IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


කටුනායක මස් සැකසීමේ මධ්‍යස්ථානය අකුළා නොගත්තොත් හිමිවරු පෙරට එනවා

(විනීතා එම් ගමගේ)

මස් සැකසුම් මධ්‍යස්ථානය කටුනායක ඇරඹීමට පිහිටුවීමේ යෝජනාව වහා හකුලා ගන්නට රජය පියවර නොගතහොත් ගව ඝාතනයට එරෙහිව ජීවිතය පිදූ බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන් වැනි ස්වාමින් වහන්සේලා ඊට එරෙහිව ඉදිරියට ඒම වැළැක්විය නොහැකි වනු ඇතැයි ජාතික විද්වත් සංඝ සභාවේ ප්‍රධාන අනුශාසක දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවැසූහ.

රාජ්‍ය අනුග්‍රහය යටතේ ආරම්භ කිරීමට සූදානම්වන මෙම මස් සැකසීමේ කම්හල රටට සිදුකෙරෙන බරපතල අපචාරයක් යැයි ද උන්වහන්සේ කීහ.

සෝභිත හිමියෝ මේ අදහස් පළ කළේ ජයවර්ධනපුර ජයශේඛරාරාමයේ අද(17) පැවති ජාතික විද්වත් සංඝ සභාවේ මාධ්‍ය හමුවක දී අදහස් දක්වමිනි.

ආසියාවේ විශාලතම මස් සැකසුම් මධ්‍යස්ථානය කටුනායක ඇරඹීමට පියවර ගත් පසු වැඩිපුරම සතුන්ගේ මරණ වේදනාව විශ්වයට මුසු කරන රට වශයෙන් වාර්තාවක් තැබීමට ද අපේ රටට අවස්ථාව ලැබෙනු ඇතැයි කී සෝභිත හිමියෝ මේ කටයුත්තේ අරමුණ කුමක් දැයි විමසිය යුතුව ඇතැයි ද කීහ.

මෙවැනි ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් හදන්න යන බව තමන් නොදන්න‍ා බවත් මුල්ගල් තැබු බවක් හෝ  ලාබ යන්නේ කාගෙ අතට යන්නේ ද යන්න හෝ නොදන්නේ යැයි ද කී උන්වහන්සේ මෙයින්සිදුවන විවිධ හානි හා අපකීර්තිය සැළකිල්ලට ගත යුතුයැයි ද කීහ. ජනතාවට මේ ගැන සෙවීමේ අයිතියක් ඇතැයි ද අනුනායක හිමියෝ පැවැසූහ.

 
ලෝකයේ මස් අවශ්‍යතාව‍යෙන් 10% ක් වැනි විශාල ප්‍රමාණයක් මේ සැකසුම් කර්මාන්ත ශාලාවෙන් ඉටු කිරීමට බලාපොරොත්තු වන බව වාර්තාවී ඇතැයි කී උන්වහන්සේ මස් සපයන මධ්‍යස්ථානයක් නම් කොයිතරම් ප්‍රමාණයක් සතුන් ඝාතනය කරන්න සිදුවෙනවා ද යන්න දැනගැනිමට ජනතාවට අයිතිය ඇතැයි ද සෝභිත හිමියෝ පැවැසූහ.මේ කම්හල ආරම්භ කිරීමෙන් පසු ලොවවැඩිම ප්‍රමාණයක් මස් මරන රට බවට ලංකායව පත් නොවනු ඇත්දැයි විමසු උන් වහනසේ විශේෂයෙන්ම රාජ්‍ය ව්‍යවස්ථා‍වේ 9 වනවගන්තියේ පරිදි බුදුදහම රකින බවට දී ඇති පොරොන්දුවට කුමක් වන්නේ දැයි සෝභිත හිමියෝ කීහ.

