IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


කච්චතිව් දූපතේ වාර්ෂික මංගල්‍යය ඉරිදා

යාපනය මුහුදු සීමාවට උතුරින් හා ඉන්දීය මුහුදු සීමාවට අතර පිහිටා ඇති කච්චතිව් දූපතේ පිහිටා ඇති ඓතිහාසික ශාන්ත අන්තොනි දේව මංගල්ලය එලඹෙන 21 වනදා පැවත්වීමට සියලු කටයුතු සූදානම් කොට ඇතැයි නාවික හමුදාව පවසයි.

මෙවර කච්චතිව් ශාන්ත අන්තොනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය වෙනුවෙන් ඉන්දියාවේ සිට කිතුනු ධීවරයින් ඇතුළු 4000 කට අධික ප්‍රමාණයක් මෙන්ම මෙරට කිතුනු බැතිමතුන්ද විශාල ප්‍රමාණයක් පැමිණෙනු ඇතැයි නාවික හමුදාව විශ්වාසය පළ කරයි.

මෙවර පැවත්වෙන වාර්ෂික මංගල්‍යය වෙනුවෙන්ද සියලු පහසුකම් හා ආරක්ෂාව සැපයීමට නාවික හමුදාව පියවර ගෙන ඇති අතර සෙනසුරාදා (20) දිනය පුරා කච්චතිව් දූපතට ඉන්දියාවෙන් හා මෙරටින් බැතිමතුන් පැමිණීමට නියමිතය.

මේ අතර කච්චතිව් ශාන්ත අන්තොනි දේවස්ථාන පල්ලියේ මංගල්‍යය උත්සවය අවසන් වන තෙක් උතුරු මුහුදු සීමාවේ කච්චතිව් ආශ්‍රිත ප්‍රදේශයේ ධීවර කටයුතුවලින් ඉවත් වන ලෙසද තමිල්නාඩු ධීවරයින්ට නාවික හමුදාව දැනුම් දී තිබේ.

මංගල්‍යය සඳහා සහභාගීවන ඉන්දීය බැතිමතුන් ජත්‍යන්තර මුහුදු සීමාව දක්වා ඉන්දීය වෙරළාක්ෂක බලකායේ ආරක්ෂාව යටතේ  මෙරටට පැමිණෙන අතර මෙරටදී ඔවුන්ට පුර්ණ ආරක්ෂාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ලබාදෙනු ඇත.



අදහස් (0)

කච්චතිව් දූපතේ වාර්ෂික මංගල්‍යය ඉරිදා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 849 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 390 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 260 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 794 2

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වංචා දූෂණ මඩින්න කොරියා ණය ආධාර
2024 සැප්තැම්බර් මස 27 696 1

ලංකා රජයේ වංචා, දූෂණ පිටු දැකීමේ ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබාදීමටද කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය එකඟතාවය පළ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.


කොළඹ පොත් මංගල්‍ය ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 27 318 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37741 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24883 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 260 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site