IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


කොට්ටාව පිවිසුමේ කාරයක් උඩු කුරු වේ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුමේදී කාරයක් මින් මද වේලාවකට පෙර උඩුකුරුව පෙරලී ගියේය. 

කාරයටද මහා මාර්ග අධිකාරියේ දේපල වලටද අලාභ හානි සිදු විය. එහෙත් රියදුරා තුවාල ලබා  බේරුනේය.



අදහස් (0)

කොට්ටාව පිවිසුමේ කාරයක් උඩු කුරු වේ

මංජුල අබු ඩාබි සිට Thursday, 19 December 2013 01:12 PM

යසවතී, මොනවා හරි දෙයක් ගැන කතා කරනකොට අපි තවත් රටක් එක්ක සන්සන්දනාත්මකව බලන්න උත්සාහ කරපු නිසා තමයි අපිට හැමදාම වැරදුනේ. හැබැයි ඒක හැම දේටම වලංගු නැහැ. එක්සත් අරාබි එමීර් රාජ්‍යය කියන්නේ තෙල්/ ගැස් සහ සංචාරක කර්මාන්තයෙන් මුදල් හොයන රටක් විදේශ ආයෝජකයොත් පොරකාගෙන මේ රටවල් වලට එන්නේ. මමත් ඔය කියන ප්‍රමිතියක් තියෙන මාර්ගයේ සහ ප්‍රමිතියක් නැති මාර්ගයේත් ගිහින් තියෙනවා මට දැනුනු වෙනස නම් අපේ පාරට වඩා වැඩි මන් තීරු ගණනක් තියෙන එක විතරයි. මේ රටවල් වල ඕන දෙයක් කරන්න සල්ලි සහ ඉඩ පහසුකම් තියෙනවා ඉඩම් අයිතිය තියෙන්නේ රජයට මෙහෙ ප්‍රවේනිගත/ බූදල් වෙච්ච ඉඩම් නැහැ සියලුම දේවල් රජයට අයිති නිසා අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ කරනවා. නමුත් ලංකාවේ සංවර්ධන යෝජනා ක්‍රමයක් කරන්න ඉඩම් පවර ගන්න ගියාම මුලින්ම එන්නේ පරම්පරාගත ඉඩම් කියන ප්‍රශ්නය ඊට පස්සේ වටිනාකමට කරන ගෙවීම් පිළිඹඳ ප්‍රශ්නය එනවා. මට නම් අපේ රටේ දේ වටිනවා..(නදී)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 20 December 2013 07:35 AM

ලංකාවේ ජීවත්වන අපට අධි වේගී මාර්ග අලුත් අත්දැකීමක්. මේවට පුරුදු වෙන්න තව කලක් යාවි. අපේ ප්‍රවේශම අපි සලසා ගන්න ඕනේ මුලින්ම. අද් වේගෙට ඇතුල් වෙනකොටම පැයට කිලෝ මීටර් 100 වේගය ගන්නයි අපේ කට්ටිය හදන්නේ. මේ වගේ අනතුරු වෙන්නේ ඒකයි. පාරේ අඩුපාඩු ඇති. මීට වඩා අඩු පාඩු තියෙන මාර්ගවල නිරුපද්‍රිතව රිය පදවන අපේ රටේ රියදුරු මහත්වරුන්ට කියන්න තියෙන්නේ ඉවසීමෙන් රිය පදවන්න කියන පණිවිඩයයි.(නදී)

:       0       0

ග්‍රාම්යා Friday, 20 December 2013 08:05 AM

යම් සිද්ධියක්, අනතුරක් උනාම ප්‍රමිතිය ගැන කතා කරනවා. ඉවසීමේ ප්‍රමිතිය ඔක්කොටම වඩා වැදගත් නැද්ද. ඊට වඩා වාහනේ ප්‍රමිතිය බාල වෙන්න බැරිද? ඔය පරණ අය කියන්නේ ඒ දවස්වල හිල්මන්, මොරිස් මයිනර්, බෙන්ස් කාර් පුදුම හයියක් තියෙන්නේ දැන් නිකම් පපඩම් වගේ කියලා. දැන් ගොඩක් අයගේ අදහස් කිතුල් ගහට නැග්ග අයගේ වගේ.(නදී)

:       0       0

පියසේන Thursday, 19 December 2013 01:41 PM

අපි හැමදාම පුරුද්දකට කරන දේ තමා හදිසි තීරණ වලදී ඔලුවට එන්නේ. ඕවා හරියට වෙන්න නම් සාමාන්‍ය පාරේදීත් සියලු දෙනා නීතියකට අනුව එලවන්න ඕනා. (නදී)

