(රොමේෂ් මධුෂංඛ)
යාපනය සහ මන්නාරම් මුහුදු සීමාවේදී නාවික හමුදාව විසින් සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී රුපියල් මිලියන 15 කට අධික වටිනා කේරල ගංජා කිලෝ 106 ක් සමග සැකකරුවනවන් තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.
උතුරු නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් යාපනය මාදගල්තුරෙයි වෙරලතීරයේදී සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී අතහැර දමා තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්ෂණය වීමෙන් පසුව අදාල යාත්‍රාව පරික්ෂා කිරීමේදී මෙම කේරල ගංජා තොගය හමු වී ඇති අතර එහිදී කේරල ගංජා ගෝනි 4 ක් තුල පාර්සල් 10 ක කේරල ගංජා තොගය අසුරා තිබුණි.
මේ අතර උතුරුමැද නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් මන්නාරම පුතුකුඩිඉරිප්පු හා ඉරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයන්හි සිදු කරන ලද සොදිසියකදී කේරල ගංජා කිලෝ 6 ක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අදාල කේරල ගංජා තොගයන් ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් උතුරු මුහුදු තීරයට රැගෙන එමින් සිටියදී මෙලෙස සොයාගත් බවට නාවික හමුදාව පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 19 ත් 56 ත් වයස්හි පසුවන අතර ඔවුන් මන්නාරමඉරුක්කලම්පිඩ්ඩි හා තාරාපුරම් යන ප්‍රදේශයන්හි පදිංචි කරුවන් වන අතර ඔවුන් හා කේරල ගංජා වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා යාපනය හා මන්නාරම් සුරාබදු නිලධාරී කාර්යාල වෙතට භාරදීම නාවික හමුදාව විසින් පියවර ගනු ලැබීය.
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කෝටි එක හමාරක කේරළ ගංජා ඩිංගියක
ranga Wednesday, 11 November 2020 09:19 AM
මෙව්වට ඉස්සර කිව්වේ ගංජා කියලා. දැන් කියන්නේ ඉන්දියාවෙන් ආපු කොරෝනා කියලා.