට හීනයක් වගෙයි මේක. (නි)
සදරුවන් මහතාණනි. ඔබේ වයස අවුරුදු 800 ද? (නි)
කෑගලු නගරය සතියේ දිනවලත්, සති අන්තයත් දිනපතාම වාහන තද බදය. පදික වේදිකා කඩ නම් නගර සභාවෙන් ඉවත් කරලා. සැලැස්මක් හරියට නැතිව කරන වැඩ නිසා රෝහල් පාරේ කඩ 2 වරටත් කඩන්න ලකුණු කරලා. නගරයේ විකල්ප පාර කඩිනමින් ඉදිකොට මීපිටියෙන් නුවර පාරට සම්බන්ධ කිරීමෙන් තදබදය හා දුරද කෙටිවනු ඇත. වියදම සැර උනත් විකල්පය හොඳ වැඩක්.(නදී)
කෑගලු -පින්නවල-රඹුක්කන මාර්ගයත් පුළුල් කරන්න. දැන් සංචාරකයෝ නිසා තද බදය වැඩියි. (නි)
හරිම හොද වැඩක්. කෑගල්ලේ පෙරහැර දවසට මොන දුකක්ද විදින්නේ? පුලුවන් නම් පේමන්ට් කඩ කාරයන් අයින් කලොත් තවත් හොදා. (නි)
වජ්ජා,මාතලන්, මේ ලෝකයෙහි බොහෝදෙනා දුශ්ශීලය. එහෙයින් ඔවුන් තම තමන්ට කැමති ලෙස කටට ආ දෙය කියමින් ඇනුම් බැනුම් කියමින් හැසිරෙති.එනිසා යුධබිමෙහිදී කලබල නොවී හී පහරත් ඉවසන ඇතෙකු මෙන් මමද නොයෙක් අය විසින් කියන පරුෂ වචන ඇනුම් බැනුම් ඉවසන්නෙමි.බල්ලෝ බිරුවට තවලම ඇදෙනවා. (නි)
සදරුවන්‍ගේ පාසල මොකක්ද? (නි)
වරකාපොල අගුරුවැල්ල පාර හදන වැඩේ මේ දක්වා පරක්කු වුනේ ඇයි (අ)
සදරුවන් වැනි මානසික රෝගීන් නිසා අපේ රටේ සංවර්ධනය සැහෙන්න පරක්කු වෙනවා. (නි)
නිදාගන්න නැතිවුනාට කමක් නෑ නගරය දියුණු වෙනවනම්. පින්නවල අලි අනාථාගාරය බලන්න යන සුද්දියක් දිහා බලලවත් හිත සනසගන්නවා. එතකොට නින්දත් යයි.(ස)
සඳරුවන් මහත්තයෝ, ඔබ අහල තියෙනවද එංගලන්තේ ඉස්සරවෙලා වාෂ්ප දුම්රිය දුවන්න පටන්ගන්නකොටත් 'සද්දේ නිසා නිදාගන්න බැහැ' ආදී වශයෙන් මිනිස්සුන්ගෙන් නා නා ප්‍රකාර චෝදනා එල්ලවුණ බව? ඔබ එකඟ වෙනවද ඒ චෝදනාවලටත්? (ස)
මේ පාර යන්නේ අපේ ගම මැදින් දැන් ඉතින් කාබන් මොනොක්සයිඩ් කකා නිදාගන්න වෙන්නේ. ටයර් කුඩුයි?(නදී)