:       0       0

සේරම් Friday, 20 December 2013 08:48 AM

ලංකාවට මේ විශ්වය තිබෙන තුරු ඩුබායි ප්‍රමිතියට එන්න බැහැ.(නදී)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 19 December 2013 02:00 PM

යසවතී නෝනේ, මේ රථය පෙරලිලා තියෙන්නේ අධි වේගයට ඇතුල් වන ප්‍රවේශ මාර්ගයේ නේද? මේ වගේ අනතුරක් උනහම චීන ගම්මානවල ජනතාව උඩ පැන පැන නටමින් සතුටු වෙනවා කියල මම අහල තියෙනවා. ඒ උනාට අපි නම් එහෙම නැහැ නේද යසවතී නෝනේ. (නදී)

:       0       0

කමල් Thursday, 19 December 2013 02:11 PM

රියදුරන්ව අදිවේගී මාර්ගවල දාවනය පිලිබදව දැනුම්වත් කරනවා නම් මේ අනතුරු අඩු කරගන්න පලුවන්. වෙන රටවල් වල මාර්ගවල තැනින් තැන පුවරු තියනවා දැනුමිවත් කරන.(නදී)

:       0       0

මංජුල අබුඩාබි සිට Friday, 20 December 2013 09:29 AM

සේරම් ගේ දූපත් මානසිකත්වය පිලිබඳ මගේ බලවත් සංවේගය! (ස)

:       0       0

කෙනත් Friday, 20 December 2013 12:20 PM

වහනයක් වැස්ස වෙලාවට පාරේ වතුර තියනකොට වේගයෙන් යනවිට වේගය නිසා රෝදය සහ පාර අතර ජලය ස්තරයක් විදිහට ක්‍රියාකරනවා , වාහනවල රෝදවල කට්ටය එක දිශාවකට කපන්නේ මේ ජලය ඉවත් කරන්නයි, කට්ටය ගෙවුණු ටයර් වල මේ ක්‍රියාවලිය හරියට වෙන්නේ නැති නිසා වාහනයේ ටයර් ජාල ස්තරය මත යන්ට පටන්ගන්නවා , මේකට කියන්නේ ජෙට් සකී කියලයි වැස්ස වෙලාවට අඩු වේගයකින් යාමත් , නිතර අලුත් ටයර් භාවිතයත් නිසා මේ අනතුරු අඩුකරන්න පුළුවන් (දිල්)

:       0       0

ප්‍රේම් Thursday, 19 December 2013 04:17 PM

යසවතී, ලෝකයේ සමහර රටවල් තියනවා මෙච්චර වත් දියුණු පාරවල් නැති. ඔයා ඒ වගේ රටවල් එක්කත් ලංකාව සංසන්දනය කරලා බලන්න. ඔයා දැකලා තියෙන්නේ ඩුබායි විතරද? (නදී)

:       0       0

ලාල් Friday, 20 December 2013 12:47 PM

ඩුබායි වල 1970 ගණන් වල ෆොටෝ වෙබ් එකේ තියෙනවා.ලංකාවේ 1940 ගණන් වල ෆොටෝ බලල අදහසක් ගන්න බලන්න.ඇමෙරිකන් අරාබි රටවල් වලට ඒ අයගේ මිනිස්සුන්ගේ විරැකියාවට විසදුම් හොයාගත්තා.(දිල්)

:       0       0

චන්දන Thursday, 19 December 2013 05:58 PM

අනතුරු වීම සාමාන්‍ය දෙයක්. රියදුරුට මොකුත් වෙලා නැති එක ලොකු දෙයක්.(නදී)

:       0       0

සුමංගල ඇල්පිටිය Thursday, 19 December 2013 06:25 PM

කවුරුවත් හිතාමතා මෙවැනි අනතුරු කර ගන්නේ නෑ.මාස 6 කට කලින් පින්නදුවේදී ඔය වගේම අනතුරකට මමත් මූණ පැවා. (දිල්)

:       0       0

ජයන්ත Thursday, 19 December 2013 06:34 PM

පහුගිය ඉරිදා හවස මමත් ඔය පාරේ ගාලු ගිය. අධීක වැස්ස.මගේ කාර් එකත් දෙපලකදී ලිස්සලා ගියා හේතුව පාරේ වතුර එකතු වෙනවා. ඒ තැන් පිළිසකර කරන්න අවධානය යොමුකරන්න බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා.(දිල්)

