(ඉන්දිකා රාමනායක සහ හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු)
රුපියල් කෝටි 16 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 16කට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවන් 7ක් වෙන්නප්පුව, කොස්වත්ත, කිරිමැටියාන ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අද (03) අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය කියයි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ මහනුවර ඒකකයට ලැබුණු තොරතුරක් අනුව එම කණ්ඩායමක් විසින් සැකකරුවන් ඊයේ (2) රාත්‍රියේ සහ අද (3) අලුයම අත්අඩංගුවට ගෙන ඇත
කිරිමැටියාන ප්‍රදේශයේ දි හෙරොයින් ග්‍රෑම් 360ක් සමග අත්අඩංගුවට ගත් සැකකරුගෙන් හෙළි වූ තොරතුරු අනුව..තවත් සැකකරුවන් තිදෙනෙක් හොරායින් කිලෝ 2 යි ග්‍රෑම් 232ක් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
එම සැකකරුවන් සිව් දෙනාගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී කිරිමැටියාන ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ තවත් හෙරොයින් කිලෝ 13 ග්‍රෑම් 485ක ප්‍රමාණයක් සැකකරුවන් තිදෙනෙකු සමග අත්අඩංගුවට ගත් බවද පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් හෙරොයින් සහ සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය වෙත රැගෙනවිත් ඇත.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා නාවික හමුදාව 2021 හා 2022 දී අත් අඩංගුවට ගත් හෙරෝයින් කිලෝ 494කට අධික ප්‍රමාණයක් පුත්තලම මහෙස්ත්‍රාත් අයෝමා විමලවිර මහත්මි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව කොට්ටාව අතර කිලෝමීටර් 5.4 ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් අයකු මියගොස් තිදෙනකු තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථ වාහන පොලි
වැඩිදුර පරීක්ෂා කිරීමට අවශ්‍යව වරායේ තිබූ රතු ලේබල් ඇලවූ සැකකටයුතු කන්ටේනර් තුන්සිය විසිතුනක් හිටි හැටියේ පිට කිරීම බරපතළ සැකයට තුඩු දෙන කාරණයක්
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ඉහාබ් කලිල් මහතා අතර විශේෂ හමුවක් එම අමාත්‍ය
කොම්පඤ්ඤවීදීයේ පොලිසීයට යාබදව බාලදක්ෂ මාවතේ සිට චිත්තම්පලම් ඒ. ගාඩ්නර් මාවත දක්වා ඉදිකෙරෙමින් පවතින ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදය හේතුවෙන් රුපිය
අකුණු සැර වැදීමෙන් හාලිඇල නෙළුව වතුයායේ තේ දළු නෙලමින් සිටි කාන්තාවන් හය දෙනෙකු අද (28) සවස තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද එක් කාකාන්තාවක් ජීවිතක්ෂයට පත්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කෝටි 16 ක හෙරොයින් කිලෝ 16 ක් අල්ලයි
rihan Saturday, 03 October 2020 08:18 AM
ලැජ්ජා නැති මිනිස්සු... කොච්චර ඇල්ලුවත් ආයෙත් ගේනවනේ. මේ අයව උල තිබ්බොත් තමයි රට හදන්න පුළුවන්.
kamalSaturday, 03 October 2020 09:35 AM
පොඩ්ඩක් ඉන්න, 20 පාස්වුණ ගමන් ඕනෙම කෙනෙක්ව උල තියන හැටි බලන්න පුළුවන්...
Ruhunu Saturday, 03 October 2020 08:34 AM
රට ඇතුළට ගෙනාපුවා කොච්චර ඇල්ලුවත් මේවා රට ඇතුළට ගේනකොට කාටවත් අල්ලන්න බැරි වුණ එකනේ පුදුමේ. ඔය වගේ අහු නොවෙච්ච දේවල් කොච්චර ඇද්ද? මේ රට ඇතුළට ගේන්නේ රටේ ආරක්ෂක අංශවලින් ගොඩක් උදව් ලැබෙනවා. ඒකයි මෙහෙම වෙන්නේ...
mohomed Saturday, 03 October 2020 09:59 AM
අල්ලන කුඩු විනාශ කරනවා දැකලා නැහැ. ලංකා බේකරි සංගමයට දානවද දන්නේ නැහැ පාන් හදන්න..?
siri Saturday, 03 October 2020 10:56 AM
මේවා ගෙන්වන මහකුඩු කාරයෝ අල්ලන්නේ කවදාද?
Prabha Saturday, 03 October 2020 11:20 AM
කහ නැත, පොල් නැත.. කුඩු ඇත.
lakmal Saturday, 03 October 2020 08:54 PM
අයියෝ මගේ ගමට වුන දේ.
praja Saturday, 03 October 2020 09:20 PM
වෙලාවකට හිතෙනවා මේවා ඔක්කොම සංදර්ශන කියලා.
Ranil Perera Sunday, 04 October 2020 04:12 AM
ඔය අල්ලන කුඩු විනාස කරනවා පෙන්නන බැරිද, පිටරටවල වගේ.?
Gamage Sunday, 04 October 2020 04:23 AM
ලංකාවට කුඩු ගෙන්වන්නේ කවුද කියලා මුලු ලංකාවම දන්නවා