රුපියල් කෝටි පහක් වටිනා විවිධ වර්ගයේ විදේශීය මුදල් තොගයක් ගමන් මල්ලේ සගවාගෙන ඩුබායි හරහා කටාර් රාජ්‍යයට යාමට උත්සහ කළ පුද්ගලයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද අළුයම අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
සැකකරු කොළඹ මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහුගේ ගමන් මල්ලේ තිබී කුවෙට් ඩිනාර් 950, ජපන් යෙන් 110,000, කටාර් රියාල් 48500, සෞදි රියාල් 802,000, ඇමරිකන් ඩොලර් 72,000, යුරෝ 450, එංගලන්ත පවුම් 30,000, එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඩිරාම් 33,500 ක් සොයාගත් බව රේගුව කියයි.
ඔහු කටාර් ගුවන්සේවයට අයත් කිව්.ආර් 663 දරණ ගුවන් යානයෙන් ඩුබායි හරහා කටාර් රාජ්‍යය වෙත යාමට කටුනායකට පැමිණ සිටියදී අද අළුයම 3.55 ට පමණ අත් අඩංගුවට ගෙන ඇත.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂිකා ලෝෂිනී පීරිස් මහත්මියගේ මෙහෙයවීමෙන් සහකාර රේගු අධිකාරීවරුන් වන තිලංක සමරවීර, මුදිත විතාන, ලක්මල් තෙන්නකෝන්, ඩන්කන් හෙට්ටි ආරච්චි සහ සඳුලි මැඩොන්සා යන නිලධාරීහු සිදු කරති.
මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද( 1) අඹේපුස්ස කීනදෙනිය දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී සොයා ගත් බව මීරිගම පොලිසිය කියයි .
අක් මුදල් නිදහස් කිරීම සඳහා පවතින සීමාවන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .
ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු ම
කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාරමන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය
කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට, ජපානයේ පාලක ලිබරල් පක්ෂයයේ නව නායකයා මෙන්ම, නව අග්‍රාමාත්‍යවරයා ද වන 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා තීරණය කර ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවෙි එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය අතර හමුවක් අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කෝටි 5 ක් රේගු දැලේ
නලීන් Thursday, 12 February 2015 06:12 AM
ගුවන්තොටුපොළ රෙගු විමර්ශන කටයුතු වල නියැලෙන ඔබ සැමගේ සේවය අගය කරමි.මෙම මුදල් පසුපස, කිසියම් නීති විරෝධි ක්‍රියාකාරීන් පිරිසක් සිටිය යුතුමය. එබැවින් දැඩි දඩුවම් ලදී මෙවැනි වංචා වලට ඇති මංපෙත් වසනු මැනවි.(හේ)