:       0       0

යසවතී Thursday, 19 December 2013 09:10 AM

අධි වේගේ උණ පුරුකේ දාලා තිබුනත් නෑ ඇදේ ඇරෙන්නේ - ප්‍රමිතිය බාල ඇති.(නදී)

:       0       0

පාලි කතර් Thursday, 19 December 2013 07:12 PM

මමත් නිතරම අධිවේගි පාරවල් තමා භාවිතා කරන්නේ ,රියදුරන්ගේ නොසැලකිලිමත්කම නිසා ගොඩක් අනතුරු සිදුවනවා (දිල්)

:       0       0

දාන් Friday, 20 December 2013 03:04 PM

ලෝකේ හැම අධිවේගී මාර්ගයක අනතුරු සිදුවෙනවා, මෙහෙම නෙමෙයි සමහරවෙලාවට වාහන 10 -15 හෝ ඊටත් වඩා එක නිසා හැම වෙලාවේම ලෝකේ වෙන දේවල් දන්නේ නැති මෝඩයෝ වගේ ප්‍රතිචාර දාන්න එපා. (අ)

:       0       0

මංජුල අබු ඩාබි සිට Thursday, 19 December 2013 09:40 AM

මට පෙනෙන්නේ යසවතිව කෝවේ දාලා වත් මකන්න බෑ වගේ. අනතුරක් උනොත් ප්‍රමිතිය ගැන කතා කරනවා. ඇත්තටම යසවතී ඔය ආකල්පෙන් මිදෙන්නම බැරිද?(නදී)

:       0       0

සන්ධ්‍යා Thursday, 19 December 2013 09:47 AM

තිබුන පළියට නොයා හැමදේම පරිස්සමින් පරිහරනය කළ යුතුයි. (නදී)

:       0       0

ශාන් ගමගේ (ඕමාන) Thursday, 19 December 2013 09:48 AM

හිමින්, ස්පීඩ් කරොත් වෙන දේ ඕක තමා. ඒකටත් එක්ක මෙහෙ පාරවල්.(නදී)

:       0       0

චතූ Thursday, 19 December 2013 10:12 AM

මම ඕක දැක්කා. මෙයා හයියෙන් යන්න් ගහින්. ඔතනට එනකොට වේග සීමාව 60 යි. (නදී)

:       0       0

එරංග Thursday, 19 December 2013 10:16 AM

අදික වේගයෙන් ගිහින් තිරිංග තද කරණ විට වාහනයේ වේගය අඩුකරමින් බ්‍රේක් ගහන්න. (නදී)

:       0       0

ධම්ම Thursday, 19 December 2013 10:19 AM

අධිවේගී මාර්ග කිව්වම මිනිසුන් හිතනවා ඇති එහි අධික වේගයකින්ම රිය පදවන්න ඕනෑ කියලා. මෙය උපරිම වේග සීමාව පමණක් සටහන් කල මාර්ගයක්. ඒ වේග සීමාව දක්වා තමාට වාහනය පාලනය කරගත හැකි වේගයකින් තමාගේ ගමන යන්නයි මේ මාර්ග සාදා ඇත්තේ. කෙසේ වෙතත් මේ 'අධිවේගී' කියන නම අපේ මිනිසුන්ට ඔරොත්තු දෙන්නේ නැහැ. (නදී)

:       0       0

චානක මධුසංඛ Thursday, 19 December 2013 10:24 AM

ඇමරිකාවේ හිටපු ගමන් වාහන 200 හැප්පෙන අවස්ථා තියනවා. එතකොට ඒකත් ප්‍රමිතිය බාල නිසාද ? අනික අපේ ලංකාවෙ අය පාට පක්ෂ වලට බෙදිලා ආන්ඩුව මොන සංවරධනය කලත් ඒක දකින්නෙ වැරදි විදිහට. ඒකට කියන්නෙ කුහක කම කියලා.(නදී)

:       0       0

දුෂාන්ත Thursday, 19 December 2013 07:51 PM

යසවතී කියන ප්‍රමිතිය ගැන නම් මටත් සැකයි දැන් දැන්.(නදී)

:       0       0

සිරි අයියා Thursday, 19 December 2013 10:25 AM

ශාන් ගමගේ, ඕමානයේ පාරවල් හොඳ වුනාට එහෙ ඉන්න මිනිස්සු දන්නෙ නැහැ ඒ පාරවල් හරියට පාවිච්චි කරන්න​. ඒ නිසා මාර්ග අනතුරු ඉතාම අධික රටක්.(නදී)

