දෙදරු මවක වූ ගැබිණි කතක් කුඩු ග්‍රෑම් 2300ක් සමග මොරටුව එගොඩඋයනේදී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ඇය තම තුන්වැනි දරුවා බිහිකිරීමට ඇත්තේ තවත් දින නවයක් බව ද පොලිසිය පවසයි. ඇගේ අනෙක් දරුවන් දෙදෙනාම බිහිකොට ඇත්තේ බන්ධනාගාරයේ දී බව ද සඳහන් වේ.
දෙදරු මවක වූ ගැබිණි කතක් කුඩු ග්‍රෑම් 2300ක් සමග මොරටුව එගොඩඋයනේදී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ඇය තම තුන්වැනි දරුවා බිහිකිරීමට ඇත්තේ තවත් දින නවයක් බව ද පොලිසිය පවසයි. ඇගේ අනෙක් දරුවන් දෙදෙනාම බිහිකොට ඇත්තේ බන්ධනාගාරයේ දී බව ද සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔච්චර කුඩු ගොඩක් එක මිනිහෙක් කොහොම තියාගත්තද? (නි)
එහෙනම් ඉතින් 3න් වැනියත් හිරේදීම බිහි කරන්න. නරකම නැහැ. ඒ වුණාට අම්මේ තමන්ටත් දරුවෝ ඉන්දැද්දී අනික් අයට කුඩු පොවන එක නම් මහම මහා අපරාධයක්.කන්න නැත්නම් හිඟාකන්න එක නම්බුයි ඊට වඩා. (නි)
බන්දනාගාරය තිඹිරිගෙය කරගන වාර්තා පොතට ඇතුල්වීමේ අදහසක් එහෙම තිබෙනවද කියලා අහලා බැලුවා නම්... (නි)
දරුවෙකුත් බඩේ තියන තවත් දරුවන් නාස්ති කරලා එයාලගේ අනාගතයම නැති කරන්න හදන මේ වගේ ගෑනුන්ට මොන දඩුවම් දෙන්නද කියල මට නම් හිට ගන්නවත් බේ..ජිවත් වෙන්න කියල සල්ලි වලට ඕනෑම දෙයක් කරන එක හරිද?(අ)
සුභ අනාගතයක් මවට හා දරුවන්ට (අ)
අනේ මෙහෙමත් අම්මල, අම්ම අනුන්ගේ ජීවිත නැති කරනවා කුඩු විකුණලා, කුඩු නැති කලොත්, අනික ගෑනු රට යවන එක නැතිකරන්න, මේ දෙකම රටට පලක් නැති දේවල් (අ)
එගොඩඋයන අපේ ගම. තුන්වෙනියත් හිරගෙදරටම ගිහිල්ල බිහිකලාම ගමටම හරි ආඩම්බරයක්. (අ)
කුඩු අල්ලනේ නැතුව ඔය අල්ලන සියලුම දෙනා සැක පිට ද අල්ලනයි (අ)
බන්ධනාගාර වල දරුවන් බිහිකර ලෝක වාර්තා තියන්නයි හදන්නේ. (නි)
මෙයා මේක පුරුද්දක් කරගෙන වගෙයි. ළමයා හිරේදී ලැබුනම අවුරුදු ගණනක්ම අම්මගෙයි, ළමයගෙයි නඩත්තුව හිරගෙදරින් නේද? ඒකත් නරකම නැහැ. කොහොමද ටිකිරි මොලේ? (නි)
හිතවත් ඔබ හැමෝම එක්කෙනෙකුට දොස් කියන්නේ.කෝ මේ අම්මගේ දරුවන්ගේ තාත්තා කෝ? ඒ අම්මාගේ මානසික තත්වය ගැන සිතුවද? අඩුම ගන්නේ මේ ගැහැනිය එක වේලක් බඩපිරෙන්න කාලා තියෙනවද හිතුවද? ජිවිතේ තනි වුණ විට කරන කියන දේ , කාන්තාවන් වන අපි සානුකම්පිතව බලමු. අපේ දරුවන් ගැන අපි දන්නේ නැත.හෙට දවස ගැන අපි දන්නේ නැත. (නි)
මේ කාන්තාවත් දේශපාලන බලවතෙක් වුණා නම් මේ කරදර මොනවත් නැහැ (නි)
රේණුකා, ඔබ කියන්නේ කාන්තාවන් කුමන වරද කළත් අනෙක් අයගේ සමාව ඇයට ලැබිය යුතුයි කියලද? කොහොමද රේණුකාගේ ටිකිරි මොළේ... (නි)
රේණුකා, ඔබේ අනුකම්පාව නරකම නැහැ, යම් තරමක් අපිත් වග කියන්න වෙන කරුණක් ලෙස පෙන්වීම. (නි)
විය යුතු දේවල් (දී).
දරුවාගේ පියා කව්ද? (දී).