(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ඉන්දිකා රාමනායක)
කොළඹ මහ නගර සභාවේ අනියම් කම්කරුවන් දෙදෙනෙකු කොටහේන හෙට්ටියාවත්ත හන්දියේ දී ගලි වළකට ඇද වැටීමෙන් අද (27) මියගොස් ඇතැයි කොටහේන පොලිසිය කියයි
සිද්ධියෙන් මියගොස් ඇත්තේ කොළඹ 14 ෆර්ගියුසන් පාර පදිංචිව සිටි එල් පි ප්‍රබාශ් 38 හා කොළඹ 10 මරදාන පදිංචිව සිටි කේ ඩි සම්පත් 28 යන දෙදෙනාය
ඊයේ දහවල් මියගිය පුද්ගලයන් දෙදෙනා ඇතුළු කම්කරුවන් කීපදෙනකු හෙට්ටියාවත්‍ත හංදිය ගලි වලක නල පද්ධතිය අලුත්වැඩියා කටයුතු සිදු කරමින් සිටියදී එක් අයකු සිහිසුන්ව ගලි වලට වැටී ඇති අතර අවස්ථාවේදී අනෙක් පුද්ගලයා ඔහු බේරා ගැනීම සඳහා උත්සාහ කිරීමේදී ඔහු ද එයට ඇද වැටී අනතුර වී ඇතැයි පොලිසිය කියයි.
වහා ක්‍රියාත්මක වූ සෙසු සේවකයන් සහ ප්‍රදේශවාසීන් එක්ව ඔවුන් දෙදෙනා ගොඩ ගෙන කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර මද වේලාවක දී මියගොස් ඇත.
ගලි වළ තුළ විෂ ආඝ්‍රාණය වීමෙන් මෙම මරණ සිදු වී ඇති බවට බොහෝ දුරටත් සැක කරන බව පොලිස් නිලධාරියකු පැවැසීය.
කොටහේන පොලිසිය පරීක්ෂණ පවත්වයි.
කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.
මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.
ශ්රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම
කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ
භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
කොටහේනේ ගලිවලකට ඇද වැටී සේවකයෝ දෙදෙනෙක් මරුට
Bunny Preena Tuesday, 28 March 2023 09:19 AM
අපේ රටේ කොහොමත්ම අසාදාරනකම්වලට භාජනය වන පිරිසක් තමයි පිරිසිදු කිරීම් සම්බන්දව සිටින කම්කරුවන්.