මාධ්‍ය නිදහස අගය කරන නමුත් අසත්‍ය තොරතුරු ප්‍රචාරය හෙළා දකින බව සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී එජාප නායකත්ව මණ්ඩලයේ සභාපති කරු ජයසූරිය හා කෑගල්ල දිස්ත්‍රික් එජාප මන්ත්‍රී කබීර් හෂීම් මහත්වරු ප්‍රකාශ කළහ.
ගිරාඹේ ආනන්ද අනුනාහිමි, පාර්ලිමේන්තු මන්ත්‍රි චම්පිකා රණවක, එජාප ජාතික සංවිධායක දයා ගමගේ හා රුවන් විජයවර්ධන මහත්වරුන් එහි දී පැවසුවේ 16 වැනි දා කෑගල්ලේ කබීර් හෂීම් මහතාගේ නිවසේ පැවැති රැස්වීම පිළිබඳ අසත්‍ය තොරතුරු ඇතැම් මාධ්‍ය මගින් වාර්තා කර තිබූ බවයි.
පක්ෂ නායක රනිල්, කරු ජයසූරිය හා සජිත් ප්‍රේමදාස මහත්වරුන් එකතු කරගෙන පක්ෂය ජයග්‍රාහී මාවතට රැගෙන යෑමට එරෙහිව ආණ්ඩුව කූට ව්‍යාපාරයක් ක්‍රියාත්මක කර ඇතැයි ද ඇතැම් මාධ්‍ය අසත්‍ය ප්‍රචාරය කිරීම එහි කොටසක් යැයි ද කබීර් හෂීම් මහතා කීවේය.
මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක අමර සූරියප්පෙරුම මහතා පැවසුවේ කෑගල්ලේ දී ඇතැම් ජනමාධ්‍ය ගණිකා වෘත්තියේ යෙදුණු බවයි. එක්සත් ජාතික පක්ෂය නැගී සිටින විට ඊට එරෙහිව මාධ්‍ය අසත්‍ය ප්‍රචාර ගෙන යෑම දැඩි සේ පිළිකුල් කරන බව දැරණියගල ප්‍රාදේශීය සභා විපක්ෂ නායක රංජිත් කුරුප්පු මහතා පැවසීය.
ප්‍රශ්නය - සජිත් ප්‍රේමදාස මහතා එක්සත් නායකත්ව මණ්ඩලයට සහභාගී නොවන්නේ එමගින් පක්ෂයට ප්‍රයෝජනයක් නොමැති නිසා බව සඳහන් කොට තිබෙනවා නේද?
කබීර් හෂීම් - සජිත් ප්‍රෙමදාස මහතාට ඒ පිළිබඳව යම් අදහසක් තිබෙනවා නම් හෝ විවේචනයක් තිබෙනවා නම් නායකත්ව මණ්ඩලය සමග සාකච්ඡා කළ හැකියි. අප ඒ සඳහා එතුමාට ආරාධනා කළා. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරාල මහත්මියටත් ආරාධනා කළ අතර ඇය ලබන 20 වැනි දා නායකත්ව මණ්ඩලය සමග සාකච්ඡා කරන බව ප්‍රකාශ කොට තිබෙනවා.
තාවකාලිකව වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය.
පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)
කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.
ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත.
නම්කර ඇති මැතිවරණ රාජකාරීන් වලට රපෝර්තු නොකරන රාජ්‍ය නිළධාරීන් සහ සේවකයින්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
වේයන්ගොඩ ප්‍රදේශයේ නිදන් වස්තු ඇතැයි කියන ප්‍රදේශයක කැණීම් කරමින් සිටි සිවුරු දරා ගත් පුද්ගල ඇතුළු සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පො
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
කෑගල්ලේ එජාප රැස්වීම ගැන බේගල් ඇදබාලා
විජේ Wednesday, 18 December 2013 07:20 PM
බැරිවෙලාවත් නායකයා වුනොත්, තාත්තට හපන් වෙයි. එජාපය අද ඉන්න තත්වෙට 50% ක් වග කියන්න ඕනේ එයාගේ පියායි.(අ)
ජයනා Wednesday, 18 December 2013 07:49 PM
විජේ, ඔබ හරි ඉතිරි 50% එයාගේ පුතා වග කියන්න ඕනා.(නදී)
සමන්ති Wednesday, 18 December 2013 07:52 PM
විජේදාස ඔබේ අදහස නිවැරදිය.(නදී)
ටෙනිසන් Thursday, 19 December 2013 08:26 AM
එජාපය දෙවන පෙළ නායකයෙක් හදලා නැහැ. හිටපු කෙනා තමයි දයාසිරි. එයාට කටුව ගැහුවෙත් මෙයා නේද? (නදී)
ප්‍රියන්ත Friday, 20 December 2013 02:32 PM
සජිත් ඔබ උඩබලාගෙන කෙලගහන්නේ මොකෝ පක්ෂය විනශ කිරීමේ කොන්තත්තුව ඔබද අරගෙන ඉන්නේ (අ)
ගයාන් Thursday, 19 December 2013 09:31 AM
සජිත්ට දුන් අවස්ථාව හොදටම සාදාරණ එකක්. රටකට, පක්ෂයකට විනය ඉතාම වැදගත්. 99% එක පෙළකට එනකොට 01% එන්නේ නැතිනම්, පාලනය කරන්න බැරිනම් තීරණයක් ගන්න. පක්ෂයට හොදක් මිසක් නරකක් වෙන්නේ නැහැ.(නදී)
මහානාම Thursday, 19 December 2013 11:21 AM
ගින්නක් නැතුව දුමක් නගින්නේ නෑනේ. (නදී)