බියගම කැලණිය පාරේ දී අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ 85.5 වීදි වටිනාකම රුපියල් කෝටි 65ක් පමණ වෙතියි අනුමාන කෙරේ. 2013 වසරේ හොරොයින් කිලෝවක වීදි වටිනාකම රුපියල් ලක්ෂ 75-80ක් පමණ වූ බව ආරක්ෂක අංශ කියයි.
පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුණු ඔත්තුවක් අනුව මේ වැටලීම කර ඇත.
මුළු වටිනාකම කෙතෙක්දැයි මෙතෙක් ගණන් බලා නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.
ත්‍රීරෝද රථයකින් හා හයිබ්‍රිඩ් කාරයකින් මෙම පිරිසිදු හෙරොයින් තොගය රැගෙන ගිය බව කියන දෙදෙනා කොළඹ කොච්චිකඩේ පදිංචිකරුවන් බවත් දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙරොයින් කියන්නේ බලනකොට රත්තරන් වලටත් වැඩිය වටිනා ජාතියක්නේ (නි)
වැටත් නියරත් ගොයම් කානම් කට කියමුද ඒ අමාරුව ? අද රෑට ඕව විනාස කරන්න (ස)
මේවා හෙට වෙනකොට සෙල්ලම් කුඩු වෙයිද ? (ස)
දයාජ, ඉස්සෙල්ලම කාටද දඩුවම් දෙන්න ඕනා (නදී)
ලේකම්ලත් ඕවට හවුල් ....ඇමතිලා මන්ත්‍රීලා විතරක් නෙමේ...(නදී)
දයාජ, මැලේසියානු නීතිය වැඩක් නැහැ. අපේ රටේ තියෙන නීති තරාතිරම නොබලා ක්‍රියාත්මක වෙනවා නම්. (නදී)
අචිනි,හරිම පැහැදිලියි. ඒත්,මොනවා කරන්නද ! ..."අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා.." (නදී)
මේකට තමා ආශ්චර්යය බේරෙනවා කියන්නේ. ! (නදී)
බලමුකෝ මේ දෙන්නට වෙන්නේ මොකක්ද කියලා (නි)
හෙරොයින් සම්බන්ධව මැලේසියාව කරන දැඩි නීති රීති අපේ රටෙත් කරන්න. මොවුන් මේ විනාශ කරන්නේ රටේ අනාගතයයි.(නදී)
පෙර පින් ඇති උදවියනේ... අපි තමා පවුකාරයෝ! (නි)
මේවා අල්ලපු එක නම් බොහොම හොඳ දෙයක් තමයි. නමුත් මට මෙතැනදී පැනනඟින ප්‍රශ්නය තමයි " මේ තරම් ප්‍රමාණයක් වරායෙන් හෝ ගුවන් තොටුපළෙන් බියගමට ගියේ කොහොමද " කියන එක. අල්ලන ඒවා වගේම අල්ලන්නේ නැති ඒවාත් තිබෙනවා ඇතිනේ, මෙහෙම බලනකොට (නි)
මට බය, හෙට කවුරුහරි කියයිද දන්නේ නැහැ, දැන් එයා රටින් පිටවෙලා, ඒ නිසා කුඩු තොගය රාජසන්තකයි කියලා. (නි)
බලනකොට මේක බොහොම ලාභ තියෙන ව්‍යාපාරයක්නේ (නි)
එයාලගේ නම් ගම නැද්ද (දී)
මේ මිනිස්සුන්ගේ සියලු විස්තර පල කරන්න (දී)
මේවා පසු පස සමාජයේ ප්‍රබල චරිත ඉන්නවා (දී)
කුඩු නේ ..... පව් ඒ අය නිදහස් කරන්න කියල ලිපියක් ඉල්ලා ගන්න කෙනෙක් නැද්ද ? (නදී)
මේ කුඩු තොගය අල්ල ගත්ත පොලිසියේ කී දෙනෙකුට ස්ථාන මාරු වීම් වලට මුහුණ දෙන්න වෙඉද දන්නේ නැහැ (දී)
බොහොම පින් මේවා ඇල්ලුවට අල්ලන්න බැරුව එහා මෙහා වෙන කිලෝ ගණන කොච්චර ඇතිද අප්පා (දී)
මේවා අරගෙන යන අය රැකියාවක් නැති කමට ප්‍රවාහන කටයුත්තක යෙදුන වෙන්න පුළුවන්. අල්ලන්න ඕනේ මහා මොළ කරු. පුලුවන්ද කියන එක තමා ප්‍රශ්නේ (දී)
කැළණියෙ නේ ..................... ඒ පැත්තෙ කාට හරි බාර දෙන්න වෙන්න ඇති ගෙනියන්න ඇත්තේ. ඉතිරි ටික හිතා ගන්න පුලුවන් (දී)
ත්‍රස්තවාදය නැති කරපු පොලව යට හංගපු අවි ආයුධ සොයා ගන්න රජයට උවමනාවක් තියේ නම් මෙම කුඩු ගෙන්වන්නන් අල්ලා ගැනීම අපහසු දෙයක් නොවේ. එහෙත් මොකක් හෝ නොදන්නා දෙයක් මෙම කුඩු සමග තිබෙනවා. බොහෝ දෙනෙකුගේ සැකය රජයේ ලොකු මැති ඇමති වරුන් කෙරෙහි බලපානවා (නදී).
