රුපියල් පනස් දෙලක්ෂ හැත්තෑ පන්දහසක් වටිනා නිමා නොකළ ස්වර්නාභරණ තොගයක් ඉන්දියාවේ චෙන්නායි නුවර වෙත ගෙනයාමට තැත්කළ කාන්තාවන් තිදෙනෙකුට රුපියල් විසිපන්දහස බැගින් දඩ නියම කළ රේගුව එම රන් භාණ්ඩ රාජසන්තක කළේය.
අත්අඩංගුවට ගනු ලැබූ ස්වර්නාභරණ වල බර ග‍්‍රෑම් 1055 ක් බවත් සැකකාරියෝ කොළඹ කොටහේන ප‍්‍රදේශයේ පදංචි රෙදි පිළි ව්‍යාපාරයේ යෙදෙන්නියන් බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.
මෙම ස්වර්නාභරණ අතර මාල තුනක් සහ වලලූ විස්සත් වූ බවත් මෙම කාන්තාවන් නිතර නිතර ඉන්දියාවට යන බවත් රේගුව කියයි.
සැකකාරියෝ අද ජෙට් ගුවන්සේවයට අයත් ගුවන්යානයකින් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ ඇත.
එහිදී රේගු නිලධාරීන් විසින් පරික්ෂා කිරීමේදී මෙම් ස්වර්නාභරණ සොයාගෙන ඇත. මින් කිහිපයක් ඔවුන් පැළඳ සිටි බවත් ඉතිරිවා ඔවුන්ගේ අත් බෑග්වල තිබූ බවත් රේගුව කියයි.
සැකකාරියන්ගෙන් ප‍්‍රශ්න කිරීමේදී මේවා ඉන්දියාවට විකිනීම සඳහා ගෙන යන බව රේගුවට පවසා ඇත.
මේ පිළිබඳ විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී විජේවීර මහතාගේ උපදෙස් පිට ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂකවරුන්වන ධර්මසේන කහඳව, ඒ.කේ.එන් වික‍්‍රමසිංහ, රේගු අදිකාරී එම්.අයි ෂලීම් සහ නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන නිශාන්ත ජයසිංහ, හසංත ගුරුගේ, උපුල් විදානගම සහ සහකාර රේගු අදිකාරීවරුන්වන ඒ.වී. ආර් සමන්ජිත් එම්.ඒ.ඔ පරනෑන්ඩු සහ නිරෝෂා විජේතුංග යන නිලධාරීහු විසින් සිදුකරනු ලැබූහ.
ලෙබනන් හිස්බුල්ලා නායක හසන් නසරැල්ලා ඝාතනය ඉරානයට එල්ල වූ අතුල් පහරක් බවත්, නසරැල්ලා ඝාතනය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට වන්දි ගෙවීමට සිදුවනු ඇති බවත් ඉරාන
ලෙබනන් හිස්බුල්ලා නායක නසරැල්ලා ඊශ්‍රායල හමුදාව විසින් ඝාතනය වීමෙන් පසු, හිස්බුල්ලා සංවිධානයට නව නායකයකු පත් කර ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා ප
ඊශ්‍රායලයේ මිතුරා මෙන්ම ලෝක බලවතා ද වන ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, නසරැල්ලා ඝතනය සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරමින්, ඊශ්‍රායලයට සහාය දක්වමින් අදහස් පළ කර
අම්පාර උහන සමන්ගල සහ බංඩාරදුව ආසන්නයේ වනසංරක්ෂණ දෙපාර්තතමේන්තුවේ රක්ෂිත වනාන්තරය මහා පරිමාණයෙන් විනාශ කරන බව ප්‍රදේවාසිහු පවසති.