මීට මාස තුනකට කලින් ගව ගාතනය නතර කරන බව අගමැතිවරයා කී බවත් සාදුකාර දීජනතාව එය පිළිගගත් බවත් කැබිනට්ටුව එය පිළිගත් බව දැනගෙන සියලු දෙනා සතුටු වුණ බවත් කී උන්වහන්සේ සුලු කාලයක් ගත වන විට එය ටිකක් පස්සට දමන බව අගමැතිවරයා කී බවත් සිහි කළේය.නමුත් ගව ඝාතනය තහනම් කර ගැනීමට ඇතිවුවමනාව නිසා විහාරස්ථාන 12300 ක් ලියුම් ලිව්වා. ගව ඝාතන විරෝධී එකමුතුව සමග මේ පෙත්සම ජනාධිපතිවරයාට භාර දෙන්න යන්න ඕනකම තිබුණත් කොරෝනා නිසා  බැරි වූ බවත් හෙළි කළ උන්වහන්සේ දින කිහිපයක් ගත වෙද්දී ඕපපාතිකව  මස් සපයන තැන කටුනායක පිහිටුවන්නට සූදානම් වනු දැකිය හැකිවූ බව ද කීහ.

අගමැතිතුමාට එරෙහි බලවේගයක් ඇවිත්ඇතැයි සිතන බවත් තමන් ඇතුළු පිරිස අගමැතිතුමන් සමඟ‍ සිටින බවත්‍ පැවසූ සෝභිත හිමියෝ  අහිංසක සතුන්ගේ මස් ගන්නා ඝාතකාගාරයක් මේ රටේ පිහිටුවන්න තමන් ඉඩ නොතබන්නේ යැයි ද පැවැසූහ.මේ ක්‍රියාකලාපයට තමන්  විරැද්ධ යැයි ද  එක හාමුදුරු නමක් මේ ගව ඝාතනයට එරෙහිව ගිනි තබා ගත්තේ යැයි ද  රාජ්‍ය අනුග්‍රහයෙන් ක්‍රීඩා ඇමතිතුමාගේ  ප්‍රධානත්වයෙන් රාජ්‍ය අනුග්‍රහය යටතේ මෙය සිදුව ඇතැයි ද කී උන්වහනසේ මෙය අපචාාරයක් යැයි ද පැවසූහ.

එදා ජීවිතය පුජාකල ඉන්ද්‍රරතන හිමියන් කීදේ අමතක නොකරන්නැයි ද  එවැනි ජීවිත පරිත්‍යාග කරන තවත් ස්වාමින් වහන්සේලා සිටින්නේ යැයි ද පැවසූ සෝභිත හිමියෝ  මේ ගමනට විරුද්ධව ගියොත් බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන් වැනි හිමියන් තවත් දකින්නට සිදුවනු ඇතැයි ද කීහ.



අදහස් (29)

කටුනායක මස් සැකසීමේ මධ්‍යස්ථානය අකුළා නොගත්තොත් හිමිවරු පෙරට එනවා

siri Thursday, 17 December 2020 11:57 AM

දැන් පරක්කු වැඩි නැද්ද අපේ හාමුදුරුවනේ...? අපි ඉතින් හැමදාම ගේට්ටු වැහුවේ අශ්වයා පැනලා ගිහින් කාලාන්තරයකට පස්සෙනේ...

:       0       0

GNANARATHNA GAMPOL Thursday, 17 December 2020 12:10 PM

ගෞරවනීය ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේලා සමග මමත් එන්නෙමි. තෙරුවන් සරණයි..!!! 

:       0       0

විජේ Thursday, 17 December 2020 12:10 PM

මට හිතෙනවා මේ මස් කඩ කතාව ටික දවසකට මිනිස්සුන්ගේ අවධානය වෙනස් කරන්න ගෙනාව මරිසියක් කියලා. මිනිස්සුන්ව අවුස්සලා අවුස්සලා අන්තිමට ලොකු පබ්ලිසිටියක් එක්ක අපි මේක නැවැත්තුවා කියලා ලකුණු ගොඩක් දාගනියි.