:       0       0

චාමික Thursday, 19 December 2013 10:34 AM

වැහැපු බවක් තමයි පේන්න තිබෙන්නේ. වහින දවසක කොට්ටාවේ ඉදන් පින්න දුවට ගියොත් අනතුරු 2ක් වත් අඩුම තරමේ බලාගන්න පුළුවන්. වෙනත් අදිවේගී මාර්ග වලට වඩා මෙහ අධිවේගී මාර්ගයේ මතුපිට තරමක් සුමට බව පියවි ඇසින් වගේම මෙම ඡායාරුප වලත් දැකිය හැකියි. එමෙන්ම මාර්ගයේ වතුර රැදී ඇති බවත් පළමු ඡායාරුපයෙන් පේනවා. කෙසේ වුවත් තමුන්ගේ ආරක්ෂාව සඳහා වේග සීමාවන් පිළිපැදීම හොදයි. (නදී)

:       0       0

කෙනත් Thursday, 19 December 2013 10:40 AM

සෑම විටම වේග සීමා දැන්වීම් අනුගමනය කලොත් අනතුරු 90% කින් වලක්වා ගන්න පුළුවන්. මොකද ඒවා දාල තිබෙන්නේ හේතුවක් ඇතුව.(නදී)

:       0       0

ශසී බිමල් ප්‍රභාත් Thursday, 19 December 2013 10:48 AM

අදිවේගී මාර්ගවල යන්න රියදුරන්ට වෙනම පුහුණුවක් දිය යුතුයි. නොදැනුවත්කමයි හේතුව.(නදී)

:       0       0

කුෂාන් චාමර Thursday, 19 December 2013 10:52 AM

කොළඹ නයිට් රේස් පැදලා ඒ වේගයෙන්ම ඇවිත වගේ.(නදී)

:       0       0

සමන්ති Thursday, 19 December 2013 08:14 PM

යසවතී කියන ප්‍රමිතිය මනින ඒකකය කුමක්ද ? (නදී)

:       0       0

මොහාන් Thursday, 19 December 2013 10:56 AM

මෙවැනි සිදුවීම් ඉතා සාමාන්‍ය දේවල්. (නදී)

:       0       0

දයා අලහාකෝන් Thursday, 19 December 2013 11:01 AM

මේ ප්‍රතිචාර දිහා බලාගෙන යනකොට යසවතී නෝනගේ ප්‍රතිචාරයෙත් යම් අදහසක් තියෙනවා.(නදී)

:       0       0

මාටින් Thursday, 19 December 2013 11:02 AM

වාහන දහස් ගණන් යනකොට එකක් දෙකක් හැප්පෙන එක උඩු කරණම් ගහන එක සාමාන්‍ය දෙයක්. (නදී)

:       0       0

බණ්ඩාර Friday, 20 December 2013 04:32 PM

මොන ප්‍රමිතියද?පාර ,තාර,තෙතමනය,වාහනය,රියදුරු,(දිල්)

:       0       0

ඉන්ද්‍රජිත් Thursday, 19 December 2013 11:23 AM

අනේ පව්! (නදී)

:       0       0

තිලින බණ්ඩාර Thursday, 19 December 2013 11:36 AM

ඔහොම තමයි පාරේ යනකොට හැප්පෙනවා මැරෙනවා ඕවට පාරේ ප්‍රමිතිය ටයි, ආණ්ඩුවටයි බැනලා වැඩක් නැහැ.(නදී)

:       0       0

නිමල් Thursday, 19 December 2013 11:49 AM

ලෝකයේ තිබෙන රැකියාවලින් ඉක්මණින් තීරණ අරගෙන එම මොහොතේම ක්‍රියාත්මක කළයුතු එකම රැකියාව තමයි මේ රියැදුරු කම. හැබැයි ඒ තීරණයක් වරදින්න ගතවෙන්නෙත් සුළු මොහොතයි. සියළු සංස්කාරයෝ අනිත්‍ය වන්නේය.(නදී)

:       0       0

ගුනේ Thursday, 19 December 2013 11:53 AM

හැමෝම කියෙන්නේ වේගයෙන් ගියා කියලනේ. මේක කාර් එකේ දෝෂයක් වෙන්න බැරිද? (නදී)