දරුණු ත්‍රස්තවාදියකු වූ නසරැල්ලා ඝාතනය කිරීම, ලැබූ විශිෂ්ට ජයග්‍රහණය බවත්, ඊශ්‍රායලය ලෙබනනයෙන් පළිගත් බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යා
මොරටුව ,ඉදිබැද්ද ප්‍රදේශයේ එඩ්වඩ් පටුමග පිහිටි ලී බඩු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අද(29) අලුයම 1.30 ට හදිසි ගින්නක් ඇතිවී එහි දේපල වලට බරපතල හානි සිදූවී ඇතැයි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කෝටි භාගයක රන් රාජසන්තකයි
කිශාන්ත Wednesday, 05 June 2013 12:42 PM
මේන්න අපේ රටේ මෝඩ වැඩ. මෙහෙම ගියොත් අන්තිමට රෙදිත් ගලවලා නිකන් යන්න වෙයි. ඒවටත් නීති විරෝධී කියයි. ලෝකයේ මිනිස්සු මිලියන ගනනක් වටිනා රත්තරන් බඩු දියමන්ති පැළදගෙන යනවා. මේවා ලංකාවේ අයගේ මෝඩ කමට අල්ලන දේවල්.(නදී)
ලංකා Wednesday, 05 June 2013 12:45 PM
රාජ සන්තක වුනාම මේවට මොනවද වෙන්නේ. ඉන්දියාවේ ගියා නම් අඩුනම ගානේ විදේශ විනිමයවත් ලැබෙනවා.(නදී)
රංගන Wednesday, 05 June 2013 12:48 PM
රාජ සන්තක වෙනවා කියන්නේ ඇමති නෝනලට සන්තක වෙනවා කියන එක. කාන්තාවෝ දෙන්නා රටට කරන්න ගියේ සේවයක්.(නදී)
මගලී Tuesday, 04 June 2013 07:47 PM
නිමනොකල කියන්නේ මොනාටද ? මෙතන තියෙන්නේ සේරම නිමා කල බඩු. අනික කෙනෙකුට මාලයක් වළලු හයක් ගෙන යන්නත් බැරිද ලංකාවේ?(නදී)
මුනාෆ් Tuesday, 04 June 2013 07:53 PM
මේ ඉන්නේ රේගුවේ සුපිරිම කට්ටිය. (නි)
මනෝජ්-සාජා Thursday, 06 June 2013 12:22 AM
මෙතන මෝඩ කට්ටියකුත් අදහස් දාලා තියනවා. (නි)
ශිරළ් Tuesday, 04 June 2013 09:30 PM
මේක යකාගේ වැඩක්නේ. මිනිහෙකුට මොකුත් දාගෙන යන්නත් බැරිද? ඇමතිලාගේ ගෙවල් වල සෝදිසි කලොත් ටොන් ගණන් හොයා ගන්න පුළුවන් වෙයි. (නි)
සිල්වා Wednesday, 05 June 2013 02:29 PM
ඔය එහා මෙහා යන කුඩු කාරයන්ව ඔය විදියටම අල්ලන්නකෝ. මිනිස්සු ඔයිට වඩා දේවල් පැළදගෙන අනිත් රටවල ගමන් කරනවා. ගුවන් යානය ඇතුලේ හොරු ඉන්නවද දන්නේ නැහැ. සමහර විට ආරක්ෂාවට වෙන්න ඕනා. එන ගමන් ඉල්ලා ගන්න මේ අයියලාගෙන්.(නදී)
ජෙප් Tuesday, 04 June 2013 11:16 PM
චාලිස් ලා ගොඩයි එක ඒන්ජල් කෙනෙකුයි. නියම ටීම් එක.(නදී)
බංඩාර Wednesday, 05 June 2013 11:04 AM
මේකේ නීතියක් නැහැ. අදික්‍ෂණ නිලධාරිවත් රෙගු නිලධාරීන් වත් නීතිය දන්නේ නැහැ. රත්තරන් ආභරණ රට අරන් යා හැකිය. පිට රට අරන් යා හැකි දෙයක් එවිට ප්‍රකාශ කරන්න අවශ්‍ය නැහැ. එහෙනම් ඇදුම් පවා රාජසන්තක වෙනවානේ.(නදී)
මුතුකුඩ Wednesday, 05 June 2013 02:09 AM
බෑ බෑ මංගලී දැන් නීති හරි තදයි.(නදී)
වරුණ Wednesday, 05 June 2013 07:37 AM
ඔය වගේ අල්ලන රත්තරන්ද දන්නේ නැහැ. ඊයේ පෙරේදා කට්ටිය විකුනන්න ගිහිල්ලා අහුවුනේ?(නදී)