:       0       0

Hafeel Thursday, 17 December 2020 12:34 PM

නාමල් මස්, මාළුවර්ග කන්නත් නැතිලු. එහෙමනම් මේ වැඩේ හරිද?

:       0       0

Roland Thursday, 17 December 2020 12:35 PM

මේ රටේ මොකුත්ම කරන්න ඉඩදෙන්නේ නැහැනේ...

:       0       0

සමන්ත Thursday, 17 December 2020 12:59 PM

හැම දේකටම විරුද්ධ වීම ලෙඩක් බවත්, චීවරය එයට ලයිසන් එකක් ලෙස නොසිතිය යුතු බවත්, රට සංවර්ධනය සඳහා කවුරු බලයේ සිටියත් කළ යුතු දෙය කළ යුතු බවත් මතක තබා ගත යුතුයි​...

:       0       0

Siriniwasa Thursday, 17 December 2020 01:08 PM

ඔව් මේක හොඳ අදහසක්... නොමනා ක්‍රියාවනුයි, මස් මාළු ගිලින එකයි වෙහෙර විහාරස්ථානවලින් නතර වුණොත් අපේ බුද්ධ ධර්මය සදාකාලික බවට පත්වෙයි. සිල්වත් ස්වාමීන් වහන්සේලා බවට පත්වෙයි. සාදු...සාදු...!!! 

:       0       0

චුලා ඒකනායක Thursday, 17 December 2020 03:22 PM

මස් සැකසුම් කර්මාන්ත ශාලාවක් යනු ගව ඝාතනාගාරයක් නොඑව්න්න පුළුවන් නේද? මේ අවස්ථාව අපි අත්හැරියොත් ගව ගාතනය අඩුවෙන්නේ හෝ නැවතීම හෝ සිදු නොවේ. ඒ අවස්ථාව වෙනත් රටකට යන එකයි සිදුවෙන්නේ. ඒ නිසා මෙහිදී ගව ඝාතනයක් සිදුවෙනව්දැයි නිසියාකාරව සොයා බැලීම කලයුතුයි.

:       38       12

Puppa Friday, 18 December 2020 04:21 AM

මෝඩ පාලකයන්ගේ වැරැද්ද ,බොරුවට මිනිස්සු අන්දනවා. ගව ඝාතනය තහනම් කරනවා කියලා... පස්සේ වෙච්චි දෙයක් නැහැ..

:       0       4

Rata Perata Thursday, 17 December 2020 05:07 PM

එක පාරක් ඇමෙරිකන් කාරයෙක් ගේන්න පෙරට ඇවිල්ලා කරපු විනාශය හොදටම ඇති. දැන් බණක් භාවනාවක් කරගෙන ඉන්න.

:       21       35

BamunuarachchiFriday, 18 December 2020 01:28 AM

මෙයා මසකඩ කාරයෙක්ද කොහෙද?

:       0       0

gamunuFriday, 18 December 2020 01:32 AM

මස් සැකසුම් මධ්‍යස්ථානය කටුනායක ඇරඹීමට පිහිටුවීමේ යෝජනාව වහා හකුලා ගන්නට කොහෙත්ම බැහැ හාමුදුරුවනේ...!!! අපි මේ කරන්න යන්නේ දේශීයත්වය, දේශප්‍රේමීයත්වය, අපේකමට තැනක් දෙන්න. එකට ඔබවහන්සේලා විරුද්ධ වන්නේ කුමටද? අපේ රජය කරන්න හදන්නේ "මේඩ් ඉන් ශ්‍රී ලංකා" නිෂ්පාදන ව්‍යාපෘතියක් කියලා පෙනෙන්නේ නැතිද?

