(මනෝප්‍රිය ගුණසේකර)
කළුතර බන්ධනාගාරය තුළ දී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට පහර දී බරපතල තුවාල සිදු කර මරා දැමීමට තැත් කළ බවට චෝදනා ලැබ සිටි කොටි සංවිධානයේ උතුරු නැගෙනහිර මුල්‍ය අංශ ප්‍රධානිව සිටි එමිල් කාන්තන් මහතා ඇතුළු 10 දෙනෙක් නිදහස් කිරිමට කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා නියෝග කළේය.
එම නඩුවේ සෙසු විත්තිකරුවන් හය දෙනොට වසර 10 ½ බැගින් වු සිරදඩුවමක් ද ඊට අමතරව රුපියල් දසදහස බැගින් දඩ මුදලක් ද නියම කැරිණි.
විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත
ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පුරාවිද්‍යා ස්ථානයක් කැණීම් කිරීමට හෝ කිසියම් අපරාධයක් සඳහා පැමිණ ඇති බවට සැකකරන, යුද හමුදාවේ සාමාජිකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනකු, මෝට
මිගමුව කලපුවේ ගමන් කරමින් තිබු කුඩා ධීවර යාත්‍රාවක් අද (24 ) දහවල් පෙරළී යාමේන් එහි ගමන් කළ පියා සහ දියණීයක් අතුරුදහන්ව ඇති බවත් මෙම යාත්‍රාවේ ගමන් කළ ඉත
කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට මේ දින වල විශාල වශයෙන් එළවළු තොග ලැබීම හේතුවෙන් කැරැටි ,ගෝවා වැනි බොහෝ එළවළු වර්ගවල මිල පහත වැටී විකුණාගත නොහ
පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ස්ථානමාරු ලබාදීම සදහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් පොලිස් කොමිෂන් සභාවට යවා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොටි සාමාජික එමිල් කාන්තන් ඇතුළු 10 කට නිදහස
asanga Monday, 30 October 2017 05:36 AM
නියමයි. එතකොට සොල්දාදුවෝ හිරගෙට. කැකිල්ලේ පාලනයක්නේ.
පිටිගල මිලානෝ Monday, 30 October 2017 06:07 AM
කෙනෙක්ව මරාදැමීමට තැත් කල පුද්ගලයෙක් නිදොස් වන්නේ කෙසේද?
Rasi Monday, 30 October 2017 06:07 AM
මහතා!
රජින්ද Monday, 30 October 2017 06:25 AM
මෙහෙම රටක ඉඳලා මොටද කියල හිතෙන්නේ මට විතරක් වෙන්න බැහැ. යහපාලනය යයි කියා ගන්නා අවස්ථාවාදී බලලෝභී රෑනක් රට අමු අමුවේ වනසමින් සිටින විට ඊට විරුද්ධ වන මිනිහව කොන් කරලා නැති කරලා දාන්නෙත් අපේ රටේ ඉන්න සාමන්‍ය මිනිස්සුමයි. ඒ විධිමත් ක්‍රමවේදයකට නිසා ගැටළු මතු වුනේ සුළුවෙන්. එ්ත් මේ පාලනය කාලේ කරන කියන කිසිවක් ගැන විශ්වාසයක් නැති නිසා ඉදිරියේදී රට බරපතල අනතුරට වැටෙන්න පුළුවන්.
Shihan Monday, 30 October 2017 06:33 AM
මේක විතරයි තව අඩුවෙලා තිබුණේ.. රට නියම අතටම යනවා වගේ.. මගේ රටට දළදා හිමි සරණයි..
sathyapala Monday, 30 October 2017 06:34 AM
"එමිල් කාන්තන් මහතා" වැරදීමක් වගේ. මැතිතුමා කියන්න ඕනේ තැන වැරදිලා මහතා කියලා දාල වගේ.
bamunua Monday, 30 October 2017 06:39 AM
"චෝදනා ලබා සිටි කොටි සංවිධානයේ උතුරු නැගෙනහිර මුල්‍ය අංශ ප්‍රධානීව සිටි එමිල් කාන්තන් මහතා" කොහොමද දෙන තල්ලුව... මහත්තයා කියලා...
bamunu Monday, 30 October 2017 06:41 AM
මේ අය පට්ට කොටි, හරිනම් නළලේ පොට්ටු තියන්න ඕනේ රයිෆල් බුලට් වලින්.
saman Monday, 30 October 2017 06:52 AM
ඔව් දැන් ව්‍යවස්ථාවට විරුද්ධ වෙන, උද්ගෝෂණ කරන අය එහෙම දාන්න ඉඩ නැහැනේ.
