දෙහිවල කෝටිපති ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 15 ක කප්පමක් ගන්නට ගිය දෙදෙනෙකු මාදිවෙල බැද්දගානේදී සැකපිට අත්අඩංග=වට ගත් බව පොලීසිය කියයි.
අවුරුදු 29 ක් සහ 33 වයසැති මෙම දෙදෙනා අපාරධ 19 යකට සම්බන්ධ හිරෙන් නිදහස්ව ආ අය බවත් පොලීසිය කියයි.
දුරකතන ඇමතුම් දී ව්‍යාපාරිකයාගේ දරුවන් මරා දමන බව කියා කප්පම් ඉල්ල ඇත. මුලින්ම මහරගමටද පසුව බැද්දගානටද ඔහු ගෙන්වා ගෙන ඇත. පොලීසිය වෙස් වලාගෙන ව්‍යාපාරිකයා සමග සිටියේය.
පැය 72 ක රැදවුම් නියෝග මත පොලීසිය මොවුන්ගෙන් ප්‍රශ්න කරති.
යතුරු පැදියක් හා අත්බෝම්බයක් අත් අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාද 19 සම්බන්දනම් මෙය 20 වෙනි එක ඇයි මෙගොල්ලන්ගෙන් සමාජය නිදහස් කොර ගන්නේ නැත්තේ. මේගොල්ල සඟවා ඇති ආයුද බලන්න යමු.(ස)
බෝම්බය කවුරු ගානෙද? (නි)
මොවුන් සමාජයට අවශ්‍ය නොමැති මිනිස්සු නැවත නිදහස් කලොත් තව දරුණු අපරාධ කරනු ඇත,ආයුධ තියෙන තැන් බලන්න එක්ක යමු. (ස)
මෙවන් මිනිසුන් යුධ පෙන්නන්න අරගෙන යන්නම වෙනවා (දී)
ආයුධ තියෙන තැන් බලන්න එක්ක යමු.. (ස)
මතුගම සමන් කුමාර නම් දරුවා කප්පම් කරුවන් විසින් දශක කීපයකට පෙර මරා දැමුණු වෙලාවේ අපි කොයි තරම් කම්පා වුනාද. ඒ තිරිසන්නු හිරේ ඉන්නකොට හිරකාරයෝ පවා ඔවුන්ට පහර දුන්න. අනේ, අපි අද ඉන්න තැන. බමුණු, විමල්, නලින් එක්ක මාත් එකතුවෙනවා හැකි ඉක්මනින් මොවුන් ආයුද පෙන්වන්න එක්ක යන්න කියල ඉල්ලන්න. (දී)
ඔන්න මේ සිංහලුන්ගේ තවත් අපූරු වැඩක්,ව්‍යාපාරිකයා මුස්ලිම් කෙනෙක් වෙන්න ඕනේ. (දී)