හදිසි ගුවන් අනතුරක දී ක්‍රියා කළ යුතු ආකාරය ගැන අද කටුනායක දී පෙරහුරුවක් පැවැත්විණි.
මේ පෙරහුරුවට ගුවන් හමුදා සාමාජිකයෝ 340 දෙනෙක් එක්වූහ.
පෙරවරු 9.31ට ඩුබායි සිට ආ ශ්‍රී ලංකන් එයාර්ලයින් ගුවන් යානයේ මගීන් බස්සවා ඊට ගුවන් හමුදා සෙබළු නැග්ගවූහ.
ඉන් අනතුරුව 11.30ට ගුවන් යානය හදිසියේ ගොඩ බාන බවට පණිවුඩ යැවීය. ඒ සමඟම ගුවන් යානය අසළට දොරවල් කැපුම් උපකරණ ආදිය රැගන් පිරිස් දිව ගියහ. ඒත් පෙරහුරුවක් නිසා දොරවල් කැපුවේ නැත. දොරවල් විවර කර රතු තීන්ත තැවරුණු ඇඳුම් ඇඳගත් සෙබළු එළියට ගෙන ගිලන් රථවලින් රෝහල් කරා ගෙන එනු ලැබූහ.
යුක්රේනයේ හා තායිවානයේ ගුවන් අනතුරු දෙකකට පසුව මේ පෙරහුරුව සංවිධානය කැරිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පේලේන් එකේ දොරවලුත් කපලම වැඩේ කලා නම් තමයි ඉතා හොද (නදී)
මේක ගුවන් හමුදාව කරපු එකක්ද. එතකොට ගුවන් තොටුපොල ගිනි නිවීමේ අංශය සම්බන්ද නැද්ද? හැමදාම ඕක තමයි වෙන්නේ. ගිනි නිවීමේ අංශය වැඩ කරනවා නම යන්නේ ගුවන් හමුදාවේ මේක වෙන්නේ සියලු දෙනාගේ එකමුතුවෙන්. එ්ත් ප්‍රදාන වෙන්නේ ගිනි නිවීමේ අංශය (නදී)
සමහර මිනිසුන්ගෙ අදහස් දැක්කම ලංකාවෙ බාගෙට බාගයක් ඉන්නෙ නුගතුන් කියලා හිතෙනවා (නි)
මේක බොහොම හොඳ වැඩක්. නමුත් පාර්ලිමේන්තුවේ අය මොනවගේ දේවල් කියයිද දන්නේ නැහැ. (නි)
සංජු, ඔයා කිසිදිනක ගුවන්යානාවක ගිහිල්ලා නැහැ වගෙයි (නි)
මේකේ තියෙන සමහර අදහස් දැක්කම හිනායනවා. සමහරක් අය හොද වැඩක් කළාම වැරදිමයි හොයන්නේ. (නි)
සංජු වගේ අය දන්නේ නැති වුණාට හැමදේටම පෙරහුරුවක් ඕනෑ (නි)
හොඳ දෙයක් කරන විට ඒකට ගරහන්නේ, කතා කියන්නේ කුහකයින් නේද? (නි)
පුහුණුව විතරක් කරලා මදි. ඇත්තෙන්ම ක්‍රියාත්මක වීමේ හැකියාව තියෙන්නත් ඕනෑ (නි)
චින්තා ජර්මනියේ ජීවත් වුණාට,ලෝකයේ අනෙක් රටවල් ගැන තිබෙන දැනුම මදි වගෙයි පෙන්නේ. (නි)
අවදානමට පෙර සූදානම හොඳයි (නි)
මට අපේ රට ගැන ගොඩක් ආඩම්බරයි. මීට සහභාගි වූ හැමටම මම ගොඩක් ස්තුති කරනවා.අපි ගොඩක් දේවල් අතින් ඉදිරියෙන් ඉන්නවා.අවදානමට පෙර සුදානම කෝකටත් හොඳයි (නි)
නිශාන්ත ඩබ්ලිව්.ජේ. ගේ කතාව හරි. (නි)
සංජුගේ බුද්ධි මට්ටම නම් ඉතාම දුර්වලයි.ටිකක් සංවරව මනා අවබෝධයෙන් හිතන්න පුරුදු වෙන්න. (නි)
බොහොම හොඳයි (නි)
නිශාන්ත ඔබ හරි (නදී)
අවදානමට පෙර සුදානම. (නදී)
පෙර සූදානම ඉතා හොඳයි (අ)
සංජය මහතාගේ අදහස හරි. අපේ වීරෝධාර රණ විරුවන් අවශ්‍ය වෙලාව ට අවශ්‍ය දේ කරාවී.(අ).