දීපාක් කරුනාරත්න Monday, 30 October 2017 07:15 AM
අපොයි දෙවියනේ අද ප්‍රභාකරන් මැරුනේ නැතුව හිරේ හිටියා නම් ප්‍රභාකරන් මැතිතුමාව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරාවි. පුදුම රටක් මේක. අපේ කරුමෙට වඩා අපෙ දරුවන්ගේ කරුමය
de silva Monday, 30 October 2017 07:27 AM
සමුල ඝාතකයෝ නිදහස් කරනවා. ගෝලයෝ අවුරුදු 10 හිරේට යවනවා, එක මිනියක් මරපු මිනිස්සු එල්ලුම් ගස් යවනවා.
Kumar (Galf) Monday, 30 October 2017 07:44 AM
කොටි එලියේ. විරෝදාර සෙබළු ඇතුලේ. මරු යහපාලනේ.
Thilina Monday, 30 October 2017 07:53 AM
එකම තැනක එකම රටක නිව්ස් දෙකක්..එකක් මුළු රටක් ත්‍රස්ත්‍රවාදයෙන් බය කළ අය නිදහස ලැබීම .. අනික රටේ දේපළ විකුණනවාට විරුද්ධව උද්ඝෝෂණය කළ මිනිස්සුන්ට ඇපත් නැතුව රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම. මෙයයි මුළු රටක් ලැබූ අපමණ වෙනස..
saman Monday, 30 October 2017 07:59 AM
කිරිදරුවෝ එක්ක දහස් ගණන් අසරණ මිනිස්සු අමු අමුවේ මරන්න උපදෙස් දුන්නු ප්‍රභාකරන්ට ප්‍රභාකරන් මහතා කියපු අපිට එමිල් කාන්තන්ට, එමිල් කාන්තන් මහතා කියන එක එච්චර කජ්ජක්ද?
asd Monday, 30 October 2017 09:02 AM
රණවිරුවෙක් ගැන දැම්මොත් දාන්නේ සතෙක් ගැන වගේ.
asad Monday, 30 October 2017 09:03 AM
මෙතැන අඬන අය එදා මහින්ද කරුණාවයි, පිල්ලෙයාන්වයි ඔඩොක්කුවේ ගෙන හුරතල් කරන කොට රට රකින්න ගිහින් ඉන්න ඇති. නඩුවේ තීන්දුව අනුව නිදහස් නම් එච්චරයි. මහතා කියලා හදුන්වපු එකට ගොඩක් අයට හිත රිදිලා වගේ. හොර, මිනීමරු පාලකයන්ට වදින ජනතාවක් ඉන්න අපේ රටේ දෙමළ වූ පලියට චෝදනා වලින් නිදහස් කරපු අයෙකුට මහතා කියලා ආමන්ත්‍රණය කිරීම හොඳ නැහැල්ලු. රණවිරුවෝ හිරගෙට කියන අය දැනගන්න ඕනේ ප්‍රධානම කරුණ තමයි රට වෙනුවෙන යුද්ධ කරපු රණවිරුවෝ කාවවත් ඒ නිසා හිරගෙට දමා නොමැති බව, එම ධුරය අනවශ්‍ය ලෙස යොදාගෙන අපරාද කරපු අය නීතියට යටවිය යුතුය. ඒ අය රණවිරුවෝ නොව අපරාධකරුවන්ය.
bamunu Tuesday, 31 October 2017 12:27 AM
මහින්ද කරුණාවයි, පිල්ලෙයාන්වයි ඔඩොක්කුවේ ගෙන හුරතල් කලේ සෙල්ලමට නොවෙයි. ඒ ගොල්ලන්ගෙන් ගන්න පුළුවන් නියම ප්‍රයෝජනය එතුමා ගත්තා. මේගොල්ලන්ව මහින්ද මහතාගේ පැත්තට නොගත්තානම් අපට යුද්දය දින්නන්න බොහෝ අමාරු වෙන්න ඉඩ තිබුනා. අපි ඉස්කෝලේ ගිය කාලයේ 1958 උම්මග්ග ජාතකය ඉගැන්වූ ඒ පණ්ඩිත ගරු හාමුදුරුවෝ උම්මග්ග ජාතකයේ කියවෙන යුද්දය ගැන දීර්ඝ විස්තරයක් කරමින් කියා සිටියේ මව් පාවාදී හෝ රටවෙනුවෙන් කරන යුද්දය දිනන්න ඕනේ කියලා. එමනිසා යුද්දය දින්න කරුණාවයි, පිල්ලෙයාන්වයි ඔඩොක්කුවේ දාගන්න එක ඔබේ නොදන්නා කමට මහා ලොකු දෙයක් උ නාට අපටනම් එය කතාකල යුතු දෙයක් නොවෙයි.