දන්සල් දෙන්න ගෙනාපුවා නේද? (නදී)
මීට ඉස්සෙල්ලා අහුවෙච්ච ටොන් ගානක තොගයටත් වෙච්ච දේ මතකද? ඒක පරීක්ෂණ කරලා ඉවර උනාම තිබුන ප්‍රමාණයෙන් කාලකටත් අඩු බරක් තමා පිරිසිදු හෙරොයින් තියෙන්නේ කියලා කිව්වේ. තර්කානුකුලව හිතුවාම මේවා තොග වශයෙන් විකුණන මිනිස්සු මේවාට වෙනත් දේවල් කලවම් කරලා නිකම් ගොඩ වැඩි කරගෙන ප්‍රශ්න ඇති කරගන්නවා කියලා හිතන්න අමාරුයි. මොකද මේවා තොගයට ගන්න මිනිසුන් මේවා චෙක් කරනවානේ. නැතුව නිකන්ම නිකන් පාන්පිටි ගෝනියක් හෙරොයින් කියලා ගන්නේ නැහැනේ. සිල්ලරට හන්දියක් ගානේ විකුණන මිනිසුන් නම් පාන් පිටි දානවා ඇති. මට මතකයි මාධ්‍ය ප්‍රකාශක තුමෙකුටත් මාධ්‍යවේදීන්ට හෙරොයින් තොගය කාලක් වෙච්ච එක පැහැදිලි කරගන්න බැරිව තටමපු හැටි. (නදී)
මීට දශකයකට ප්‍රථම කැළණිය වටිනා පුජා බිමක්. කැලණිය කෙලසුවේ නුගත් මැරයන් වැනි දේශපාලුවන්. දුකක් ඇති වුවත් කල හැකි දෙයක් නොමැත. බලය සහ අවිය ඔවුන් සතු නිසා (නදී)
ලොකු ලෝඩ් අහුවෙනකොට හරි පරිස්සමින් රෙපොර්ට් කරන්නේ නේද? අහුඋන එකාගේ නම තියා පිරිමිද ගැණුද කියලවත් දාන්නේ නෑ. මොකද මහ එකා මොන ඇමැතියද දන්නෙ නැනේ නේද?(දී)
අල්ලන කුඩු ටලට මොකද කරන්නේ කියා කිසිම මාධ්‍යයක වත් පලනොවන්නේ ඇයි (නදී)
වෙන්ඩ බැරි වැඩක්. පොලිසියට වැරදිලාවත් ද දන්නේ නැහැ (නදී)
මේ පොසොන් පෝයට දන්සැල් දෙන්ඩ වෙන්ඩ ඇති අනේ ගණන් ගන්ඩ එපා (නදී)
ඔය අල්ලන කුඩු ආපසු වෙන කෙනෙකු දමා විකුණා රජයට ලොකු ආදායමක් ලබා . විදෙස් නය ගෙවන්න ක්‍රමයක් බලන්න . කොහොම රජයටත් ඕනේ සල්ලි නිසා (දී)
මහ මොළ කාරයාගේ නම කියන්න බැරිද? කැලණිය ප්‍රදේශයේ නිසා හිතා ගන්න ටිකක් විතර පුළුවන්.(දී)
අපරාදේ ඔය කුඩු ටික විකුනලා ලංකාවේ නය ටික ගෙවන්න බැරිද ? (නදී0
අනේ අපේ අනාගතය (දී)