IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


කෝටියක හෙරොයින් රේගුවේ හිරවේ

රුපියල් එක්කෝටි විසි ලක්ෂයක් වටිනා හෙරොයින් පාර්සලයක් රැගෙන ඉන්දියාවේ  චෙන්නායි සිට පැමිණි ශ්‍රී ලාංකිකයකු කටුනායකදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු  නිවාරණ අංශයේ අධ්‍යක්ෂ ලෙස්ලි ගාමිණී මහතා කියයි.

සැකකරු තිහාරියේ පදිංචි 53 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

අත්අඩංගුවට ගත් හෙරොයින්වල බර ග්‍රෑම් එක්දහස් පන්සිය දහයකි.

කරාබුනැටි, කුරුඳු, කරදමුංගු ආදිය ද රසකැවිළි වර්ගද සමග ගමන් මල්ලේ ව්‍යාජ පතුලක මෙම හෙරොයින් සූක්ෂම ලෙස සගවා තිබූ බව රේගුව කියයි.

 රුපියල් පනස් දහසක මුදල් කොන්ත්‍රාත්තුවක් මත හෙරොයින් ප්‍රවාහනය කළ බව සැකකරු රේගුවට කියා ඇත.

නියෝජ්‍ය රේගු අධිකාරී  ඩී ඩී එස් සී මයිකල් මහතාට ඔහුගේ ගමන් විලාසය, හැසිරීම හා ගමන් මල්ලේ අසාමාන්‍ය බර පිළිබඳ ඇතිවූ සැකයක් මත පරීක්ෂා කිරීමේදී  හෙරොයින් පාර්සලට හමු වී ඇත.

රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් පී විජේවීර මහතාගේ උපදෙස් මත ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂ සරත් නෝනිස් මහතාගේ අධීක්ෂණය යටතේ රේගු සමාජ ආරක්ෂණ අංශයේ රේගු අධ්‍යක්ෂ කේ ඩී නිකලස්, නියේජ්‍ය රේගු අධ්‍යක්ෂ අතුල ලංකාදේව, රේගු අධිකාරී නිහාල් අලහප්පෙරුම, නියෝජ්‍ය රේගු අධිකාරී ඩී ඩී සී මයිකල් සහ සහකාර රේගු අධිකාරී උදේශ් ජයවර්ධන මහත්වරු විමර්ශන සිදු කරති.

 

 

 

 



අදහස් (0)

කෝටියක හෙරොයින් රේගුවේ හිරවේ

මහින්ද Tuesday, 18 June 2013 05:58 PM

මගේ ප්‍රශ්නය මේ අල්ලන කුඩු වලට මොකද වෙන්නේ? මේවා ප්‍රසිද්ධියේ විනාශ කරන ක්‍රමයක් තිබුනොත් නේද හොඳ ?(නි)

:       0       0

දයා අළහකෝන් Tuesday, 18 June 2013 05:59 PM

මෙත හැංගිලා ඉන්න බලවතාගේ නම,ගම,තරාතිරම රටටම හෙළි කරන්න(නි)

:       0       0

බණ්ඩාර Wednesday, 19 June 2013 05:09 AM

ඉන්දියානු ජඩ වාදයේ තවත් කොටසක්,සිංහලයා වදකිරීමට ලෙහෙසි ක්‍රමයයි මේ.(නි)

:       0       0

ලාල් ජකර්තා Tuesday, 18 June 2013 06:16 PM

අනිවාර්යෙන් දේශපාලුවෙක් පිටිපස්සෙ ඇති.(නි)

:       0       0

ඇසල Tuesday, 18 June 2013 07:33 PM

මුකුත් කරන්න එපා හලාල් කරලා ගෙනත් තියෙන්නේ තිහාරියට ගෙනියන්න..(අ)

:       0       0

අචලා Tuesday, 18 June 2013 08:46 PM

පිටිපස්සෙන් ඉන්නේ මන්ත්‍රීලා, ඒ කියන්නේ ගම්පහ මන්ත්‍රිලා මේ කුඩු ජාවාරමට එකතු වෙලාද දීල තියෙන්නේ .(නදී)

:       0       0

ප්‍රදිප් Tuesday, 18 June 2013 08:58 PM

කෝලිත තිහාරියේ ඉන්න කට්ටියට මේවා හරාම්.(නදී)

:       0       0

වාසනා Wednesday, 19 June 2013 09:54 AM

රේගු නිළධාරීන්ගේ ආරක්ෂාව සලසන්න (අ)

:       0       0

කෝලිත Tuesday, 18 June 2013 04:02 PM

තිහාරියේ පදිංචිය කිව්වම ඉතුරු ටික හිතාගන්න කෝ... (ත)

:       0       0

නීල් රණා Tuesday, 18 June 2013 04:08 PM

මේ මත්තලද ? නැත්නම් කටුනායකද?(නි)