vipula Monday, 30 October 2017 09:58 AM
චන්ද පොරොන්දු ඉටුකරන්න ඕන නිසා වෙන්න ඇති මෙහෙම කරන්නේ. පසුගිය ජනාධිපතිවරණ කාලයේ කේ පී නිදහසේ ඉන්නවා කියල පතුරු ඇරපු කට්ටියනේ මේවම කරන්නේ
Sumith jaya shantha Monday, 30 October 2017 10:06 AM
මේ වගේ ජාතියක් වෙනුවෙන් යුද්දෙට ගිය අපිට මඩු වලිගෙන් තලලා මදි.
de silva Monday, 30 October 2017 10:23 AM
දීපක් කරුණාරත්න මහත්මයාණෙනි, ප්‍රභාකරන් හිටියා නම් එයාව නිදොස් කරලා, නිදහස් කරලා එයට විශේෂ ආරක්ෂාවකුත් දේවි ජීවිත තර්ජන තිබෙන නිසා... අර කේපී ට කරුණට දුන්න වගේ.... එයා කැමති නම් පසුව කරුණලා, පිල්ලෙයාන්ලා කලා වගේ දේශපාලනයත් කරලා අැමැති කමකුත් කරන්න තිබුණා. එතකොට අපේ රණවිරුවන්ට කියලා ඒ අයට සැලියුට් ගස්සවන්නත් පුළුවන්නේ....
manju Monday, 30 October 2017 11:08 AM
මේ රටේ ඉපදීම ගැන පුදුම ආඩම්බරයක්, සතුටක්, සැනසීමක් දැනෙනවා.
chamal Monday, 30 October 2017 12:31 PM
එමිල් කාන්තන් එක්ක ඔය උඩ අදහස් දාලා තියෙන අයගේ මහා තැන අයියා මලෝ වගේ ගනුදෙනු කරද්දී එමිල් කාන්තන් මහතා පමණක් නෙමෙයි.
bamunu Tuesday, 31 October 2017 12:46 AM
මොකද නම් ගම් වලින් කතා කොරන්න ඔතරම් බය? අපි වගේ කෙලින් කතාකරන්නකෝ. මහා තැන අයියා මලෝ වගේ ගනුදෙනු කලේ එයාගෙන් ගන්න ප්‍රෙයා්ජන ගන්න. දොඩම් ගෙඩිය මිරිකලා ඉස්ම ගත්තාට පසු ලෙල්ල සීත කරණයේ දාලා පරිස්සම් කරන්නේ නැත කුණු ගොඩට දානවාමිස. ඕවා ක්ෂණික උදාහරණ ඔලුවට එන. ඔබ ඔය කියන මහා තැන, අයියා මලෝ වගේ ගනුදෙනු කරලා යාළුවාව දාල තිබුනේ හිරේ.
රසික Monday, 30 October 2017 01:56 PM
අධිකරණයකින් නිදහස් කළාමත් අපේ අය කියන කතා..
bamunu Tuesday, 31 October 2017 12:34 AM
එක එතකින් ප්‍රභාකරන්ට මිස්ටර් ප්‍රභාකරන්ට කියපු ප්‍රභාකරන්ට මැතිතුමා කියපු දේශපලකයින් ඉන්න රටක මහතා කීම ලොකු දෙයක්නොවෙයි. හැබැයි එකක් හිතේ තිය ගන්න සංහිඳියාව එන්න ඕනේ නීතිපොතින් හෝ බලයන් හිතට කාවෙද්දීමෙන් නොවෙයි අපේ හිත තුලින් මයි. දේශපලකයා මොනවා කීවත් අපට දෙමළා දෙමළා ම තමයි. හම්බයා හම්බයාම තමයි.