හමුදාවක් යනු ඕනෑම මොහොතක රට වෙනුවෙන් ඕනෑම අභියෝගයක් භාර ගැනීමට සූදානම් පිරිසක්. ඒ සඳහා ඔවුන්ට නිසි පුහුණුවක් ලබා දිය යුතුයි. ඒ සඳහා වියදම් වන මුඳල් ආයෝජනයක් මිස කිසි දිනක අපතේ යාමක් නොවේ.(අ)
හොඳ වැඩක් (නි)
අයියෝ සල්ලි (නදී)
විශිෂ්ට වැඩක්. අපි අගය කරනවා මෙහෙම වැඩ (නි)
හොඳ වැඩක්. (ස)
මේක ජාත්‍යන්තර ගුවන්තොටුපලක අනිවාර්යයෙන්ම කලයුතු දෙයක්. අපි හැම අවුරුද්දකටම සැරයක් කාර්ය මණ්ඩලය පුහුණු කරවනවා මේ විදියට. (ස)
බොහොම හොඳයි අපේ රට ගැන ආඩම්බරයි! (ස)
මේක මම ඇස් දෙකෙන්ම දැක්කා මම වැඩ කරන තැනට හොදට පේනවා ගොඩක් හොද වැඩක්. අපිත් හිතුවේ ඇත්තටම ලොකු කරදරයක් කියලා. එත් පස්ස ට්‍රෛ්නින් එකක් දැනගත්තේ. ඇත්තටම මේවා වියදම් කරලා අනිත් අයටත් දැකගන්න සලස්සුවා නම් ගොඩක් වටිනවා. (නදී)
ඇත්තට උනොත් ඔය මොකුත් නැහැ (නදී)
ගොඩ බිම වගේම මුහුදේත් පෙරහුරුව කරා නම් හොඳයි (නදී)
ඔබට සෙතක් මට විපතක් (නදී)
අපේ නුගත් ලාංකිකයන්ට මෙය විහිළුවක් බව සමහර ප්‍රතිචාර වලින් පේනවා. නමුත් මේ වාගේ දේවල් ලෝකයේ දියුණු රටවල නිතර කරනවා. පෙර පුහුණු වීමකට එ්කෙන් යම්කිසි අවස්තාවක කරදරයක් අනතුරක් උවහොත් , ඒවා අවම කර ගන්නට පුලුවන (නදී)
මෙහෙම කරන එක හොඳයි. රටක ගිනි නිවන හමුදාව හැමදාම එයාලගේ වාහන, භාණ්ඩ පරික්ෂා කරලා බලන්න ඕනේ. සතියකට වරක් පොඩි රියසල් එකක් කරන්න ඕනේ. මාසෙකින් ලොකු රියසල් එකක් කරපුවම එයාලට පුහුණුව වගේම අදාල යන්ත්‍ර හොදට පවතිනවා. නැත්නම් වැඩේ වෙනකොට ඩීසල් නැහැ වතුර නැහැ එන්ජින් වැඩ නැහැ. දන්නා කෙනා නිවාඩු වගේ ප්‍රශ්න ගොඩයි (නදී)
පෙරහුරු කරලා කව්රුත් සූදානම් කරලා තියන්න ඕන. නැත්නම් එවෙනි අවස්තාවක කවුරුත් දන්නේ නැහැ මොනවද කරන්න ඕන කියලා බොහොම හොඳ වැඩක්. (නදී)
දැන් පාර්ලිමේන්තුවේදි අහයිද දන්නෙ නැහැ ඔය පෙරහුරුවට කීයක් වියදම් වුනාද? රතු තීන්ත සදහා ටෙන්ඩර් කැදෙව්වද? සෙබළු ඒ විධියට යෙදවීම සදාචාරත්මකද? ගුවන් තොටුපල හමුදාකරණය කරන්න තැත් කිරීමක්ද? වගේ ප්‍රශ්න මාලාවක්. රජය සේවකයන්ට සේ.අ.අරමුදලින් සියයට තිහක් සිදහස් කරනවා වගේ ඉටු නොකරපු පොරොන්දු ගැන කවදාවත් අහන්නෙ බලපැම් කරන්නෙ නැහැ. අර වගේ වැඩකට නැති පුශ්න නම් ඔනතරම් අහනවා.(නදී)
ඇති යාන්තන් මොකක් හරි කලබලයක් වෙන්න කලින් පුහුණුවක් දුන්නා. (නදී)
චමින්ද ඔයා හිතන්නේ අපේ හමුදා මොන වගේ කියලද (නදී)
ලංකාව අනෙක් රටවලට වඩා ඉදිරියෙන් ඉන්න බවට පෙන්නුවා. (නදී)
හොඳ වැඩක් මේක. වීඩියෝ කරලා ලංකාවේ හැමෝටම බලන්න සැලැසුවා නම් ගොඩක් හොඳයි. ඇයි ජන මාධ්‍යට මේවා නොදෙන්නේ? (නදී)
විශිෂ්ට දේ අපි අගය කරන්න ඕනා. ඔබ සැමට ස්තුතියි. (නදී)
අරවාගේ වැඩක් උනොත් ඉතිං සවලෙන් තමයි කැලි අහුලන්න වෙන්නේ (නදී)