:       0       0

උපාලි Tuesday, 18 June 2013 04:13 PM

රේගුවෙන් මෙයාව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයට බාරදුන්නාම 50000 කොන්ත්‍රාත් එක දුන්නේ කවුද කියලා කියයි නේද? ඊට පස්සේ වුනේ මොකද කියලා අනේ අපටත් කියනවද? (නි)

:       0       0

දම්මික පෙරේරා Tuesday, 18 June 2013 10:03 PM

අපේ රේගු නිලධාරීන්ගේ තවත් අති විශිෂ්ට ඇල්ලීමක්. ඔබ සියලු දෙනාටම ස්තුතියි. රුපියල් පනස් දාහක මුදලකට ඔහු කල වංචාව ලංකාව විනාශ කිරීමට මේ හෙරොයින් ප්‍රමාණවත්ය . කුඩු ගසා නිදා ගැනීම අලස බව, කුඩු ගැසිමට හොරකම් කිරීමයි මේවයේ ප්‍රතිපලය . මොහුට ඉහලම දඬුවම ලබා දෙන්න.(නදී)

:       0       0

අපොන්සු Tuesday, 18 June 2013 04:30 PM

මරණිය දඩුවම දෙන්න.(නි)

:       0       0

සෑම් Tuesday, 18 June 2013 10:55 PM

ඉස්ලාම් ආගම පිරිහිලා.... පේනවා නේද කට්ටිය කරන දේවල්???? (නි)

:       0       0

විජේසිංහ Wednesday, 19 June 2013 03:09 PM

තිහාරිය කියපු ගමන් අපේ අයියලා මුස්ලිම් අයට බනිනවා. හරියට අපි නිකන් සුදනෝ වගේ. ගුවන් විදුලි ප්‍රවෘත්තියකට අනුව මෙයා දෙමල කෙනෙක්. අනික තිහාරියේ සිංහල එක්කෙනක්වත් නැද්ද ? කුඩු අදින්නේ බොස්ලා නෙමේ. ඒවා කුලියට කරන්න ඕනෑ තරම් කට්ටිය ඉන්නවා. (නි)

:       0       0

තුවාන් Tuesday, 18 June 2013 11:20 PM

ඔත්තුවක් නිසා තමයි ඇල්ලුවේ. නැත්නම් කොහොමද අල්ලන්නේ.(නදී)

:       0       0

චානක Wednesday, 19 June 2013 12:19 AM

මේවා ගෙන්වන සුපිරි බලවතුන් පුද සත්කාර ලබමින් වැජබෙනවා.අහෝ මේ කුඩු කුලියට විකුණන ,බොන අහිංසකයන් නීතියට හසුවෙනවා. ලෙඩුන් බවට පත් වෙනවා.ඕනෑකමක් තිබෙනවා නම් මුදුන් මුලටම පහර දෙන්න පුළුවන්. ඒත් එහෙම වෙන්නේ නැහැනේ. (නි)

:       0       0

ලෙස්ලී Tuesday, 18 June 2013 05:30 PM

තිහාරියේ පදිංචි නම් අපි දන්නවා මේ අය ගැන.(නදී)

:       0       0

විමලසේන හ.ද. Wednesday, 19 June 2013 01:19 AM

කෝලිත,තිහාරිය කිව්වම මුස්ලිම් කෙනෙක් කියලා නිශ්චිත වශයෙන්ම කියන්න බැහැනේ. අපොන්සු, මෝඩයෝ වගේ කතානොකර මේවා තොග වශයෙන් රටට ගෙන්වන්නේ කවුද කියන ඇත්ත දැනගන්න (නි)

:       0       0

සම්පත Wednesday, 19 June 2013 11:39 AM

ශ්‍රී ලංකා රේගුව සිදු කරනු ලබන ඇති විශිෂ්ට සේවය අපි අගය කරනු ලබනවා. රේගු නිලධාරීන්ට අපගේ ස්තුතිය.(නදී)

:       0       0

නලින් ද අල්විස් Wednesday, 19 June 2013 02:15 AM

රෙගු නිලධාරීන්ගේ දක්ෂකම අගය කරන්න ඕනේ , නමුත් සැකයට හීතු කරුණු ප්‍රචාරය කරන එක හොද දෙයක් නෙමේ මොකද ඊලග සැරේ අනික් අය වෙන විදිහකට ගේන්න උත්සාහ කරන්න පුළුවන්.(නදී)

:       0       0

සුගත් Wednesday, 19 June 2013 02:57 AM

මොන කතාද කෝලිත. රට කන්නේ තිහාරියේ ඉන්න මේ වගේ නේද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 2359 0

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 418 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1700 7

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 5015 11

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 3383 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3737 5

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37909 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24988 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 766 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 271 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site