යාපනය කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අද (21) උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ජස්ටින් ඥානප්‍රකාශන් යාපන රදගුරු, උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, නියෝජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන්, නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවී විජේගුණරත්න ඇතුළු ආගමික , හමුදා හා දේශපාලන නායකයෝ රැසක් උත්සවයට පැමිණ සිටියහ.
වසරකට වරක් පැවැත්වෙන මෙම මංගල්‍යය සඳහා දකුණු ඉන්දියාවේ කතෝලික බැතිමත්හු ද විශාල පිරිසක් සහභාගී වෙති.
අද පැවැති වාර්ෂික මංගල්‍යය සඳහා ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ කතෝලික බැතිමතුන් විශාල පිරිසක් එක්ව සිටි අතර ඔවුන් මුහුදු මගින් කච්චතිව් දූපතට රැගෙන යාමට ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රවාහන පහසුකම් සපයා දී තිබිණි.
ක්‍රිස්තියානි පූජකවරුන් සහ කන්‍යා සොයුරියන් 300ක් පමණ ද උත්සවයට එක්ව සිටි අතර ආගමික පූජකවරුන් හා ඉන්දීය බැතිමත්තු ඉන්දියා නාවික හමුදාවේ හා වෙරළාරක්ෂක බළකායේ ආරක්ෂාව යටතේ අන්තර්ජාතික මුහුදු සීමාවට පැමිණියහ. එතැන් සිට කච්චතිව් දූපත දක්වා ශ්‍රී ලංකා නාවික හමුදාවේ ආරක්ෂාව ඔවුනට ලැබිණි.
උත්සවයේ සියලු සංවිධාන කටයුතු හා ආරක්ෂාව මෙන්ම ආහාර පාන සැපයීම, වෛද්‍ය පහසුකම් ආදී සියලු සත්කාර්යයන් සඳහා නාවික හමුදා සාමාජිකයෝ සිය දායකත්වය ලබා දුන්හ.
වර්ග කිලෝමීටර් 1.15ක (අක්කර 285) භූමි ප්‍රමාණයකින් යුතු කච්චතිව් දූපත කන්කසන්තුරය ජැටියේ සිට නාවික සැතපුම් 40ක (කිලෝමීටර් 70) දුරකින්ද ඩෙල්ෆ්ට් දූපතේ සිට නාවික සැතපුම් 10.3 (කිලෝ මීටර් 18.54) දුරකින්ද අන්තර්ජාතික මුහුදු සීමාවේ සිට නාවික සැතපුමක (කිලෝමීටර් 1.8) දුරකින්ද පිහිටා තිබේ.
යාපන දිස්ත්‍රික්කයට අයත් කච්චතිව් දූපතේ පරිපාලන කටයුතු ඩෙල්ෆ්ට් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සිදු කෙරේ.
(ඡායාරූප කෞෂල්‍ය සමින්ද)
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කච්චතිව් මංගල්‍යයට මහ සෙනඟ