පස් වසරකට පෙර ගෝමරංකඩවල පඹුරුගස් වැව කැලේ දර කඩමින් සිටි අඹු සැමි යුවළක් ඇතුළු කිදෙනකු මරා දැමීයැයි සැකපිට පොලිස් පරීක්ෂක රුවන් රත්නායක, සැරයන් මහින්දලාල් හා කොස්තාපල් සුනිල් ප්‍රේමරත්න ත්‍රිකුණාමල අතිරේක මහේස්ත්‍රාත් එස් සතිස්දරන් මහතා විසින් මැයි 13 වැනිදා දක්වා රිමාන්ඩ් කරනු ලැබූහ.
ගොමරංකඩවල කොටි ක්‍රියාකාරකම් පැවති සමයේ සිදුවූ මේ ඝාතන ගැන රහස් පොලීසිය පරීක්ෂණ ඇරැඹීමෙන් පසුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
දීපිකා කුමාරි හා ලක්ෂ්මන් ජයවර්ධන යන අඹුසැමි යුවළ ද අසල් වැසියකු වන යූ සමරරත්න කොටි සංවිධානය විසින් මරා දමන්නට ඇතැයි ගැමියන් සිතූ බව පොලීසිය අධිකරණයට දැන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසකයන්ට තමා හයිරම් පෙන්වන්නේ.(නදී)
එතකොට සිල්වා බබා.(නදී)
කළ කළ දේ පල පල දේ. (නි)
අපරාධකරුවන්ව එල්ලුම් ගහට යැවිය යුතුයි. (නි)
පොලීසියට මල් මිටක්, මෙම සිද්ධිය නැවත මතුකර සැකකරුවන් අත් අඩංගුවට ගත්තාට. මට එක පාරටම හිතට ආවෙ තවත් මෙහෙම සිද්‍ධි කොපමණ ගානක් කොටින්ගෙ ගිණුමට බැර කරල ඇතිද කියලයි. (නි)
ප්‍රබාකරන් තවත් හිටියා නම් තව කී දෙනෙක්ගේ ජීවිත ප්‍රබාකරන්ගේ ගිණුමට බැර කරවන්න තිබුනද? (නි)
ඒ කාලේ කතා නම් එපා
සෙන්තිල් ඔබ කොටියෙක්ද? ඇයි සිංහල අය එක්ක ඔච්චර තරහා?(නදී)
ජිනීවා වලට කියන්ඩ වගවීම පටන්ගත්තා කියලා.(නදී)
මේවා කරලා තියෙන්නේ ගම් වල මිනිස්සු බය කරලා ගෙවල් ඇතුලෙම තියාගන්න හමුදාවේ උපක්‍රමයක්.(නදී)
අනේ මන්දා, කොටි අපිට ගැහුවා. අපි කොටින්ට ගැහුවා. කොටි කොටි මරා ගත්තා. දැන් බැලින්නම් අපි අපිත් මරා ගෙන තියෙනවා.(නදී)
මමනම් පොලිසියට වැරදි කියන්නේ නැහැ ඔය කාලේ ඔය පැතිවල කලබල තිබුන ඇත්ත නැත්ත උඩ ඉන්න දෙවියෝම බලාගන්න ඕනේ...(ස)