:       0       0

K Perera Thursday, 17 December 2020 05:38 PM

මොනවද මෙ සෝබන ... මස් සැකසීම වෙන්නේ සතුන් ඝාතනය කිරීමෙන් පසුවනේ.. මෙ හිමිවරු පෙරට එන්න ඔනෙ සත්ව ඝාතන නවත්වන්න. ඒකට කොන්ද පණ මදිද?

:       8       34

chandima Thursday, 17 December 2020 06:17 PM

කොරෝනා නිසා මෙ දවස්වල පන්සලට යනඑන කට්ටිය අඩුවෙලා සම්මාදම් එහෙමත් බිංදුවටම බැහැලා වගේ. පටන්ගන්න... පටන්ගන්න අපිත් සම්මාදමට කීයක් හරි එවන්නම්...

:       9       5

dhamneth Thursday, 17 December 2020 11:57 PM

බුදුහාමුදුරුවෝ වැඩසිටි පන්සලක් අසලත් මස් මරන්නෙක් සිටියලු.. නමුත් බුදුහාමුදුරුවෝ කවදාවත් ඔහුට විරුද්ධව උපවාස කිරීම්, සටන් කිරීම් කර නැහැ. බුදුහාමුදුරුවෝ කාලේ නිවැරැදි මාර්ගය පෙන්වා දෙන එක නේද අපේ හාමුදුරුවනේ...?

:       0       0

dhamneth Friday, 18 December 2020 01:38 AM

ඕස්ට්‍රේලිවයාවේත් ගවයින් ඇතුළු සතුන් ඇතිකරන හා මස් සකසා පිටරට යවන රටක්. මේ රට කිසිම අපචාරයකට පත්වෙලාත් නැහැ. අපේ හාමුදුරුවරුත් හරි කැමැතියි මෙහෙ ඕස්ට්‍රේලියාවට ඇවිත් ධර්මය දේශනා කරන්න.

:       0       0

Bamunuarachchi Friday, 18 December 2020 01:53 AM

අපේ හාමුදුරුවනේ, ලෝකේ මස් ඉල්ලුමෙන් 10% සපුරන්න තරම් සපයන්න මස් ලංකාවේ නැහැ. එකත් හරියට ලී නැතිව තුනී ලෑලි කර්මාන්ත ශාලාවක් හැදුවා වගේ හිටීවි. එමනිසා විශේෂයෙන් හරක් හා ඌරු මස් පිටරටින් ගෙවන්න වේවි... කුකුළුමස් කර්මාන්තය නම් ලංකාවේ කෙරී ගෙනයනවා. ලංකාවට ආර්ථික වාසියක් වෙන බව ඇත්ත... හැබැයි තම්බිලා මේ වැඩේට අත දැම්මොත් කොහෙන් නවතීද කියන්න බැහැ. පන්සල් ඉස්සරහත් මොවුන් මස්කඩ දාවි. එහෙව් අසමත් ජාතියක්. කොහොම වුණත් මුස්ලිම් කෙනෙක් හැරෙන්න බෞද්ධයෙක් ඔය මස් ජාවාරමට සම්බන්ධ වෙන එකක් නැහැ...

:       0       0

Achini Friday, 18 December 2020 03:16 AM

ඔබ වහන්සේ කුමක් කරන්නද? නිකන් කට්ටිය අවුස්සන්නේ නැතිව ඉන්න.

:       0       0

John Friday, 18 December 2020 06:53 AM

අපේ හාමුදුරුවනේ දානෙට වැඩම කරලා මස් වළදනවා නේද?

:       7       10

සුශීල Saturday, 19 December 2020 03:51 PM

එහෙමයි පින්වත, ගවමස් බිස්ටේක් වගේ හදලා තියෙනවා නම් ටිකක් ආහාරයට ගන්නවා. ඇඟටත් හොඳයිනේ. තියෙනවා නම් ගමුකො බලන්න. ඔය උපාසක අම්මලා එහාට මෙහාට වෙනකම් ඉඳලා. ඔය අහාරයටම ගැලපෙන සැර බිම කාලේ බෝතලයක් මම ඉනේ ගහගෙන ඉන්නේ. ඒකෙන් ටිකක් මුලින්ම සප්පායම් වෙමු...