තවත් බන්දුල පෙරේරා කෙනෙක් වෙන්න හදන නිශාන්ත, හැම තර්කයක්ම හැමතැනටම උචිත වෙන්නේ නැති බව මතක තියා ගන්න. එවැනි ප්‍රශ්න කිරීම් කරන්නේ නැත්නම් විනාස වෙන්නේ ජනතාවගේ මුදල්. (නදී)
මොකක් හරි උනහම තමයි ඕවා කරන්නේ (නදී)
නිශාන්ත ඩබ්ලිව්.ජි, ලංකාවේ කුමන දේශපාලන පක්ෂයකට අයත් උනත් ඔබ වැනි මෝඩයින් නම් පාර්ලිමේන්තුවේ නැහැ. හැබැයි ඔවැනි අඥානයින්ගෙන් ප්‍රයෝජන ගැනීමට දන්නා බුද්ධිමත් පිරිසක් නම් පාර්ලිමේන්තුවේ සිටිනවා. "අඥාන යාගේ උපමා හා සිතුවිලිත් හරියට අර, බේබද්දෙක් කටු අත්තක් අතට අරගෙන හැම අතටම වනනවා වගෙයි" එයින් කොයි කාහට තුවාල සිදුවෙයිද කියන්න බැහැ. (නදී)
පෙරහුරු කරපු එකනම් ගොඩක් වැදගත්. ඒ වගේම දවසේ පැය 24 ම අපි හදිසි අවස්ථාවකට සුදානමින් ඉන්න ඕන .අපේ රටේ එහෙම සුදානමින් ඉන්නවද කියල කියන්න දන්නේ නෑ.(නදී)
හොඳ වැඩක් නේද ? (නදී)
අඩි 33 දාහක් ඉහල අනතුරක දී දෙන ප්‍රතමාදාරය කොහොම එකක්ද? එතැනදී සුලන් තෙරපුම සහ අධි ශීතලට ක්ෂනිකව කන් අඩි පුපුරනවා. (නදී)
හොඳ වැඩක් (නදී)
පිස්සු විකාර. වැඩ නැතුවට වැඩ මේවා (නදී)
කඩේ යනවා වගේ (නදී)
පෙර සුදානම කෝකටත් හොඳයිනේ (නදී)
නිශාන්ත සම්පුර්ණ ඇත්ත කතාව. දැනට අපේ රටේ සුදානම තියෙන්නෙ හමුදාවල විතරයි. අනිකුත් බොහෝ ආයතන හරියට වැහි කාලෙට වදුරට ගෙවල් මතක් වෙනව වගේ තමයි ප්‍රශ්ණ වලට උත්තර හොයන්නේ. (නදී)
අපේ ලංකාව අනිත් රටවලට වඩා සෑහෙන්න දියුනුවකින් ඉදිරියට යන බව මේ වගේ සිද්දිවලින් පෙන්නුම්කරනවා (නදී)
හොඳයි (නදී)
අයියෝ, උඩදී පිපිරෙන ගුවන් යානයක මිනිස්සුන්ට බේරෙන්න බැහැ. මොකද උඩදී මිනිස්සුන්ව කෑලි කෑලි වලට විසිවෙනවා. නමුත් හොදම දේ ගොඩ බාපු ගමන් තියෙන දොරක් ඇරගෙන එලියට පනින එක තමයි (නදී)
නුවනක්කාර වැඩක්. අවදානමට පෙර සුදානම හොඳයි (නදී)
වැඩේ ඉතා හොඳයි. නමුත් පසුගිය දින කීපයේ ගුවන් යානාවලට පහර දීම තුලින් ගුවන් යානා නියමුවන්ගේ සහ කාර්ය මණ්ඩලයේ බිදවැටුණු මානසික ශක්තිය සහ ආත්ම විශ්වාසය නැවත ගොඩ නැඟීම සඳහා ඔවුන්ට ආධ්‍යාත්මික වශයෙන් වැඩමුළුවක් සඳහා යොමුකරවනවා නම් හොඳයි කියා මම යෝජනා කරනවා (නි)
අයියෝ! උඩදී පිපිරෙන ගුවන් යානයක මිනිසුන්ට බේරෙන්න පුලුවන්ද? මොකද උඩදී මිනිසුන්ව කෑලි කෑලි වලට විසිවෙනවා.නමුත් හොඳම දේ ගොඩ බෑප ගමන් තියෙන දොරක් ඇරගෙන එළියට පනින එක තමයි (නි)
බොහොම හොඳ දෙයක් (නි)
හරිම වටිනා පුහුණුවක් (නි)
ඒක නම් හොඳ වැඩක්... (නි)
කෙසේ වෙතත් අපේ ගිනි නිවන හමුදාව නම් පළාතකට වත් වැද්ද ගන්න එපා. වාහනයත් හප්පගෙන පළාතටම ගිනි තියයි. (නදී)
අපේ රට පුංචි රටක් උනත් සියලු දෙයින්ම සම්පුර්ණ වෙන්න ඕන . හොඳ දෙයක් කරලා තියෙන්නේ.හරිම වටිනා දෙයක්.(අ)