ගජබා රෙජිමේන්තු සේනා විධායක කර්නල් ජයන්ත සුරවීර ඇතුළු අට දෙනකු කැබ් විල්පත්තුව වනෝද්‍යානයේ දී වෙඩි තබා ඝාතනය කළැයි කියන නඩුව ඔක්තෝබර් 17 විභාගයට ගැනිමට අනුරාධපුර විශේෂ මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා නියෝග කළේය.
මෙම සිද්ධියේ විත්තිකාර කොටි සංවිධානයේ හිටපු ප‍්‍රබල සාමාජිකයින් දෙදෙනා ඔක්තෝබර් මස 17 වන දින දක්වා තවදුරටත් රිමාන්ඩේ කැරිණි.
සූරියකාන්තන් ජෙයචන්ද්‍රන් හෙවත් උදයන් හෙවත් අයියන් සහ ශිව ප‍්‍රකාශන් ශිවශීලන් හෙවත් ඉලෙයියන් කොටි සංවිධානයේ හිටපු ප‍්‍රබල සටන්කරුවෝ එසේ රිමාන්ඩ් කරනු ලැබූහ.
කර්නල් ජයන්ත සුරවීර, මේජර් ඩී.එස්.ඒ.ජයන්ත විල්පත්තුව ජාතික වනෝද්‍යාන උද්‍යාන බාරකරු වසන්ත පුෂ්පානන්ද, වනජීවි නියාමක උපාලි චන්දන, සෙබල (46064) කපිල කුමාර 2007 වසරේ මාර්තු මස 9 වැනිදා මරා දැමිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෝ මේගොල්ලන්ව තව ටික දවසකින් නිදහස් කරවී. (බ)
අනේ මේ අහිංසක දෙශපාලන සිරකරුවන්ට සමාවදී නිදහස් කරන්න. නැත්තම් සංහිඳියාව නැතිවෙයිනෙ. (නි)
ප්‍රදීප්, ඔබ හරි
අනේ මෙයාලව නිදහස් කරන්න නැත්නම් සංහිඳියාවට මොනවාහරි වෙයි (බ)
ලක්ෂ 20 ගානේ අට දෙනාටම වන්දි ඕන. එහෙම තීන්දුවක් නොදුන්නොත් මහේෂ් මහතා මේක ගෙවන්න ඕන. නීතිය කාටත් එකයි.(බ)