:       0       1

ජයම්පති ද සිල්වා Friday, 18 December 2020 08:11 AM

රාජ්‍ය පාලනයට ආගම පටලවා නොගත යුතුය. දියුණු බටහිර රටවල, ආගමිකයන් ආගම් අදහති. රාජ්‍ය පාලනයට ඇගිලි නොගසති. එහෙයින් කල යුතුව ඇත්තේ රජයට ආර්ථිකය මෙහෙයවීමට ඉඩදී ආගමිකයන් තමන්ගේ ආගම් අනුගමනය කිරීමයි සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය එයයි...

:       4       6

ana Friday, 18 December 2020 08:22 AM

කිරි දෙනුන් වදන පිරිමි සතුන්ගේ බර දරන්න ගොවියට බැරි නිසා කිරි ගව පාලනය ද බිද වැටෙන බව නොතේරෙන තරමක්...

:       3       5

ana Friday, 18 December 2020 08:24 AM

පිරිමි හරක් පැටවු පොඩි කාලෙම හොරෙන් පන්සලට ගිහින් දාමු.

:       3       6

De Friday, 18 December 2020 11:11 AM

අනේ යන්න. ඔයා දෙන්න රාජ්‍ය පාලනය.. ඔබවහන්සේලා බණ කියන්න. නැතිනම් රටට වෙලා තියෙන හෙණ වලට ඔබවහන්සේලාත් කොටස්කාරයෝ..!! 

:       0       0

K.O.T. Weerasena Friday, 18 December 2020 12:30 PM

"පිරිමි හරක් පැටවු පොඩි කාලෙම හොරෙන් පන්සලට ගිහින් දාමු. " ඔව්, එක ඒ හැටි අමාරු වෙන එකක් නැහැ. මතකද අර අලි පැටියෙක් පන්සලට ගෙනත් දාලා යනකන් දැක්කේ නැති හාමුදුරු නමකුත් හිටියනේ...

:       0       0

lakidu Saturday, 19 December 2020 12:27 AM

චුන්ද සූකරට විරුද්ධව බුදුන් වහන්සේත් ඔහොම කිව්වාද හාමුදුරුවනේ? දැනටත් දිනපතා කුකුල් මස් කිලෝ ලක්ෂ ගාණක් අප රටේ සැකසෙන බව ඔබ වහන්සේ දන්නේ නැද්ද?

:       0       0

Bamunuarachchi Saturday, 19 December 2020 06:24 AM

නරකද හාමුදුරුවො ටික ගෙදර ගෙනල්ලා තියාගත්තා නම්...?

:       0       0

lalithm Saturday, 19 December 2020 09:09 AM

අපේ ගමෙ පින්කමකට පන්සලේ දායකයා එක සැරයක්... මම කුකුළන් 12ක් උයලා දුන්නා. ඉන් පස්සෙ මම පන්සල් යන එක නැවැත්තුවා. අදටත් පන්සලේ හාමුදුරුවෝ මට දොස් කියනවා වැඩක් නැති මිනිස්සු කියලා. මෙකද ධර්මය? වැඩක් බලාගෙන බණක් කියාගෙන ඉන්න බොරු නැතිව...

:       0       2

nimalTuesday, 22 December 2020 10:06 AM

අනේ එහෙම කියන්න එපා. ස්වාමීන් වහන්සේලා මොන වැරැදි කෙරුවත්.., ඒකට හරියන ජාතක කතාවකුත් කියෙනවනේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 223 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 406 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 3235 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 500 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 2452 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


’ජනතාව තැබූ විශ්වාසය කිසි දිනෙක පළුදු කරන්නේ නෑ’
2024 නොවැම්බර් මස 15 516 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 291 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 594 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1717 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site