:       0       0

අමිල කටුනායක Thursday, 19 December 2013 11:58 AM

වාහනේ නම් මොනවා වුනාම මොකද? පොඩි වන්දියක් ගෙවලා දාමු. රක්ෂනෙන් සල්ලි ගමු.(නදී)

:       0       0

අමිල කටුනායක Thursday, 19 December 2013 12:00 PM

අදි වේගයේ යන වාහන වලට වෙනම රක්ෂනයක් කරන්න කියයිද දන්නේ නැහැ.(නදී)

:       0       0

වෙනුර Thursday, 19 December 2013 10:29 PM

මම ඒකනේ කාර් එකක් ගන්නේ නැත්තේ.. නැතුව බැරි කමකට හරි සල්ලි නැතුව එහෙම නෙවේ. . . . (අ). .

:       0       0

යසවතී Thursday, 19 December 2013 12:03 PM

ඩුබායි සිට අබුඩාබි දක්වා මාර්ගයක් තියෙනවා ප්‍රමිතියෙන් උසස් පුළුවන් නම් ගිහින් බලන්න.(නදී)

:       0       0

පීරිස් Thursday, 19 December 2013 10:33 PM

එරංග කමක් නැද්ද ඔය කියන විදිහට බ්‍රේක් ගැහැවිවට දන්නැති හින්දය් අහන්නේ (අ)

:       0       0

කුමාර Thursday, 19 December 2013 12:21 PM

මම මේ නොදන්නා කමට අහන්නේ. මේ වාහන පිට රට අවුරුදු ගානක් දුවපු ඒවා නේද. ඒ වගේම අදි වේගේ යන ඒවාට සාමාන්‍ය ටයර් නෙවෙයි නේද තිබිය යුත්තේ. අනිත් එක අපේ ආකල්ප වෙනස් වෙන්න ඕනේ නේද. වාහන වල සීට් බෙල්ට් එක දාන එක මදි පුංචි කමක් වගේ සමහර රියදුරන්ට.(නදී)

:       0       0

සත්‍යයා Thursday, 19 December 2013 12:59 PM

අලියාගේ ඇඟ අත ගාපු අන්ධයෝ ටික කියපු කතාව වගේ තමයි මෙතන අදහස් දාල තියෙන සමහරු ලියන්නේ. මේ ඊනියා සංවර්ධනයේ ප්‍රමිතියකින් තොර බොහෝ දේවල් නිර්මාණය කළා වගේම අපේ බහුශ්‍රරතයින් කියන දේවල් වලත් ප්‍රමිතියක් නැති බවයි පෙනෙන්නේ.(අ)

:       0       0

සත්‍යයා Thursday, 19 December 2013 01:01 PM

මේ උඩුකුරු යටිකුරු වන්නේ ඊනියා සංවර්ධනයද? නැත්නම් පවතින දේශපාලන ව්‍යුහයද? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොළොන්නරුව ගල් වැඩපලක යන්ත්‍ර 3ක් ගිනි තියලා
2024 සැප්තැම්බර් මස 20 247 0

පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)


කුවේට නව තානාපතිට උසස් නිලතල සභාවේ අනුමැතිය
2024 සැප්තැම්බර් මස 20 265 0

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.


පොහොට්ටු මන්ත්‍රී තුනකගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි
2024 සැප්තැම්බර් මස 20 368 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත.


මැතිවරණ රාජකාරි නොඑන නිලධාරීන්ට විනය පියවර ගන්නවා
2024 සැප්තැම්බර් මස 20 423 0

නම්කර ඇති මැතිවරණ රාජකාරීන් වලට රපෝර්තු නොකරන රාජ්‍ය නිළධාරීන් සහ සේවකයින්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


වේයන්ගොඩ නිදන් හෑරූ සිවුරු දැරූ අයෙක් ඇතුළු 9ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 402 1

වේයන්ගොඩ ප්‍රදේශයේ නිදන් වස්තු ඇතැයි කියන ප්‍රදේශයක කැණීම් කරමින් සිටි සිවුරු දරා ගත් පුද්ගල ඇතුළු සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පො


ඡන්ද පෙට්ටිය බෝට්ටුවෙන්
2024 සැප්තැම්බර් මස 20 740 0

මෙරට සර්ව ජන ඡන්දය බලය ලැබුණ දා පටන්ට බලපිටිය මාදූව දූපත්වාසීන්ට ඡන්දය දැමීමට ඡන්ද පෙට්ටිය ගෙනයනුයේ ඔරු පාරු හා මෝටර් බෝට්ටුවලිනි.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14542 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 124 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site